බත් වලට, කරි එකකට දාලා හදන ග්‍රීන්පීස් වලින් වෙනම කරීස්, ස්නැක්ස් හදන්නත් පුළුවන් කියලා දැනගෙන හිටියද? ඒ වගේ හදන්න පුළුවන් රෙසිපි ටිකක් තමයි ලයිෆි අපි ඔයාලට ගෙනාවේ. ඉන්දියාවෙ ගොඩක් ජනප්‍රිය මේ රෙසිපි වලට ඔයාලත් ගොඩක් ආසවෙයි කියලා හිතෙනවා.
1. ස්පයිසි ග්‍රීන්පීස් මසාලා
අවශ්‍ය ද්‍රව්‍ය
- අයිස් ඉවත් කරගත් ග්‍රීන්පීස් කෝප්ප 1 1/2
- චොප්කරගත් සුදුළූණු බික් 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- සූදුරු තේ හැඳි 1
- තෙල් ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහකුඩු තේ හැඳි 1/2
- ගරම් මසාලා තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- මිරිස්කුඩු මේස හැඳි 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ කෝප්ප ½
- පෑන් එකට තෙල් ටිකක් රත්වෙන්න දාගන්න. සූදුරු දාල බැදෙනකොට ළූණු හා සුදුළූණු ටික දාලා හොඳට තෙම්පරාදු කරගන්න. ඊළඟට ග්‍රීන්පීස් ටික එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. හොඳට කලවම් කරලා විනාඩි 3ක් පිසගන්න.
- කහකුඩු, ගරම් මසාලා හා කොත්තමල්ලි කුඩු එකතු කරගන්න. මිරිස්කුඩු ටිකත් දාගන්න. මේකට චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාලා වතුර කෝප්ප 1/4ක් වගේ දාලා විනාඩි 7-8ක් විතර අඩු ගින්දරේ වහලා පිසගන්න.
2. ග්‍රීන්පීස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 200
- අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- රට ඉඳි ගෙඩි 2
- පිස්ටාචියො ඇට කිහිපයක්
- සූදුරු තේ හැඳි 2
- සූදුරු කුඩු තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- කඩලපිටි මේස හැඳි 2
- රස අනුව ලුණු
- දෙහි බෑයක යුෂ
- තෙල් ස්වල්පයක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ග්‍රීන්පීස් දාලා ටිකක් බැදගන්න. ටිකකින් චොප්කරගත් ඉඟුරු, අමුමිරිස්, සූදුරු කුඩු, කොත්තමල්ලි කුඩු, කහකුඩු හා සූදුරු ඇට ටිකත් දාලා රස අනුව ලුණු දාගන්න.
- මේකට වතුර කෝප්ප 1/4ක් වගේ දාගන්න. විනාඩි 7ක් විතර වහලා පිසගන්න. වතුර ඔක්කොම හිඳුනට පස්සෙ පිස්ටාචියො හා චොප්කරගත් රට ඉඳි ටික දාගන්න. දැන් මේක ලිපෙන් බාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
- ඊළඟට මේකට කඩල පිටි ටික දාලා දෙහි යුෂ ටිකත් දාලා කලවම් කරගන්න. හොඳට කලවම් කරලා බෝල හදාගෙන පැතලි කරගන්න. දැන් පෑන් එකකට තෙල් ටිකක් දාලා මේ හදාගත්ත කට්ලට් හොඳට දෙපැත්ත බැදගන්න.
3. ෆ්‍රයිඩ් ග්‍රීන්පීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1
- සූදුරු තේ හැඳි 1
- තෙල් ස්වල්පයක්
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- චොප්කරගත් අමුමිරිස් කරලක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලිමිරිස් තේ හැඳි 1
- දෙහි බෑයක යුෂ
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- පෑන් එකකට තෙල් ටිකක් දාලා සූදුරු දාලා බැදෙන්න අරින්න. මේකට චොප්කරගත් ඉඟුරු, අමුමිරිස් දාලා තෙම්පරාදු කරගන්න. දැන් ග්‍රීන්පීස් ටික දාලා ලුණු, ගම්මිරිස්කුඩු හා කෑලිමිරිස් ටිකත් දාලා කලවම් කරගන්න.
- තවත් විනාඩි 5ක් විතර තෙම්පරාදු කරලා දෙහි යුෂ ටිකක් දාලා චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාලා ලිපෙන් බාගන්න.
4. ග්‍රීන්පීස් විත් කැරට් වීගන් කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් ග්‍රීන්පීස් ග්‍රෑම් 500
- කපාගත් කැරට් කෝප්ප 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු බික් 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කෑලිමිරිස් තේ හැඳි 1
- පොල්තෙල් ස්වල්පයක්
- කෝන්ෆ්ලා තේ හැඳි 2
- වතුර
- පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට චොප්කරගත් ළූණු එකතු කරන්න. ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.
- ටිකකින් කැරට් ටික එකතු කරන්න. විනාඩි 5ක් වහලා පිසගන්න. ඊළඟට ග්‍රීන්පීස් ටික එකතු කරන්න. මේකට වතුර කෝප්ප 1/2ක් වගේ දාලා කලවම් කරලා වහලා ආයෙ විනාඩි 7ක් වගේ පිසගන්න.
- කෝන්ෆ්ලා වලට වතුර ටිකක් දාලා කලවම් කරලා ග්‍රීන්පීස් කරි එකට එකතු කරන්න. අන්තිමට චොප්කරගත් සුදුළූණු ටික දාලා තව ටිකක් හැඳිගාලා ලිපෙන් බාගන්න.
5. ක්‍රන්චි රෝස්ටඩ් ග්‍රීන්පීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- අයිස් ඉවත් කරගත් ග්‍රීන්පීස් කෝප්ප 1
- ලුණු ස්වල්පයක්
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- සූදුරු කුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- තෙල් මේස හැඳි 4
- ග්‍රීන්පීස් ටික කිචන් ටවල් එකකට දාල හොඳින් තෙත ඉවත් කරගන්න.
- බෝල් එකකට ග්‍රීන්පීස් ටික දාලා ඉහත සියල්ලම දාගන්න.
- හොඳට කලවම් කරලා බේකින් පේපර් එකක අතුරලා 180°ට විනාඩි 20ක් ක්‍රිස්පි වෙනකම් බේක් කරගන්න. අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන් නිසා විනාඩි 20කට පස්සෙ බලල ක්‍රිස්පි මදි නම් තව බේක් කරගන්න.
6. ග්‍රීන්පීස් වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
- පැය 6ක් පොඟවාගත් වියළි ග්‍රීන්පීස් කෝප්ප 2
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- කරපිංචා ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/2
- සූදුරු කුඩු තේ හැඳි 1/2
- ලුණු
- හාල්පිටි මේස හැඳි 2
- ග්‍රීන්පීස් ටික වතුර බේරලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේකට ළූණු, කරපිංචා, ඉඟුරු, කොත්තමල්ලි කොළ, අමුමිරිස්, ඉඟුරු, සූදුරු කුඩු හා කහකුඩු දාලා රස අනුව ලුණු එකතු කරන්න. නැවත හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
- දැන් මේකට හාල්පිටි එකතු කරලා අතේ නොඇලෙන ගාණට හදාගන්න. අතේ තෙල් ටිකක් ගාගෙන වඩේ හැඩයට හදලා ගැඹුරු තෙලේ බැදගන්න.
- මේක කැමති නම් ග්‍රීන්පීස් වල කෑලි ගතිය තියෙන්න ග්‍රයින්ඩ් කරලා වඩේ එක හදන්නත් පුළුවන්.
7. ක්‍රීමි ග්‍රීන්පීස් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- ටින් කරගත් ග්‍රීන්පීස් කෝප්ප 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- ඔලිව්තෙල් මේස හැඳි 2
- චොප්කරගත් සුදුළූණු බික් 3-4
- සීනි තේ හැඳි 2
- චොප්කරගත් කොත්තමල්ලි කොළ හා මින්චි කොළ ස්වල්පයක්
- බටර් මේස හැඳි 1
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2
- පෑන් එකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු හා සුදුළූණු ටික තෙම්පරාදු කරගන්න. මේකට ග්‍රීන්පීස් ටිකත් දාගන්න. වතුර කෝප්ප 1ක් එකතු කරන්න. රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු හා සීනි ටිකත් එකතු කරන්න. මින්චි කොළ හා කොත්තමල්ලි කොළ ටික දාගන්න.
- දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේ ටික හොඳට පෙරලා ක්‍රීමි පේස්ට් එක මිරිකලා ගන්න.
- මේ පේස්ට් එකට වතුර කෝප්ප 1/2ක් දාලා කලවම් කරලා ආයෙ ලිපේ තියාගන්න.
- මේකට තව මින්චි කොළ හා කොත්තමල්ලි කොළ ටිකක් දාලා ෆ්‍රෙශ් ක්‍රීම් හා බටර් ටිකත් දාගන්න. හොඳට නටනකොට ලිපෙන් බාගන්න.
Leave a Reply