ලෝකයේ මිනිස්සු කර​න අමුතුම විදි​හේ රැකියා 7ක්

ලෝකේ පුරා හැම දෙනෙක්ම එක එක ජාතියේ රැකියා වල නිරත වෙනවා. රැකියාව කියන්නේ ලෝකේ ජීවත් වෙන 90% ක් දෙනාගේ ප්‍රධාන අදායම් මාර්ගය කියල කිව්වොත් නිවැරදියි. ඉස්සර කාලේ නම් ගෙදරක පිරිමි පුද්ගලයා තමයි ඒ ගෙදරට අවශ්‍ය ආදායම් ඉපයීමේ කටයුත්තට යොමු වෙලා හිටියේ. හැබැයි ලෝකයේ දියුණු වීමත් එක්ක කාන්තා පාර්ශ්වයත් පවුලේ ආදායම් ඉපයීමේ කටයුත්තට හරි හරියට දායක වෙනවා. ලෝකයේ දත්ත වාර්තා එක්ක ගත්තම කාන්තාවන් 47% පමණ ලෝක ශ්‍රම බලකාය තුළ දායකත්වයක් දක්වනවා. ඉතින් ඔය විදිහට ගත්තම හැම දෙනාම මොකක්හරි රැකියාවක නියුක්ත උනාට ඒ හැමෝම පිළිගත් රැකියාවල විතරක් නියුක්ත වෙලා නෑ. හොඳම උදාහරණය තමයි ගණිකා වෘත්තිය. ගණිකා වෘත්තියේ නිරත වෙන කාන්තාවන් සහ පිරිමින් පිළිගත් රැකියාවක නියුක්ත වෙනවා කියල සමාජය පිළිගන්නේ නෑ. ඒ වගේම තමයි සමහර රැකියාවන් තියෙනවා ඇත්තටම එහෙම රැකියාවන් තියෙනවද කියල සමාජය දන්නේ නෑ. ඉතින් ඒ වගේ රැකියාවල් හරි අමුතු පන්නයේ රැකියා. අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ අමුතු පන්නයේ රැකියාවන් කිහිපයක් ගැනයි.

 

1. Bed Tester

නිදාගන්න එකට ගෙවනවා නම් ලංකාවේ ඔක්කොමල වගේ මේ ජොබ් එකට ඇප්ලයි කරයි බොහෝවිට. අවාසනාවට මේ ජොබ් එක ලංකාවේ දැනට නැහැ. මේ ජොබ් එකට දළ වශයෙන් වසරකට ඇමරිකන් ඩොලර් 38,500ක් විතර ගෙවනවා. ඔයාව මේ ජොබ් එකට තෝරා ගත්තොත් කරන්න තියෙන්නේ ඒගොල්ලෝ දෙන මෙට්ටෙක නිදාගෙන ඒ මෙට්ටය ගැන රිපෝර්ට් එකක් දෙන්න විතරයි. ඒ වගේම මේ ජොබ් එකේදී බ්ලැන්කට්, කොට්ට, වගේ නින්ද සම්බන්ධ නිෂ්පාදන පරීක්ෂා කරන්නත් තියේවි. 

 

 

2. සත්ව ආහාර රසබලන්නා

මේ ජොබ් එක නම් ඉතින් සත්තුන්ට පණ වගේ ආදරේ කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක් කරයි කියල හිතන්න බැරි ජොබ් එකක්. සුරතල් සතෙක් හදන කෙනෙක් කොහොමත් කැමති තමන්ගේ සුරතලාට රසට කෑම ටික දෙන්නනේ, ඒ උනාට ගෙදර හදන කෑම ඇරෙන්න වෙන සත්ව ආහාරයක් තමන් කාල පරීක්ෂා කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑනේ. අන්න ඒ නිසා තමයි මේ ජොබ් එක නිර්මාණය වෙන්නේ. ඉතින් නමේම තියෙන විදිහට මේ ජොබ් එක කරන කෙනෙක්ට කරන්න තියෙන්නේ තමන්ට ලැබෙන සත්ව ආහාර කාලා බලල රස ගුණ ගැන අදහස් ප්‍රකාශ කිරීම විතරයි. හැබැයි ඉතින් සත්තුන්ටයි මිනිස්සුන්ටයි එක විදිහට රස දැනෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. 

 

3. Body Part Model

මොඩල් කෙනෙක් වෙන්න රූපෙයි, ලස්සන ඇඟකුයි, හැකියාවයි  අවශ්‍ය උනාට බොඩි පාර්ට් මොඩල් කෙනෙක් වෙන්න නම් ඔය දේවල් අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඒ අයට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ශරීර අවයව විතරයි. උදාහරණයක් විදිහට කිවුවොත් යම් ඇඩ් එකකට ඕන වෙනවා කැතම කැත කකුලක් තියෙන මොඩල් කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් හිටියොත් ඒ ජොබ් එකට එයාව ජොබ් එකට ගන්නවා. ඒ වගේම ඇපල් විකුණන ඇඩ් එකකට ඕන වුණොත් ඇපල් ගෙඩියක් අල්ලගෙන ඉන්න ලස්සන අතක් තියෙන කෙනෙක්, ඒ වගේ ලස්සන අතක් තියෙන කෙනෙක්ට චාන්ස් එක ලැබෙනවා ඒ ජොබ් එකට. ඔන්න ඔහොමයි ඒක වෙන්නේ. අමුතුයි නේද? 

 

4. Deodorant Tester

මේ ජොබ් එක නම් කරන්න කොහොම හිත හදාගන්නවද කියන එක නම් පොඩි ප්‍රශ්නයක්. මොකද මේ ජොබ් එකේ කරන්න තියෙන්නේ ඉතින් Deodorant වල තත්ත්වය පරීක්ෂා කරන්න තමයි. හැබැයි ඒකට ඉතින් ටෙස්ට් එකට Deodorant පාවිච්චි කරපු අයගේ අත්  යට එහෙම ඉඹලා බලන්න වෙනවා. එකේදී ඉතින් Deodorant එක හොඳයි නම් අවුලක් වෙන එකක් නෑ. හැබැයි Deodorant එක බාල එකක් නම් ක්ලාන්ත වෙලා වැටෙන්න වුණත් ඉඩ තියෙනවා.

 

5. බොරුවට අඬන්නා

මේක නම් ලංකාවෙත් තියෙන ජොබ් එකක්. ගොඩක් වෙලාවට මළ ගෙදරකට වගේ අඬන්න, දුක් වෙන්න සැළකිය යුතු පිරිසක් නැත්නම් මෙන්න මේ බොරුවට අඬන අයගේ සේවාව ලබාගන්න පුළුවන්. සතියේ දින පහේම තියෙන ජොබ් එකක් නොවුණට අතිරේක අදායමක් උපයගන්න පුළුවන් මාසෙකට එකක් වගේ වත් කරගත්තොත්. කරන්න තියෙන්නේ ඉතින් අදාළ මළගෙදරට ගිහින් ඇති තරම් අඬන එක විතරයි. අඬන තරමට වැඩිපුර ගෙවීමක් කතා කරගන්නත් පුළුවන් ඕනේ නම්. 

 

6. නීත්‍යානුකූල බැංකු මංකොල්ලකරු

බැංකු මංකොල්ලයක් කොහොමද නිත්‍යානුකුල වෙන්නේ කියල හිතුණා නේද? ඒක තමයි. එහෙම වෙන්නේ නෑ. හැබැයි ඉතින් මේ ජොබ් එක ඇත්තටම ලෝකයේ යම් යම් රටවල් වල දැනටත් තියෙන රැකියාවක්. මේකේ පරමාර්ථය තමයි යම් කිසි ස්ථානයක ආරක්ෂාව කොයි තරම් හොඳ මට්ටමකට තියෙනවද කියන එක පරීක්ෂාවට ලක් කරන එක. ඉතින් ඉස්සර ඒ වගේ හැකියාවක් තියෙන අයට මේ ජොබ් එක හම්බ වුණා. එයාලට කරන්න තිබුණේ එයාලට ලැබෙන ස්ථානයට කඩාවදින එකයි. බොහෝ විට මේ සේවය ලබාගත්තේ බැංකු වගේ ආයතන. ඉස්සර එහෙම වුණාට දැන් කාලේ නම් කොම්පියුටර් හැක් කිරීම, අනන්‍යතා සොරකම් කිරීම්, දුරකථන මාර්ගයෙන් දත්ත සොරා ගැනීම් දක්වා පැතිරිලා තියෙන ජොබ් එකක්. හිරේ නොයා බැංකු කඩන්න කැමති නම් මෙන්න ජොබ් එක.

 

7. Crime Scene Cleaner

Payscale.com වෙබ් අඩවියේ කියන විදිහට මේ ජොබ් එක කරන කෙනෙක් දළ වශයෙන් වසරකට ඇ. ඩොලර් 35,750 ක විතර වැටුපක් ලබනවලු. ඉතින් කවුරුහරි ඉන්නවනම් මරල දාපු මිනී, ලේ පිරුණු පොළවක් කිට්ටුව පාත ගැවසෙන්න, මෙන්න කියාපු ජොබ් එක. මේ ජොබ් එක කරන අයට කරන්න තියෙන්නේ පොලිසියෙන් පරීක්ෂා කරලා සාක්ෂි එකතු කරගෙන ඉවර වුණු අපරාධ ස්ථාන පිරිසිඳු කරන එකයි. ඉතින් මේ වගේ හොඳට ගෙවන ජොබ් එකක් නම් මොකක් වුණත් කමක් නෑ කියල හිතන කෙනෙක්ට ඒ ජොබ් එක ට්‍රයි කරලා බලන්න පුළුවන්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *