සෙක්සි රෝල් ප්ලේ එකක් කරන්න ටිප්ස්!

අපි කවුද අකමැති සෙක්ස් ලයිෆ් එක නියම ඉන්ටරෙස්ටින්ග් දෙයක් විදියට ගලාගෙන යනවට? හැබැයි ප්‍රශ්නේ මේකයි. සාමාන්‍යයෙන් හැමදාමත් එකම දේ සෙක්ස් ලයිෆ් එකේ කර කර ඉන්නකොට සෙක්ස් ලයිෆ් එක බෝරින් වෙන්න පටන් ගන්නවා. නිතර දකින කුකුලගේ කරමලෙත් සුදුයි කියනවනේ. ආන්න එතකොට අපිට හැමදාමත් එකම විදියට සෙක්ස් කරන්නේ නැතුව, සෙක්ස් ලයිෆ් එකට විවිධ වෙනස්කම් ගේන්න සිද්ධ වෙනවා. ආන්න ඒ විදියේ වෙනස් ෆන් වැඩක් තමයි රෝල්ප්ලේ කියන්නේ. තව සරලව කියනවා නම්, සෙක්ස් රෝල් ප්ලේ එකක් කියන්නේ දෙන්නත් එක්ක යම් කිසි චරිත දෙකකට අවතීර්ණ වීම. ඉස්කෝලෙ සමිතියේ කරන නාට්ටියක් වගේ කියලද හිතුවෙ? ඒක රඟපෑමකට වඩා එහා ගියපු දෙයක් ඇත්තටම. කොහොම හරි අන්තිමට සිද්ධ වෙන්නේ ඉතින් ඒ චරිත දෙක සෙක්ස් කරන එක. මේක සමහරුන්ගේ සෙක්ස් ෆැන්ටසි එකක්. ඉතින් අපි හිතුවා, සෙක්ස් කරනකොට හොඳ ෆන් එකක් ලබාගන්න පුළුවන් විදියට රෝල් ප්ලේ කරන්න පොඩි ටිප්ස් ටිකක් ලබාදෙන්න.

 

1. මොනවද කරන්න ඕනේ ඇත්තටම?

හරි. අපි දෙන්නම ආසයි සෙක්ස් කරනකොට පොඩි රෝල් ප්ලේ සීන් එකක් කරන්න. හැබැයි ඇත්තටම රෝල් ප්ලේ කියලා මොනවද කරන්න තියෙන්නේ? මෙන්න මේක තමන්ගේ පරිකල්පනයේ සීමාවන් මත තමයි රඳා පවතින්නේ. සෙක්ස් කරනකොට රෝල් ප්ලේ කරන්න ගියහම තමන්ට ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්. එයා ටීචර්-මං ශිෂ්‍යයා වෙන්න පුළුවන්. මම බොස්-එයා සෙකට්‍රි වෙන්න පුළුවන්. මම ඩොක්ටර්-එයා නර්ස් වෙන්න පුළුවන්. මම යෝගා ඉන්ස්ට්‍රක්ටර්-එයා යෝගා කරන්න ආපු කෙල්ලෙක් වෙන්න පුළුවන්. එයා සල්ලිකාර කෙල්ලෙක්-මම ගෙදරට එන ඩිලිවරි බෝයි වෙන්න පුළුවන්. ඕන නම් දෙන්නම බාර් එකකදී සෙට් වෙන ආගන්තුකයෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්!

 

2. කථා කරලා ඉමු, ලිමිට්ස් සෙට් කරගෙන ඉමු.

ඇත්තටම සෙක්ස් වෙනුවෙන් කරන රෝල් ප්ලේ එකක් කියන්නේ නිකම්ම ඇඳුම් ඇඳගෙන රඟපෑමක් නෙවෙයි. ඒ ගැන අපි ඉස්සරහදිත් කතා කරනවා. එතනදී අපි සාමාන්‍ය ජීවිතේ කරන දේවල් වලට වඩා එහාට ගියපු දෙයක් සිද්ධ වෙනවා. දෙන්නා අතර යම් යම් බල සම්බන්ධතා නිර්මාණය වෙනවා. සමහර වෙලාවට මෙතෙක් සාමාන්‍ය ජීවිතේදී දෙන්නගේ තිබුණු සම්බන්ධයට වඩා වෙනස් සම්බන්ධයක් රෝල් ප්ලේ එකේදී කරන්න වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, සල්ලිකාර කෙල්ලෙක් ඩිලිවරි බෝයි එක්ක සෝෆා එකේ සෙක්ස් කරන රෝල් ප්ලේ එකකදී ඩොමිනන්ට් වෙන්නේ සල්ලිකාර කෙල්ල වෙන්න පුළුවන්. ඩිලිවරි බෝයිට කෙල්ල කියන කියන දේ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතේදී ඩොමිනන්ට් ඩිලිවරි බෝයි විදියට රෝල් ප්ලේ කරන හස්බන්ඩ් වෙන්න පුළුවන්!

අන්න ඒ නිසා වැදගත්ම දේ තමයි, තමන් කරන්න යන්නේ මොකද්ද කියන එක ගැන දෙන්නා හොඳ අවබෝධයක් ඇති කර ගැනීම. මෙතනදී හරියට දෙන්නත් එක්ක රෝල් ප්ලේ එක සැලසුම් කරන්න ඕන. කරන කියන දේවල් හරියට කතාබහ කරගන්න ඕන. ඒ වගේම වැදගත් කාරණාව: රෝල් ප්ලේ එක ඇතුළේ සිද්ධ වෙන දේවල් වලට දෙන්නම කැමති වෙන්නත් ඕන. රෝල් ප්ලේ එක ඇතුළේදී දෙන්නටම යන්න පුළුවන් සීමාවන්, පනින්න හොඳ නැති සීමාවන් ගැන දෙන්නම කතා කරලා, දැනුවත් වෙලා, එකඟ වෙන්නත් ඕන!

 

3. මොනවද අඳින්නේ?

රෝල් ප්ලේ එකක ප්‍රධානතම කාරණාව වෙන්නේ කොස්ටියුම්නේ. ඒ කියන්නේ අපි කියමු අපේ රෝල්ප්ලේ ෆැන්ටසි එක ඩොක්ටර් ඇන්ඩ් නර්ස් කියලා. එතකොට ඒක හරියටම කරන්න අපි ඒ විදියට අඳින්න පළඳින්න ඕනනේ. ලේසියෙන්ම අඳින්න පුළුවන් දේ තමයි ඩොක්ටර්ගේ සුදු කෝට් එකයි, නර්ස්ගේ සුදු කොට ගවුමයි. හැබැයි මෙතනදී පොඩි ට්විස්ට් එකක් එකතු කරගන්න පුළුවන්. දැන් ඔය මිඩ්නයිට් ඩිවාස් වගේ ලොංෂරි ෂොප් වල වුනත් තියෙනවා ස්ලටී නර්ස් අවුට්ෆිට් වගේ නම් වලින්, සාමාන්‍ය නර්ස් කෙනෙක්ට වැඩට අඳින්න හීනෙන් වත් හිතන්න බැරි, අතිශයින්ම සෙක්සි නර්ස් ඇඳුම් එහෙම. ඕන නං එහෙම ඒවා ගන්නත් පුළුවන්.

ඒ වගේම, තව රෝල් ප්ලේ කරන අය සම්පූර්ණයෙන්ම ඒ චරිතය තුළටම යනවා. ඒ කියන්නේ බොරු කොණ්ඩ, මේකප් පවා පාවිච්චි කරලා වෙනස්ම මනුස්සයෙක් බවට පත් වෙනවා. ඒකත් මරු. එතකොට කොහෙත්ම තමන්ගේ පාට්නර් එක්ක තමයි සෙක්ස් කරන්නේ කියන අදහසට වඩා තමන්ගේ භූමිකාවන්ට සෙට් වෙන්න ඉඩක් ලැබෙනවා.

තුන්වෙනි කාරණාව: ඔය විදියට කොස්ටියුම් අඳින්නම ඕනම රෝල් ප්ලේ එකකට? කොහෙත්ම නෑ. මේක මේ ජාත්‍යන්තර සම්මුතියකට අනුව කරන මගුලක් නෙවෙයිනේ. අන්න ඒ නිසා තමන්ට ඔය කොස්ටියුම් ඇඳගෙන මෙව්වා කරන්න බෑ කියලා හිතුණොත්, එහෙම නැතිනම් අනවශ්‍ය විදියට ඒවාට වියදම් කරන්න බෑ කියලා හිතුණොත්, කිසිම කොස්ටියුම් එකක් නැතුව වුනත් රෝල් ප්ලේ එකක් අත්හදා බලන්න පුළුවන්. එතනදී අර කොස්ටියුම් ඇඳලා සම්පූර්ණයෙන්ම චරිත වලට සම වැදිලා සෙක්ස් කරන එකේ තියෙන ෆන් එක අඩු වෙන්න නම් පුළුවන්. 

හැබැයි ඕන නම් තමන්ට ගෙදරම තියෙන කොස්ටියුම් වලට සෙට් වෙන රෝල් ප්ලේ එකක් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඔන්න වයිෆ් සාරිය ඇඳලා, වේවැලක් අරගෙන එනවා ටීචර් විදියට. හස්බන්ඩ් ෂෝටක්  ටී ෂර්ට් එකක් ගහලා ශිෂ්‍යයා විදියට ඉන්නවා!

 

4. කොහේද ඕවා කරන්නේ?

මෙන්න මේක නම් ඇත්තටම පනින්න පෙර සිතාබලන්න ඕන සීන් එකක්. අපි කියමු අපි රෝල් ප්ලේ එකක් කරන්නේ ගෙදර කියලා. දෙන්නා විතරක් ගෙදර ඉන්න වෙලාවක නම් ගැටළුවක් නෑ. මතක ඇතුව කාටවත් එන්න බැරි වෙන්න ගේට්ටු දොරවල් වහන්න විතරයි තියෙන්නේ. හැබැයි එහෙම ඉඩක් කඩක් නැති තැනකදී නම් පොඩ්ඩක් පරිස්සම් වෙන එක හොඳයි. මොකද, සෙක්ස් කරනකොට රෝල් ප්ලේ කරනවා වගේ ආතල් හැමෝටම නොතේරෙන්න පුළුවන්.

ඒ වගේම එළිපහළියට ගිහින් දෙන්නත් එක්ක සෙක්ස් රෝල් ප්ලේ එකක් කරනකොටත් පොඩ්ඩක් වටපිටාව, මුණගැහෙන්න පුළුවන් කාවද වගේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, බීච්-බෝයි සහ ටුවරිස්ට් ගර්ල් රෝල් ප්ලේ එකක් ගෙදර කුස්සියේ කරන්න බෑනේ. ඒකට බීච් එකට සංචාරයක් ගියපු වෙලාවක් වෙන්න ඕන. හැබැයි ඔය රෝල් ප්ලේ එකේ විදියට දෙන්නා සෙක්ස් කරන්නේ බීච් එකේ නං, පබ්ලික් සෙක්ස් කරන්න පුළුවන් පෞද්ගලිකත්වයක් තියෙන තැනක්ද කියන එක ගැනත් පොඩ්ඩක් අවධානෙන් ඉන්න ඕන.

 

5. එක පාරට ඇඳට දුවන්න එපා

මේක ඇත්තටම ඔය සෙක්ස් රෝල් ප්ලේ කරන්න යන සමහර අය කරන වැරැද්දක්. සමහරු හිතනවා රෝල් ප්ලේ එකක් කියන්නේ ඇත්තටම ඒ විදියේ ඇඳුම් ඇඳීම තමයි කියලා. ඉතින් එතකොට ඒ අය රෝල් ප්ලේ කියලා කරන්නේ මොකක් හරි චරිත දෙකක් විදියට ඇඳලා – අපි කියමු ඩොක්ටර් ඇන්ඩ් නර්ස් විදියට කියලා- කෙලින්ම ඇඳට දුවන එක. ඒක වැරදිද? අපොයි නෑ. තමන්ගෙ සෙක්ස් ලයිෆ් එක තමන්ට ඕන විදියටනේ. ඉතින් නිකම් ඩ්‍රෙස් කරලා කෙලින්ම ඇඳට යන එකේ කිසිම අවුලක් නෑ. හැබැයි ඒක රෝල් ප්ලේ නෙවෙයි. රෝල් ප්ලේ එකක් කරනකොට එක පාරටම සෙක්ස් කරන්න දුවන්න කලින්, ඒ චරිත දෙක බවට පත් වීම ඔස්සේ තමයි තෘප්තියක් ලබාගන්නේ. උදාහරණයක් විදියට කිවුවොත්, ඩොක්ටර් ඇන්ඩ් නර්ස් රෝල්ප්ලේ එකක ආතල් එක තියෙන්නේ ඩොක්ටර් නර්ස් එක්ක ටිකෙන් ටික ෆ්ලර්ට් කරලා, එහෙන් මෙහෙන් ටච් එකක් දීලා, අන්තිමට ලැජ්ජාශීලී නර්ස්ව ඇඳට ගන්න එකේ තමයි!

 

6. අනික් ෆැන්ටසීස් ගේන්නත් පුළුවන් 

රෝල් ප්ලේ එකක් කිරීමේ තියෙන තවත් ආතල් එකක් තමයි, අපි ආස කරන වෙනත් සෙක්ස් ෆැන්ටසීස් එහෙමත් මේක ඇතුළට ගේන්න පුළුවන් වීම. කෙලින්ම උදාහරණ වලට යමුද? දැන් හිතන්න ඔයයි ඔයාගෙ වයිෆුයි අර ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ එකට ආස වෙලා ඉන්නෙ කියලා. ඉතින් වෙනසකටත් එක්ක ඔයාට බැරිද ධනවත් ක්‍රිස්ටියන් ග්‍රේ වෙන්න? වයිෆ්‍ට පුළුවන් අහිංසක ඇනස්ටාෂියා ස්ටීල් වෙන්න. ඉතින් දෙන්නට පොඩි බොන්ඩේජ් සීන් එකක්, කින්කි සෙක්ස් වැඩක් එහෙම කරන්නත් පුළුවන් ඒ චරිත දෙකට ආවේෂ වෙලා. තව උදාහරණයක් ගමු. ඔන්න ඔයා හොටෙල් රූම් එකක ඉන්න මොඩ්ල් කෙනෙක්. ඔයාගේ හස්බන්ඩ් තමයි ජේම්ස් බොන්ඩ්! ඉතින් කතාවේ හැටියට බොන්ඩ් ඇවිත් ඔයා එක්ක ෆ්ලර්ට් කරනවා. අන්තිමට ඔය දෙන්නා එයාගේ හොටෙල් රූම් එකට ගිහින් බැල්කනියේ ඉඳන් සෙක්ස් කරනවා. ෆන් නේ? ඔයාට පොඩි අවුට්ඩෝර් සෙක්ස් ආසාවක් තියෙනවා නම්, දෙන්නත් එක්ක දවසකට දෙකකට ට්‍රිප් එකක් ගිහින් හොටෙල් එකක ඉන්න වෙලාවක, මේ රෝල් ප්ලේ එක අත්හදා බලන්න පුළුවන්. ඒ එක්කම අර අවුට්ඩෝර් සෙක්ස් ෆැන්ටසි එක කරලා බලන්නත් පුළුවන් ඒ රෝල් ප්ලේ එකෙන්ම! 

 

7. නාට්ටියක්ද ඇත්තටම?

ඇත්තටම සෙක්ස් රෝල් ප්ලේ එකක් කියන්නේ අපි පටන් ගන්නකොටත් කිව්වා වගේ ඉස්කෝලේ නාට්ටියක් රඟපානවා වගේ එකක්ද? උත්තරේ නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි රඟපෑමක් කරනකොට දන්නවා මේක රඟපෑමක් කියලා. හැබැයි සෙක්ස් රෝල් ප්ලේ එකක නියම වින්දනය ලබාගන්න නම් එහෙම රඟපෑමක් විදියට චරිත දෙකක් කරලා හරියන්නෙ නෑ. සෙක්ස් රෝල් ප්ලේ එකක්  කරනකොට තමන් ඒ චරිත බවට පත් වෙන්න ඕන. තමන් ඇත්තටම ඒ චරිත කියන එක විශ්වාස කරන්න ඕන. ආන්න එතකොට තමයි ඒ ෆීලින් එකෙන්ම දෙන්නට සෙක්ස් කරන්න පුළුවන් වෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් මේක රඟපානකොට හරි නම් කරන්න ඕන චරිතයට සම වැදීමම තමයි කියලා. ඔව්, මෙතනදී තමන් කරන්නේ රඟපෑමක් කියන අවබෝධයෙන් බැහැර වෙලා, මොහොතකට ඒ චරිතය බවට පත් වීමේදී තමයි රෝල් ප්ලේ කියන සෙක්ස් ෆැන්ටසි එකේ නියම ෆන් එක ලැබෙන්නේ.

 

එහෙමනම් කමෙන්ට් එකක් දාලා කියන්න ඔයාලා කැමතිම සෙක්ස් රෝල් ප්ලේ එක මොකද්ද කියලා! අනික් අයටත් එතකොට අදහසක් ගන්න බැරියැයි!!