ආදරය කියන්නේ හරි අමුතුම දෙයක්. මේ ලෝකේ කිසිම පුද්ගලයෙකුට ආදරය කියන වචනයේ නිර්වචනය හරියට ඉදිරිපත් කරන්න හම්බ වෙලා තියෙනවා කියලා කියන්න අමාරුයි. සමහරු කියන විදිහට ආදරය අන්ධයි. ඒ ඉදිරියේ තර්ක ඥානය පලා යනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ විදිහට ආදරය ඉදිරියේ තර්ක ඥානය පලා ගිහිල්ලා, ආදරය නිසා තමන්ගේ ජීවිතය පවා අහිමි කර ගත් ගැහැණුන් කීප දෙනෙක් ගැන.
1. කුවේණි
අපේ රටේ ඉතිහාසය එක්ක බැඳිච්ච අනුවේදනීය චරිතයක් තමයි කුවේණි කියන්නේ. පිටරටින් ආපු විජයට පෙම් බැඳීම නිසා කුවේණි තමන්ගේ වර්ගයාව පාවා දෙනවා. මේ නිසා ලංකාවේ ශතවර්ෂ ගණනාවක් වාසය කරපු යක්ෂ ප්‍රජාවට තමන්ගේ බලය අහිමි වෙනවා. විජය ලංකාවේ රජ වෙනවා. නමුත් ඔහු තමන්ට පෙම්බැඳි කාන්තාවට වඩා තමන්ගේ රාජ්‍යත්වය ගැන බැඳිච්ච සම්ප්‍රදාය ගැන හිතනවා. මදුරාපුරයෙන් කුමාරිකාවක් ලංකාවට එද්දී කුවේණියට තමන්ගේ දරු දෙන්නා එක්ක තමන්ගේ නෑයන් ගාවට යන්නයි සිදු වෙන්නේ. ඇයට අත් වුණේ මොන වගේ ඉරණමක් ද කියන එක ගැන අපි කියන්න යන්නේ නැහැ. මොකද මේ ලිපිය කියවන හැමෝම වගේ ඒ ගැන දන්න නිසා.
2. මදිවදනී උම්බු
ලංකාවේ අංක එකේ සතුරා වුණ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිත සසල කිරීමට සමත් වුණු තරුණිය ඇයයි. ආරම්භයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ කිසිදු සාමාජිකයෙකුට විවාහය සඳහා අවසර හිමි වුණේ නැහැ. මේ කාලයේදී යාපනය විශ්ව විද්‍යාලයේ උපවාසයක් ආරම්භ වෙනවා. මෙම උපවාසය නතර කරන ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය දන්වා සිටිනවා. නමුත් උපවාසකරුවන් මෙම තීරණයට එකඟ වන්නේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මෙම උපවාසකරුවන් පැහැරගෙන ඉන්දියාවට ගෙන යාමයි. එහි දී පැවැත්වුණු හෝලි උත්සවයකදී එම උපවාසකාරියන් අතර සිටි මදිවදනී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ මුහුණේ හෝලි තවරනවා. එසේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ඇරඹෙන අතර විවාහ වීමෙන් පසු දරුවන් තිදෙනෙක් ලැබෙනවා. නමුත් ඔවුන් සියල්ලන්ටම තමන් දායක වූ දේවල ප්‍රතිඵල ලෙස මරණය හිමිවනවා.
3. විනීතා ගුණසේකර
මහරගම පොලිසියේ සේවය කරන්න ආපු උතුරු පළාතේ කඩවසම් පොලිස් කොස්තාපල්වරයෙක් සහ කඹුරුගමුව පැත්තේ ඉඳන් මිරිහාන පොලිසියේ සේවයට ආපු විනීතා ගුණසේකර යන දෙදෙනා දෙදෙනාටම නොදැනීම ආදරයක පැටලෙනවා. ගෙවල්වලින් ආපු විරෝධතා එක්ක ඔවුන් දෙදෙනාම විවාහ වී යාපනය ප්‍රදේශයේ පදිංචියට යනවා. නමුත් පස්සේ කාලෙකදි නඩේසන් කොටි පොලිසියේ ප්‍රධානියා බවට පත්වෙනවා. විනීතාත් එල්ටීටීඊ සංවිධානයේ ආධාරකාරියක් බවට පත් වී ඔහුට සහයෝගය ලබා දෙනවා. අවසන් සටනේ දී ඔවුන් දෙදෙනාටම මරණය උරුම වෙනවා.
4. චිත්‍රාංගනී ප්‍රනාන්දු
ලංකාවේ සමහර කසාද සිද්ධවෙන්නේ ගෙවල්වල ඕනෑකමට. පිරිමි පාර්ශවයටත් වඩා මේ කසාද වල ගොදුරු බවට පත් වෙන්නේ කාන්තාවෝ. විවාහයත් එක්ක ඒ කාන්තාව වෙන කරන්න දෙයක් නැති කමට තමන්ගේ සැමියාට ආදරේ කරන්න පටන් ගන්නවා. චිත්‍රාංගනී විජේවීර කියන්නෙත් ඒ වගේ චරිතයක් කිව්වොත් වරදක් නැහැ. ඇයට විජේවීර විවාහ කරගන්න වෙන්නේ ඇගේ සහෝදරයා වුණු චන්ද්‍රා ප්‍රනාන්දුගේ බලකිරීම මත. විජේවීරගේ මරණයත් එක්ක දරුවන් පස් දෙනෙක් එක්ක ඇයටත් රජයේ හමුදාවලට භාර වීම ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
5. මුතුලක්ෂ්මි
කුප්‍රකට මංකොල්ලකරුවෙකු වූ වීරප්පන්ගේ බිරිඳ වූ ඇය ඔහුටම ගැලපෙන බිරිඳක්. ඔහුගේ බොහෝ නීත්‍යානුකූල නොවන ක්‍රියා සඳහා ඇය දායකත්වය ලබා ලබාදී තිබෙනවා. මේ නිසාම වරින් වර අත්අඩංගුවට පත් වූ ඇය රාජ්‍ය නිලධාරීන් සමඟ නිතර නිතර ගැටුම් ඇතිකර ගැනීමට ප්‍රසිද්ධව සිටියා. කෙසේ වෙතත් ඇය තම දියණියන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළා. තමිල්නාඩු පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට ඇය උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැහැ.
6. ඊවා බ්‍රවුන්
ඇඩෝල්ෆ් හිට්ලර්ගේ මුළු ජීවිත කාලයටම යම් කාන්තාවකට පෙම් කළා නම් ඒ ඇයට විතරයි. ඒ වගේම වාර්තාවල සඳහන් වෙන ආකාරයට ඇයත් ඔහුට පෙරළා ප්‍රේම කරලා තියෙනවා. නමුත් ඔහු සමග ජීවිතයේ ඇති වූ ආතතිය නිසා ඇය දෙපාරක් සියදිවි හානි කරගන්න උත්සාහ කරලා තියෙනවා. අවසානයේදී දෙවන ලෝක යුද්ධයේ අවසන් අදියරේදී රතු හමුදා ඔවුන් දෙදෙනා රැඳී සිටිය බංකරය වෙත ළඟා වීමට ආසන්නයි කියලා දැනගත්ත හිට්ලර් සහ ඇය විවාහ දිවියට එළඹෙනවා. නමුත් ඉන් පැය කිහිපයකට පස්සෙ ඔවුන් දෙදෙනාම සිය දිවි හානි කර ගන්නවා.
7. ක්ලාරා පෙටාසි
ඉතාලියේ ආඥාදායක බෙනීටෝ මුසලෝනිගේ අනියම් බිරිඳ වුණු ඇය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳටත් වඩා ඔහුට ආදරය කළා. ඔහුට වසර 28කින් බාල වූ ඇය ඒ වන විටත් විවාහක තැනැත්තියක්. ඉතාලි දේශප්‍රේමීන් විසිනි මුසලෝනිව පැහැරගෙන වෙඩි තබා ඝාතනය කරන්නට තැත් කරන අවස්ථාවේ ඇය ඔහු ඉදිරියේ හිටගෙන එම වෙඩි පහරවල් වලට තමන්ව ගොදුරුවීමට සැලසුවා. අවසානයේදී එම ස්ථානයේ ඝාතනය වූ මුසලෝනී, ක්ලාරා ඇතුළු සියළු දෙනාගේම සිරුරු හිස පහතට එල්ල වන පරිදි එල්ලා තැබීමට ඝාතකයන් කටයුතු කළා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply