ඔබට මතක ඇති පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී එරට ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගන්නා ජනාධිපති ආර්යාවන් කීපදෙනෙක් ගැන තොරතුරු අපි ඔබ වෙතට ගෙන ආවා.
ඔන්න කාලෙකට පස්සේ අපිට හිතුනා මේ ආටිකල් එකටම සම්බන්ධ හැබැයි ඇමරිකානු ඉතිහාසය තුළ ආන්දෝලනාත්මක චරිත ලෙස හඳුන්වපු ඡනාධිපති ආර්යාවෝ ගැන ලිපියක් ඔබ වෙතට ගෙන එන්න.
1. රේචල් ජැක්සන්
ඇමෙරිකානු ඉතිහාස වාර්තා වල කියවෙන විදිහට 1785දී විතර රේචල් ඩොනල්සන් විසින් ඉඩම් හිමි වැවිලිකරුවකු වන ලුවිස් රොබර්ඩ්සන්ව විවාහ කරගන්නවා. නමුත් මේ විවාහයට වැඩි ආයුෂ පවතින්නේ නැහැ. ඉන් අනතුරුව රේචල්ව ඇන්ඩෘ ජැක්සන් විසින් විවාහ කර ගන්නවා. නමුත් මේ වන විටත් රේචල්ගේ පළමු විවාහය අවලංගුව තිබුණේ නැහැ. ඇන්ඩෲ ජැක්සන් ජනාධිපතිවරණ සටනට පිවිසෙන විට ඔවුන් දෙදෙනා යළිත් නීත්‍යානුකූලව විවාහව සිටියත් විරුද්ධවාදීන් විසින් දිගින් දිගටම රේචල් ජනාධිපති ආර්යාවකට සුදුසු චරිතයක් නැති තැනැත්තියක් බවට හංවඩු ගහනවා.
2. ජූලියා ටයිලර්
ඉතා ධනවත් ව්‍යාපාරික පවුලක උපත ලැබූ ජූලියා ටයිලර් සිය තරුණ වියේදී ඉතා සමාජශීලී තැනැත්තියක් වුණා. මේ නිසාම ඇය වරක් වියළි ආහාර ද්‍රව්‍ය සහ රෙදි වර්ග විකිණීමේ දැන්වීමක් සඳහා පෙනීසිටියා. මේ පිළිබඳව හෙළි වීමෙන් පසුව ඇගේ පවුලේ සියලු දෙනාම ඇයට එරෙහිව යුධ ප්‍රකාශ කර සිටියේ එය තම පවුලට සිදු කළ දරුණු අපහාසයක් ලෙසයි. ඉන් නොනැවතුණු ඔවුන් යුරෝපය වෙතට ඇයව පිටත් කළේ මෙම අපහාසය මඟ හරවා ගැනීමටයි. කෙසේ වෙතත් මේ චාරිකාවෙන් පසුව නැවතත් ඇමරිකාව වෙත පැමිනුණු ඇය ජෝන් ටයිලර් විවාහ කරගත්තා. ඔවුන් දෙදෙනා අතර පරතරය අවුරුදු 30 ක්.
3. මේරි ටොඩ් ලින්කන්
ඇමරිකානු ඉතිහාසයේ වඩාත් චාම් ජානාධිපතිවරයෙකු ලෙස සැලකෙන ඒබ්‍රහම් ලින්කන් සහ ඔහුගේ බිරිඳ වූ මේරි ටොඩ් ලින්කන් අතර තිබුණේ අහසට පොළොව තරම් පරතරයක්. රට තුළ සිවිල් යුද්ධයක් පවතින අවස්ථාවේ පවා ඇය තම වියදම් අඩු කිරීමට සිතුවේ නෑ. ඇතැම් අවස්ථාවල ඇය සඳහා වෙන් කර තිබූ මුදල් වලටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇය විසින් වියදම් කිරීම නිසා ජනාධිපති මන්දිරයේ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වුණා. එසේම ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාට ඇය පහර දුන් බවත් කුප්‍රකට කාරණයක්.
4. ඊඩිත් විල්සන්
වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරමින් ඔහුගේ කැබිනට් මණ්ඩල රැස්වීම් සඳහා එකතු වූ ජනාධිපති ආර්යා ඊඩිත් විල්සන් රටේ ඇතැම් තීන්දු තීරණ ගැනීමටත් මැදිහත් වුණා. මෙහි උපරිම අවස්ථාව වූයේ වරක් විල්සන් ජනාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් රෝගීව සිටියදී උප ජනාධිපතිවරයාට බලය පැවරීමක් සිදු නොකර ඇය විසින් රටේ පාලන කටයුතු ගෙන යාමයි.
5. එලිනෝර් රූස්වේල්ට්
ඇමෙරිකානු ඉතිහාසයේ ගෞරවනීය ජනාධිපති ආර්යාවක් විදිහට සැලකෙන එලිනෝර් රූස්වේල්ට්ගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් ඇමරිකාව තුළ ආන්දෝලනයක් ඇතිකළා. නමුත් මේ පිළිබඳව ඇමරිකානු ජනතාව එතරම් අවධානයක් යොමු කළේ දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම නිසයි. ලොරේනා හික්කොක් නම් ජනමාධ්‍යවේදිනිය සමඟ ජනාධිපති ආර්යාව අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් ඔවුන් දෙදෙනා වෙනම ජීවත්වන බවත් මේ ආන්දෝලනාත්මක පුවත වුණා.
6. නැන්සි රේගන්
රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ සියළුම කටයුතු ජ්‍යොතිෂ්‍ය අනුව සිදුකළ යුතු බවට නැන්සි රේගන් විසින් උපදෙස් ලබාදී තිබුණා. මුල් කාලයේදී මෙම සියල්ල රහසිගතව සිදු වුණත් පසුව ඒ පිළිබඳව ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. මේ බව හෙළි වීමත් සමග ධවල මන්දිරය තුලින් මිත්‍යාව ප්‍රවර්ධනය කරන බවට චෝදනා නැන්සි රේගන් වෙත එල්ල වුණා. නමුත් ඇය ඒ පිළිබඳව කිසිදු තැකීමක් කළේ නැහැ.
7. මෙලානියා ට්‍රම්ප්
මෑත ඉතිහාසයේ අපිට මුණ ගැහුණු ආන්දෝලනාත්මකම ජනාධිපති ආර්යාව විදිහට මෙලානියා ට්‍රම්ප්ව හඳුන්වන්න පුළුවන්. නමුත් ඇයට එල්ල වන චෝදනා ගැන ඇතැම් අය නම් පවසන්නේ එම තත්ත්ව ඇති වූයේ ඇගේ වැරැද්දක් නිසා නොව ඇගේ සැමියා සහ ඔහු විසින් ඇයගේ කාර්ය මණ්ඩලය වෙත එක්කර තිබෙන පිරිස් නිසා බවයි. උදාහරණයක් ලෙස ඇය විසින් සිදුකළ එක් කතාවක් සම්පූර්ණයෙන්ම පාහේ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා විසින් සිදුකරන ලද කතාවක පිටපතක් බව පසුව හෙළි වුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply