සෙක්ස් ෆන් එක වැඩි කරන නිර්මාණශීලී ක්‍රම කීපයක්!

දැන් සෙක්ස් ලයිෆ් කියපු ගමන් ඇඹරෙන්න එපා හරිද, සෙක්ස් ලයිෆ් එක කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයක් මිසක් ලැජ්ජ වෙන්න, නොතකා හරින්න දෙයක් නෙවෙයි. මෙතනදී නියමිත ලිංගික අධ්‍යාපනය වැදගත්. ඒ වගේම ලිංගික අධ්‍යාපනයට එහා ගියපු, සෙක්ස් ලයිෆ් එකේ හොඳ වින්දනයක් ලබාගන්න පුළුවන් කරුණු කාරණා ගැන දැනගෙන ඉඳීමත් වැදගත්. ඒකට උදාහරණයක් විදියට අපි කලිනුත් Lifie.lk එකෙන් කියලා තියෙනවා තමන්ගේ ගෑණු ළමයව ඇඳේදී උපරිමයෙන් තෘප්තිමත් කරන්න පුළුවන් ක්‍රම ගැන.

දැන් අපි හෙඩින් එකෙත් සෙක්ස් සහ නිර්මාණශීලීත්වය ගැන කියලා තියෙනවනේ. ඒ නිර්මාණශීලීත්වය කියන එක ඇත්තටම සෙක්ස් ලයිෆ් එක බෝරින් වෙන එක වළක්වාගන්න වැදගත් වෙන දෙයක්. නිතර නිතර කන ඕනම කෑමක් එපා වෙනවනේ. හැබැයි එකම කෑම වුණත් වෙන වෙන විදියට හදන්න පුළුවන් නම්, අන්න මුළු ජීවිතේම ආතල්.

අන්න ඒ නිසා අපි හිතුවා සෙක්ස් ලයිෆ් එකේ සතුට වැඩි කරන්න පුලුවන් නිර්මාණශීලී අදහස් කීපයක් එකතු කරන්න.

 

1. ෆෝර්ප්ලේ එකටත් කලින් ටීසින්

දැන් සෙක්ස් කරන්න ගියහම සංසර්ගයට යන්න කලින් පූර්ව සංසර්ගීය ක්‍රියා කියලා අමාරුවෙන් කියන ෆෝර්ප්ලේ එව්වා මෙව්වා කරනවනේ. ඒ කියන්නේ ඔය කිස් කරන එව්වල ඉඳලා ඕරල් සෙක්ස් දක්වා තියෙන හැම දෙයක්ම තමයි. හැබැයි ඇත්තටම ඊටත් කලින් ඉඳන් සෙක්ස් කිරීමට උත්තේජනයක් ලබාදෙන සහ ඒ උත්තේජනය දිගටම තියාගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ටීසින්. ඒ කියන්නේ සෙක්ස් කරන්න කලින් ඉඳලම ඒ ගැන කතාබහ එක්ක උත්තේජනය තියාගන්න එක. 

හරි උදාහරණෙකින්ම කියමු. දැන් අපි හිතමු හස්බන්ඩ් ඔෆිස් එකේ. වයිෆ් ගෙදර. අද රෑ තමයි රෑ. දැන් හස්බන්ඩ්ට පුලුවන් වයිෆ්ට මෙසෙන්ජර් වලින් පොඩි පොඩි ටීස් කිරීම් කරන්න. “සුදූ අද රෑ තමයි රෑ” කියලම ඕන්නං පටන් ගන්න පුළුවන්. එතනින් එහාට එයා ඇඳලා ඉන්නවා දකින්න ආස එව්වා, තමන් කරන්න කැමති එව්වා, තමන්ට කරන්න කැමති එව්වා වගේ හැම දෙයක්ම මෙසේජ් කරන්න පුළුවන්. නිර්මාණශීලී වෙන තරමට මරු. ආන්න එතකොට ෆීල් වෙන මෙව්වා එක වෙන මොකකින්වත් ගන්න බෑ මහත්තයෝ! ආයෙ රෑට වෙන සීන් එක ගැන දවසම රත් වෙලා, වෙට් වෙලා තමයි එතකොට දෙන්නම ඉන්නේ!!

 

2. ඔයා කැමති මම මොකක් අඳිනවටද?

මේක නම් ඉතින් අපි කලිනුත් කියලා තියන දෙයක්. දැන් ඇඳට යනකොට සාමාන්‍යයෙන් අඳින්නේ මොකද්ද? කෙල්ලෙක් නම් නයිට් ඩ්‍රෙස් එක. කොල්ලෙක් නම් බොටමක් හරි ෂෝටක් හරි සරමක් හරි. හැබැයි ඉතින් හැමදාමත් ඕකම කරගෙන යන්න ඕනද? උදාහරණයක් විදියට ගත්තොත්, කෙල්ලෙක්ට නයිට් ඩ්‍රෙස් එක වුනත් අර චීන්ත රෙද්දකින් මහපු එකක් වෙනුවට වෙනස් වෙනස් විදියේ සෙක්සි ඒවා අඳින්න පුළුවන්. ඕන නම් සෙක්සි නයිට් ඩ්‍රෙස් කලෙක්ෂන් එකක් හදාගත්තත් කමක් නෑ.

හැබැයි මේ ඇඳට සෙක්ස් කරන්න යන්න අඳින ඇඳුම කියන එක එතනින් එහාට වුණත් යන්න පුළුවන්. ඕන නම් රෝල් ප්ලේ වලට හරියන විදියේ විවිධ කොස්ටියුම් අඳින්න පුළුවන්. තමන්ට සෙක්සි කියලා හිතෙන ඕනම ඇඳුමක් නිර්මාණශීලීව අඳින්න පුළුවන්. කොහොමද ගර්ල් සාරියක් සෙක්සි විදියට ඇඳලා ඇඳට ආවොත්?? ආන්න ඒක තමයි මේ කියන්නේ!

 

3. මසාජ් එකෙන් ආනන්දයට

මසාජ් කරන්න දන්නවද? කසාද බැඳපු දෙන්නෙක් නම් ඇත්තටම ඔය මසාජ් ටෙක්නික්ස් එහෙම පොඩ්ඩක් ඉගෙන ගෙන ඉන්න එක හොඳයි. විශේෂයෙන්ම දැන් ඔය යූටියුබ් එකේ එහෙම ඕනෑ තරං ටියුටෝරියල්ස් තියෙනවනේ. එතකොට ඉතින් ඔය මහන්සි වෙලා ආපු වෙලාවක පොඩි මසාජ් එකක් එහෙම දෙන්න පුළුවන්!

හැබැයි මේ කියන්නේ ඒ මසාජ් ගැන නෙවෙයි. මේ කියන්නේ සෙක්සි, සෙඩක්ටිව් මසාජ් එකක් ගැන. ඒ කියන්නේ, කෙලින්ම කාම නිල අවුස්සලා ගන්න මසාජ් එකක් ගැන. මේකට මසාජ් සෙන්ටර් වලට යන්න ඕන නෑ. දෙන්නට දෙන්නා කරගන්න පුළුවන්. මෙතනදී ඉතින් එක දවසකදී මසාජ් එක දෙන්නේ කාටද, කවුරුන් විසින්ද කියලා තීරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ, මසාජ් ඔයිල් එහෙම ගෙනැල්ලා වැඩේ පටන් ගන්න පුළුවන්. නේකඩ් මසාජ් තමයි. හැබැයි ඉතින් දැක්ක ගමන් ෆයර් වෙලා සෙක්ස් කරන්න පනින්න බෑ. මෙතනදී ඉවසීම ඕන. හොඳට වෙලාව අරගෙන බොඩි මසාජ් එකක් දෙනකොට සමහර වෙලාවට සුරතාන්තය වුණත් සෙක්ස් කරන්න කලින්ම එයි. කමක් නෑ. මසාජ් එකෙන් පස්සේ දෙන්නට සෙකන්ඩ් රවුන්ඩ් එකට යන්න පුළුවන්. 

ඒ වගේම තමයි, මෙහෙම සෙක්සි මසාජ් එකකදී තමන්ට කැමති කැමති විදියේ නිර්මාණශීලී අදහස් ඒකට එකතු කරගන්නත් පුළුවන්!

 

4. පෝර්න්!

සාමාන්‍යයෙන් කොල්ලො සෑහෙන දෙනෙක් වගේම කෙල්ලෝ සමහරක් දෙනෙක් පෝර්න් බලන්න, ඒ කිව්වේ බ්ලූ ෆිල්ම් බලන්න ආසයි. හැබැයි බැන්දට පස්සෙත් පෝර්න් බලනවද? සමහර වෙලාවට හොරෙන් බලයි. හැබැයි දෙන්නත් එක්ක එකට බ්ලූ ෆිල්ම් බලන එකක් නෑනේ. සමහර වෙලාවට මිනිහා බ්ලූ ෆිල්ම්ස් බලනවා අහු වුනොත් ගෑණි කොස්ස අතට ගන්නත් ඉඩ තියෙනවා! 

හැබැයි දෙන්නත් එක්කම පෝර්න් බලන එකේ සහ එහෙම බලලා දෙන්නා සෙක්ස් කරන එකේ වෙනම ආතල් එකක් නැතිවෙයිද? කෙලින්ම මස් කඩේ වගේ පෝර්න් නැතුව ඕන නම් ඩබල් එකක් එහෙම තෝරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක දෙන්නත් එක්ක බලන ගමන් අනං මනං කරන්න සෙට් වෙන්නත් පුළුවන්. 

 

5. ලයිට් බොන්ඩේජ්

දැන් ඔය ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ ආවට පස්සේ සෑහෙන්න කොල්ලො කෙල්ලෝ BDSM සීන් වලට වැටිලනේ ඉන්නේ. අපි ඒ ගැන කතා කරලත් තියෙනවා. හැබැයි ඔය බොන්ඩේජ් සීන් වලට කැමති නැති සහ බය සෑහෙන කොටසකුත් ඉන්නවනේ. ආන්න ඒ අයට තමයි මේ කොටස.

දැන් කෙලින්ම ලොකු ලොකු සීන් වලට යන්න ඕන නෑ. හැබැයි පොඩි ලයිට් බොන්ඩේජ් වැඩක් දෙකක් කරන එකෙන් සෙක්ස් ලයිෆ් එකට ෆන් එකක් එකතු වෙන එකක් නැද්ද? උදාහරණයක් විදියට නිකම් ගර්ල්ගේ බ්‍රා එකෙන්ම ගර්ල්ගේ අත්දෙක බැඳලා සෙක්ස් කරන එකේ අමුතු ෆන් එකක් නැද්ද? එතකොට සොෆ්ට් රෙදි පටි ටිකක් අරගෙන එකට බැඳලා හදපු ගැජට් එකකින් කොයි තරම් දේවල් කරන්න පුළුවන් වෙයිද?

 

6. සෙක්ස් කැලැන්ඩර්

මේකත් සෙක්ස් කරන එකේ ආතල් එක තියාගන්න වගේම, දෙන්නා ක්‍රම ක්‍රමයෙන් සෙක්ස් කරන වාර ගාණ අඩු වෙලා යන එක වළක්වාගන්නත් කරන්න පුළුවන් ජොලි වැඩක්. පටන් ගැන්මට එක මාසෙකින් පටන් ගමු.

ඔන්න මාසෙන් දවස් විස්සක් සෙක්ස් කරනවා කියමු. එතනින් දවස් දහයක් ලයිට් බොන්ඩේජ්. තව දවස් පහක් රොමෑන්ටික් සෙක්ස්. දවස් තුනක් රෝල් ප්ලේ. දවස් දෙකක් වයිෆ්ට වයිල්ඩ් කාඩ්. ඒ දවස් දෙකේ වයිෆ්ට සෙක්ස් කරනකොට ඕන දෙයක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කෙනෙක්ට මීට වඩා ක්‍රියේටිව් වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. දැන් ඔන්න ඔය ටික සෙක්ස් කැලැන්ඩර් එකක මාර්ක් කරමු. දැන් කාටවත් අහුනොවෙනන තැනක තියලා තියමු. කැලැන්ඩරේට අනුව සෙක්ස් කරමු. ඇත්තටම මේ එක්ස්පෙක්ටේෂන් එකම ඇති මාසෙම ෆුල් හොට් වෙලා ඉන්න!

 

7. ක්ලීන් ෂීට්ස්, කැන්ඩ්ල්ස්!

මේක ඇත්තටම සෙක්ස් කරන්න නිර්මාණශීලී අදහසක්ම නෙවෙයි. හැබැයි ඊට වඩා සෙක්ස් කිරීමට සම්පූර්ණ නවතාවයක් එකතු කරන්න පුළුවන් අදහසක්. දැන් අපි සෙක්ස් කරනකොට එක්කෝ ලයිට් ඕෆ් කරන්න ඕන. එතකොට කරුවලේ. එහෙම නැතිනම් ලාවට එලියක් එන විදියට වෙන තැනක ලයිට් එකක් දාලා තියන්න පුලුවන්. එතකොට අඩ අඳුරේ. ඕන නම් නයිට් බල්බ් එකක් දාන්න පුළුවන්. ඒකත් අමුතුම අඩ අඳුරේ ආතල් එකක්. හැබැයි හිතන්න කාමරේ එහෙන් මෙහෙන් ඉටිපන්දං පත්තු කරපු සීන් එකක්! ආන්න ඒකෙන් එන්නේ වෙනම සෙක්සි අඩ අඳුරේ සීන් එකක්! කාමය අවුස්සන සීන් එකක්!!

ඒ වගේම තමයි පිරිසිදු ඇඳ ඇතිරිලි කියන්නෙත්. නිකමට හිතන්න අලුතෙන්ම හෝදලා ගෙනාපු පිරිසිදු ඇඳ ඇතිරිලි වල නිදාගන්න ගියහම කොයි තරම් ෆ්‍රෙෂ් ෆීල් එකක් එනවද කියලා. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ සෙක්ස් කරන්න යනකොට ඇඳට අලුතෙන් ඇඳ ඇතිරිලි දාලා බලන්න කියලා.

 

මේවා අදහස් කීපයක් විතරයි. හැබැයි මේ ටික කියවගෙන යනකොට ඔයාලටත් සෙක්ස් ජීවිතේ සතුට වැඩිකරගන්න පුළුවන් දේවල් ගැන අදහස් ඔළුවට එන්න පුළුවන්. ඉතින් කැමති නම් ඒවා ගුරුමුෂ්ටි කියලා තියාගන්නෙ නැතුව ෂෙයාකරගන්න පුළුවන් කමෙන්ට් එකකින්!