කාම සූත්‍රය සිංහලෙන් – හැත්තෑ පස් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 45 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 46 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 47 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 48 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 49 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 50 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 51 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 52 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 53 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 54 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 55 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 56 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 57 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 58 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 59 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 60 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 61 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 62 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 63 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 64 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 65 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 66 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 67 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 68 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 69 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 70 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 71 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 72 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 73 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 74 කොටස

 

කාලය ගතවෙන වේගය ගැන හිතාගන්නවත් බෑ. අපි අද වෙනකොට කාම සූත්‍රයේ හැත්තෑ පස් වැනි සැතපුම් කණුව පසු කරනවා. මෙම ලිපිය තුළින් ලාභ විශේෂ ප්‍රකරණය කියවලා නිම කිරීමත් එක්ක අපිට තව ඉතිරි වෙන්නේ  ප්‍රකරණ තුනක් කියවීමට පමණයි.

ගිය සතියේ අවසානයේදී අපි කතා කරේ විවිධ වර්ගයේ ගණිකාවන් තමන්ට ලැබෙන ධනය භාවිතා කරන්නේ කුමන කුමන කරුණු කාරණා සඳහාද යන්න පිළිබඳවයි. ඉන්පස්සෙ වත්ස්‍යායන පඬිතුමා මේ ධනය රඳා පවතින එහෙමත් නැත්නම් මේ ධනය ලැබෙන ප්‍රමාණය තීරණය කරන කරුණු පහක් ගැන සඳහන් කරනවා.

 

1. දේශය

2. කාලය

3. සමෘද්ධිය

4. අනුරාගය

5. පිළිගත් නීතිය හෝ සම්ප්‍රදාය

 

මෙම කරුණුවලින් ඇතැම් කරුණුවල බලපෑමෙන් කෙමෙන් කෙමෙනුත් ඇතැම් කරුණු බලපෑමෙන් ක්ෂණිකවත් ගණිකාවකගේ ආදායම වෙනස් වීමට හේතු වෙනවා. එම නිසා මෙම වෘත්තිය දිගුකාලීනව නිරත වීමට නුසුදුසු වෘත්තියක් බව වත්ස්‍යායන පඬිතුමා සඳහන් කරනවා.

තමන්ගේ ආශ්‍රයට පැමිණි පුරුෂයන්  වෙනත් ගණිකාවන් කරා යෑම වැළැක්වීමට දැඩි අධිෂ්ඨානයක් පවතින්නේ නම්, එසේම අනිත් ගණිකාවක් සමග  සමීප ඇසුරක් ඇති පුද්ගලයෙකු තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට කැමති නම්, අනෙක් ගණිකාවකගේ ධන ලාභය නැති කිරීමට අවශ්‍ය නම්, තමන් වෙතට ආකර්ෂණය කරගත යුතු පුද්ගලයා හරහා තම අනාගතය  සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, තමන් වෙතට පැමිණෙන කරදරයක් දුරු කිරීමට ඔහුට හැකි නම් හෝ  යම්කිසි හේතුවක් මත ඔහුට උදව් කිරීමට සිතන්නේ නම්, තමන් සමඟ වෛර බැඳගත් ගණිකාවක් කෙරෙහි ඇලුණු පුද්ගලයා වෙන් කිරීමට අවශ්‍ය නම් මෙවැනි අවස්ථාවල දී  ස්වල්ප ලාභයක් ගැන පමණක් සිතීමට සිදුවනවා.

එසේම තමන්ට පැමිණිය හැකි අනාගත කරදරයක් වළක්වා ගැනීමට හෝ ඔහු හරහා තමන්ට සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එවැනි තැනැත්තෙකු සමග මුදල්  ලබා නොගෙන හෝ එක්වීමක් සිදු කළ යුතුයි.

එසේම යම් පුද්ගලයෙකුගෙන් ධනය ලබාගෙන ඔහුව අත්හැර දමන්නේ නම් හෝ එම පුද්ගලයා තමන්ව හැර වෙනත් ගණිකාවක් කරා හෝ තම බිරිඳ  කරා යන්නෙක් නම් හෝ චපල පුද්ගලයෙකු නම්  එවැනි තැනැත්තන්ගෙන්  ලබාගත හැකි ලාභය එම මොහොතේම ලබා ගැනීමට වගබලා ගත යුතුයි.

යම් පුද්ගලයෙකුට ලැබිය යුතු ලාභයක් පිළිබඳව තමන්ට කලින් දැන ගන්නට ලැබුණු අවස්ථාවකදී (උදාහරණයක් ලෙස ඔහුට  අනාගතයේ දී තනතුරක් ලැබීමට නියමිත නම්, එසේත් නැතිනම් ඔහු විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක් අනාගතයේදී සුවිශාල ලාභයක් අත්පත් කර ගැනීමට නියමිත නම්) එවැනි තැනැත්තන්ගෙන් අනාගතයේ දී ලැබිය හැකි ලාභ අපේක්ෂා බලාපොරොත්තුවෙන්  බිරිඳක බඳු  ආකාරයෙන් ඔහුට සියළු යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතුයි.

අවසාන වශයෙන් වත්ස්‍යායන පඬිතුමා සමස්ත ප්‍රකරණය තුළම සාකච්ඡා කළ අදහස් මෙන්න මේ විදිහට සංක්‍ෂිප්තව දක්වනවා.

තමන්ට ඒ මොහොතේ දී සුවිශාල ධනයක් ලබාදුන්නත් එම පුද්ගලයා දුකසේ ධනය උපයා උපයා ගත් පුද්ගලයෙකු නම් හෝ තද  හිතැති, මුරණ්ඩු සහ දැඩි තීරණ ගන්නා රාජ්‍ය නිලධාරියෙක් නම් එවැනි තැනැත්තන් සමඟ දිගුකාලීන ආශ්‍රයකට එළඹීම සුදුසු වන්නේ නැහැ.

ඒ කෙසේ වෙතත් යම් පුද්ගලයෙකු ආශ්‍රය කිරීම නැවැත්වීම මඟින් තමන්ට අනාගතයේදී සුවිශාල පාඩුවක් වේ නම් හෝ එවැනි පුද්ගලයන් ඉදිරියේදීත් විශාල ලාභයක් ලබා ගැනීමට නියමිතව සිටින්නේ නම් එවැනි අය සමග සමීප ආශ්‍රයක් ඇතිකරගත යුතු අතර ඔවුන්ට ගරුසරු සහිතව සැලකීමට වගබලා ගත යුතුයි.

ඉතාම සුළු දෙයකින් වුවත් පැහැදීමක් ඇති කරගෙන බොහෝ ධනය ලබාදෙන දක්ෂ සහ උත්සාහයෙන් යුක්ත වීර්යාධික පුද්ගලයන් සමග තමා අතින් මුදලක් වියදම් කරගෙන හෝ සම්බන්ධ වීමට ගණිකාවක් පෙළඹිය යුතුයි කියලා වත්ස්‍යායන පඬිතුමා පවසනවා.

 

ඔන්න ඔය විදිහට කාම සූත්‍රයේ ලාභ විශේෂ ප්‍රකරණය නිමාවට පත් වනවා. ලබන සතියේ අපි අර්ථ අනර්ථ අනුබද්ධ සංශය ප්‍රකරණය කියවමු. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ඔබේ යාළු මිත්‍රයෝ එක්ක whatsapp හරහා හෝ සිග්නල් හරහා බෙදා ගන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *