ලංකාවේ පොත් කියවන ගොඩාක් අය කැමතිම හා ජනප්‍රියතම ශානරය මේක කිව්වොත් නම් වැරදි නෑ. ගෙවුණු දශකයක් පුරාවටම එළි දැක්වුණු, කුතුහලය උපරිමයෙන් තියෙන, සිංහල බසින් ලියවුණු කතා පොත් හතක් ගැන අද අපි කතා කරමු…
1. 12.12.12
මෑත කාලයේ බිහිවුණු ජනප්‍රියම අභිරහස් නවකතාව 12.12.12 කිව්වොත් අපි වැරදි නෑ කියල අපි හිතනවා. ප්‍රංශයේ සිදුවුණු අභිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු, කුතුහලය උපරිමයෙන් තිබ්බ, එක හුස්මට කියවන්න පුළුවන් පොතක් මේක. මෙහි කර්තෘ මංජුල සේනාරත්න මහතාගේ ගිය අවුරුද්දේ ආපු බියුරෝ පොතේත් ඊට කලින් ආපු රෝස මාළිගයේ මනුසත්තු, ප්‍රියා සමග ඉරිදාවක්, ආයුබෝවන් නිහැඬියාව වගේ කෙටිකතා පොත් වලත් කුතුහලය උපරිමයෙන් තිබ්බා…
2. නිදන විල
මේ පොත පිට වුනේ 2020 අවුරුද්දෙදියි. කුතුහලය, භීතිය උපරිමයෙන් තිබ්බ, එක හුස්මට කියවන්න පුළුවන් කුතුහලයෙන් යුක්ත කතාවක් මේක. මේ පොතේ දෙවනි කොටසකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහි කර්තෘ කේෂාන් හරේෂුගේ අලුත්ම කෘතිය වූ ග්ලැසේරාත් ගිය වසරේ අග භාගයේ පිටවුණා.
3. 1925
මේක නම් සරලවම කිව්වොත් ආදර කතාවක්. පුනරුප්පත්ති ආදර කතාවක්. මේක ලියන්නේ ඉමේෂ් මධුශංක යාපා. මේක ඔහුගේ කුළුදුල් නවකතාව. ගිය අවුරුද්දේ තමයි පිටවුණේ. පොතේ හැම පිටුවක් ගාණෙම කුතුහලය උපරිමයෙන් තිබ්බ පොතක්. මේ ෂානරයේ පොත් කියවන කෙනෙක් අනිවාර්යෙන්ම කියවන්න ඕන පොතක් විදියට අපි මේ පොත නිර්දේශ කරනවා.
4. නැගෙනහිර සුළඟ
ශර්ලොක් හෝම්ස්ගේ පොත් නම් කියවල නැති පොත් කියවන්නෙක් නැති තරම්. ඒ තරමටම ඒ චරිතය අපිටත් සමීපයි. මේ පොත ලියන්නේ ලංකාවේ කෙනෙක් වන වෛද්‍ය සුසිත රුවන්. රාවණා මෙහෙයුම, එක්ස් වගේ පොත් කියවපු කෙනෙක්ට සුසිත රුවන්ව අමතක වෙන්න විදිහක් නැහැ. ඉතාම විශිෂ්ට විදියට හෝම්ස්ව අපි ඉදිරියේ මවපු හොඳ පොතක් හැටියට අපිට මෙය හඳුන්වන්න පුළුවන්…
5. කර්මක්ෂය
පෙරී මේසන්ගේ පොත් වල පරිවර්තන සහ ස්වතන්ත්‍ර රහස් පරීක්ෂක පොත් රචනා කිරීම නිසාත් ලංකාවේ ගොඩාක් ජනප්‍රිය වුණු නවකතාකරුවෙක් තමයි ලසිත රවීන් උමගිලිය. ඔහුගේ අලුත් පොතක් ගිය අවුරුද්දේ ආවා. ඒක තමයි “කර්මක්ෂය” දේපළ වලට, මිල මුදල් වලට ඇලී සිට මියගිය ප්රාණකාරයෙකු වටා ගෙතුණු අද්භූත පොතක් මේක. අපි නොහිතන විදියේ අවසානයකින් යුතු පොතක්.
6. එක දවසක් රෑ
හේමාගේ නිවස තුළ එක රැයක් තුළ සිදුවන සිද්ධි මාලාවක් තමා “එක දවසක් රෑ” පොතේ තියෙන්නේ. එක හුස්මට කියවන්න පුළුවන් සංවේදී, කුතුහලය පිරුණු කතාවක්. මෙම කෘතියේ කර්තෘ මුතුමුදලිගේ නිශ්ශංකගේ අනික් පොත් වලත් කුතුහලය මීට සමානවම තිබුණා. ගෝහාර්, බෝම්බ තුනක්, ත්‍රිත්ව සහ ඔහුගේ අලුත්ම පොත වූ මීෂා කියන්නෙත් අනිවාර්යෙන්ම කියවන්න ඕන කුතුහලය සහිත පොත් ටිකක්…
7. කළුගල වීදිය
ඩී. එම්. අනුර දිසානායක කියන්නේ ලංකාවේ අභිරහස් පොත් ලියන ප්‍රවීණම කතුවරයෙක්නේ. මේ ඔහුගේ අලුත්ම පොත් දෙකෙන් එකක්. අලුත් කිව්වට මේ දෙකම ආවේ ගිය අවුරුද්දේ. පාලංකඩ සහ කළුගල වීදිය තමයි එම පොත් දෙක. ඝාතනයන් දෙකක් වටා ගෙතුණු කතාවක් තමයි කළුගල වීදිය පොතට පාදක වෙන්නේ. කළුගල වීදිය සහ පාලංකඩ කියන පොත් දෙකම ඇත්තටම නියමයි…
අපිට මේ ලිපියෙන් මගහැරුණු ඔයාලා දන්න මේ ෂානරයේ පොත් ගැනත් අපිට කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply