සෝෂල් මීඩීයා වලින් මුලින්ම කරලියට ආපු ක්‍රේප්ස් දැන් දැන් ලංකාවෙ පොඩි උන්මාදයක් ඇති කරල තියෙනවා. මේ ක්‍රේප් එකත් එක්ක කැමති ෆිලින්ග් එකක් දාගන්න පුළුවන්. ස්වීට් වගේම ස්පයිසි ෆිලින්ග්ස් මේකට දානවා. අද අපි කියලා දෙන්නෙ හදන්නෙ බේසික් ක්‍රේප් එක හදන හැටි හා ඒකට ෆිලින්ග්ස් ටිකක් හදාගන්න විදිහයි.
1. බේසික් ක්‍රේප් රෙසිපි එක
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි කෝප්ප 1
- බිත්තර 2
- කිරි කෝප්ප 1/2ක්
- වතුර කෝප්ප 1/2
- ලුණු තේ හැදි 1/4
- බෝල් එකකට පිටි හා බිත්තර දාලා විස්ක් කරන්න. එයට ටිකෙන් ටික කිරි හා වතුර දාලා පසුව ලුණු හා බටර් දාලා හොඳින් බීට් කරන්න. කැට නැති වෙන්න උකු බැටර් එකක් හදාගන්න.
- නන්ස්ටික් පෑන් එකකට මෙම බැටර් එකෙන් හැන්දක් දමා හොඳින් තුනී කරගෙන දෙපැත්ත දමා විනාඩි 2ක් පමණ හොඳින් ෆ්‍රයි කරගන්න.
2. බ්ලූබෙරි ඇන්ඩ් හනී විප්ක්‍රීම් ෆිලින්ග්
අවශ්‍ය ද්‍රව්‍ය
බ්ලූබෙරි සෝස් එකට
- ෆ්රෝසන් බ්ලූබෙරි කෝප්ප 1
- සීනි කෝප්ප 1
- ලෙමන් පොතු ස්වල්පයක්
- ලෙමන් යුෂ මේස හැඳි 1
විප් ක්‍රීම් ෆ්රෝස්ටින් එකට
- විප් ක්‍රීම් කෝප්ප 1
- මී පැණි කෝප්ප 1/4
- පෑන් එකකට බ්ලූබෙරි හා සීනි දාලා ලිපේ තියන්න. මේකට ලෙමන් යුෂ හා පොතු දාලා කලවම් කරලා බුබුළු නගිනකල් නටවන්න.
- ෆ්‍රිජ් එකේ තියල කූල් කරගත්තු බෝල් එකකට විප් ක්‍රීම් ටික දාලා බීට් කරන්න. ටිකකින් පැණි ටික දාලා සොෆ්ට් පීක් වෙනකල් බීට් කරන්න. කැමති නම් පැණි වැඩිපුර දාගන්න.
- දැන් සාදාගත් ක්‍රේප් අරගෙන විප්ක්‍රීම් ලේයර් එකක් දාලා ස්පැතූලා එකෙන් තුනී කරන්න. ඊට උඩින් බ්ලූබෙරි සෝස් එක දාලා ක්‍රේප් එක හතරට නවාගන්න.
3. සේවරි චිකන් ක්‍රේප් ෆිලින්ග්
අවශ්‍ය ද්‍රව්‍ය
- සාදාගත් ක්‍රේප්ස් 10-12
- ඔලිව්තෙල්
- පොඩියට කපාගත් චිකන් ග්‍රෑම් 200
- ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1
- චොප්කරගත් මශෲම් කෝප්ප 1
- කපාගත් ළූණු ගෙඩි 2
- පිසගත් බත් කෝප්ප 1
- ගාලික් පව්ඩර් තේ හැඳි 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චිකන් බ්‍රොත් කෝප්ප 1/2
- පෑන් එකට තෙල් ටිකක් දාලා චිකන් ටික දාලා බැදගන්න. හොඳට බැදුණම මශෲම් ටිකත් දාගන්න. ඊළඟට ළූණු හා කැරට් ටිකත් දාලා විනාඩි 5ක් වගේ ෆ්‍රයි කරලා ලිපෙන් බාලා බ්ලෙන්ඩ් කරගන්න. කෑලි ගතියට කැමති නම් බ්ලෙන්ඩ් නොකරන්නත් පුළුවන්.
- මේක ආයෙ පෑන් එකට දාලා ලිපේ තියලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ගාලික් පව්ඩර් දාගන්න.
- මේකටම පිසගත් බත් ටිකත් දාලා චිකන් බ්‍රොත් එක දාලා කලවම් කරලා උකුගතියට හින්දගන්න. ගොඩක් වේලුණු ගතිය නැතිව ඇලෙනසුළු ෆිලින් එකක් හදාගන්න.
- සාදාගත් ක්‍රේප්ස් අරගෙන ෆිලින් එක මැද්දට තියලා හතර පැත්තෙන්ම නවාගන්න.
- දැන් බටර් ටිකක් මෙල්ට් කරපු පෑන් එකකට දාලා ක්‍රේප් එකේ දෙපැත්ත රන්වන්පාට වෙනකල් ෆ්‍රයි කරගන්න.
4. කැරමලයිස්ඩ් පෙයාර්ස් ෆිලින්ග්
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කෝප්ප 1/2
- දුඹුරු සීනි කෝප්ප 1/2
- චොප්කරගත් පෙයාර්ස් ගෙඩි 4
- ලෙමන් යුෂ මේස හැඳි 1
- චොප්කරගත් ආමන්ඩ් කෝප්ප 1/4
- විප් ක්‍රීම් කෝප්ප 1
- රස අනුව ලුණු
- පෑන් එකකට බටර් දාලා මෙල්ට් වෙනකොට සීනි හා පෙයාර්ස් ටික දාගන්න. කලවම් කරලා මද ගින්නෙ පිසගන්න.
- ඊළඟට ලෙමන් යුෂ හා ලුණු දාලා චොප්කරගත් ආමන්ඩ් ටික එකතු කරන්න. බුබුළු දාලා නටනකොට ලිපෙන් බාගන්න.
- විප් ක්‍රීම් ටිකත් ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
- සාදාගත් ක්‍රේප් වලට විප් ක්රීම්ගාලා උඩින් පෙයාර්ස් ෆිලින්ග් එක දාලා හතරට නවාගන්න.
5. බනානා ක්‍රේප් ෆිලින්ග්
අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් කෙසෙල් ගෙඩි 4
- බටර් මේස හැඳි 4
- සීනි කෝප්ප 1
- කුරුඳු කුඩු පින්ච් එකක්
- වැනිලා අයිස්ක්‍රීම්
- පෑන් එකකට බටර් දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න. බටර් දියවෙනකොට සීනි එකතු කරගන්න. කුරුඳු කුඩු ටිකත් දාගන්න.
- සීනි ටික හොඳටම දියවුනාම කෙසෙල් පෙති දාගන්න. ටිකකින් ලිප නිවලා මිශ්‍රණය නිවෙන්න තියන්න.
- සාදාගත් ක්‍රේප් වලට අයිස්ක්‍රීම් ස්කූප් එකක් තියලා පොඩ්ඩක් විසුරුවලා ඊට උඩින් බනානා මිශ්‍රණය දාලා කැමති විදියකට නවාගන්න.
6. මික්ස් බෙරී ඇන්ඩ් ක්‍රීම් ෆිලින්ග්
අවශ්‍ය ද්‍රව්‍ය
- විප් ක්‍රීම් කෝප්ප 1
- ක්‍රීම්චීස් කෝප්ප 1/2
- සීනි කෝප්ප 1
- වැනිලා ස්වල්පයක්
බෙරි සෝස් එකට
- ෆ්රෝසන් මික්ස් බෙරි කෝප්ප 2 (ස්ට්‍රෝබෙරි, රාස්බෙරි, බ්ලූබෙරි )
- සීනි කෝප්ප 1/2
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- විප් ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න. වෙනම බෝල් එකකට ක්‍රීම්චීස් සීනි හා වැනිලා දාලා කලවම් කරගන්න. දැන් විප් ක්‍රීම් හා ක්‍රීම්චීස් දෙක එකට කලවම් කරලා ෆ්‍රිජ් එකට දාගන්න.
- පෑන් එකකට බෙරීස් දාලා සීනි එක්ක ලිපේ තියලා හැඳිගාන්න. මේක උතුරලා සෝස් එකක් වගේ වෙනකොට ලිපෙන් බාගන්න.
- සාදාගත් ක්‍රේප්ස් අරන් විප් ක්‍රීම් හා බෙරී සෝස් එක තියලා රෝල් කරගන්න.
7. බනානා ක්‍රීම් ෆිලින්ග්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි මේසහැඳි 3
- සීනි කෝප්ප 1/2
- කෝන්ෆ්ලා තේ හැඳි 4
- ලුණු ස්වල්පයක්
- කිරි කෝප්ප 2
- බිත්තර කහමද 2
- වැනිලා ස්වල්පයක්
- පොඩියට කපාගත් කෙසෙල් ගෙඩි 3
- පාන්පිටි, සීනි, කෝන්ෆ්ලා හා ලුණු එකට කලවම් කරගන්න. මේකට කිරි ටික එකතු කරලා අඩු ගින්දරේ ලිපේ තියලා හැඳිගාන්න.
- බිත්තර කහමද ටික හොඳට විස්ක් කරලා මේකට එකතු කරන්න. උකු වෙනකල් හොඳට හැඳිගාලා වැනිලා දාලා ලිපෙන් බාගන්න.
- මේකට කපාගත් කෙසෙල් ටික දාලා ක්‍රේප්ස් උඩට දාගන්න.
8. චිකන් ඇන්ඩ් බ්‍රොකලි ෆිලින්ග්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල්
- කපාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බටර් මේස හැඳි 4
- කිරි කෝප්ප 2
- පාන්පිටි මේස හැඳි 6
- ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
- බ්‍රොකලි කෝප්ප 1
- කපාගත් ආමන්ඩ් ස්වල්පයක්
- පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා චිකන් ටික එකතු කරලා ෆ්‍රයි කරගන්න. චිකන් ටික බැදිලා ඇති නම් චිකන් ටික පෑන් එකෙන් ඉවත් කරගන්න.
- ඒ පෑන් එකටම බටර් දාල ටිකකින් පාන්පිටි ටික දාලා කැටි නොගැසෙන්න කලවම් කරගන්න. කිරි ටික ටික දාලා ක්‍රීමි බැටර් එකක් හදාගන්න.
- මේකට ලුණු, ගම්මිරිස්කුඩු හා චීස් එකතුකරන්න. චීස් මෙල්ට් වෙනකල් හැඳිගාලා ලිප නිවාගන්න.
- මේ සෝස් එක පෑන් එකෙන් අයින් කරල වෙනම නිවෙන්න තියලා මේ පෑන් එකටම බ්‍රොකලි ටික දාලා ටිකක් ෆ්‍රයි කරගන්න. ඒකටම චිකන් ටිකත් දාගෙන කලවම් කරගන්න.
- ක්‍රේප්ස් මැදට මේ චිකන් හා බ්‍රොකලි ෆිලින්ග් එක දාලා උඩින් ක්‍රීමි සෝස් එකත් දාලා රෝල් කරලා, උඩින් ආයෙම ක්‍රීමි සෝස් එක වක්කරලා චොප්කරගත් ආමන්ඩ් ටිකක් දාගන්න.
Leave a Reply