රස නහර පිනා යන පාස්ටා ඩිශස් 7ක්

පාස්ටා රෙසිපි නම් අපේ වෙබ් සයිට් එකේ මීට කලින් අපි පළ කරලා තියනවා. අදත් අපි ගෙනාවෙ කලින් ගෙනාපු රෙසිපි වලට වඩා වෙනස් රසින් හදන්න පුළුවන් රෙසිපි සෙට් එකක්. පාස්ටා වලට ආස අය ඉතින් හැමදාම හොයන්නෙ එක එක රසින් කන්න පුළුවන් පාස්ටා රෙසිපිනේ. ඔන්න එහෙනම් මේවා ගෙනාවෙ ඔයාලටමයි. 

 

1. පාස්ලි පාස්ටා විත් පීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් පාස්ලි කෝප්ප 1
  2. පාමසාන් චීස් කෝප්ප 1/2
  3. ලෙමන් යුෂ ස්වල්පයක්
  4. ග්‍රේට්කරගත් ලෙමන් පොතු තේ හැඳි 1
  5. සුදුළූණු බික් 3
  6. ලුණු හා ගම්මිරිස්කුඩු
  7. තම්බාගත් පාස්ටා කෝප්ප 2
  8. ඔලිව්තෙල් ස්වල්පයක්
  9. පිසගත් ග්‍රීන්පීස් කෝප්ප 1

 

  • පාස්ලි වලට පාමසාන් චීස්, දෙහි යුෂ හා පොතු දාලා සුදුළූණු ටිකත් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට ඔලිව්තෙල් දාලා ආයෙ විනාඩියක් වගේ බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේකට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරලා මේක පාස්ටා වලට දාගන්න. ග්‍රීන්පීස් ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. 

 

2. වයිට් සෝස් පාස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බා ගත් පාස්ටා 200g
  2. කපාගත් කැරට්
  3. කපාගත් බෝංචි
  4. කපාගත් ලීක්ස්
  5. කපාගත් ගෝවා
  6. (මේ සඳහා කැමති එළවළු වර්ගයක් ගන්න පුළුවන්)
  7. තලාගත් සුදුළූණු බික් 2-3
  8. ඔලිව්තෙල්
  9. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  10. කෑලි මිරිස් ස්වල්පයක්

 

වයිට් සෝස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් ස්වල්පයක්
  2. පාන්පිටි මේස හැඳි 2
  3. ෆ්‍රෙෂ් මිල්ක්
  4. ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  5. කෑලි මිරිස් ස්වල්පයක්
  6. ලුණු කුඩු ස්වල්පයක්

 

  • පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියලා, සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න. හොඳින් තෙම්පරාදු වුනාට පස්සේ කපාගත් ගත් කැරට්, බෝංචි තෙම්පරාදු කරගන්න. 
  • එයට කපාගත් ලීක්ස් හා ගෝවා එක් කරන්න. නැවත හොඳින් කලවම් කරමින් තෙම්පරාදු වෙන්න තියන්න. මේකට ගම්මිරිස්, කෑලි මිරිස් දාගන්න. හොඳින් තෙම්පරාදු වුණාම එය වෙනම භාජනයකට දාගන්න. 
  • වයිට් සෝස් එක හදන්න වෙනම පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් දාලා රත් වෙන්න තියන්න. 
  • බටර් ටික දිය වුණාම එයට පාන්පිටි එක් කරගෙන කැට නැතිවෙන්න කලවම් කරලා ෆ්‍රෙෂ් මිල්ක් එක් කරන්න. ෆ්‍රෙශ්මිල්ක් දාලා හොඳට හැඳිගාන්න. මේ මිශ්‍රණය ටිකක් ඝනකමට එන විට එයට ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් හා ලුණු කුඩු ස්වල්පයක් ද එයට එක් කරන්න. 
  • මේ මිශ්‍රණය හොඳින් ඝනකමට එන විට කලින් සාදා ගත් එළවළු මිශ්‍රණය එයට එක් කරගන්න. හොඳින් කලවම් කරන්න. 
  • ඊළඟට එයට කලින් තම්බා ගත් පාස්ටා ටික එක් කරලා හොඳින් කලවම් කරන්න. 

 

3. ස්පයිසි පාස්ටා ශ්‍රී ලංකන් ස්ටයිල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් පාස්ටා 200g
  2. ලුණු 
  3. ඔලිව් තෙල් තේ හැඳි 1
  4. කපාගත් ළූණු ගෙඩි 1
  5. සුදුළූණු බික් 2
  6. කපාගත් ලීක්ස් ස්වල්පයක්
  7. පොඩියට කපාගත් කැරට්
  8. කපාගත් බෝංචි කරල් 5
  9. රම්පා
  10. කරපිංචා ස්වල්පයක්
  11. කෑලි මිරිස් මේස හැඳි 1
  12. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  13. මිරිස් කුඩු තේ හැඳි 1 
  14. තක්කාලි සෝස් ටිකක්

 

  • පෑන් එකක් ලිපේ තියලා එයට තෙල්, සුදුළූණු, රම්පා, ළූණු, කරපිංචා දාලා කලවම් කරන්න. දැන් එයට ලුණු කුඩු දාන්න. එය තෙම්පරාදු වේගෙන එද්දි කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරලා හොඳින් කලවම් කර ගන්න. 
  • ඒකට කපාගත් කැරට් හා බෝංචි දමා හොඳින් තැම්බෙන්න තියන්න. දැන් තක්කාලි සෝස් දාන්න. හොඳින් මික්ස් කරන්න.
  • අන්තිමට ලීක්ස් එක් කරලා පාස්ටා ටිකත් එකතු කරන්න. හොඳින් කලවම් කරන්න. විනාඩි 2 ක් විතර පිසගන්න. 

 

4. එග් පාස්ටා 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඔලිව් තෙල් මේස හැඳි 1
  2. කපාගත් ළූණු ගෙඩි 1
  3. සුදුළූණු කුඩු තේ හැඳි 1/2
  4. බිත්තර 4
  5. කපාගත් තක්කාලි ගෙඩි 2
  6. ලුණු 
  7. ගම්මිරිස් කුඩු
  8. තම්බා ගත් පාස්ටා 200g

 

  • පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත්වෙන්න තියල ළූණු දාලා හොඳින් කලවම් කරලා තෙම්පරාදු වෙන්න තියන්න. දැන් ඒකට ගහගත්ත බිත්තර දාලා හොඳින් මික්ස් කරන්න. 
  • ඊළඟට එයට කපාගත් තක්කාලි, ලුණු, ගම්මිරිස් කුඩු, සහ සුදුළූණු පව්ඩර් දාලා හොඳින් මික්ස් කරන්න. බිත්තර වල තෙත ගතිය තියෙද්දිම තම්බාගත් පාස්ටා ටික එක් කරන්න. හොඳින් කලවම් කරන්න. 

 

5. තන්දුරී පාස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පොල්තෙල් මේස හැඳි 2
  2. සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  3. පොඩියට කපාගත් ළූණු ගෙඩි 1
  4. චිකන් 350g
  5. තන්දුරී මසාලා මේස හැඳි 1
  6. මිරිස් කුඩු තේ හැදි ½
  7. තක්කාලි පේස්ට් මේස හැඳි 3
  8. ලෙමන් යුෂ මේස හැඳි 1
  9. චිකන් ස්ටොක් කෝප්ප 3/4
  10. තම්බා ගත් පාස්ටා 300g

 

  • පෑන් එකක් ගෙන ඒකට තෙල් දාලා රත් වෙන්න තියන්න. ඒකටම සුදුළූණු පේස්ට්, පොඩියට කපාගත් ළූණු ගෙඩිය දමා හොඳින් කලවම් කර තෙම්පරාදු කරගන්න. 
  • ඒකට චිකන් ටික දමා බැදගන්න. ඊළඟට එයට තන්දුරී මසාලා හා මිරිස් කුඩු දාලා හොඳින් මික්ස් කරන්න. දැන් තක්කාලි පේස්ට්, ලෙමන් යුෂ දාලා මික්ස් කරන්න. 
  • ඒකට චිකන් ස්ටොක් දාලා හොඳට කලවම් කරන්න. ඊළඟට එයට තම්බා ගත් පාස්ටා ටික දාන්න. හොඳට කලවම් කරලා විනාඩි 2ක් විතර පිසගන්න. 

 

6. ක්‍රිස්පි පාස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් පාස්ටා 250g
  2. කෝන්ෆ්ලා මේස හැඳි 3
  3. චාට් මසාලා තේ හැඳි 1
  4. මිරිස් කුඩු තේ හැඳි ½
  5. ආම්චූර් කුඩු තේ හැඳි 1
  6. කශ්මිර් මිරිස් තේ හැඳි ½
  7. ලුණු 

 

  • තම්බාගත් පාස්ටා වල වතුර ගතිය ඉවත් වෙනකම් තියල ඒකට කෝන්ෆ්ලා එක් කරන්න. එය හොඳින් කලවම් කරන්න. ඊළඟට පෑන් එකකට තෙල් දාලා රත් වෙන්න තියලා පිටි තැවරූ පාස්ටා ටික ගැඹුරු තෙලේ ක්‍රිස්පි වෙනකම් බැදගන්න.  
  • ඊළඟට චාට් මසාලා, මිරිස් කුඩු, ආම්චූර්, කශ්මීර් මිරිස්, ලුණු දාලා මිශ්‍රණයක් හදා ගන්න. දැන් බැද ගත් පාස්ටා වලට මේ මිශ්‍රණය දාලා හොඳින් මික්ස් කරන්න. 

 

7. Pasta Puttanesca

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් ස්පෙගටි ග්‍රෑම් 200
  2. ඔලිව්තෙල් ස්වල්පයක්
  3. ටූනා ග්‍රෑම් 100
  4. චොප්කරගත් සුදුළූණු බික් 3-4
  5. චොප්කරගත් ළූණු ගෙඩි 1
  6. ටොමැටෝ පියුරි ටින් 1
  7. ඩ්‍රයි බේසිල් කුඩු ස්වල්පයක්
  8. කපාගත් ඔලිව් ගෙඩි ස්වල්පයක්
  9. ලුණු හා ගම්මිරිස්කුඩු
  10. කපාගත් රතු මිරිස් කරල් 3
  11. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්

 

  • පෑන් එකක් ලිපේ තියලා ඔලිව්තෙල් දාලා රත්වෙන්න තියන්න. මේකට චොප්කරගත් ළූණු හා සුදුළූණු දාලා ෆ්‍රයි කරලා ටූනා ටිකත් දාලා හොඳට බැදෙන්න අරින්න. 
  • ළූණු රන්වන්පාට වෙනකල් බැදුනම තක්කාලි පියුරි ටික එකතු කරන්න. බේසිල් කුඩු ටිකත් දාගන්න. ටිකකින් කපාගත් ඔලිව්, මිරිස් දාලා කලවම් කරලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • අන්තිමට තම්බාගත් ස්පෙගටි ටික කලවම් කරගන්න. උඩින් පාස්ලි ටිකක් දාගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *