කෙස් කළඹක සුන්දරත්වය ප්‍රධාන වශයෙන්ම රැඳිලා තියෙන්නේ පෝෂණය මතයි. පෝෂණීය කෙස් කළඹක් කියන්නේ ගැටළු රහිත, පහසුවෙන් කළමනාකරණය කළ හැකි කොණ්ඩයකටයි. පෝෂණය රහිත හිස කෙස් මලානිකයි. සිහින් වැඩියි. දුර්වල හිසකෙස් ඉක්මණින්ම කැඩී යනවා. ඉතින් රුව අවලස්සන කරන්න දුර්වල කෙස් කළඹ ප්‍රධාන හේතුවක් වෙනවා.
හිසකෙස්වල පෝෂණය අඩු වීමට බලපාන හේතු කීපයක්ම තියෙනවා.
- ඔබ හිසකෙස්වලට නොගැලපෙන අහිතකර රසායනිකයන් අඩංගු හිසකෙස් නිශ්පාදන භාවිත කරනවා නම් ඔබේ හිසකෙස් දුර්වල වෙන්න ඉඩ තියෙනවා. හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න නම් ඔබ හිසකෙස් සඳහා ගැලපෙන නිවැරදි නිෂ්පාදන තෝරා ගත යුතු වෙනවා.
- ඔබ සමබල ආහාර රටාවකින් ඈත් වෙලා, ක්ෂණික ආහාරවලට පුරුදු වෙලා ඉන්නවා නම් එයත් ඔබේ හිසකෙස්වලට සැපයෙන පෝෂණය සීමා කරවනවා.
- ඔබ නිතරම අධික හිරු එළියට, දූවිලි සහිත පරිසරයට නිරාවරණය වෙනවා නම් එයත් හිසකෙස්වල සෞඛ්‍ය මට්ටම අඩු වීමට සෘජුවම බලපානවා. හිසකෙස්වල පිරුණු ගතිය අඩු වෙලා ඒවාට සිහින් පෙනුමක් ලැබෙන්න මෙය ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්.
- හිසකෙස්වලට මෝස්තර දැමීමෙ දී රසායනික ද්‍රව්‍ය සහිත ජෙල් වර්ග, හෙයාර් ක්‍රීම් වර්ග යෙදීම නිසාත් කෙස් දුර්වල වී, සිහින් වී යා හැකියි.
- ඔබ ස්නානය කිරීමෙන් අනතුරුව තෙත හිසකෙස් ස්වභාවිකව වේලෙන්නට ඉඩ නොදී, හෙයා ඩ්‍රයර් එක භාවිතා කර හිස කෙස් වියලීම නිසාත් හිසකෙස්වලට හානි සිදු වී ඒවායේ ඝනකම අඩු වෙලා යනවා.
මෙන්න විසඳුම
මේ ගැටළු වලට හොඳම විසඳුම තමයි හොඳ ඔයිල් මසාජ් එකක් කියල කියන්නේ. හිසට අවශ්‍ය පෝෂණය උපරිමව ලබා දීමට සමත් වෙන හොඳ ශාකසාර ඔයිල් වර්ගයක් භාවිත කරලා දිනපතා හිස සම්බාහනය කරගන්න ඔබට පුළුවන්. ශාකසාර ඔයිල් කියද්දිම ඕනේ කෙනෙක්ට මතක් වෙන්නේ කුමාරිකා ඔයිල්. කුමාරිකා ඔයිල් වල වර්ග 4ක් තියෙනවා.
- සිහින් වූ, දුර්වල හිසකෙස් සඳහා අපි ඔබට නිර්දේශ කරන්නේ තල තෙල්, රතු ළූණු සාරය, සමන් පිච්ච සුවඳ සහ පිරිසිදු පොල්තෙල් භාවිත කරලා නිපදවනු ලැබූ කුමාරිකා Hair Thinning Control Oil.
- ඔබේ හිස කෙස් ඉස්සොරි සහිත නම් ඔබට ගැලපෙන්නේ දෙහි, උළුහාල්, කොහොඹ සහ පිරිසිඳු පොල් තෙල් සාරය සහිත Dandruff Control Oil.
- ඔබේ හිස කෙස් අග පැලෙනවා නම් රන් තැඹිලි, සහල් නිවුඩු, සුදු නෙළුම් සහ පිරිසිඳු පොල් තෙල් සාරය සහිත Split End Control Oil පාවිච්චි කරන්න.
- හිස කෙස් වැටීම පාලනය කර ගැනීම සඳහා ගොටුකොළ, කෝමාරිකා, කීකිරිඳිය, කරපිංචා සහ පිරිසිඳු පොල්තෙල් සාරය සහිත Hair Fall Control Oil භාවිතා කරන්න.
මෙම අපූරු සත්කාරය ඔබේ හිසකෙස් මුල් සහ කෙස් පෝෂණය කරන්න සමත් වෙනවා. හිස මත සම උත්තේජනය කරමින්, රුධිර සංසරණය වැඩි දියුණු කරන්න උදව් වෙනවා. ඔයිල් මසාජ් එකෙන් පස්සේ ඔබේ හිසකෙස් ෂවර් කැප් එකකින් ආවරණය කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එවිට හිසට තවත් හොඳින් කුමාරිකා ඔයිල් අවශෝෂණය වේවි.
Leave a Reply