නිර්මාංශ අයට සුපිරි බයිට් රෙසිපි ටිකක්

බයිට් කිව්වම ඉතින් බොන සෙට්වීම් විතරක් නෙමෙයි ටී පාටි, ෆැමිලි ගැදරින් මේ ඕනම තැනකට සෙට් වෙනවනෙ. ඒත් ඉතින් එතන තියන කෑම වෙජිටේරියන් අයට කන්න බැරි ඒව නම් එයාලා ටිකක් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා එහෙම අවස්ථාවක් සූදානම් කරනකොට නිර්මාංශ අය එනව නම් එයාලා ගැන හිතලා කෑම පිළියෙළ කරන එක හොඳයි. හැමදාම ගේන රෙසිපි අතරින් නිර්මාංශ කෑම රෙසිපි ටිකක් ගේන්න හිතුණෙත් ඒ නිසාමයි. එහෙනම් හදලා බලමු.

 

1. මල් ගෝවා බයිට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලොකු මල්ගෝවා ගෙඩියක් 
  2. ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්
  3. කෝන්ෆ්ලා මේස හැඳි 1 
  4. මිරිස් කුඩු තේ හැඳි 2
  5. බිත්තර 2
  6. තෙල් 
  7. කහකුඩු තේ හැඳි 1 /4
  8. ලුණු කුඩු රස අනුව 

 

  • ගෝවා මල් කිනිති වෙන්කර ගන්න. කෝන්ෆ්ලා, මිරිස්කුඩු, කහකුඩු, බිත්තර, ලුණු හා ගම්මිරිස්කුඩු කලවම් කරගන්න. 
  • මේකට මල්ගෝවා ටික දාලා හොඳට කෝට් කරගන. දැන් ගැඹුරු තෙලේ ගින්දර අඩුවෙන් දාලා රන්වන් පාට වෙනකම් හොඳට බැදගන්න.
  • තක්කලි සෝස් එක්ක පිළිගන්වන්න පුළුවන්.

 

2. කොස් ඇට බයිට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳින් පැසුණු කොස් ඇට කෝප්ප 1
  2. මිරිස් කුඩු තේ හැඳි 2
  3. ලුණු ස්වල්පයක් 

 

  • හොඳින් පැසුණු කොස් ඇට අරගෙන පිට පොත්ත ඉවත්කර දුඹුරු පාට කුරුට්ට සූරා ගන්න. එය හොඳට සෝදා පිරිසිදු කරගන්න. 
  • කොස් ඇට ටික දිගට අතට හීනි පෙති කපලා ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ ලුණු කුඩු හා මිරිස් කුඩු දමා හොඳින් කලවම් කරගන්න. 

 

3. පාස්තා බයිට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තෙල්  
  2. ලුණු කුඩු ස්වල්පයක් 
  3. තම්බාගත් පාස්තා 200g
  4. කෝන්ෆ්ලා මේස හැඳි 2
  5. මිරිස් කුඩු තේ හැඳි 1 /2

 

  • තම්බාගත් පාස්තා වල තෙත ගතිය ඉවත් වුණාම ඒකට කෝන්ෆ්ලා එක් කරගෙන හොඳින් කලවම් කරන්න. 
  • පෑන් එකකට තෙල් දාලා රත් වෙන්න තියන්න. දැන් කලින් සදා ගත් පිටි තැවරූ පාස්තා ටික ගැඹුරු තෙලේ ක්‍රිස්පි වෙනකම් බැදගන්න. තෙලෙන් ඉවත් කරගෙන රස්නෙන්ම මිරිස් කුඩු හා ලුණු කුඩු දමා හොඳින් කලවම් කරන්න. 

 

4. කෝන් පකෝඩා 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බ්ලෙන්ඩ් කර ගත් ස්වීට් කෝන් කප් 1
  2. මිරිස් කුඩු තේ හැඳි 1/2
  3. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  4. ලුණු තේ හැඳි 1
  5. අමුමිරිස් කරල් 1
  6. හාල් පිටි කෝප්ප 1/4
  7. වතුර මේස හැඳි 1 
  8. කොත්තමල්ලි කොළ කෝප්ප 1
  9. බැදගැනීමට තෙල්

 

  • තෙල් හැර අනික් සේරම භාජනයකට දමා හොඳින් අනා ගන්න. 
  • හොඳින් රත් කරගත් ගැඹුරු තෙලට මේ මිශ්‍රණයෙන් ටිකෙන් ටික දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

5. වම්බටු බයිට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වම්බටු කරල් 4
  2. බිත්තර 2
  3. ලුණු හා ගම්මිරිස්කුඩු 
  4. කහකුඩු ස්වල්පයක් 
  5. කඩල පිටි 100g
  6. උකුවට සාදාගත් පිටිකිරි කෝප්ප 1/4
  7. තෙල් 
  8. පාන් කුඩු 

 

  • මුලින්ම වම්බටු සෝදාගෙන වටේ පොත්ත ඉවත් කර රවුම් කපා කහකුඩු, ලුණුකුඩු,  ගම්මිරිස් දමා හොඳින් කලවම් කරගන්න. 
  • කිරි කෝප්පයට බිත්තර දමා ලුණු ස්වල්පයක් දමා හොඳින් ගසාගන්න. මුලින්ම බටු, කඩල පිටි වල දවටන්න. ඊළඟට බිත්තර මිශ්‍රණයේ දවටා පාන්කුඩු තවරගෙන ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. 

 

6. නිර්මාංශ ඔම්ලට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩල පිටි මේස හැඳි 3
  2. බේකින් පවුඩර් තේ හැඳි 1/4
  3. සිහින්ව කපා ගත් කැරට් හා ලීක්ස්
  4. පාන්පිටි මේස හැඳි 1
  5. ලුණු කුඩු 
  6. වතුර 
  7. තෙල් ස්වල්පයක් 

 

  • කඩල පිටි, පාන්පිටි, බේකින් පවුඩර්, එළවළු භාජනයකට දමා මිශ්‍ර කර වතුර ටික ටික එකතු කරමින් පෑන්කේක් පදමට තරමක දියාරු බැටර් එකක් සාදා ගන්න. රස අනුව ලුණු කුඩු එක් කරගන්න. පෑන් එක ලිපේ තියලා එයට තෙල් දාලා රත් වෙන්න තියලා බැටරය දමා පිසගන්න. 

 

7. ක්‍රිස්පි බණ්ඩක්කා  

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බණ්ඩක්කා කරල් 7-8
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. මිරිස් කුඩු තේ හැඳි 2
  4. දෙහි යුෂ
  5. කහකුඩු තේ හැඳි 1/2
  6. තෙල්  
  7. කරපිංචා 
  8. තලා ගත් සුදුළූණු තේ හැඳි 1 
  9. තලා ගත් ඉඟුරු තේ හැඳි 1

 

කඩල පිටි බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කඩල පිටි කෝප්ප 1
  2. මිරිස් කුඩු තේ හැඳි 1
  3. සිහින්ව කපාගත් කජු ටිකක් 

 

  • බණ්ඩක්කා කරල් හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. ඒකට මිරිස් කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, ඉඟුරු, සුදුළූණු, ලියාගත් කරපිංචා, ලුණු කුඩු දාලා හොඳින් මිශ්‍ර කරන්න. 
  • ඒකට වතුර මේස හැන්දක් එක්ක දෙහි ගෙඩියක ඇඹුල් මිශ්‍ර කරන්න. දැන් බණ්ඩක්කා ටික විනාඩි දහයක් සීසන් වෙන්න තියන්න. 
  • කඩල පිටි, මිරිස් කුඩු, සිහින්ව කපා ගත් කජු ටික භාජනයකට දමා වතුර ටිකක් දාලා හොඳින් කලවම් කරන්න. ටිකක් උකු බැටර් එකක් වෙන්න ඕනා. 
  • තෙල් ටිකක් රත් වෙන්න තියලා සීසන් කරගත් බණ්ඩක්කා ටික හදාගත් බැටර් එකේ තවරලා බැදගන්න. 
  • කරකරපිංචා කොළ ටික වෙනම ගැඹුරු තෙලේ ක්‍රිස්පි වෙන්න බැදගෙන බණ්ඩක්කා වලට මිශ්‍ර කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *