යුරෝපයේ පැරණිතම රජ පවුලක් වන ස්පාඤ්ඤ රජ පවුල පසුගිය කාලයේදී තරමක් ආන්දෝලනාත්මක කතා පුවත් මැවුවා. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ඒ ආන්දෝලනාත්මක කතා පුවත් ගැන ගැන නෙමෙයි. සියවස් ගණනාවක් පුරා ස්පාඤ්ඤ රජ පවුලේ උරුමයන් විදිහට පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන සුවිශේෂී ආභරණ පිළිබඳව.
1. නියකෝස් රූබී බැන්ඩු ටියාරාව (The Niarchos Ruby Bandeau Tiara)
මෙම ටියාරාවට සාපේක්ෂ වශයෙන් ගත්තම තියෙන්නේ කෙටි ඉතිහාසයක්. ස්පාඤ්ඤ හිටපු රැජින වන සොෆියා රැජින ග්‍රීක රජපවුලේ කුමරියක්. මේ ටියාරාව ඇයට මංගල ත්‍යාගයක් විදිහට ලබා දෙන්නේ සුප්‍රකට ග්‍රීක ජාතික ධන කුවේරයෙකු වන ස්ට්‍රාවෝස් නියකෝස් විසින්. රතු මැණික් සහ දියමන්ති රවුම් දෙකකින් සමන්විත වන කුඩා මල් වැනි කොටස් කොළ හැඩයට සකස් කරන ලද දියමන්ති මගින් එකට අමුණා තිබෙනවා.
2. ඉන්ෆැන්‍ටා පිලර්ස් සපායර් ටියාරාව (Infanta Pilar’s Sapphire Tiara)
කලක් ස්පාඤ්ඤය සමූහාණ්ඩුවක් ව පැවතීම නිසා හිටපු රජු වන ජුවාන් කාලෝස්ගේ මවුපියන්ට රජකම හිමිවූයේ නැහැ. නමුත් සිය පාරම්පරික උරුමය නිසා අතිශයින්ම ධනවත් වූ ජූවාන් කාලෝස් රජුගේ මව උත්සව අවස්ථාවලට පැළඳීම සඳහා මෙම ටියාරාව සකස් කරගෙන තිබුණා. ඇය විසින් මෙම ටියාරාවේ උරුමය තම දියණියක වන පිලර් කුමරිය වෙත පවරනු ලැබුවා. වර්තමානයේ දී මෙම ටියාරාව ඇය සතු වුවත් තම පවුලේ සාමාජිකයන්ගේ මංගල උත්සව සඳහා එය පැළඳීමට ඇය විසින් ලබා දෙනු ලබනවා.
3. ඔස්ට්‍රියස් ෆ්ලුවර් ඩී ලිස් ටියාරාව (The Fluer-de-Lis Tiara)
වර්තමානයේ ස්පාඤ්ඤ රජු වන පිලිප් රජු විසින් සිය බිරිඳ වන ලැටීෂියා බිසව සඳහා මෙම සුවිශේෂය ටියාරාව පිරිනමා ඇත්තේ සිය විවාහයේ පස්වන සංවත්සරය වෙනුවෙනුයි. මුතු සහ දියමන්ති වලින් සකසා ඇති මෙම ටියාරාවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ අවශ්‍ය අවස්ථාවක මෙම ටියාරාවේ කොටස් ඉවත් කොට අත් පළඳනා ලෙස වුවත් පැළඳීමට හැකිවීමයි.
4. ඊනා බිසවගේ ඇක්වාමරීන් ටියාරාව (Queen Ena’s Aquamarines Tiara)
බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ බැටන්බර්ග්හි ඉයුජින් කුමරිය ස්පාඤ්ඤයේ රජු වන දහතුන්වැනි අල්පොන්සෝ සමග විවාහ වීමේදී රජු විසින් ලබාදුන් එක් ත්‍යාගයක් වන්නේ මෙම ටියාරාවයි. පවුලේ සාමාජිකයන් විසින් ඇයව ඊනා ලෙස හැඳින්වීම නිසා මෙම ටියාරාව සඳහා එම නම ලැබී තිබෙනවා. ආරම්භයේ දී මුතු යොදාගෙන තිබූ කොටස් සඳහා පසුව ඇයගේ අභිමතය පරිදි ඇක්වාමරීන් වර්ගයේ මැණික් භාවිතා කෙරුණා. වර්තමානයේදී මෙම ටියාරාවේ උරුමය පවතින්නේ ඊනා බිසවගේ මිණිබිරියක වන සිබිලා කුමරියටයි.
5. කාටියර් ලූප් ටියාරාව (The Cartier Loop Tiara)
දොළොස්වන ඇල්ෆොන්සෝ රජ විසින් සිය බිරිඳ වන මාරීයා ක්‍රිස්ටිනා සඳහා දියමන්ති, මුතු සහ ප්ලැටිනම් ලෝහයෙන් තැනුණු වළල්ලක් මත රැඳවෙන ආකාරයට සකස් කරන ලද මෙම ටියාරාව ලබා දෙනු ලැබුවා. වර්තමානයේදී මේ ටියාරාවේ භාරකාරීත්වය සොෆියා රැජින සතුව පවතිනවා. මෙම ටියාරාව ජුවාන් කාලෝස් රජුගේ සහෝදරියක් සතු වුණු බවත් රජු විසින් එය මිලදී ගත් බවටත් කලක් කටකතා පැතිර ගියා.
6. මෙලීරියෝ ෂෙල් ටියාරාව (The Mellerio Shell Tiara)
ස්පාඤ්ඤ රැජිනක වූ දෙවන ඉසබෙලා රැජින විසින් සිය දියණියක වන ඉසබෙලා කුමරියට මංගල ත්‍යාගයක් ලෙස ලබාදීමට මේ ටියාරාව මිලට ගත් බව සඳහන් වෙනවා. චන්ද්‍රවංකයක හැඩයක් ගත් මුහුදු රැල්ලක් ආකාරයට මෙම ටියාරාව සකස් කර තිබීම තවත් එක් විශේෂත්වයක් වනවා. ඉසබෙලා කුමරිය දරුවන් නොලබාම මිය ගිය නිසා ඉන්පසුව මෙම ටියාරාවේ උරුමය යළිත් ස්පාඤ්ඤ රජ පවුල වෙත ලැබුණා.
7. ප්‍රශියානු ටියාරාව (The Prussian Tiara)
ජර්මනියේ අවසාන අධිරාජයා වූ දෙවැනි විල්හෙල්ම් අධිරාජයා විසින් සිය එකම දියණිය වන වික්ටෝරියා ලුයිස් කුමරිය සඳහා මෙම ටියාරාව සකස් කොට තිබෙනවා. ඇය විසින් පසු කාලයක ග්‍රීසියේ රජ බවට පත් වූ සිය දියණියක වන ෆෙඩ්‍රිකා කුමරියට මෙම ටියාරාව ලබාදුන් අතර ෆ්‍රෙඩ්‍රිකා රැජන විසින් එය සිය දියණිය වන ස්පාඤ්ඤයේ රැජින බවට පත් වූ සොෆියා කුමරියට ලබාදුන්නා. විවාහ මංගල උත්සවය සඳහා එම ටියාරාව භාවිතා කළ අතර මේ ආකාරයට ජර්මනියේ සිට ග්‍රීසිය හරහා ස්පාඤ්ඤ රජ පවුලට මෙම ටියාරාවේ උරුමය ලැබුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply