ඇතැම් දේශපාලන විචාරකයන් සඳහන් කරන විදිහට පුරාතනයේ දී රාජ්‍යයන් ගණනාවකට බෙදී වෙන් වී තිබුණ ඉන්දියාවට බ්‍රිතාන්‍යයන් පැමිණීමෙන් පසුව අත්පත් වූ ලොකුම ජයග්‍රහණය වන්නේ එය තනි අනන්‍යතාවක් සහිත රටක් බවට පත්වීමයි. මේ සඳහා බ්‍රිතාන්‍යයන්ගේ භාෂාව වන ඉංග්‍රීසි සහ ඔවුන්ගේ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් බලපෑ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ වගේම අපි වගේ රටවල් සම්පූර්ණ සිංහල සහ දෙමළ භාෂාවලට පමණක් අධ්‍යාපන ක්‍රමය සීමා කරද්දී ඉන්දීය ජාතිකයන් අධ්‍යාපන ක්‍රමය තුළ ඉංග්‍රීසි භාෂාවට ඇති තත්ත්වය වෙනස් කළේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ අද වෙනකොට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ පමණක් නොව විවිධ විෂයයන් ගණනාවක ප්‍රමුඛයන් ඉන්දියානුවන් බවට පත්වීමයි. සමහර අය කියන විදිහට ඇතැම් ඉන්දීය ලේඛකයන් ලියන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ටත් පවා වටහා ගැනීමට අපහසු ගැඹුරු ඉංග්‍රීසියකිනුයි. මේ නිසා අපි අද හිතුවා ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ දාන මේ වගේ ඉන්දීය ලේඛකයන් කීප දෙනෙක් පිළිබඳව මතකය ඔබ සමග බෙදා ගන්න.
1. ආර්. කේ නාරායන්
අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක්ගේ බාලකාලයේ මතක එක්ක මල්ගුඩිය කියන මනඃකල්පිත ගම බැඳිලා තියෙනවා. මේ අපූරු ගමේ නිර්මාපකයා වුණේ ආර්.කේ නාරායන්. ඔහු අතින් රචනා වුණ විශිෂ්ටතම සාහිත්‍ය නිර්මාණය විදිහට සැලකෙන්නේ “The Guide” කෘතියයි. සංචාරක මග පෙන්වන්නෙකු පසු කලෙක ආධ්‍යාත්මික ගුරුවරයෙකු බවට පරිවර්තනය වීම මේ නවකතාවෙන් නිරූපණය වෙනවා. පසු කලෙක මෙම නවකතාව චිත්‍රපටයක් බවටත් පත් වූ අතර දේව් ආනන්ද් එහි ප්‍රධාන චරිතය නිරූපණය කළා.
2. රෝහින්ටන් මිස්ට්‍රෙයි
තමන්ගේ පළවෙනි නවකතාවෙන්ම ලෝකය පුරා සාහිත්‍ය ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර ලබාගන්න සමත් වෙච්ච නවකතාකරුවෙකු විදිහට මොහුව හඳුන්වන්න පුළුවන්. නමුත් ලංකාවෙ බොහෝ දෙනෙක් මෙතුමාගේ නම අහල තියනවද කියන එක නම් සැකයක්. “Such a Long Journey” නම් පළමු නවකතාවෙන් පසුව ඔහු රචනා කළ “A Fine Balance” කෘතියත් අතිශය ජනප්‍රිය වුණා.
3. සල්මාන් රුෂ්ඩි
ඉන්දියාවෙන් බිහි වුණු විවාදසම්පන්න ලේඛකයන් අතර සල්මාන් රුෂ්ඩි ඉහළම තැන ඉන්නවා. ඔහු රචනා කළ “Midnight’s Children” කෘතිය සඳහා බුකර් සම්මානය පිරිනැමුණු අතර පසුව Booker of Bookers නමින් බූකර් සම්මානය පිරිනැමුණ කෘති අතර සම්මානය 1993 සහ 2008 දී දිනා ගැනීමට ඔහු සමත් වුණා. “Satanic Verses” නමින් ඔහු අතින් රචනා වූ කෘතිය නිසා අන්තවාදීන්ගේ මරණ තර්ජන පවා එල්ල වුණත් ඔහු තම පෑන තවමත් ජවයෙන් යුතුව හසුරවනවා.
4. ජුහම්පා ලාහිරි
ලොව පුරා මිලියන 15කට අධික පිටපත් ප්‍රමාණයක් විකිණී ඇති “The Interpreter of Maladies” කෘතියට ඉන්දියානුවන්ගේ සහ ඉන්දීය ඇමරිකානුවන්ගේ ජීවිතය විහිදා දක්වන කතා නමයක් ඇතුළත්ව තිබෙනවා. එක සංස්කෘතියක් තවත් සංස්කෘතියකට අනුගත වීමේදී ඇතිවන සංස්කෘතික ගැටුම මේ කතා තුළින් මනාව පෙන්වා තිබූ බව විචාරකයන් විසින් මත පළකොට තිබුණා. මෙම කෘතිය සඳහා ප්‍රබන්ධයක් සඳහා වන පුලිට්සර් සම්මානය සහ හෙමින්වේ පදනම මගින් පිරිනැමෙන සම්මාන ලබා දී තිබෙනවා.
5. වික්‍රම් සෙත්
1993 දී පළවූ පිටු 1349 ක් දක්වා දිවයන “A Suitable Boy” නවකතාව සැලකෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය තුළ එක වෙළුමකට ගොනු වුණු අතිදීර්ඝතම නවකතාව ලෙසටයි. ඉන්දියාව සහ පාකිස්ථානය බෙදී වෙන් වීමෙන් පසුව ඉන්දීය පවුලක සිදුවන විවාහයක් පදනම් කරගෙන ලියැවී ඇති මෙම නවකතාව සමාජ සහ සංස්කෘතික විශ්ලේෂණයක ස්වරූපයක් ගන්නවා.
6. අරුන්දතී රෝයි
වර්තමාන ඉංග්‍රීසි සාහිත්‍යයේ විප්ලවකාරීම සාහිත්‍යවේදිනිය ලෙස රෝයිව හැඳින්වීමට පුළුවන්. ඇතැම් විචාරකයන්ට අනුව ඇය එතෙක් මෙතෙක් ඉන්දියාවේ බිහිවුණු විශිෂ්ටතම නවකතාකාරියයි. සමාජ ක්‍රියාකාරිනියකද වන ඇය “The God Small Things” හරහා ඉන්දීය සමාජය ප්‍රශ්න කරන්නේ ඇයටම ආවේණික ක්‍රමයකටයි.
7. අමිතව් ගෝෂ්
2001 වසරේදී ෆ්‍රැන්ක්ෆර්ට් ජාත්‍යන්තර සම්මාන උලෙළේ ඊ බුක් සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් වුණේ ගෝෂ් ගේ “The Glass Palace” කෘතියයි. බුරුමය ඉංග්‍රීසින් විසින් යටත් කරගත් සමය පාදක කොටගෙන ගොඩනැගෙන මෙම නවකතාව තුළින් ඉන්දියාව, බුරුමය සහ මැලේසියාව වැනි රටවල් වර්තමානයේ මුහුණ දෙන අභියෝග සඳහා අතීතය බලපෑ ආකාරය විස්තර කෙරෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply