බයිට් එකට රසට හදාගන්න චිකන් වින්ග්ස් රෙසිපි 7ක්

“මස් මොනාද කට්ටෙ සොමිය දැනුනෙ එදානෙ කියල” කොච්චර මස් තිබ්බත් කටු කන්නම ආස සෙට් එකට බයිට් එකට සුපිරියට සෙට් වෙන චිකන් වින්ග්ස් රෙසිපි ඕන්නම් එන්න මේ පැත්තට. ලයිෆි අපි හැමදාමත් ගේන්නෙ රසම රස රෙසිපි විතරමයි. ඔන්න ඔයාලට ට්‍රයි කරලා බලන්න රෙසිපි 7ක්ම තියනවා. 

 

1. චිලී ගාලික් චිකන් වින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
  2. ඔලිව්තෙල් ස්වල්පයක්
  3. පැණි කෝප්ප 1/4
  4. ලෙමන් ගෙඩියක යුෂ
  5. චිලී ගාලික් සෝස් කෝප්ප 1/4
  6. චොප්කරගත් සුදුළූණු බික් 4
  7. සෝයාසෝස් කෝප්ප 1/4
  8. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1

 

  • බෝල් එකක් අරගෙන සෝයාසෝස්, පැණි, චිලී ගාලික් සෝස්, ලෙමන් යුෂ, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාගන්න. මේක හොඳට කලවම් කරලා මේකෙන් භාගයක් වෙන කෝප්පෙකට දාගන්න. 
  • දැන් චිකන් වින්ග්ස් ටික වෙන් කරගත්ත සෝස් එකට දාලා පැය 2ක් මැරිනේට් කරගන්න. මැරිනේට් කරන් සෙල්සියස් 200°ට විනාඩි 50ක් වගේ බේක් කරගන්න. කැමති නම් ෆ්‍රයි කරගන්නත් පුළුවන්. 
  • දැන් අර ඉතිරි කරගත්ත සෝස් ටික පෑන් එකකට දාලා රත් කරගන්න. මේක අඩු ගින්දරේ තික් වෙනකල් හැඳිගාන්න. මේකට බේක් කරපු චිකන් වින්ග්ස් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න. 

 

2. ග්‍රිල්ඩ් චිකන් වින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
  2. ලෙමන් පොතු ස්වල්පයක්
  3. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  4. අනියන් පව්ඩර් තේ හැඳි 1
  5. තයිම් තේ හැඳි 1
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. එළවළු තෙල් ස්වල්පයක්
  8. ලුණු

 

සෝස් එකට 

 

  1. මයෝනේස් කෝප්ප 1/2
  2. ලෙමන් යුෂ කෝප්ප 1/2
  3. Dijon Mustard මේස හැඳි 1 (සුපර්මාර්කට් වල තියෙනවා)
  4. චොප්කරගත් ළූණු කොළ තේ හැඳි 2
  5. හොට් සෝස් මේස හැඳි 1

 

  • බෝල් එකකට ලෙමන් පොතු, ලුණු, මිරිස්කුඩු, ගාලික්, තයිම් හා අනියන් පව්ඩර් දාලා කලවම් කරගන්න. මේකට චිකන් වින්ග්ස් ටික දාලා කලවම් කරගෙන පැයක් විතර මැරිනේට් කරගන්න. 
  • වෙනම බෝල් එකකට මයෝනේස්, දෙහි යුෂ, Dijon mustard හා හොට් සෝස් දාගන්න. චොප්කරගත් ළූණු කොළ ටිකත් දාලා කලවම් කරගන්න. 
  • ග්‍රිල් පෑන් එකකට තෙල් දාලා වින්ග්ස් ටික විනාඩි 20ක් විතර ග්‍රිල් කරගන්න. සෝස් එකත් එක්ක සර්ව් කරන්න. 

 

3. බාබකියු බර්බන් චිකන් වින්ග්ස් (Barbecue Bourbon Chicken Wings)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
  2. බාබකියු සෝස් කෝප්ප 1
  3. Bourbon whisky මේස හැඳි 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

  • බෝල් එකකට බාබකියු සෝස්, bourbon whisky දාගන්න. මේකට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරලා චිකන් වින්ග්ස් මිශ්‍ර කරගන්න. පැයක් මැරිනේට් කරගන්න.
  • අවන් එක සෙල්සියස් 200°ට රත් කරලා චිකන් වින්ග්ස් දාලා විනාඩි 20ක් හෝ වින්ග්ස් හොඳට බේක් වෙනකල් තියාගන්න. බාබකියු සෝස් එක්ක කෑමට ගන්න. 

 

4. ෆ්‍රයිඩ් චිකන් වින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. පාන්පිටි කෝප්ප 1
  4. අබ කුඩු තේ හැඳි 1/2
  5. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  6. මිරිස්කුඩු තේ හැඳි 1/4
  7. බැදීමට තෙල්

 

  • චිකන් වින්ග්ස් ටික කූල් වතුර එකක දාලා  පැය 1/4ක් තියලා වතුර පෙරාගන්න. කිචන් ටවල් එකක තියලා තෙත අයින් කරගෙන ලුණු හා ගම්මිරිස්කුඩු දාලා පැයක් ෆ්‍රිජ් එකේ මැරිනේට් කරගන්න. 
  • වෙන බෝල් එකකට පාන්පිටි, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. ඊළඟට චිකන් ටික මේකෙ කෝට් කරලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

5. මේපල් බේකන් වින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
  2. බාබකියු සෝස් කෝප්ප 1/4
  3. බේකන් ස්ලයිස් 10 පමණ
  4. මේපල් සිරප් මේස හැඳි 2
  5. රතු සීනි මේස හැඳි 1
  6. කෑලිමිරිස් තේ හැඳි 1/2
  7. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1

 

  • අවන් එක සෙල්සියස් 200°ට ප්‍රීහීට් කරගන්න. 
  • වින්ග්ස් එකින් එක අරන් බේකන් වලින් ඔතලා ෆොයිල් පේපර් එකක් උඩ තියාගන්න. 
  • වෙනම බෝල් එකකට බාබකියු සෝස්, මේපල් සිරප්, ඇපල් සයිඩර් විනාකිරි දාලා  සීනි හා කෑලිමිරිස් ටිකත් එකතු කරන්න. 
  • හොඳට කලවම් කරලා බේකන් වලින් රැප් කරපු වින්ග්ස් වල ගාලා විනාඩි 45ක් බේක් කරගන්න. 

 

6. කොරියන් චිකන් වින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
  2. පාන්පිටි කෝප්ප 1/2
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. කෝන්ෆ්ලා කෝප්ප 1/2
  5. එළවළු තෙල් ස්වල්පයක්
  6. කෙචප් කෝප්ප 1/4
  7. පැණි මේස හැඳි 2
  8. ලෙමන් යුෂ ස්වල්පයක්
  9. රෝස්ට් කරගත් තල ඇට ස්වල්පයක්

 

  • කෝන්ෆ්ලා, පාන්පිටි, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. හොඳට කලවම් කරලා වින්ග්ස් ටික දාලා කෝට් කරගන්න. වින්ග්ස් ටික ගැඹුරු තෙලේ බැදගන්න. 
  • වෙනම බෝල් එකකට කෙචප්, පැණි, ලෙමන් යුෂ දාලා කලවම් කරලා සෝස් එක හදාගන්න. 
  • දැන් බැදගත් චිකන් වින්ග් මේ සෝස් එකේ තවරලා උඩින් තල ඇට ටිකක් ඉසගන්න. 

 

7. ගාලික් පාමසාන් වින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. චිකන් වින්ග්ස් ග්‍රෑම් 200
  2. එළවළු තෙල් කෝප්ප 1/4
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. මෙල්ට් කරගත් බටර් කෝප්ප 1/4
  5. චොප්කරගත් සුදුළූණු බික් 4
  6. චොප්කරගත් පාස්ලි මේස හැඳි 2
  7. ග්‍රේට්කරගත් පාමසාන් චීස් කෝප්ප 3/4
  8. කෑලිමිරිස් තේ හැඳි 1

 

  • චිකන් වින්ග්ස් වලට එළවළු තෙල්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. දැන් මේක සෙල්සියස් 200° ට විනාඩි 50ක් බේක් කරගන්න. 
  • වෙනම බෝල් එකකට මෙල්ටඩ් බටර්, චොප්කරගත් සුදුළූණු, පාස්ලි, පාමසාන් එකතු කරලා කෑලිමිරිස් ටිකත් දාගන්න. හොඳට කලවම් කරලා චිකන් ටිකත් දාලා නැවත හොඳට කලවම් කරගන්න. උඩින් තව පාමසාන් චීස් ටිකක් ඉහලා පිළිගන්වන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *