සමරිසි කොල්ලෙක්ට Grindr එකෙන් පාට්නර් කෙනෙක් හොයාගන්න උපදෙස් ටිකක්

පළවෙනියටම කියන්න ඕන දෙයක් තියෙනවා. ඔය හෝමොෆෝබික් එවුන් -ඒ කිව්වේ හෝමෝසෙක්ෂුවල් අයව පෙන්නන්න බැරි එවුන්- මේ ආටිකල් එක කියවන්න ඕන නෑ. Grindr ඇප් එක තියෙන්නේ සමරිසි සෙට් එකට විතරක් නිසා, හෙටරොසෙක්ෂුවල් – ඒ කිව්වේ කෙල්ලොන්ට කැමති- කොල්ලෝත් මේ ආටිකල් එක කියෙව්වට ඇති වැඩක් නෑ. 

දෙවෙනියට, මේක Grindr ඇප් එක ගැන ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. Grindr ඇප් එක හදපු අය මේක දැකලා ස්පොන්සර් ආටිකල් එකක් ගහමු කිව්වොත් ඒක වෙනම කතාවක්. හැබැයි මේ ආටිකල් එක Grindr ඇප් එකට ප්‍රොමෝෂන් එකක් නෙවෙයි.

තුන්වෙනියට ගත්තොත්, ඇත්තටම ලංකාවේ සමකාමියෙක් වෙන එක තියා, හෙටරොසෙක්ෂුවල් එකෙක් වෙන එකවත් ලේසි නෑ. ඉතින් ඒ නිසා, වෙන රටවල වගේ නිදහසේ සමකාමියෙක්ට තමන් කැමති පිරිමියෙක්ව හොයාගන්න තියෙන ඉඩ අඩුයි. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ Grindr ඇප් එකෙන් කරන්න කියන්න පුළුවන් දේවල් හොයාගන්න කෙනෙක්ට ලේසි වෙන්න ටිප්ස් ටිකක් දෙන්න ඕන කියලා.

 

1. හරියට ඕන දේ කියලා ප්‍රොෆයිල් එකක් හදන්න

මෙන්න මේක ඉතාම වැදගත්. මෝල් අමාරුව තද වුණු ගමන් කොහෙන් හරි කොල්ලෙක් හොයාගන්න කියලා හිස් ප්‍රොෆයිල් හදන්න එපා. කෙනෙක්ට තමන් ගැන මූලික අදහසක් හරි ගන්න පුළුවන් විදියේ ප්‍රොෆයිල් එකක් හදන්න. වෙන විදියකට කිවුවොත්, Grindr ප්‍රොෆයිල් එකේ ෆොටෝ එකක් දැම්මෙ නැතුවට කමක් නෑ. හැබැයි අනිවාර්යයෙන්ම තමන් කොයි වගේ කෙනෙක්ද, තමන් හොයන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක සඳහන් කරන්න. වයස, උස, බර, ජාතිය, බොඩි ටයිප් එක වගේ එව්වත් දැම්මට කමක් නෑ. දැම්මොත් ලේසියි. හැබැයි තමන්ට කතා කරන්න පුළුවන් යම් කිසි නමක් සහ තමන් හොයන්නෙ මොනවද කියන එක නම් අනිවා දාන්න ඕන. ඒකෙන් හැමෝගෙම කාලෙ ඉතුරුයි.

 

2. ෆොටෝ ඕනෙද? ෆොටෝ එපාද?

මෙන්න මේක වැදගත් ප්‍රශ්නයක්. ලංකාවේ සමකාමියෙක් වෙන එක ලේසි නෑ කියලා අපි කලිනුත් කිව්වා. ඒ හින්දම ගොඩක් අය රහසේ තමයි සමකාමියෝ වෙන්නේ. අන්න ඒ නිසා, තමන්ට ෂුවර් නැතිනම් තමන්ගේ ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දාන්න එපා. එතකොට දැන් සාමාන්‍යයෙන් Grindr එකේ ඉන්න වැඩි හරියක් හායි එකෙන් පස්සේ කියන්නේ ෆොටෝ එවන්න කියලා. ඒක කරන්න ඕන තමන් කොම්ෆර්ටබල් නම් විතරයි. අනික් එක, තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකේ හාවෙක්ව දාගෙන, වෙන එකෙක්ට මළාට ෆොටෝ එකක් යවන්න වුවමනාවකුත් නැතුව, ඉන්බොක්ස් ගිහින් අනික් උන්ගෙන් ෆොටෝස් ඉල්ලන්නත් එපා.

දැන් මේ ෆොටෝස් ගැන තව කතන්දරයක් තියෙනවා, ඒක ඉස්සරහට කියනවා.

 

3. හත් අවුරුද්දකට සැරයක්

ඇත්තටම Grindr කියන්නෙත් ඔය අනික් ඩේටින් සර්විස් සහ ඇප්ස් වගේම තමයි. හැබැයි Grindr එකේ පොඩි වෙනසක් තියෙනවා. ඔය අපි කලින් කතා කරලා තියෙන ඩේටින් ඇප්ස් වල යලට මහට ගොඩ වැදිලා ඒ තරම් ලොකු රිසල්ට් එකක් ගන්න බෑ. හැබැයි Grindr එකේ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. අපි උඩ කියපු විදියට හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම්, හත් අවුරුද්දකට වතාවක් ගොඩවැදුණත්, ටිකක් වෙලා කාලය ගත කළොත් හොඳ පාට්නර් කෙනෙක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.

 

4. ලොකේෂන්, ලොකේෂන්, ලොකේෂන්

Grindr මූලිකවම වැඩ කරන්නේ ලොකේෂන් එක පදනම් කරගෙන. ඒ කියන්නේ, අපිට GPS ඔන් කරලා Grindr පාවිච්චි කරන තරමට වාසි වැඩියි. එතකොට අපි අවටම ඉන්න අයව තමයි මුලින් පෙන්නන්නේ. එතන ඉඳන් ක්‍රමිකව දුර වැඩි වෙන විදියට තමයි එක එක අයව දැකගන්න පුළුවන්. ඕන නම් තමන්ට GPS ඔන් නොකර ඉන්නත් පුළුවන්. හැබැයි GPS ඔන් කරපු තරමට, තමන්ගේ ආසන්නයෙන් කෙනෙක් හොයාගන්න තියෙන චාන්ස් එක වැඩියි.

 

5. අලගිය මුලගිය තැන් පස්සට, වෙනම නොම්බරයක්

දැන් ඔන්න අපි Grindr එකට ගොඩවැදිලා ටිකක් ඉන්නකොට අපිට මෙසේජස් එන්න ගන්නවා. එතකොට අපිටත් ඒකේ තියෙන ප්‍රොෆයිල්ස් බලලා අපිට සෙට් වෙන කෙනෙක්ට මෙසේජ් කරන්න පුළුවන්. මුලින් ඉතින් හායි හලෝ කතන්දර වලින් පස්සේ විස්තර අහන්න පටන් ගන්නවා. එතකොට තමන් සමකාමියෙක් කියන එක පිළිගන්න බයක් නැති නම් කෙලින්ම ඇත්ත විස්තර කියන්න පුළුවන්. හැබැයි අපි උඩිනුත් කිව්වනේ ලංකාවේ සමකාමියෙක් වෙන එක ලේසි නෑ කියලා. අන්න ඒ නිසා, ෂුවර් නැති නම් වැඩ කරන්නේ කොහේද, සම්පූර්ණ නම මොකද්ද, ගෙදර ඉන්නෙ කවුරු කවුරුද වගේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න අවශ්‍ය නෑ. එතකොට Grindr එකට පාවිච්චි කරන්න වෙනම ෆෝන් නම්බර් එකක් එහෙම තිබුණත් අවුලක් නෑ.

 

6. මොනවද මේ ටොප් බොටම් සීන්?

මේක සමරිසි සීන් එකට සම්පූර්ණයෙන්ම ආධුනික කෙනෙක් කන්ෆියුස් වෙන්න පුලුවන් දෙයක්. සාමාන්‍යයෙන් මෙතනදී Top, Bottom සහ Versatile කියන්නේ තමන් සෙක්ස් කරනකොට කරන භූමිකාව දක්වන දෙයක්. උදාහරණයක් විදියට කිවුවොත් සමරිසි දෙන්නෙක් ගත්තොත්, එක්කෙනෙක් ටොප් වෙනකොට, අනික් එක්කෙනා බොටම් වෙන එක තමයි ස්වභාවය. ගොඩක් වෙලාවට ගුද සංසර්ගය ගත්තොත් ඒක කරන්නේ ටොප් එක්කෙනා. ඒක භාරගන්නේ බොටම් එක්කෙනා. එතකොට Versatile කියන්නේ ඒ රෝල්ස් දෙකටම ඕකේ කෙනෙක්. දැන් තේරුණානේ?

 

7. කාලෙ කන එවුන් ස්පොට් කරමු

වෙන ඕනම ඩේටින් සයිට් එකක වගේම Grindr එකෙත් කාලෙ කන එවුන් ඕන තරම් ඉන්නවා. ආන්න ඒ වගේ අය ස්පොට් කරන්න තීක්ෂණ වෙන්නත් ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, සමහරු හායි කියලා, අපි හලෝ කිව්වහම රිප්ලයි නැතුව ඉන්නවා. ආයෙත් දවසකට පස්සේ හායි කියනවා. අපි ඉතින් අහනවා ‘හායි, ඔයා කොහෙන්ද’ කියලා. ම්හු, උත්තර නෑ. ආයෙ දවස් දෙකකට පස්සෙ හායි කියනවා. අන්න එහෙම එව්වා ලත් තැනම ලොප් කරන්න ඕන.

ඒ වගේම තමයි, චැට් කරගෙන යනකොට අපිට සමහර වෙලාවට තේරෙනවා, මේ කෙනාට අර චැට් ආතල් එකක් ගන්න මිසක් ඇත්තටම මුණගැහෙන්න වුවමනාවක් නෑ කියලා. හැබැයි අපේ වුවමනාව පාට්නර් කෙනෙක්ව ඇත්තට අඳුනගෙන, මුණගැහිලා සෙක්ස් කරන්න නම්, එහෙම කෙනෙක් එක්ක දිගින් දිගටම චැට් කිරීම කාලෙ නාස්තියක්.

 

8. කොහොම ෆොටෝස්ද කොල්ලො ඕන?

දැන් ගොඩක් අය ඉතින් කෙලින්ම හුක්-අප් එකකට තමයි Grindr පාවිච්චි කරන්නේ. එතකොට ඉතින් ෆොටෝස් හුවමාරු වෙන සීන් එක සාමාන්‍ය දෙයක්. ෆොටෝස් කිව්වේ සාමාන්‍ය එව්වා නෙවෙයි, නියුඩ් ෆොටෝස්. පොඩ්ඩක් දැන කියාගත්තට පස්සේ එව්වා හුවමාරු කරගන්න එකට අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි දෙයියන්ගෙ නාමෙට තමන්ගේ මූණත් එක්ක තියෙන නිරුවත් ෆොටෝස් යවන්න එපා. තමන්ගේ නියුඩ්ස් ලීක් වුණාට ගාණක් නැති එකෙක් නං එහෙම යැව්වට කමක් නෑ. එහෙම තමන්ගේ නියුඩ්ස් ලීක් වෙන එක ගැන ගාණක් තියෙන අය හැකිතාක් මූණ නොවදින්න ෆොටෝස් යවන්න වග බලා ගන්න. කොහොමත් ෆොටෝ එකක් අරගෙන ඒක ගාණට කපා ගන්න පහසුකමත්, Grindr මෙසෙන්ජර් එකේම තියෙනවා.

 

9. ඇප් එකෙන් සෙට් වුණාට පස්සේ?

ඇප් එකෙන් දැනකියාගත්තට පස්සෙ මොකද කරන්නේ? මුණගැහිලා බලන්න තමයි තියෙන්නේ. හැබැයි එකක්. මේ ලෝකේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. විශේෂයෙන්ම මනුස්සයෙක්ගේ හොඳ නරක අපිට කාලා බලන්න බෑ. අන්න ඒ නිසා, තමන්ට තමන්ව ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ෂුවර් එකක් තියෙනවා නම් මිසක් කෙලින්ම ගෙදරට ගෙන්න ගන්නවා වගේ සීන් නොකරන එක හොඳයි. ඒ වගේම, ඔය සෙක්ස් කරන්න කියලා ඇවිල්ලා, අපිව මෝල් කරලා, ඊට පස්සේ හදිසියකට සල්ලි ටිකක් ඉල්ලන අයත් Grindr එකේම ඉන්නවා. අන්න ඒ අයගෙනුත් පරිස්සම් වෙන්න තමන් දැනගන්න ඕන.

 

10. ඩෙස්පරේට් වෙන්නෙපා

අන්තිමටම කියන්න තියෙන්නේ මේක තමයි. මෝල තද වෙලා, මොකෙක් වුණත් කමක් නෑ කොල්ලෙක් නං සෙට් කරගන්නවා කියලා හිතාගෙන Grindr එන අයට වරදින්න තියෙන ඉඩ වැඩියි. බොරුකාරයන්ට, වංචාකාරයන්ට අහුවෙන්න පුළුවන්. අනික, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන වුණත් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒ නිසා, Grindr එක පාවිච්චි කරන්න තමන්ට සෙට් වෙන සහකරුවෙක්ව මූලිකවම අඳුන ගන්න. ඊට පස්සේ ක්‍රමයෙන් දැන අඳුන ගන්න පුළුවන්. එහෙම දැනඅඳුන ගත්තට පස්සේ පුළුවන් සෙක්ස් කරන්න.

 

දැන් එහෙනම් පැහැදිලියිනේ කොහොමද වැඩේ කරන්නෙ කියලා. එහෙමනම් ඇප් එක දාගෙන ට්‍රයි එකක් දීලා බලන්න. හැබැයි ඒ එක්කම දෙයක් කියන්න ඕන. සමහර සමකාමී වගේම විසමකාමී එවුනුත් ඉන්නවා, Grindr වගේ ඇප් එකක් දාගෙන කරන්නේ කොල්ලෙක් සෙට් කරගන්න කියලා ආපු එවුන්ව මඩවන එක. එව්වට කියන්නේ ඉතින් ගෙනියන වැඩ කියල තමයි! එච්චරයි!! 

 

ඇප් එකට පාර: https://www.grindr.com/

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *