රට රටවල ජනප්‍රිය බ්‍රෙක්ෆස්ට් රෙසිපි 5ක්

හැමදාම ලංකාවේ කෑම කාලා ඇති වෙලා ඉන්න අයට ඕනම රටක බ්‍රෙක්ෆස්ට් එකක් රස බලන්න ලයිෆි එකෙන් ඔන්න අපි ගෙනාවා සුපිරිම සුපිරි බ්‍රෙක්ෆස්ට් රෙසිපි ටිකක්. මහලොකු රෙසිපි නෙමෙයි. ඔයාලා ට්‍රයි කරලා බලන්න වෙනස් රස විඳින්න ආසා අය ගොඩක් කැමති වෙයි මේ ආටිකල් එකට නම්.

 

1. Italian style grilled cheese sandwich

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන් පෙති කිහිපයක්
  2. පැස්ටා සෝස්
  3. චොප්කරගත් බේසිල් කොළ ස්වල්පයක්
  4. චීස් පෙති කිහිපයක්

 

  • මුලින්ම පාන්පෙති වල පැස්ටා සෝස් ගාගන්න. බේසිල් කොළ ටික දාගන්න. ඊළඟට චීස් පෙත්තක් තියාගන්න. 
  • අනික් පාන් පෙත්තෙන් වහගන්න. 
  • පෑන් එකකට බටර් ටිකක් දාලා මෙල්ට් උනාම සැන්ඩ්විච් එක දාලා දෙපැත්ත රන්වන්පාට වෙනකල් ෆ්‍රයි කරගන්න. මේක ඉතාලියේ ජනප්‍රිය සැන්ඩ්විච් එකක්.

 

2. ඉන්දියන් බ්‍රෙක්ෆස්ට් පෑන්කේක් රෙසිපි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. යෝගට් කෝප්ප 1/2
  3. ලුණු පින්ච් එකක්
  4. වතුර කෝප්ප 1
  5. චොප්කරගත් ළූණු කෝප්ප 1
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  7. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  8. තුනපහකුඩු තේ හැඳි 1/2
  9. කහකුඩු තේ හැඳි 1/4
  10. බේකින් සෝඩා තේ හැඳි 1/2

 

  • පාන්පිටි, යෝගට්, ලුණු සහ වතුර දාලා ස්මූත් තික් බැටර් එකක් හදාගන්න. වතුර මදිනම් තව ටිකක් දාගන්න. දැන් මේක විනාඩි 30ක් වහලා තියන්න. 
  • මේක ටිකක් කලවම් කරලා ළූණු, කොත්තමල්ලි කොළ හා අමුමිරිස් එකතු කරන්න. කහකුඩු හා තුනපහකුඩු ටික දාලා බේකින් සෝඩා ටික දාගෙන හොඳට කලවම් කරගන්න. 
  • පෑන් එකට තෙල් බ්‍රශ් කරලා බැටර් එකෙන් හැන්ද බැගින් දාලා දෙපැත්ත පුළුස්සගන්න. ඉන්දියාවේ අය ඉක්මණින් හා ලේසියෙන්ම හදන කෑමක් මේ. 

 

3. Chinese Tomato Egg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් තක්කාලි ගෙඩි 2
  2. කපාගත් ළූණු කොළ 
  3. බිත්තර 5
  4. ලුණු ස්වල්පයක්
  5. කෝන්ෆ්ලා මේස හැඳි 1
  6. තෙල් ස්වල්පයක්
  7. සීනි තේ හැඳි 1/2
  8. ලුණු හා ගම්මිරිස්කුඩු
  9. ටොමැටෝ කෙචප් මේස හැඳි 2

 

  • බිත්තර වලට ලුණු දාලා හොඳට විස්ක් කරගන්න. කෝන්ෆ්ලා වලට වතුර මේස හැඳි 2ක් දාලා දියකරගන්න. පෑන් එකට තෙල් දාලා චොප්කරගත් ළූණු කොළ ටිකක් එකතු කරන්න. 
  • ටිකක් වෙලා කලවම් කරලා කපාගත් තක්කාලි ටික එකතු කරන්න. සීනි, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. කෙචප් ටික එකතු කරන්න. වතුර චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න. දියකරගත් කෝන්ෆ්ලා ටික දාලා විනාඩි 2ක් විතර කලවම් කරලා ලිපෙන් බාගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා බිත්තර මිශ්‍රණය දාගන්න. දැන් මේක හැඳි ගාමින් ස්ක්‍රැම්බල් කරගන්න. කලින් හදාගත්තු තක්කාලි මිශ්‍රණයත් දාලා හොඳට කලවම් කරලා උඩින් චොප්කරගත් ළූණු කොළ ටිකක් ඉහලා ලිපෙන් බාගන්න. මේක චීනයේ ගොඩක් හදන බ්‍රෙක්ෆස්ට් රෙසිපි එකක්. 

 

4. ඩච් බේබි පෑන්කේක් / ජර්මන් පෑන්කේක් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 5
  2. කිරි කෝප්ප 1
  3. වැනිලා ස්වල්පයක්
  4. ලුණු පින්ච් එකක්
  5. පාන්පිටි කෝප්ප 1
  6. බටර් මේස හැඳි 2

 

  • ට්‍රේ එකකට බටර් ටික දාලා අවන් එකේ විනාඩි 2ක් තියලා මෙල්ට් කරගන්න. 
  • ඉතිරි සියල්ලම එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ බැටර් එක ට්‍රේ එකේ තැන තැනට දාලා සෙල්සියස් 180°ට විනාඩි 15ක් වගේ බේක් කරගන්න. 

 

5. රශියන් බ්‍රෙක්ෆස්ට් – චීස් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

පෑන් කේක් එකට 

 

  1. ෆාමර්ස් චීස් කෝප්ප 1 (කොටේජ් චීස්)
  2. බිත්තර 2
  3. පාන්පිටි කෝප්ප 1
  4. සීනි කෝප්ප 1
  5. ලුණු ස්වල්පයක්

 

ටොපින් එකට

 

  1. විප්ඩ් ක්‍රීම්
  2. මික්ස් බෙරීස් කෝප්ප 1
  3. වතුර කෝප්ප ¼
  4. සීනි මේස හැඳි 5

 

  • පෑන් කේක් එකට ඕන ඔක්කොම ටික කලවම් කරලා ඩෝ එකක් හදාගන්න.
  • කෝට් කිරීමට පාන්පිටි ස්වල්පයක් වෙනම තියාගන්න. දැන් ඩෝ එකෙන් පොඩි බෝල අරන් අතින් පැතලි කරලා පාන්පිටි වල තවරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මේ පෑන්කේක් දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 
  • ටොපින් එක හදාගන්න සීනි සහ වතුර භාජනයක දාල ලිපේ තියල රත් කරගන්න. සීනි දියවෙනකොට බෙරීස් ටික එකතු කරගෙන ස්ටූ කරගන්න.
  • ස්ටූ කරගත් බෙරීස් හා විප්ඩ් ක්‍රීම් උඩින් දාලා කෑමට ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *