මුස්ලිම් ජාතිකයන්ගෙන් යෙරුසලම බේරාගැනීමේ මෙහෙයුමක් විදිහට ආරම්භ වුණ කුරුස යුද්ධ මාලාව යුරෝපයේ වගේම තරමක් දුරකට සමස්ත ලෝකයේම භූ දේශපාලනය වෙනස් කරන්න සමත් වෙච්ච යුද්ධ මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල මෙම යුද්ධ මාලාව සඳහා ශුද්ධ වූ යුද්ධය යන වචනය භාවිතා වෙනවා. නමුත් මේ ඉතිහාසය විමසා බලද්දී ඉතාමත් කණගාටුදායක තත්ත්ව මේ යුද්ධ මාලාවත් එක්ක ඇතිවෙලා තියනවා. අපි අද කතා කරන්න යන්නේ කුරුස යුද්ධ ඉතිහාසයේ සඳහන් වෙන අඳුරු කාරණා කීපයක් පිළිබඳව.
1. කොන්ස්තන්තීනෝපලය කොල්ලකෑම
කුරුස යුද්ධ ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීම ලෙස සැලකෙන්නේ හතරවැනි කුරුස යුද්ධය අතරතුරදී කුරුස යුද්ධකරුවන් ක්‍රිස්තියානි කේන්ද්‍රස්ථානයක් වන කොන්ස්තන්තිනෝපලය කොල්ලකෑමයි. මේ වැදුන පහරත් සමග බයිසැන්තියානු අධිරාජ්‍යයේ පරිහානිය ආරම්භ වුණු අතර පසු කලෙක දී ඔටෝමාන් අධිරාජ්‍යයට එම ප්‍රදේශ යටත් වීමටත් මෙම සිදුවීම බලපෑවා. හිත්පිත් නැති ව කුරුස යුද්ධකරුවන් විසින් නගරයේ සියවස් ගණනාවක් පුරා ආරක්ෂා වෙමින් පැවතුන කලා නිර්මාණ විනාශ කළ අතර එහි තිබූ මහා පුස්තකාලයත් ගිනි තබනු ලැබුවා.
2. ළමයින්ගෙ කුරුස යුද්ධය
මෙම කුරුස යුද්ධය පිළිබඳව පරස්පර වාර්තා පවතිනවා. ප්‍රසිද්ධම මතය වන්නේ තමන්ට දෙවියන්වහන්සේ විසින් නියෝග ලබාදුන් බව පවසමින් ළමයින් දහස් ගණනක් ශුද්ධ වූ භූමිය යළිත් අත්පත් කර ගැනීමට නික්මීමයි. නමුත් එම ගමන අතරතුරේ දී මෙම ළමයින්ව පැහැරගත් කොල්ලකරුවන් විසින් වහල් සේවය සඳහා ඔවුන්ව විකිණූ බව පැවසෙනවා. නමුත් වර්තමාන ඉතිහාසඥයන් නම් මෙම කතා පුවත පිළිබඳව සැක පහල කරනවා. ඇතැම් පිරිසක් මෙවැනි කුරුස යුද්ධයක් සිදු නොවුණු බව පවසන අතර තව පිරිසක් පවසන්නේ එම කුරුස යුද්ධය සඳහා දුප්පතුන් නායකත්වය ලබාදුන් බවකුයි.
3. රයින්ලන්තයේ සමූලඝාතනය
පීටර් නම් ප්‍රංශ ජාතික පූජකයෙකු විසින් ජනතාවගේ කුරුස යුද්ධය නමින් දුප්පත් මිනිසුන් එක් රැස් කරමින් කුරුස යුද්ධයක් සංවිධානය කළ අතර ඔවුන් විසින් මුළු මධ්‍යම යුරෝපය පුරාම යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනු ලැබුවා. ඊට ඔවුන් හේතු පාදක කර ගනු ලැබුවේ යේසුස් වහන්සේව ඇණ ගැසීම සඳහා යුදෙව්වන් ලබාදුන් දායකත්වයයි. සැතපුම් දහස් ගණනක් ඈතින් වෙසෙන මුස්ලිම්වරුන් පරාජය කළ යුත්තේ තමන් අසල වාසය කරන මිත්‍යාදෘෂ්ටිකයන් විනාශ කිරීමෙන් පසුව බව ඔවුන් විශ්වාස කළා. කෙසේ වෙතත් මෙම පිරිස බයිසන්තියානු අධිරාජ්‍ය සීමාවේදී ඔටෝමන්වරුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් විනාශව ගියා.
4. යෙරුසලම කොල්ලකෑම
පළමු කුරුස යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව ක්‍රිස්තියානි සොල්දාදුවන් එම නගරයේ වාසය කළ මුස්ලිම් සහ යුදෙව් පිරිස් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. කිතුණුවන් විසින් පූජනීයත්වයෙන් සළකනු ලබන ස්ථානවල පවා සැඟවී සිටි පෙර සොයමින් නිර්දය ආකාරයෙන් ඝාතනය කිරීමට මෙම පිරිස ක්‍රියා කොට තිබුණා.ඇතැම් අවස්ථාවල යුද්ධය පිරිස්
රැස්ව සිටි ස්ථාන ඔවුන් එම ස්ථානවලම සිරගත කොට ගිනි තැබීම සොල්දාදුවන්ගේ විනෝදාංශය වුණා.
5. සාරා කොල්ලකෑම
හතරවැනි කුරුස යුද්ධය සඳහා සහභාගි වූ සොල්දාදුවන් පිරිසක් තවත් කතෝලික නගරයක් වූ සාරා නගරයේ කොල්ලෙකනු ලැබුවේ එසේ කිරීමෙන් වැළකිය යුතු බවත් එසේ කිරීමට තැත් කරන පුද්ගලයින් කතෝලික ආගමෙන් නෙරපා හරින බවට පාප්තුමා විසින් පනවනු ලැබූ ආඥා පවා නොතකායි. තාම නගරයට අත් පත් විය හැකි ඉරණම පිළිබඳව ඉව වැටුණු නගරවාසීන් ඝාතන ප්‍රමාණයේ ප්‍රමාණයේ අඩුවක් සිදු වුවත් සොල්දාදුවන් විසින් සම්පූර්ණ නගරයම කොල්ල කා නගරයේ මරමස්ථාන ගිනි තැබීමට කටයුතු කරනු ලැබුවා.
6. කතාර් කුරුස යුද්ධය
තුන්වෙනි ඉනසන්ට් පාප්තුමා විසින් දකුණුදිග ප්‍රංශය ආශ්‍රිතව වාසය කළ කතෝලික සභාවට අයත් නොවූ කිතුනු ප්‍රජාවකට එරෙහිව කුරුස යුද්ධයක් දියත් කරනු ලැබුවා.එහි ප්‍රතිඵලය වූයේ කතාර් කිතුණු දහම එදා හෝ ජනතාව සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය වීමත් දකුණු දිග ප්‍රංශයේ ආශ්‍රිතව පැවති සභ්‍යත්වය සම්පූර්ණයෙන්ම මෙලොවින් අතුගෑවී යාමත්ය.
7. උතුරුදිග කුරුස යුද්ධ
වර්තමාන එස්ටෝනියාව, ෆින්ලන්තය, ලැටීවියාව, ලිතුවේනියාව ආදී බෝල්ටික් මුහුද ආශ්‍රිත රටවල්වල වාසය කළ විවිධ ප්‍රාථමික ආගම් ඇදහූ ජනතාව ක්‍රිස්තියානිකරණයට ලක් කිරීමට මෙම කුරුස යුද්ධ ක්‍රියාත්මක වුණා. මේ මගින් ක්‍රිස්තියානිකරණයටත් වඩා සිද්ධ වූයේ කොල්ලකෑම සහ ඝාතනයි.
කුරුස යුද්ධ හා බැඳුණු අඳුරු මතක කීපයක් පමණයි මේ ආටිකල් එක හරහා අපිට ඔබ වෙත ගෙන එන්න හැකියාව ලැබුණේ.ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ආටිකල් එක ලිපි මාලාවක් බවට පත් පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක් ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply