කාම සූත්‍රය සිංහලෙන් – හැත්‍තෑ අට වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 49 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 50 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 51 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 52 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 53 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 54 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 55 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 56 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 57 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 58 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 59 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 60 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 61 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 62 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 63 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 64 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 65 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 66 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 67 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 68 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 69 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 70 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 71 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 72 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 73 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 74 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 75 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 76 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 77 කොට​ස

 

පහුගිය සතියේ අපි අපේ ලිපිය අවසාන කරේ මේ සතිය තුළ ගණිකාවක් තුළ ඇතිවන සංකීර්ණ සංශය පිළිබඳව කතා කරනවා කියලා. සමහරවිට ඔබ අපේ කාමසූත්‍ර පරිවර්තන මාලාව පළමු වතාවට කියවන කෙනෙක් නම් මේ කියන්නේ මොකක්ද කියන එක ගැන ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. ලිපිය ඇතුළෙ අපි අපේ පරණ ලිපි වලට අදාළ ලින්ක් එකතු කරලා තියෙනවා. ඒවා මගින් අපි කලින් කතා කරලා තියෙන්නෙ මොනවද කියන එක ගැන වගේම මුල ඉඳන්ම කාම සූත්‍රය කියැවීමේ හැකියාව ඔබට ලැබෙනවා.

එහෙමනම් අපි දැන් සංකීර්ණ සංශය ඇතිවන අවස්ථා කීපයක්  පිළිබඳව දැනකියා ගමු.

යම්කිසි අවස්ථාවක ගණිකාවකට ඇය හොඳින් හඳුනන බල සම්පන්න පුද්ගලයෙකු එනම් රාජ්‍ය නිලධාරියකු වැනි තෙදවතෙකු විසින් තම මිතුරෙක්  හඳුන්වා දෙනවා. නමුත් ඇය මොහු පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. නමුත් අර බලසම්පන්න පුද්ගලයා නිසා නොදන්නා කෙනාව ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. මෙවැනි අවස්ථාවක එවැනි නොදන්නා පුද්ගලයෙකු ඇසුරු කිරීම මගින් තමන්ට යහපතක් සිදුවෙයිද අයහපතක් සිදු වෙයි ද යන්න පිළිබඳව කලින් කිව නොහැකි බැවින් එවැනි අවස්ථාවල සංකීර්ණ සංශය ඇතිවෙනවා.

එසේම මේ ආකාරයටම යම්කිසි ඇගේ මිතුරකු හෝ බලසම්පන්න පුද්ගලයෙකුගේ ඉල්ලීම පරිදි ඇය සමග අනුරාගයෙන් බැඳුණු පැවිදි දිවියට පත් වූ පුද්ගලයෙකු සමග සංවාසයට එළඹීම මගින් හෝ තම සිතේ ඔහු පිළිබඳව ඇතිවූ  අනුකම්පාව හේතුකොටගෙන සබඳතාවයක් ඇති කර ගැනීම මගින් තමන් සිදු කරන්නේ ධර්මානුකූල නොවන දෙයක් ද යන්න පිළිබඳව සිතේ ඇති වන සැක සහගත තත්ත්වය ධර්ම සංකීර්ණ සංශය ලෙස හඳුන්වනු ලබනවා.

එසේම යම් පුද්ගලයෙකු ගුණවත් අයෙක්ද එසේත් නොමැති නම් ආශ්‍රය නොකළ යුතු මට්ටමේ පහත් පෙළේ  ගතිගුණවලින් යුක්ත අයෙක් ද යන්න පිළිබඳව තමන්ට ප්‍රත්‍යක්ෂ හැඟීමක් නොමැතිව අනෙකුත් බාහිර පුද්ගලයන්ගේ අදහස් මත පිහිටා එවැන්නන් කරා යෑම මගින් ඇති වන්නේ ද සංකීර්ණ සංශයක්.

මේ ආකාරයටම තමන්ට හොඳයි යැයි හැගුණු පුද්ගලයෙකු පිළිබඳව බාහිර ලෝකය දුර් මත පළ කරද්දී  ඒ කිසිවක් නොතකා ඔහු කරා යෑමේදී සිතේ ඇතිවන චංචල ස්වභාවය ඉහත සඳහන් ආකාරයටම සංකීර්ණ සංශයක්. නිවැරැදිව බැලුවොත් මෙය කලින් සඳහන් කළ සංකීර්ණ සංශයේ ප්‍රතිවිරුද්ධ අවස්ථාව වනවා.

එසේම යම් අවස්ථාවක වසර ගණනාවක් තිස්සේ තමන්ට හුරු පුරුදු සහ තමන් කෙරෙහි ඇලුණු පුද්ගලයෙකු සමග සම්බන්ධ වීමෙන් තමන්ට තෘප්තිය ලැබෙන අවස්ථාවක සහ තමන් නොදන්නා අමුත්තකු හා එක් වීමෙන් ධනය ලැබීමත් යන අවස්ථාවක මේ දෙදෙනාගෙන් කවරෙකු සමග එකතු විය යුතුද යන්න පිළිබඳව සිතේ ඇතිවන විචිකිච්ඡා සහගත ස්වභාවය උභයතෝ අර්ථයක් ලෙස හඳුන්වනු ලබනවා.

එසේම එවැනි තමන් කිසිත් නොදන්නා අමුත්තන් හට තමන් සතු ධනය වැය කොට වැයකොට හෝ ඔහු සමග එක්වීමෙන් අනාගතයේ දී තමන් බලාපොරොත්තු විය හැකි ප්‍රතිලාභ නොලබී යාවීදෝ හෝ එතෙක් තමන් සමග රැඳී සිටි සහ තමන් කෙරෙහි ඇලුණු පුද්ගලයන් විසින් ලබා දෙනු ලැබූ ධනය යළිත් ලබා ගන්නේ දැයි යන සැකය උභයතෝ අනර්ථ යෝගය ලෙස හඳුන්වනු ලබනවා.

එසේම එවැනි අමුත්තන් වෙත යෑමෙන්  ඔහුගෙන් ධනය ලබා ගැනීමට හැකිවේ ද නැද්ද යන්න මෙන්ම මේතාක් තමන් සමග ඇලුණු පුද්ගලයා තමන්ව බැහැර නොකළත් මුදල් ලබාදීම අඩු කරයිදෝ යන සැකය උභයතෝර්ථ සංශය ලෙස හඳුන්වනු ලබනවා.

එසේම අනාගත බලාපොරොත්තු මත යම්කිසි පුද්ගලයෙකු වෙත තමන් සතු ධනය වියදම් කොට යාමට පෙර තමන්ට හුරු පුරුදු වූ පුද්ගලයා විසින් තමන්ට කිසි දරුණු ගණයේ අනතුරක් සිදු කරයි ද යන්න පිළිබඳව ඇතිවන සැකය උභයතෝ අනර්ථ සංශය ලෙස හඳුන්වනු ලබනවා. මේ තාක් අපි කියවපු සැකයන් පිළිබඳව සවිස්තරාත්මකව විස්තර කර තිබෙන්නේ උද්දාලික පඬිතුමා බව මෙම විස්තරය අවසානයේ දී සඳහන් වෙනවා.

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ  නොකළත් අදාළ තැන්වල මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ලබන සතියේත් මේ ප්‍රකරණය අපේ වැඩිදුරට කියවමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *