ගෙදරම හදාගන්න රසම රස ඉඩ්ලි රෙසිපි 5ක්

සයිවර් කඩේකට ගියාම කන්න තියන කෑම අතරින් සමහරු විශේෂයෙන්ම කන්න කැමති කෑමක් ඉඩ්ලි. මේක ඉන්දියන් කෑමක්. කොරෝනා කාලේ කඩෙන් කන්න බැරුව හිටපු උදවියට ඔන්න ගෙදරදිම හදලා කන්න රස රැසකින් ඉඩ්ලි රෙසිපි ගෙනාවා. 

 

1. රුලං ඉඩ්ලි (Rava Idli)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං කෝප්ප 1
  2. තෙල් ස්වල්පයක්
  3. අබ තේ හැඳි 1
  4. කඩල පරිප්පු තේ හැඳි 1
  5. සූදුරු තේ හැඳි 1/2
  6. කරපිංචා ස්වල්පයක්
  7. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  8. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 2
  9. කජු කෝප්ප 1/4
  10. පොඩියට කපාගත් කැරට් කෝප්ප 1/4
  11. චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/4
  12. ස්වීට්කෝන් තේ හැඳි 2
  13. චොප්කරගත් බෝංචි කෝප්ප 1/4
  14. ග්‍රීන්පීස් මේස හැඳි 2
  15. කහකුඩු තේ හැඳි 1/4
  16. ලුණු ස්වල්පයක්
  17. මුදවපු කිරි කෝප්ප 3/4
  18. ලුණු
  19. චොප්කරගත්  කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට අබ ටික දාගන්න. ඊලඟට කඩල පරිප්පු, සූදුරු හා කරපිංචා දාලා බැදෙන්න අරින්න. 
  • ටිකකින් චොප්කරගත් අමුමිරිස්, ඉඟුරු, කජු එකතු කරන්න. තෙම්පරාදු කරන් ඒකට කැරට්, බෙල්පෙපර්, ස්වීට්කෝන්, බෝංචි හා ග්‍රීන්පීස් ටික දාගන්න. ගොඩක් මැලවෙන්න දෙන්න එපා. 
  • ඒකට කහකුඩු හා ලුණු එකතු කරන්න. හොඳට කලවම් කරලා රුලං ටික දාගන්න. 
  • අඩු ගින්දරේ රුලං ටික බැදෙන විදියට කලවම් කරගන්න. හොඳට බැදුනම ලිපෙන් බාලා මුදවපු කිරි එකතු කරගන්න. 
  • මේකට වතුර චුට්ටක් දාලා කලවම් කරන ගමන් චොප්කරගත් කොත්තමල්ලි කොළ එකතු කරන්න. රස බලල ලුණු දාලා තික් බැටර් එකක් හදාගන්න. 
  • මේක විනාඩි 20ක් වහලා තියන්න. ඒ අතරට ඉඩ්ලි හදන කප්ස් වලට තෙල් බ්‍රශ් කරගන්න. ඉඩ්ලි බැටර් එක දාලා ස්ටීමර් එකෙන් තියලා විනාඩි 15ක් ස්ටීම් කරගන්න. 

 

2. පුන්ඩි – රයිස් බෝල්ස් (Pundi- Rice Balls)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තෙල් ස්වල්පයක්
  2. උළුහාල් තේ හැඳි 1
  3. කෑලිමිරිස් තේ හැඳි 2
  4. කරපිංචා ස්වල්පයක්
  5. ගෙදර කොටාගත් හාල්පිටි කෝප්ප 1 (කප්පි සමඟ)
  6. ලුණු
  7. ගාගත් පොල් කෝප්ප 1/4
  8. උණුවතුර කෝප්ප 3

 

  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වුණාම අබ ටික දාගන්න. 
  • මේකට උළුහාල්, කෑලිමිරිස් හා කරපිංචා දාලා බැදෙන්න අරින්න. 
  • ටිකකින් හාල්පිටි ටික දාලා රස අනුව ලුණු දාගන්න. පොල් ටික එකතු කරලා කලවම් කරලා උණුවතුර එකතු කරන්න. 
  • හොඳට හැඳි ගාලා හාල්පිටි වලට වතුර උරාගත්තට පස්සෙ මිශ්‍රණය එකට ඇලෙන ගතියට එනවා. ඒ වෙලාවෙදි ලිපෙන් බාගන්න. දැන් මේකෙන් බෝල හදලා යන්තම් පැතලි කරන් මැදින් පොඩි වලක් හදලා ස්ටීමර් එකේ දාලා පැය කාලක් ස්ටීම් කරගන්න. 

 

3. බනානා රයිස් ඉඩ්ලි (Banana Rice Idli)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ග්‍රයින්ඩ් කරගත් බත් කෝප්ප 1/4
  2. කුරක්කන් පිටි හෝ රුලං කෝප්ප 1/2
  3. පෙති කපාගත් ලොකු කෙසෙල් ගෙඩි 1
  4. ගා ගත් පොල් කෝප්ප 1/4
  5. උණු කරගත් හකුරු කෝප්ප ¼ (අත්‍යාවශ්‍ය නැහැ)
  6. ලුණු
  7. බේකින් සෝඩා තේ හැඳි  1/2
  8. වතුර
  9. බටර් තේ හැඳි 2

 

  • බත්, කුරක්කන් හෝ රුලං, ගා ගත් පොල්, ලුණු, වතුර, බටර්, හකුරු හා අන්තිමට බේකින් සෝඩා එකතු කරන්න. හොඳින් කලවම් කරන් කෙසෙල් එකතු කරගෙන පොඩි කරමින් කලවම් කරන්න.
  • මේක ඉතා ඝනකමට හෝ දියාරුවටත් නැති සාමාන්‍ය බැටර් එකක් වෙන්න ඕනෙ. 
  • සාදාගත් මිශ්‍රණය විනාඩි 15 ක් විතර තියන්න. ඉඩ්ලි ස්ටීමරේ කප්ස් වලට බටර් හෝ තෙල් ටිකක් ගා ගන්න.  
  • ඊළඟට මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් ගෙන කප්ස් වලට පුරවලා, විනාඩි 10ක් පමණ ස්ටීම් කරගන්න. 

 

4. කුරක්කන් ඉඩ්ලි (Ragi Idli)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුරක්කන් පිටි කෝප්ප 1/2
  2. රුලං කෝප්ප 1/2 
  3. ලුණු ස්වල්පයක්
  4. යෝගට් කෝප්ප 1/2
  5. වතුර කෝප්ප 1/2
  6. බේකින් සෝඩා තේ හැඳි 1/4

 

  • භාජනයකට කුරක්කන් පිටි, රුලං, ලුණු දාලා හොඳට මික්ස් කරන්න. ඒකටම යෝගට් දමා නැවත මික්ස් කරන්න. ඒකට වතුර ටිකෙන් ටික දලා හොඳට කලවම් කරන්න. විනාඩි 15ක් විතර වහල තියන්න.   
  • ඊළඟට ඒකට බේකින් සෝඩා දාලා හොඳට කලවම් කරන්න. ඉඩ්ලි ස්ටීමරේ කප්ස් වලට බටර් හෝ ඔයිල් ටිකක් ගා ගන්න. මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් ගෙන කප්ස් වලට පුරවලා විනාඩි 8 -10ක් පමණ වේලාවක් ස්ටීම් කරගන්න. 

 

5. මුං ඩාල් ඉඩ්ලි (Moong Dal Idli)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මුං පරිප්පු කෝප්ප 1
  2. වතුර කෝප්ප 1/2
  3. මුදවපු කිරි හෝ යෝගට් කෝප්ප ¼
  4. තෙල් තේ හැඳි 2
  5. අබ තේ හැඳි  1/2
  6. සූදුරු තේ හැඳි 1
  7. කඩල පරිප්පු තේ හැඳි 1
  8. පොඩියට කපාගත් මිරිස් කරල් 2
  9. චොප් කර ගත් ඉඟුරු කැබැල්ලක්
  10. කරපිංචා ස්වල්පයක්
  11. චොප් කර ගත් කජු ටිකක්
  12. ග්‍රේට් කර ගත් කැරට් කෝප්ප 1/2
  13. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  14. ලුණු තේ හැඳි 1

 

  • මුං පරිප්පු හා වතුර පැය 2 ක් විතර පෙඟෙන්න තියන්න. ඊළඟට ඒක ස්මූත් බැටර් එකක් එන විදිහට බ්ලෙන්ඩ් කරගන්න.  
  • වෙනත් භාජනයකට ඒ බැටර් එක දාගෙන, එයට මුදවපු කිරි දාලා හොඳට මික්ස් කරගන්න.   
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් දාලා
  • රත් වෙන්න තියලා එයට අබ, සූදුරු, කඩල පරිප්පු, මිරිස්, ඉඟුරු, කරපිංචා හා කජු ටික දාලා හොඳට රන්වන් පැහැවන තුරු තෙම්පරාදු කරගන්න. ඒකට කැරට් දාලා විනාඩි 2ක් විතර නැවත තෙම්පරාදු කරගන්න. 
  • දැන් කලින් සදා ගත් බැටර් එකට ඒ ටික දාන්න. කොත්තමල්ලි කුඩු හා ලුණු දලා හොඳින් කලවම් කරන්න.  
  • ඉඩ්ලි ස්ටීමරේ කප්ස් වලට තෙල් ටිකක් ගා ගන්න.සදාගත් බැටර් එක කප්ස් වලට දාගෙන විනාඩි 15 ක් විතර ස්ටීම් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *