තාලි එකක දාපු ෆුල් ඉන්දියන් මීල් එකක් රස බලන්න නම්, මේ ඉන්දියන් රෙස්ටුරන්ට් වලින් එකක් තෝරගන්න

ලංකාවේ ඉන්න අයගෙන් ඉන්දියන් කෑම කාලා නැති කෙනෙක් හොයාගන්න එක සෑහෙන්න අමාරු දෙයක් වෙයි. ඒකට හේතුව නාගරික හෝ අර්ධ නාගරික හැම කෙනෙක්ම වගේ අඩුම ගාණේ සයිවර් කඩේකින් වත් තෝසයක් වඩයක් කාලා තියෙනවාට සැකයක් නෑ. හැබැයි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නියම තාලි කෑම එකක් කාලා තියෙනවද? තාලි කියලා කියන්නේ පිඟානකට. ඒ කියන්නේ අපි දන්න විදියේ පිඟානක් නෙවෙයි, අර ඇලුමිනියම් විසාල තැටියක්. මේ විසාල තැටියක එන්නේ සම්පූර්ණ කෑම වේලක්. ඒ කියන්නේ සමහර වෙලාවට තාලි එක ඇතුළේ පුංචි පුංචි කෝප්ප ගණනාවක එක එක කෑම ජාති ගණනාවක් එනවා. සමහර එව්වා එක්කෙනෙක්ට කාලා ඉවර කරගන්නත් අමාරු තරමයි. මේ තාලි එකට භෝජනම් කියලත් කියනවලු. ඉතින් කොළඹ සම්පූර්ණ අවට තාලි කෑම වේලක් ගන්න පුළුවන් ඉන්දියන් රෙස්ටුරන්ට් කීපයක් ගැන තමයි අපි කියන්න හිතුවේ අද.

 

1. Shanmugas

තාලි මීල් ගැන කියනකොට අපේ ෆේවරිට් ඉන්දියන් රෙස්ටුරන්ට් එක වෙන ෂන්මුගාස් අමතක කරන්න බෑ. දවල් වරුවේ ගියොත් නියම වෙජිටේරියන් ඉන්දියන් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ෂන්මුගාස් එකේ තාලි එක උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු තාලි තියෙනවා. බිරියානි ඕන නං බිරියානි. ස්ටීම් රයිස් ඕන නං ස්ටීම් රයිස්. තාලි එකට එන කරීස් ටිකත් එක්ක ඔක්කොම ගත්තහම සාමාන්‍යයෙන් ෂන්මුගාස් තාලි එක තනියෙන් කාලා ඉවර කරන්න බැරි තරම්. ආයෙ ඩිසර්ට් එකට ගුලාබ් ජමුන් එකක් කන්නත් ඉඩ මදි ගාණයි. ෂන්මුගාස් එකේ උතුරු ඉන්දියානු තාලි එක රුපියල් 1000 යි. දකුණු ඉන්දියානු තාලි එක රුපියල් 800 යි.

 

තැන :

 

2. Navratna

ෆැන්සි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට යන්න ඕන නම්, ටාජ් සමුද්‍රා හොටෙල් එකේ තියෙන නවරත්න ඉන්දියන් රෙස්ටුරන්ට් එක වැඩේට මරු. නියම තාලි මීල් එකක් නවරත්න එකෙන් ගන්න නම් දවල් 12-3 ත් අතර යන්න ඕන. මේ අයගේ තාලි මීල් කීපයක් තියෙනවා. සීෆුඩ්, මට්න් සහ වෙජි තාලි. මේවා බිරියානි රයිස්. ඒවා බෑ වගේ නම් පුලාවෝ රයිස් එක්ක හරි ස්ටීම්ඩ් රයිස් එකක් හරි ගන්නත් පුළුවන්. මේ තාලි එකේ වෙජි කරීස් පහක් විතරයි, තව කරීස් දෙකකුයි එනවා. ඒ ඇරෙන්න අතුරුපසටත් ගුලාබ් ජමුන් එනවා. මේක ෆයින් ඩයිනින් එක්ස්පීරියන්ස් එකක් නිසා ගණන් ටිකක් වැඩියි, හැබැයි වටිනවා. වෙජි තාලි එක රුපියල් 1955 යි. මට්න් තාලි එක රුපියල් 2323 යි. සීෆුඩ් තාලි එක රුපියල් 2572 යි.

 

තැන : 

 

3. Madras Biriyani Mandir

පිළියන්දල පැත්තේ තියෙන සෑහෙන්න ප්‍රසිද්ධ ඉන්දියානු රෙස්ටුරන්ට් එකක් තමයි මැඩ්‍රාස් බිරියානි මන්දිර් කියන්නේ. නමේ විදියටම නියම බිරියානි මේ අය ගාව තිබුණත්, අපේ වැඩි උනන්දුව තිබුණේ මේ අයගේ අයිටම්ස් 44 ක තාලි එකට. මැඩ්‍රාස් ෆැමිලි තාලි කියලා තමයි මේකට කියන්නේ. ආයෙ පස් දෙනෙක්ට හෙල්ලෙන්න බැරිවෙන්න කන්න පුළුවන්. මේකට වෙජිටේරියන් වගේම නන්-වෙජිටේරියන් අයිටම්ස් සෑහෙන්න ඇතුළත් වෙනවා. රයිස් වර්ග තුනක්, කොත්තු, නාන් වර්ග, මෂ්‍ රූම් සුප්, රසම්, මස්, ඉස්සෝ, එළු මස්, චිකන් ඇතුළු අයිටම්ස් බර ගාණක් එක්ක එන මේ තාලි එකට ඩිසර්ට් වර්ග 3 ක් එහෙමත් ඇතුළත්. පස් දෙනෙක්ට ප්‍රමාණවත් මේ තාලි එකේ ගාණ රුපියල් 4500 යි.

තැන :

 

4. Saraswathie Lodge

දවල්ට කන්න ඕන වුණු වෙලාවකට බම්බලපිටිය අවට ඉන්නවා නං නොවරදවාම ගොඩවදින, හැමදාමත් දන්න තැන තමයි සරස්වතී ලොජ්. ෆයින් ඩයිනින් වටපිටාවක් නෑ. ලොකු ගණන් නෑ. හැබැයි එදා රසටම අදටත් හොඳ කෑම වේලක් ගන්න පුළුවන්. සරස්වතී ලොජ් එකේ දවල් කෑමට තියෙන තාලි එකත් සෑහෙන ප්‍රසිද්ධයි. මේ අයගේ මෙනු එක සතියේ දවසින් දවස වෙනස් වෙනවා. හැබැයි වෙජි බිරියානි එක ඕඩර් කරන්න පුළුවන් දවසට ගියොත් ආයෙ සුපිරි තමයි. කොහොමත් සරස්වතී ලොජ් තාලි එකට අයිටම්ස් දහයක් දොළහක් එනවාම තමයි. ඒ ඔක්කොම ඉවර කරලා ඒ උඩට හොඳ උණු එලකිරි එකකුත් දාගත්තහම දවසකට ඇති. සරස්වතී ලොජ් තාලි එක රුපියල් 240 යි වෙන්නේ!

 

තැන :

 

5. Chutneys

ග්‍රෑන්ඩ් හොටෙල් එකක තියෙන ඉන්ඩියන් ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකකින් තාලි එකක් කන්න හිතුණොත් යන්න පුළුවන් තව තැනක් තමයි චට්නීස්. චට්නීස් කියන්නේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ තියෙන ඉන්ඩියන් රෙස්ටුරන්ට් එක. නියම ඉන්දියන් රස එක්ක කෑම බීම තියෙන මෙතන කෑම වල රස ගැන නම් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේ අයගේ තාලි එක තියෙන්නේ ලන්ච් එකට. ඒ කියන්නේ 12-2.30 අතර යන්න ඕන. මේ තාලි මීල් එකට රයිස්, ඉට්ලි, පරාටා, තෝසේ වගේ අයිටම්ස් එක එක වගේ ඇතුළත් වෙනවා. රයිස් එක ඕන නම් ස්ටීම්ඩ් රයිස් හරි බිරියානි හරි ගී රයිස් හරි වලින් ගන්න පුළුවන්. කරී අයිටම්සුත් තියෙනවා. නන්-වෙජ් ඕන නං චිකන් සහ ග්‍රේවි, මට්න් සහ ග්‍රේවි තියෙනවා. මේ අයගේ තාලි එකේ ගණන් කිවුවොත්, නන්-වෙජිටේරියන් තාලි එක රුපියල් 1750 ක් වෙනවා. වෙජිටේරියන් තාලි එක රුපියල් 1450 යි. හැබැයි මේ දෙකටම ටැක්ස් එකතු වෙනවා.

 

තැන :

 

6. The Flavours by Doc

මේක නම් ගොඩක් අයට අහල පුරුදු ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් නෙවෙයි. හැබැයි පිට කෝට්ටේ තියෙන ද ෆ්ලේවර්ස් බයි ඩොක් කියන්නේ එක පාරක් ගියොත් ආයෙමත් යන්න හිතෙන ඕතෙන්ටික් ඉන්දියන් කෑම තියෙන රෙස්ටුරන්ට් එකක්. මේ කට්ටියගෙත් තාලි මීල් එකක් තියෙනවා. තාලි එකට ස්ටීම් කරපු බාස්මතී රයිස් එකත් එක්කම මස්ටර්ඩ් රයිස් එකත් එනවා. දෙකම එකට දාලා දෙන්නේ. ඊට පස්සේ  තෙල් දාපු අල, සෝයා මැන්චූරියන්, පරිප්පු, වම්බටු, ආලුගෝබි වගේ කරීස් තියෙනවා. මස්මාංශ හොයන කෙනෙක්ට නම් තාලියට චිකන් ඇන්ඩ් ෆිෂ් දෙකත් එනවා. එතකොට මේක ඉවර කළාට පස්සේ ඩිසර්ට් එකට ගුලාබ් ජමුන්! හවස් අතේ ගිහින් ගන්න පුළුවන් මේ කට්ටියගෙ තාලි එක රුපියල් 1500 ක් විතර වෙනවා. 

 

තැන :

 

7. Thiru Murugan’s Food Waves

ෆුඩ් වේව්ස් කියන්නේ මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් අපිට දකින්න ලැබුණු ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. ඉතින් අදටත් ෆුඩ් වේව්ස් එක තිරු මුරුගන්ස් ෆුඩ් වේව්ස් කියලා තියෙනවා. දැන් ලංකාවේ තියෙන අනික් ඉහළ මට්ටමේ ඉන්දියන් රෙස්ටුරන්ට් එක්ක බලනකොට තිරු මුරුගන්ස් ෆුඩ් වේව්ස් එකේ කොලිටියේ පොඩි අඩුවක් තියෙනවා තමයි. හැබැයි ඉතින් සෑහෙන්න විශාල උතුරු සහ දකුණු ඉන්දියානු අයිටම්ස් ප්‍රමාණයක් එක්ක එන ෆුඩ් වේව්ස් එකේ තාලි එක දවල් කෑමට බඩ පිරෙන්න ඉන්දියන් කෑම වේලක් හොයන කෙනෙක්ට ගැටළුවක් නෑ. දවල් 11 ඉඳලා 3 වෙනකල් මෙතන තාලි එක ගන්න පුළුවන්. බාස්මතී හරි සම්බා හරි බත් තෝරගන්න පුළුවන්. කරි වර්ග, සව් අනං මනං ඔක්කොමත් එක්ක මේසෙට එන මේ තාලි එක රුපියල් 250 යි!

 

තැන :

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *