ගැබිණි මව්වරුන්ට ගුණ පෝෂ්‍යදායී කෑම බීම රෙසිපි 5ක්

බබෙක් ලැබෙන්න ඉන්නවා කියන්නෙ ජීවිතේ සෑහෙන්න වැදගත් කාල පරාසයක්. මේ කාලය ඇතුළත අම්මා ගොඩක් පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම කෑම බීම වලදි. දරුවට වගේම අම්මටත් පෝෂණයක් ලැබෙන කෑම කන්න කියලයි හැමතැනින්ම උපදෙස් ලැබෙන්නෙ. ඉතින් ඔන්න අද අපි ගේන්න හිතුවා ප්‍රෙග්නන්ට් අයට ගොඩක් ගුණදායක කෑම වර්ග ටිකක්. 

 

1. කඩල හා නිවිති බත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳින් තම්බාගත් කඩල ග්‍රෑම් 150
  2. වතුර කෝප්ප 3
  3. හාල් කෝප්ප 1 1/2
  4. තම්බාගත් කැරට් කෝප්ප 1/4
  5. තම්බාගත් බෝංචි කෝප්ප 1/4
  6. චොප්කරගත් ළූණු ගෙඩි 1
  7. කොත්තමල්ලි කොළ ටිකක්
  8. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  9. බ්ලාන්ච් කරගත් නිවිති කෝප්ප 1/2
  10. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  11. ඉඟුරු කෑල්ලක්
  12. තෙල් 
  13. කුරුඳු පොතු කෑල්ලක්
  14. අමුමිරිස් කරල් 1
  15. කරාබුනැටි 2
  16. කහකුඩු තේ හැඳි 1/2
  17. සූදුරු කුඩු තේ හැඳි 1/2
  18. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  19. මසාලා පව්ඩර් තේ හැඳි 1
  20. රස අනුව ලුණු

 

  • හාල් ටික සෝදලා ලුණු ටිකක් දාලා බත උයාගන්න. 
  • බ්ලෙන්ඩර් එකට තක්කාලි, කොත්තමල්ලි කොළ, ඉඟුරු, අමුමිරිස්  ටික දාලා පේස්ට් එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කරාබු නැටි, කුරුඳු පොතු දාලා ටිකක් ෆ්‍රයි වෙනකොට චොප්කරගත් ළූණු හා බෙල්පෙපර් ටික දාගන්න. ඊළඟට බ්ලෙන්ඩ් කරගත් පේස්ට් එක දාලා තම්බාගත් එළවළු හා නිවිති ටික දාගන්න. 
  • ඒකට පහේ කුඩු වර්ග ටිකත් එකතු කරලා කලවම් කරගන්න. හොඳට ෆ්‍රයි වෙනකොට කඩල හා පිසගත් බත් ටික දාලා රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න. අන්තිමට උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් ඉසගන්න. 

 

2. ඇපල් සිනමන් ඕට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉන්ස්ටන්ට් ඕට්ස් කෝප්ප 1/4
  2. නන්ෆැට් කිරි කෝප්ප 2
  3. කපාගත් ඇපල් ගෙඩි 1/2
  4. චොප්කරගත් ආමන්ඩ් ඇට ස්වල්පයක්
  5. කුරුඳු කුඩු තේ හැඳි 1/4

 

  • ඕට්ස් වලට කිරි හා කුරුඳු කුඩු දාලා කලවම් කරගෙන ඕට්ස් පෙඟෙනකම් ලිපේ තියල අඩු ගින්දරේ හැඳිගාන්න. 
  • ලිපෙන් අයින් කරල ටිකක් නිවුණම මේකට චොප්කරගත් ආමන්ඩ් හා ඇපල් දාලා කලවම් කරලා කෑමට ගන්න. උදේ ආහාරයට වඩාත් හොඳයි. 

 

3. සැෆ්‍රන් තේ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳම තත්ත්වයේ සැෆ්‍රන් රේණු 3
  2. කිරි කෝප්ප 1
  3. වතුර කෝප්ප 1
  4. කරදමුංගු ඇට 1
  5. තේ කොළ තේ හැඳි 2
  6. සීනි මේස හැඳි 1

 

  • වතුර කෝප්පයක් ලිපේ තියලා සැෆ්‍රන් ටික දාගන්න. වතුර නටනකොට සැෆ්‍රන් වල පාට එනවා. කරදමුංගු ඇටය දාගන්න. ඊළඟට මේ නටන වතුරට තේ කොළ ටික දාගන්න. 
  • ටිකකින් සීනි ටික දාගන්න. සීනි දියවෙනකොට කිරි ටික දාලා හැඳිගාන්න. කිරි නටනකොට ගින්දර අඩු කරලා තවත් විනාඩි 2ක් වගේ තියලා ලිපෙන් බාලා පෙරලා රස්නෙ අඩු උනාම බොන්න ගන්න. 
  • සැෆ්‍රන් ටිකක් ඌෂ්ණ ගතියෙන් යුතු නිසා නිතරම බොන්න එපා. විශේෂයෙන් සැෆ්‍රන් බොන්න ඕන පළමු මාස තුන ගෙවුණට පස්සෙ කියලත් මතක තියාගන්න. 

 

4. මුංඇට පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෙඟෙන්න දැමූ මුං ඇට කෝප්ප 1
  2. ළූණු ගෙඩි 1
  3. අමුමිරිස් කරල් 2
  4. ඉඟුරු කෑල්ලක්
  5. රස අනුව ලුණු
  6. සූදුරු ස්වල්පයක්
  7. උළුහාල් තේ හැඳි 1/2

 

  • ඉහත සියල්ලම බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 1/2ක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න. තික් වැඩී නම් තව වතුර ටිකක් දාගන්න. 
  • දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා මේ බැටර් එකෙන් හැන්දක් දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. උදේ කෑමකට නියමයි. 

 

5. ආමන්ඩ් මිල්ක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ආමන්ඩ් ඇට කෝප්ප 1
  2. කූල් වතුර කෝප්ප 1

 

  • ආමන්ඩ් ඇට වලට කූල් වතුර දාලා රැයක් පෙඟෙන්න තියන්න. උදේට මේක පෙරලා වතුරෙන් හෝදගෙන පොත්ත අයින් කරගන්න.
  • මේ ඇට වලට වතුර කෝප්ප 4ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් පිරිසිදු රෙදි කෑල්ලකට දාලා පෙරාගන්න. මේක ඇඟට ගොඩාක් ගුණ බීමක්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *