ඉස්සන්ගෙන් හදාගන්න පුළුවන් රසම රස ස්නැක් රෙසිපි 7ක්

බයිට් එකට, ස්ටාටර් එකට, ඇපටයිසර් එකකට මේ ඕනම විදියකට ඉස්සො හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් අද අපි ගෙනාවා. මේවා ගොඩක් ලොකු රෙසිපි නෙමෙයි. ඒ වගේම හැමෝටම ට්‍රයි කරන්න පුළුවන් විදියට ලේසි ක්‍රම දාලා තියෙන්නෙ. එහෙනම් හදලම බලන්න. 

 

1. Shrimp toasted bite

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ලොකු ඉස්සො ග්‍රෑම් 200
  2. ඔලිව්තෙල් ස්වල්පයක්
  3. දෙහි ගෙඩි 2ක යුෂ
  4. පැණි මේස හැඳි 2
  5. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. ටෝටියා ස්කූප්ස් හෝ නාචෝස් ටිකක් 

 

Guacamole එක සඳහා

 

  1. කපාගත් ඉදුණු අලිගැටපේර ගෙඩි 2
  2. දෙහි ගෙඩි 2ක යුෂ
  3. චොප්කරගත් මාළු මිරිස් කරල් 2
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. ලුණු
  6. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

 

  • බෝල් එකකට ඔලිව්තෙල් දාලා දෙහි යුෂ  චොප්කරගත් සුදුළූණු, පැණි, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විස්ක් කරගන්න. මේකට ඉස්සො ටික දාලා පැය 2ක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකකට ඉස්සො ටික දාලා හොඳට ෆ්‍රයි කරගන්න. 
  • වෙනම බෝල් එකකට පොඩි කරගත් අලිගැටපේර ටික දාලා මේකට චොප්කරගත් ළූණු, මාළුමිරිස්, කොත්තමල්ලි කොළ දාලා, ලයිම් ජූස් දාලා රස අනුව ලුණු දාගන්න. මේක හොඳට කලවම් කරගන්න. 
  • ටෝටියා ස්කූප් අරගෙන මේ මිශ්‍රණයෙන් හැන්ද බැඟින් දාලා උඩින් බැදගත් ඉස්සො එක ගාණෙ තියාගන්න. 

 

2. Garlicky Shrimp Dip

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔලිව්තෙල් ස්වල්පයක්
  2. කපාගත් ඉස්සො ග්‍රෑම් 200
  3. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. ක්‍රීම්චීස් ග්‍රෑම් 100
  6. පාමසාන් චීස් කෝප්ප 1/4
  7. මයෝනිස් කෝප්ප 1/4
  8. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/2
  9. ලෙමන් ගෙඩියක යුෂ
  10. ලෙමන් පොතු ස්වල්පයක්
  11. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්

 

  • අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වුණාම ඉස්සො ටික දාගන්න.
  • ලුණු හා ගම්මිරිස්කුඩු ඉහළා චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. මේක මද ගින්නෙ විනාඩි 4ක් වගේ පිසගෙන ඉස්සො තැම්බෙන ගාණට ආවම ලිපෙන් බාගන්න. 
  • වෙනම බෝල් එකකට ක්‍රීම්චීස්, මයෝනිස්, මොසරැල්ලා, පාමසාන් චීස්, දෙහි යුෂ, දෙහි පොතු එකතු කරලා චොප්කරගත් පාස්ලි දාලා හොඳට කලවම් කරගන්න. 
  • මේකට ඉස්සො ටිකත් දාලා කලවම් කරගන්න. මේ ටික බේකින් ට්‍රේ එකක අතුරලා විනාඩි 25ක් බේක් කරගන්න. උඩින් පාස්ලි ටිකක් ඉසගන්න. පිටා චිප්ස් හෝ කැමති ක්‍රිස්පි ස්නැක් එකක් එක්ක ආහාරයට ගන්න. 

 

3. Bang Bang Shrimp

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 200
  2. බිස්කට් කුඩු කෝප්ප 1
  3. ඔලිව්තෙල් ස්වල්පයක්
  4. ගාලික් පව්ඩර් මේස හැඳි 1
  5. ලුණු හා ගම්මිරිස්කුඩු
  6. බිත්තර 2
  7. පාන්පිටි කෝප්ප 1/2
  8. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

Bang Bang Sauce එකට

 

  1. මයෝනේස් මේස හැඳි 2
  2. ස්වීට් චිලී සෝස් මේස හැඳි 2
  3. දෙහි ගෙඩියට යුෂ
  4. මී පැණි මේස හැඳි 1
  5. ලුණු ස්වල්පයක්

 

  • අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න. බිස්කට් කුඩු වලට ඔලිව්තෙල් හා ගාලික් පව්ඩර් දාගන්න. මේකට රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා පැත්තකින් තියාගන්න. 
  • වෙනම බෝල් එකකට බිත්තර කඩලා විස්ක් කරගන්න. දැන් ඉස්සො එකින් එක අරන් පාන්පිටි වල තවරලා ඊළඟට බිත්තර සාරු දවටලා බිස්කට් කුඩුවල දවටගන්න. 
  • දැන් ට්‍රේ එකකට බේකින් ශීට් එකක් දාලා ඉස්සො ටික පිළිවෙලට තියලා විනාඩි 15ක් බේක් කරගන්න. 
  • සෝස් එක හදාගන්න බෝල් එකකට මයෝනේස්, ස්වීට් චිලී සෝස් හා දෙහි යුෂ දාගන්න. ඊළඟට පැණි හා ලුණු දාලා කලවම් කරලා ඉස්සො උඩින් වක්කරගන්න. 

 

4. Spiced Rum- Glazed Shrimp

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 200
  2. ඔලිව්තෙල් ස්වල්පයක්
  3. සෝයාසෝස් කෝප්ප 1/4
  4. ස්වීට් චිලී සෝස් කෝප්ප 1/4
  5. රෙඩ් රම් කෝප්ප 1/4
  6. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  7. දෙහි යුෂ ස්වල්පයක්
  8. කෑලිමිරිස් තේ හැඳි 1
  9. චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්

 

  • බෝල් එකකට ඔලිව්තෙල්, සෝයාසෝස්, ස්වීට් චිලී සෝස් හා දෙහි යුෂ එකතු කරන්න. මේකටම රම් ටිකත් දාලා චොප්කරගත් සුදුළූණු ටික දාගෙන හොඳට කලවම් කරගන්න.
  • ස්සො ටිකට මේ සෝස් එකෙන් 2/3ක කොටසක් දාලා හොඳට කලවම් කරලා විනාඩි 30ක් මැරිනේට් කරගෙන ග්‍රිල් කරගන්න.
  • ඉස්සො වල එක පැත්තක් හොඳට ග්‍රිල් උනාම අනිත් පැත්ත හරවලා උඩින් ඉතිරි සෝස් ටික ගාගන්න. දෙපැත්තම ග්‍රිල් වුණාම උණුවෙන්ම පිළිගන්වන්න.

 

5. Shrimp Salad Stuffed Avocado

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉස්සො ග්‍රෑම් 200
  2. ඉදුණු අලිගැටපේර ගෙඩි 2
  3. ඔලිව්තෙල් ස්වල්පයක්
  4. චොප්කරගත් තක්කාලි ගෙඩි 2
  5. ස්වීට් කෝන් ස්වල්පයක්
  6. ලෙමන් ගෙඩියක යුෂ
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. චොප්කරගත් බේසිල් කොළ ස්වල්පයක්
  9. ග්‍රීක් යෝගට් කෝප්ප 1/4

 

  • අලිගැටපේර දෙකට කපලා වටේ පොඩි දාරයක් හිටින්න මදය ඉතුරු කරලා ඉතිරි මදය පොඩි කෑලි කපාගන්න. 
  • පෑන් එකකට ඔලිව්තෙල් දාලා ඉස්සො ටික දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 
  • හොඳට තැම්බුනාම ලිපෙන් බාලා පොඩි කෑලි වලට කපාගන්න. 
  • වෙනම බෝල් එකකට ග්‍රීක් යෝගට්, කපාගත් අලිගැටපේර, චොප්කරගත් තක්කාලි, කෝන් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ඉස්සො ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.  
  • අලිගැටපේර බෑයවල් හතරට මේ ඉස්සො සැලඩ් එක පුරවලා උඩින් බේසිල් ටිකක් ගානිශ් කරලා සර්ව් කරන්න. 

 

6. Crispy Fried Shrimp

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 200
  2. කිරි කෝප්ප 1/4
  3. බිත්තර 1
  4. පාන්පිටි කෝප්ප 1
  5. ලුණු හා ගම්මිරිස්කුඩු
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. බැදීමට තෙල්
  8. ලෙමන් පෙති ස්වල්පයක්

 

සෝස් එකට

 

  1. මයෝනේස් කෝප්ප 1/4
  2. කිරි මේස හැඳි 1
  3. ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

  • පාන්පිටි වලට මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු හා ලුණු දාලා කලවම් කරගන්න. 
  • වෙනම බෝල් එකක බිත්තරය කඩලා කිරි දාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විස්ක් කරගන්න. 
  • දැන් ඉස්සො එකින් එක අරන් පාන්පිටි වල තවරලා බිත්තර සාරු ගාලා නැවත පාන්පිටි තවරලා පෑන් එකට තෙල් ටිකක් දාලා හොඳට ෆ්‍රයි කරගන්න. 
  • සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය කලවම් කර ඉස්සන් සමග පිළිගන්වන්න. 

 

7. Bacon Wrapped Shrimp

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 200
  2. කපාගත් බේකන් තීරු කිහිපයක්
  3. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 4
  4. මේපල් සිරප් මේස හැඳි 2
  5. මිරිස්කුඩු තේ හැඳි 1

 

  • අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න. 
  • ඉස්සො එකින් එක අරන් බේකන් තීරු වලින් ඔතලා, ටුත්පීක් එකක් ගහලා, ඔයිල් බ්‍රශ් කරපු බේකින් ට්‍රේ එකක තියාගන්න. 
  • දැන් වෙනම බෝල් එකකට  බටර් ටික දාලා මිරිස්කුඩු හා මේපල් සිරප් දාගන්න. හොඳට කලවම් කරලා බේකින් ට්‍රේ එක උඩ තියාගත් ඉස්සො වල ගාලා විනාඩි 20ක් බේක් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *