“සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” කියලා ගීතයක් තියෙනවා. ඒවා ඇත්ත. ඒ වුණාට මිනිස්සු බාහිර පෙනුමෙන් මැනීම සාමාන්‍ය සිරිතක්. ඒ අනුව කෙනෙක් අඳින පළඳින විදිහෙන් සමාජය ඒ අය ගැන ජජ් කරනවා. අපේ රටේ තාමත් ෂෝට් එකක්, ටී ෂර්ට් එකක් ගහගෙන කඩේකට ගියත් කඩේ ඉන්න වෙළඳ සේවකයින් ඒ අයව නොසලකන තත්ත්වයක් තියෙනවා. ඒත් ටී ෂර්ට් ඇඳීම මාර විදිහට ජනප්‍රිය අංගයක්. අපේ ටියුෂන් ක්ලාස් එකක්, සෙනසුරාදා දිනක ඔෆිස් එකක් ගත්තොත් වැඩිදෙනෙක් සැහැල්ලු ටී ෂර්ට් වලින් සැරසිලා යනවා අපිට පේනවා.
1. ටී ෂර්ට් මැටීරියල් එක
ටී ෂර්ට් හදන මැටීරියල් කීපයක් තියෙනවා. එයින් කොට්න් ටී ෂර්ට් ජනප්‍රියයි. හැබැයි සම්පූර්ණ කොට්න් වලින් හදන ටී ෂර්ට් ටිකක් ඝනයි. ඒ වගේමයි ඒවා මිලෙනුත් ටිකක් වැඩියි. ඒ නිසා පොලියෙස්ටර්, රයොන් වගේ කෘත්‍රිම මැටීරියල් එක්ක එකතු කරපු ටී ෂර්ට් තමයි වෙළඳපොලේ වැඩිපුර තියෙන්නේ. ටී ෂර්ට් ක්‍රීඩා අවස්ථාවලට ගන්නවා නම් බොහොම තුනී ටී ෂර්ට් තියෙනවා. ඒ වගේම අපිට පුරුදු කිඹුලා අතේ ගහපු ක්‍රොකඩයිල් ටී ෂර්ට් එහෙම ඇත්තටම ටිකක් ඝනකමින් වැඩියි.
2. ප්‍රින්ටඩ්ද? නැද්ද? ප්‍රින්ට් එක කොහොමද?
ඇඳුමක් අඳිනකොට ඒකේ තියෙන ආට් එක ගැන යම් අවබෝධයක් තියෙන්නට ඕනි. කිස් මී කියලා ගහලා තියෙන ටී ෂර්ට් එකක් අපිට පාරෙ තොටේ නිකං වැඩට ඇඳන් යන්න ටිකක් අමාරුයි. ඒ වගේ සමහර විට අපි නොදන්නා භාෂාවලින් ටී ෂර්ට් වල අකුරු ගහලා තියෙනවා. ඒ වගේම අඩ නිරුවත් රූප ආදියත් ටී වල ප්‍රින්ට් කරලා තියෙනවා. ඒවා අවුලක් නැත්නම් කිසි ගේමක් නැහැ අඳින්න පුළුවන්. ඒත් අපි ඒ ගහන් යන ආට් එක සහ ඒ වචන වල තේරුම ටිකක් දැනගෙන ඒවා අඳින පළඳින එක කෝකටත් හොඳයි.
3. සයිස් එක සහ ෆිට් එක
සයිස් කියද්දි මීඩියම් වුණ පළියට හැම ටී එකම මීඩියම් බොඩි එකට ගැලපෙන්නෙ නැහැ. ඒ ඒ නිෂ්පාදකයා අනුව ටී වල සයිස් එක වෙනස් වෙනවා. ටී ෂර්ට් එක ඇත්තටම ඇඟට දාල බලලා ගන්න පුළුවන් නම් හොඳයි. ඔන්ලයින් ගන්නවා නම් හොඳට ඒ ටී ෂර්ට් එකේ සයිස් ගයිඩ් එක බලන්නට ඕනි. සයිස් බලද්දි ඉන්දියාව, බංගලිදේශය වගේ රටවලට හදාපු ටී ෂර්ට් අපිට ගාණට ෆිට් වෙනවා. චීන රටේ එහෙම ගෑණු පිරිමි දෙපාර්ශවේම උරහිස් පොඩියි. ඉතින් ඒ ටී ෂර්ට් අපේ සයිස් එකට ගත්තම සමහර විට අවුල් යන්න ඉඩ තියෙනවා. ඒ වගේම ෆැක්ටරි අවුට් වලින් යුරෝපයට සහ ඇමරිකාවට හදපු ටී ෂර්ට් ගනිද්දිත් අඩු ගාණේ ටී ෂර්ට් එක දාන්න බැරිනම් තියලා බලලා හරි ගන්න එක හොඳයි.
4. බ්‍රෑන්ඩඩ්ද ඩුප්ලිකේට්ද?
බ්‍රෑන්ඩඩ් කියන්නේ මිල අධික දෙයක්. අපේ රටේ නම් ඇඟලුම් කම්හල් හරහා ඇතැම්විට මේ බ්‍රෑන්ඩඩ් බඩුත් මාකට් එකට එනවා. ඒ වගේම නොයෙක් ආකාරයෙන් ඩුප්ලිකේට් ටී ෂර්ට් අපි අතර තියෙනවා. ටී ෂර්ට් එක අඳින අපි දන්නේ නැති වුණාට සාමාන්‍යයෙන් ටී ෂර්ට් වගේ දේවල් ගැන ටිකක් දන්න කියන අය බ්‍රෑන්ඩඩ් එක මොකද්ද නැති එක මොකද්ද කියලා දන්නවා. ඒ වගේම ඩුප්ලිකේට් ටී ෂර්ට් ගත්තම බොහොම ඉක්මනින් ඒවා අවපැහැ ගැන්විලා බ්‍රෑන්ඩ් එකේ නම තිබුනාට කිසිම ලුක් එකක් නැති තත්ත්වයට පත් වෙනවා.
5. අඳින තැන සහ අවස්ථාව
ටී ෂර්ට් ඇඳන් ඔෆිස් යන්න පුළුවන් සිකුරාදට, සති අන්තෙට සහ නිවාඩු දවසට. එහෙම නැතිව නිතිපතා ටී ෂර්ට් අඳිනවා ඩිලිවරි කොම්පැණි, සර්විස් සමාගම් ආදියේ අය. අපි කන්තෝරුවකදි අඳින්න ටී එකක් ගන්නවා නම් කන්තෝරු ඩ්‍රෙස් කෝඩ් එකට මැච් වෙනවාද කියලා බලන්නට ඕනි. ඒ වගේම ක්‍රීඩා කරන්න, ජොගින් කරන්න එහෙම ගන්නවා නම් අදාළ විදිහට ඇඟට සනීපය දැනෙනවාද? දාඩිය උරාගන්නවද කියලා බලන්නට ඕනි. නයිට් පාටි එකකට ගැළපෙන ටී ෂර්ට් එක සාමාන්‍යයෙන් ගෙවල් පැත්තේ තියෙන ක්ලාස් එකකට යන්න ගැලපෙන්නෙ නැහැ. ඉතින් ඒ ගැන ටිකක් හිතලා අපි ටී ෂර්ට් එක ගන්න වැඩේට ගැළපෙන්න ටී ෂර්ට් එක මැච් කරගන්නට ඕනි.
6. මිල සහ ෂොප් එක
අපිට ඔඩෙල් එකට හෝ කොළඹ තියෙන ලොකු ෂොපින් මෝල් එකකට ගිහින් රුපියල් පන්සියයකට දාහකට හොඳ ටී ෂර්ට් එකක් ගන්න බැහැ. ඒත් මහරගම ගියොත්, පෙටා වල ටිකක් ඇවිද්දොත්, ගම්බද නම් පොළේ රවුමක් ගියොත් ඒ ගාණට ෂේප් කරගන්න පුළුවන් ටී එකක්. ඉතින් ඒ විදිහට කඩමණ්ඩියක් වුණත් ටිකක් මිල තැන් තියෙනවා, හොඳ තැන් තියෙනවා, අතේ තියෙන සුළු මුදලටත් ටී තියෙන තැනුත් තියෙනවා. අතේ තියෙන්නේ සල්ලි චුට්ට නම් තියෙන පොෂ්ම තැන් වල වරු ගණන් කරක් ගහන එකෙන් ටී ෂර්ට් වර්ග හඳුනාගන්න පුළුවන් වුණත්, අපිට මිලදී ගන්නට බැරි නිසා ඒක තේරුමක් නැති වැඩක් වෙනවා.
7. කොලර් එක සහ අත් දෙක
ටී ෂර්ට් කොලර් එක විවිධ ආකාරයෙන් තියෙනවා. සාමාන්‍යයෙන් ඔෆිස් වැඩට එහෙම වැඩිපුර අඳින්නේ පෝලෝ ටී ෂර්ට් හෙවත් අත් කොට කොලර් තියෙන ටී ෂර්ට්. ටී ෂර්ට් කිව්වම වැඩි දෙනාගේ හිත යන්නේ රවුම් කර තියෙන සාමාන්‍ය අත් කොට ටී ෂර්ට් එකට. සීතල පළාත්වල බීච් වල එහෙම ට්‍රිප් ෆන් එකට සෙට් වෙලා ඉන්නවා නම් ඔයාට අත් දිග ලස්සන ටී ෂර්ට් මාදිලියක් අත්හදා බලන්නත් පුළුවන්. ඉතින් ටී ෂර්ට් මිලදී ගනිද්දි මේ කොලර් එක, අත් දෙක සහ ඒවායේ ගැළපීම ගැනත් හිතන්න ඕනා.
ගැළපෙන ඇඳුම් ඇඳීම කියන්නේ සමාජයේ තැනක් ඇතිවෙන දෙයක්. ඇඳුමක් වත් හරියට තෝරාගන්නට බැරි මිනිහාට අනික් දේවලුත් බැහැය කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒ නිසා ටී ෂර්ට් එකක් මිලදී ගන්නකොට වුනත් අන්තර්ජාලයේ ඒ ගැන ටිකක් හොයා බලලා, ෆැෂන් ට්‍රෙන්ඩ් ගැන අදහසක් ඇතිව ටී ෂර්ට් එකක් ගත්තොත් ඉන් පස්සේ ඔයාගේ ටී ෂර්ට් එකෙන් ඔයාට යම් ගැම්මක් ලැබෙනවා. ඉතින් යාලුවන්ටත් බලන්න ටී ෂර්ට් ගැන තියෙන මේ පෝස්ට් එක ෂෙයාර් කරගන්න අමතක කරන්නට එපා.
Leave a Reply