අපි ඇත්තටම නිර්මාණශීලී වෙන්න ඕනද? පුළුල් අර්ථයකින් ගත්තොත් ඔව්. ඒ කියන්නේ නිර්මාණශීලී වෙනවා කියන්නේ පොතක් ලියනවා, කවියක් ලියනවා, චිත්‍රයක් අඳිනවා, නැටුමක් නිර්මාණය කරනවා, ග්‍රැෆික් එකක් හදනවා, ෆොටෝ ගන්නවා වගේ මිනිස්සු කෙලින්ම නිර්මාණශීලීත්වයත් එක්ක හිතන වැඩ කටයුතු විතරක් නෙවෙයි. ඇයි සාමාන්‍ය ජීවිතේදී අපිට නිර්මාණශීලී වෙන්න සිද්ධ වෙන්නෙ නැද්ද? උදාහරණයක් විදියට ගත්තොත්, මිනිස්සුන්ට ප්‍රශ්නයක් විසඳනකොට සාම්ප්‍රදායිකව හිතන්නේ නැතුව නිර්මාණශීලීව හිතන්න පුළුවන්. තමන්ට අලුත් යම් කිසි දෙයක් කරන්න යනකොට නිර්මාණශීලීව හිතලා වඩාත් පහසුවෙන් සහ හොඳින් ඒක කරගන්න පුළුවන්. සෙක්ස් කරන්න ඇඳට ගියහම හැමදාම පුරුදු දන්න කියන දේවල් විතරක් නොකර, නිර්මාණශීලීව හිතලා අලුත් දේවල් කරන්න පුළුවන්. කොටින්ම කිවුවොත් නිර්මාණශීලීත්වය කියන එක අපිට එදිනෙදා ජීවිතේ හැමතැනකදිම වගේ යොදාගන්න පුළුවන්.
හරි ඒක පැත්තකින් තියමුකෝ. අපි වඩාත් සාම්ප්‍රදායිකව දන්න නිර්මාණශීලීත්වය තියෙනවනේ. ඔන්න ඕක වැඩි දියුණු කරගන්න පුළුවන්ද?බැරි නෑ. ඒකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි කියමු නිර්මාණශීලීත්ව ව්‍යායාම කියලා. අපි ආන්න ඒවැයින් කීපයක් ගැන කියලා දෙන්න හිතුවා. හැබැයි මේ එක්සයිසස් කරන්න නිර්මාණශීලී වැඩ කටයුතු, නිර්මාණශීලී අදහස්, නිර්මාණශීලී පරිකල්පනය අවශ්‍ය රස්සාවක්ම කරන්න ඕන නෑ. ඕනම කෙනෙක්ට මේ ව්‍යායාම වලින් හොඳක් මිසක් නරකක් වෙන්නෙ නම් නෑ!
1. බැක් ටු හෑන්ඩ් රයිටින්ග්!
මතකද ඉස්සර ඉස්කෝලෙ කාලේ අත්අකුරු ගැන අපි කොයි තරම් වදවුණාද කියලා? ඒ කාලේ අපේ අත් අකුරු කොයි තරම් ලස්සනද කියලා? හැබැයි දැන් නිකමට අපි පොතක මොනවා හරි ලියලා බැලුවොත්, අපිට අපි ගැනම ලැජ්ජ හිතෙයි. හැබැයි ඇත්තටම ලැජ්ජ වෙවී ඉන්න දෙයක් නෑ. ආයෙමත් අතින් ලියන්න පටන් ගන්න. හොඳම දේ හිතට එන දේවල් ඩයරියක හරි පොතක හරි ලියන්න පටන් ගන්න එක. ඒකෙන් අත්අකුරු ලස්සන වෙන්න පටන් ගන්නවා වගේම, තමන්ට ලියන්න තියෙන හැකියාවත් වර්ධනය වෙනවා.
ඒ වගේම විශේෂම දේ මේකයි. දැන් අපි ලේඛකයෙක් වුණත්, ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් වුනත් වැඩ කරන්නේ කම්පියුටර් එකත් එක්කනේ. හැබැයි මේ අතින් ලියන ව්‍යායාමයත් එක්ක තමන්ගේ නිර්මාණ හැකියාවන්ට බූස්ට් එකක් ලැබෙන බව අනිවා දැනෙයි.
2. එකම දේ නැවත නැවත අඳින්න
එකම දේ නැවත නැවත අඳිනවා කියන එක චිත්‍ර ශිල්පියෙක්ට, නිර්මාණ ශිල්පියෙක්ට වැදගත් දෙයක් තමයි. හැබැයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ එකම චිත්‍රයක් හෝ නිර්මාණයක් නැවත නැවත ඇඳලා, ඒ නිර්මාණයේ විතරක් එක්ස්පර්ට් කෙනෙක් වෙන එක නෙවෙයි. ඊට වඩා තමන්ගේ සමස්ත නිර්මාණ හැකියාව වර්ධනය කිරීම. දැන් ඔය නැවත නැවත අඳින එක ප්ලෑන් එකක් වෙන්න පුළුවන්, විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක්ගේ චිත්‍රයක් වෙන්න පුළුවන්, කාටූන් එකක් වෙන්න පුළුවන්. මොකක් වුනත් කමක් නෑ. නැවත නැවත අඳින්න.
3. නෝට් පොතක් එක්ක ඇවිදින්න යන්න
ඕනම කෙනෙක්ට ප්‍රයෝජනවත් පුරුද්දක් තමයි අතේ නිරන්තරයෙන්ම නෝට් පොතක් තියාගන්න එක. ඇයි ඒ? අපි හැමදේම මතක තියාගන්නවට වඩා, මතක තියාගන්න කර්තව්‍යය නෝට් පොතට භාර දෙන එක වඩාත් සාර්ථක නිසා. හැබැයි නෝට් පොත කියන්නේ පළවෙනි පියවර විතරයි. නිදහසක් තියෙන දවසක, වෙලාවක් අරගෙන නගරේ නැතිනම් ගමේ ඇවිදින්න යන්න. දකින දේවල් ගැන, දකින දේවල් ගැන හිතට එන අදහස් ගැන, හම්බුවෙන මිනිස්සු ගැන, හම්බුවෙන මිනිස්සු එක්ක කතා බස් කරන දේවල් ගැන මේ පොතේ ලියන්න. ඕන නම් මේ සංචාරය තුළ අහන දකින දේවල් ඔස්සේ පරිකල්පනයේ මැවෙන කතන්දර වුනත් මේ නෝට් පොතේම ලියන්න. ඕන නම් නෝට් පොතේ චිත්‍රත් අඳින්න. අකුරින් හැමදෙයක්ම ලියන්න ඕන කියලා නීතියක් නැහැනේ. මේ ගමන අතරතුරේ අහන දකින අත්විඳින දේවල් අඳින්නත් පුළුවන්.
4. සාරාංශ ලියන්න
ඉස්කෝලෙ යන කාලේ සාරාංශ ලියලා නැති වෙන්න බැහැනේ. සමහරුන්ට ඒක වාත වැඩක්, සමහරුන්ට ඒක මාරම ෆන් වැඩක්. හැබැයි නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න අභ්‍යාසයක් විදියටත් මේ සාරාංශ ලියන කතන්දරේ මරු. කොහොමද කරන්නේ? ගන්න මොකක් හරි පොතක්. කෙටිකතාවක්, නවකතාවක්, චිත්රකතාවක් වගේ ඕනම එකක් වෙන්න පුළුවන්. දැන් ඒකේ කොටසක් තෝරගන්න. ඡේදයක් වුණත් කමක් නෑ, පරිච්ඡේදයක් වුනත් කමක් නෑ. දැන් ඒක අරගෙන ඒකේ තියෙන දේ වැකි කීපයකින් කියන්න ට්‍රයි එකක් දෙන්න. හිතනවට වඩා අමාරුයි කියලා හිතෙයි. හැබැයි කරගෙන යනකොට වැඩේ ෆන් වෙයි.
5. දකින දකින දේ විකුණන්න
මේක නම් ආතල්ම ආතල් වැඩක්. දැන් හිතන්න අපි අවට තියෙන දේවල් ගැන. සෝස් බෝතලයක් තියෙනවා. ෆෝන් එකක් තියෙනවා. පොතක් තියෙනවා. හෙඩ්සෙට් එකක් තියෙනවා. කණ්ණාඩි කුට්ටමක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. පූසෙක් ඉන්නවා. බිත්තියේ චිත්‍රයක් එල්ලලා තියෙනවා. දැන් නිකමට හිතලා බලන්න මේ දේවල් අපි තව කෙනෙක්ට විකුණන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ, කෙනෙක්ට ඔය දේවල් ගන්න පුළුවන් විදියට ඇඩ්වර්ටීස්මන්ට් එකකට ස්ලෝගන් ලියන්න තමයි තියෙන්නේ. පුළුවන් තරම් නිර්මාණශීලී වෙන්නයි තියෙන්නේ. “බීට්ස් සවුන්ඩ්ස්: කණට මී පැණි හා සමානයි” ඔන්න ඔය වගේ හිතෙන ආතල් ස්ලෝගන් ලියන්න.
6. වචන තුනේ, හතරේ, පහේ, හයේ කතා ලියන්න
මේක ඔය ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා සෝෂල් මීඩියා වලත්. උදාහරණයක් විදියට කිවුවොත්, ඔන්න කියනවා වචන පහකින් දුක් කතාවක් ලියන්න කියලා. “Goodbye Housten. Thanks for trying”! කොහොමද නිකම් පොල්ලෙන් ගැහුව වගේ නේද? ඒ කියන්නේ ආයෙ පොළවට ගෙන්න ගන්න බැරි ෂට්ල් එකක ඉන්න ගගනගාමියෝ, අන්තිමට බලාපොරොත්තු අත්ඇරලා කියන දෙයක්. ඒ කියන්නේ මැරෙනවා කියලා දැන දැන කියන දෙයක්. ආන්න ඒ වගේ තව ස්ටෝරීස් ලියන්න පුළුවන්. ඒක ඉතාම හොඳ ප්‍රැක්ටිස් එකක්.
7. ස්ටෝරි බෝඩ් අඳින්න
මේකත් ඔය නිර්මාණශීලී ඇඳීම පුරුදු පුහුණු වෙන කෙනෙක්ට බොහොම වටින ප්‍රැක්ටිස් එකක්. ගන්න පොතක කොටසක්, එහෙම නැතිනම් ෆිල්ම් එකක කොටසක්, එහෙම නැතිනම් ටීවී සීරීස් එකක කොටසක්. දැන් ඒ කොටසේ තියෙන කතා කොටස චිත්රයෙන් අඳින්න උත්සාහ කරමු. මේකට ඇත්තටම කියන්නේ ස්ටෝරිබෝඩ් හදනවා කියලා. ඕන නම් චිත්රකතාවක් විදියට අඳින්නත් පුළුවන්. ඒක තමන්ගේ නිදහස. හැබැයි මේකෙන් හොඳ ප්‍රැක්ටිස් එකක් ලැබෙයි ස්ටෝරි එකක් චිත්රයෙන් ඉදිරිපත් කරන විදිය ගැන.
Leave a Reply