පොඩ්ඩොන්ට කෑම කවන එක තමා අම්මලට තියෙන ලොකුම යුද්ධෙ. අද අපි අරන් ආවෙ අන්න ඒ යුද්ධෙට අම්මලට උදව් කරන්න පුළුවන් කෑම රෙසිපි ටිකක්. මෙහෙම හදල දීල බලන්නකො පොඩ්ඩො ටික යුද්ධ නොකර කන හැටි. එයාලට ආස හිතෙන විදිහෙ වෙනස් වෙනස් කෑම දුන්නොත් ආසාවෙන් කයි.
1. ෆිශ් ඇන්ඩ් චීස් බෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් තලපත් මාළු කෑල්ලක්
- තම්බාගත් අල ගෙඩි 1
- තම්බාගත් කැරට් අල 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහකුඩු තේ හැඳි 1/4
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- බිත්තරයක්
- පාන්කුඩු
- කපාගත් චෙඩාර් චීස් කොටු
- තෙල්
- මාළු කෑල්ල හොඳට පොඩි කරගන්න. මේකට අල හා කැරට් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා අනාගන්න.
- තෙල් ටිකක් ලිපේ තියලා කරපිංචා හා කහකුඩු දාලා ටිකක් තෙම්පරාදු වෙනකොට මේ මාළු මිශ්‍රණය දාලා කලවම් කරන්න. දැන් මේකෙන් පොඩි කොටස් අරන් චීස් කොටුවක් මැදට තියල බෝල හදාගන්න.
- හදාගත්ත බෝල ගසාගත් බිත්තර වල දවටලා පාන්කුඩු තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
2. රිබන් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කෝප්ප 2
- තම්බාගත් කැරට් අල 1
- තම්බාගත් බීට් අල 1
- නිවිති කොළ ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බටර් ස්වල්පයක්
- චීස් වෙජස් 6ක්
- කැරට් වලට ලුණු, ගම්මිරිස්කුඩු, බටර් හා චීස් වෙජස් දෙකක් දාලා පොඩි කරගන්න. බීට් ටිකත් ඒ විදියටම පොඩි කරගන්න. නිවිති වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා වතුර චුට්ටක් දාලා ග්‍රයින්ඩ් කරගන්න. බත් ටික සමාන කොටස් 4කට බෙදලා මේ හදපු පියුරි තුන වෙන වෙනම බත් කොටස් තුනකට කලවම් කරගන්න.
- සුදු බත් කොටසට චීස් වෙජස් දෙකක් කලවම් කරගන්න.
- කට පළල් කප් එකකට පාට පාටින් බත් ලේයර්ස් දාලා තද කරගෙන අනික් පැත්ත හරවන්න. බලන්න පොඩ්ඩො ආසාවෙන් කන්නෙ නැද්ද කියලා.
3. වොෆල්ස් බර්ගර්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 200
- බටර් ග්‍රෑම් 30
- චොප්කරගත් ළූණු ස්වල්පයක්
- බිත්තර 8
- ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලිමිරිස් තේ හැඳි 2
ෆිලින් එකට
- කපාගත් තක්කාලි පෙති ටිකක්
- චීස් පෙති ටිකක්
- හෝම්මේඩ් සොසේජස්
- පාන්පිටි, බටර් හා චීස් වලට බිත්තර දාලා විස්ක් කරගන්න. මේකට රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු හා කෑලිමිරිස් ටික දාලා කපාගත් ළූණු ටිකත් එකතු කරන්න. හොඳට කලවම් කරලා වොෆල් බැටර් එක හදාගන්න.
- වොෆල් මේකර් එකට මේකෙන් ටික ටික දාලා වොෆල්ස් හදාගන්න.
- සොසේජස් ටික පෙති කපලා බැදගන්න. දැන් හදාගත්තු වොෆල්ස් දෙකක් අරගෙන මැදින් තක්කාලි, චීස් හා සොසේජස් අතුරලා කන්න දෙන්න. බබාලා හරි ආස වෙයි.
4. හෑශ් බ්‍රවුන්
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රේට් කරගත් අල ගෙඩි 2
- ග්‍රේට් කරගත් චීස් ස්වල්පයක්
- පාන්පිටි තේ හැඳි 2
- බිත්තර 1
- චොප්කරගත් කැරට් ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මේ සියල්ල හොඳට කලවම් කරලා ඔයිල් බ්‍රශ් කරපු ට්‍රේ එකකට හැන්දකින් ටික ටික ට්‍රේ එකේ තියලා පොඩ්ඩක් පැතලි කරලා සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න.
5. පීන්වීල් සැන්ඩ්විච්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති කිහිපයක්
- තම්බාගත් කැරට් අල 2
- තම්බාගත් බීට් අල 1
- චීස් ටිකක්
- නිවිති කොළ ටිකක්
- බිත්තර 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ටූත් පීක් ටිකක්
- ලන්ච් ශීට්ස් හෝ ක්ලින්ග් රැප්ස්
- මුලින්ම බිත්තර, නිවිති රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක ඔයිල් ගාගත් පෑන් එකකට තෙල් ටිකක් ගාලා මේ බැටර් එක දාලා ඔම්ලට් එක හදාගන්න.
- බීට් පොඩි කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. කැරට් වලටත් රස අනුව එහෙම කරන්න. පාන් පෙති වල වාටි කපලා රෝලින් පින් එකෙන් තුනී කරගන්න.
- හදාගත්තු ඔම්ලට් එක පාන් පෙත්තෙ ගාණට කපලා තියලා උඩින් පොඩිකරගත් බීට් ලේයර් එකක් ගාගන්න.
- ඊළඟට කැරට් ලේයර් එකක් ගාගන්න. උඩින් චීස් අතුරගෙන පාන් පෙත්තෙ කොණක ඉඳල පරිස්සමට රෝල් කරගන්න. මේක ලන්ච් ශීට් එකකින් හෝ ක්ලින්ග් රැප් එකකින් තියලා දෙපැත්ත තද කරලා ඔතාගෙන පැයක් ෆ්‍රිජ් එකේ දාලා අරන් පෙති කපලා රඳවගන්න ටූත් පික්ස් ගහන්න.
6. ඇපල් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 1
- මෙල්ට් කරගත් චොක්ලට් ස්වල්පයක්
- ජෑම් ස්වල්පයක්
කෝට් කිරීමට
- මෙල්ට් කරගත් වයිට් චොක්ලට් ස්වල්පයක්
- රතු සහ කොළ කලරින්
- කේක් වලට ජෑම් හා චොක්ලට් දාලා අනලා ඇපල් ගෙඩිය වගේ බෝල හදාගන්න. මේක පැයක් ෆ්‍රිජ් එකේ දාගන්න.
- මෙල්ට් කරගත් වයිට් චොක්ලට් වලට රතු කලරින් දාල කලවම් කරගන්න. මේකට කොළ කලරින් දාලා යන්තම් කලවම් කරලා හදාගත්ත ඇපල් බෝල ඒකෙ දාලා කෝට් කරගන්න.
7. සොසේජස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- මිනි සයිස් හෝම්මේඩ් සොසේජස් 10-12
- තම්බාගත් අල ගෙඩි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලිමිරිස් තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි1/4
- බිස්කට් කුඩු ස්වල්පයක්
- පාන්පිටි මේස හැඳි
- තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට ළූණු හා කරපිංචා දාගන්න. මේකට කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා පොඩිකරගත් අල ටික දාගන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
- පාන්පිටි වලට ලුණු, කහ හා වතුර ටිකක් දාලා උකු බැටර් එකක් හදාගන්න.
- දැන් මිනි සොසේජස් එකක් අරගෙන ඒක
- මැදිවෙන්න අල මිශ්‍රණය වටේට අතින් ඕවල් හැඩේට හදලා පාන්පිටි බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
Leave a Reply