කෙල්ලගෙන් බැණුම් අහගන්නෙ නැතුව දෙන්නට කරන්න පුළුවන් සෙක්ස් ෆැන්ටසීස් කීපයක්!

දැන් ඔය සෙක්ස් ෆැන්ටසි කියන ජාතිය ගැන අපි කලිනුත් Lifie.lk එකෙන් හඳුන්වලා දීලා තියෙනවනේ. ඒ කියන්නේ යම් කෙනෙක්ට ලිංගික උත්තේජනයක් ලබාදෙන, හිතේ මවාගන්න යම් කිසි ලිංගිකත්වය හා සම්බන්ධ වුණු දෙයක් තමයි සෙක්ස් ෆැන්ටසි එකක් කියන්නේ. ඒක ඉතින් ඇත්ත ලෝකෙට ගේන්නත් පුළුවන්. හැබැයි අපි මෙතනදී සඳහන් කරලා තියෙනවා ඇත්ත ලෝකෙට ගේන එක ප්‍රශ්නකාරී ෆැන්ටසීස් ගැනත්. ඒ කියන්නේ එක්කෝ තමන්ගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි කරනවාට කිසිසේත්ම කැමති නැති ෆැන්ටසි එකක් තමන් කරන්න යන එක ප්‍රශ්නයක්. ඒ වගේම රටේ ලෝකේ සදාචාරයට සහ නීතිරීති වලට අනුව වැරැද්දක් විදියට ගන්න පුළුවන් ෆැන්ටසි එකක් වුනත් ඇත්ත ලෝකෙට ගේන්න යන එක බරපතළ ප්‍රශ්නයක් වෙනවා. හරි, එහෙම නැතුව සාක්ෂාත් කරගන්න පුළුවන් සෙක්ස් ෆැන්ටසීස් වුනත් ඕනෑ තරම් තියෙනවනේ. ඇත්තටම එක්කෝ කෙනෙක්ගේ ඔලුවේ දැන්ම තියාම ඒ වගේ ෆැන්ටසීස් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කෙනෙක් ආස වෙන්න පුළුවන් වයිෆ් කිචන් එකේ ඉන්නකොට කිචන් ටේබල් එක උඩ එයත් එක්ක සෙක්ස් කරන්න. එහෙම නැතිනම් තමන්ගේ නිර්මාණශීලී පරිකල්පනය යොදවලා ඒ වගේ ෆැන්ටසීස් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඉතින් ඔය ෆිල්ම් වල, ටීවී එකේ එහෙම දැකලා තියෙන සෙක්ස් ෆැන්ටසි එකක් වුනත් අත්හදා බලන්න පුළුවන්!

 

එහෙමත් නැතිනම් මේ ලිස්ට් එකේ තියෙන සෙක්ස් ෆැන්ටසි වලින් එකක් තමන්ට සෙට් වෙයිද කියලා බලන්නත් පුළුවන්!

 

1. බොස්, සෙක්‍රටරි රෝල්-ප්ලේ

ඔය රෝල් ප්ලේ කියන්නේ ඇත්තටම සෙක්ස් කිරීම වඩාත් රසවත් කරගන්න පුළුවන් ෆැන්ටසි එකක්. ඔය බොස් සෙක්‍රටරි ෆැන්ටසි එකක් සමහරුන්ට තියෙන්න පුළුවනිනේ. හැබැයි ඉතින් ඇත්තට ඕක කරන්න යන එක සමහර විට කේස් වෙනවා විතරක් නෙවෙයි, ඒක අපිට අනුමත කරන්නත් බැරි දෙයක්. හැබැයි, එහෙමයි කියලා ඒ ෆැන්ටසි එක නොකර ඉන්න ඕන නෑ. නීති රීති බිඳහෙළන්නෙ නැතිව ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. 

ඔන්න වයිෆ් ඔෆිස් යන කිට් එකෙන් – අපි කියමු සාරිය ඇඳලා කියලා- ගෙදර මේසේ ගාව වැඩ කර කර ඉන්නවා. ඔන්න හස්බන්ඩ් ටයි එක එහෙම දාලා ඔෆිස් කිට් එකෙන් සැරසිලා එතනට එනවා. ඊට පස්සේ ඉතින් දෙන්නා එක්ක පොඩ්ඩක් ඉඟි බිඟි උකුළු මුකුළු වලට ගිහිල්ලා, ටිකෙන් ටික වැඩේට එන්ටර් වෙනවා. අන්තිමට ඕන නම් මේසේ උඩ තියෙන ලියකියවිලි අනං මනං බිමට ඇදලා දාලා මේසේ උඩම සෙක්ස් කරන්න පුළුවන්! ඕන නං වයිෆ් බොස් වෙලා, හස්බන්ඩ්ට එයා යටතේ වැඩකරන කෙනෙක් වෙන්නත් පුළුවන්!

 

2. ආගන්තුක ප්‍රේමයක්

දැන් ඔය ෆිල්ම් වල එහෙම පෙන්නන්නේ ආගන්තුක මනුස්සයෙක්ව පබ් එකේදී මුණගැහිලා, දෙන්නත් එක්ක කතා බතා කරන්න පටන් අරගෙන, එක දේකින් අනික් දේට ගිහිල්ලා අන්තිමට දෙන්නා සෙක්ස් කරන සීන්. සමහරුට ඇත්තටම ඔය වගේ වන් නයිට් ස්ටෑන්ඩ් ෆැන්ටසි තියෙනවා. හැබැයි ඉතින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් දෙන්නට හරි ඔය වගේ ෆැන්ටසි එකක් ඇත්ත කරගන්න බැරිද?

ඔන්න දෙන්නත් එක්ක රෙස්ටුරන්ට් එකකට හරි බාර් එකකට හරි ක්ලබ් එකකට හරි වෙන වෙනම යනවා. ඊට පස්සේ ඔන්න එක්කෙනෙක් අනික් එක්කෙනා එක්ක අඳුනන්නෙ නැති විදියටම රඟ පාමින් ෆ්ලර්ට් කරනවා. දෙන්නත් එක්ක ටිකෙන් ටික කතාබහෙන් කුළුපග වෙනවා. හැබැයි ඉතින් මේ චරිතය ඇතුළේ ජීවත් වෙන ඕන, හරිද. ආන්න එහෙම ගිහිල්ලා ගිහිල්ලා දෙන්නත් එක්ක එදාම අඳුනගත්තු කපල් එකක් වගේ ගෙදර ගිහින් සෙක්ස් කරනවා. ඒක වෙනම ෆීල් එකක් වෙනවට මෙන්න කැට!

 

3. හවුල් ස්වයං වින්දනය

සෙක්ස් කරන්න පාට්නර් කෙනෙක් ගෙදරම ඉන්නකොට මක්කටැයි ස්වයං වින්දනය කරන්නේ කියලද හිතුවේ? එහෙම හිතන්නෙපා. ස්වයං වින්දනය කියන්නේ සෙක්ස් කරන්න කෙනෙක් නැතිකමටම තනියෙන් ගන්න ආතල් එකක් නෙවෙයි. ඊට වඩා දෙන්නත් එක්කම ස්වයං වින්දනය කරන එකේත් වෙනම ෆන් එකක් තියෙනවා. ඇත්තටම ඒක සමහරුන්ගේ ෆැන්ටසි එකක්.

හිතන්න දෙන්නත් එක්ක එකම ඇඳේ දෙකෙළවරක ඉඳන්, එකිනෙකා දිහා බලාගෙන ස්වයං වින්දනය කරනවා කියලා. මෙතනදී දෙන්නට දෙන්නා දිහා බැලීම වගේම, අනික් කෙනා ස්වයං වින්දනය කරන දිහා බලන එකත් වැඩි උත්තේජනයක් සපයනවා. ඕන නම් දෙන්නට දෙන්නාට රාගික හැසිරීම් පෙන්වීම වගේ උදවු පදවු වුනත් කරගන්න පුළුවන්.

 

4. පබ්ලික් ටීසින්ග්

මේ කියන්නේ කෙලින්ම පබ්ලික් සෙක්ස් සම්බන්ධයෙන්ම නෙවෙයි. සාමාන්‍යයෙන් සමහරුන්ට පබ්ලික් සෙක්ස් වලට -ඒ කියන්නේ ප්‍රසිද්ධියේ/ප්‍රසිද්ධ තැන් වල සෙක්ස් කරන්න- ආසාවක් තියෙනවනේ. හැබැයි ඉතින් ඒක අන්තරායදායක වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ආන්න ඒ නිසා අපි යෝජනා කරන්නේ වෙනත් දෙයක්. දැන් දෙන්නත් එක්ක කොහේ හරි යනවා කියමුකෝ. එතකොට දෙන්නා එකිනෙකාව රහසින් අවුස්සනවා වගේ කතන්දරයක්. නිකම් හිතන්න, ඇවිදගෙන යනකොට තමන්ගේ උරහිසෙන් නොදන්නවා වගේ අනික් කෙනාගේ පියයුරු ස්පර්ෂ කරන එක, එකිනෙකාගේ ඇඟිලි රාගිකව ස්පර්ෂ කරන එක, කන් පෙති පිරිමදින එක, කාටත් හොරෙන් කලවා මිරිකන එක වගේ දේවල්. ඊට පස්සේ ඉතින් දෙන්නම ඇවිස්සිලා ඉන්න අතරේ ගෙදර එනකල් ඉවසිල්ලක් නැතුව ඉඳලා, ගෙදර ආපු ගමන් සෝෆා එක උඩට පෙරළෙන්න තමයි තියෙන්නේ!

 

5. කෑම්ප් සෙක්ස්

ඔය අවුට්ඩෝර් ඇඩ්වෙන්චර් වලට කැමති අයට මෙන්න කියාපු ෆැන්ටසියක්. කොහේ හරි කන්දක් මුදුනට හරි කැලයක් මැද්දෑවට හරි ගිහින්, හොඳ ස්පොට් එකක් බලලා කූඩාරමක් ගහගෙන, ගිණිමැලයක් පත්තු කරලා තේ එකක් කාරිය හදාගෙන, එකට තුරුල් වෙලා තරු දිහා බල බල ලව් ටෝක් දිදී ඉඳලා, ඊට පස්සේ කූඩාරම ඇතුළට ගිහින් රෑ මැදියම වෙනකල් සෙක්ස් කරන්න පුළුවන්. 

ඕන නං ඉතින් තරු පිරුණු අහස යට වුනත් සෙක්ස් කරන්න පුළුවන්. හැබැයි ෆ්‍රී බ්ලූ ෆිල්ම් බලන්න එන සත්තුන්ගෙන් නං පරිස්සං වෙන්න වෙයි.

 

6. ස්ට්‍රිප් ෂෝ එකක්

ස්ට්‍රිප් ටීස් කියන්නෙ මොකද්ද කියලා අහලා තියෙනවද? අහලා නැති වුණත් අඩු තරමේ ඔය ෆිල්ම්ස් වල එහෙම දැකලා ඇතිනේ සෙක්සි කෙල්ලෝ හරි කොල්ලෝ හරි ඇඳගෙන ඉන්න ඇඳුම් එකින් එක ගලව ගලවා අන්තිමට පොඩි අන්ඩර්වෙයාර් එකක් ඉතුරු වෙනකල් ඩාන්ස් කරලා, අන්තිමට ඔක්කොම ගලෝලා දානවා?

ඉතින් ඕකම කරන්න බැරිද ගෙදරදිත්? සමහර වෙලාවට නොකිව්වට කොල්ල වුණත්, කෙල්ල වුණත් ආස වෙයි තමන්ගේ පාට්නර් පොඩි සෙක්සි ස්ට්‍රිප් ටීස් එකක් කරනවට. හෙමිහිට හෙමිහිට මූඩ් මියුසික් එකක් එක්ක ඇඳගෙන ඉන්න ඇඳුම් එකින් එක ගලවලා ගලවලා අන්තිමට සෙක්සි අන්ඩවෙයාර් එක විතරක් ඉතුරු වුණාට පස්සේ, ඇඳට යන එක කොහොම එක්ස්පීරියන්ස් එකක් වෙයිද? ඕන නම් ලැප් ඩාන්ස් එකක් එහෙමත් දෙන්න පුළුවන්. කරලම බලන්න.

 

7. මසාජ් තෙරපි

හැපි එන්ඩින්ග් මසාජ් එකක් ගන්න පාට්නර්ව ස්පා එකකටම යවන්න ඕන නැහැනේ. ඕන තරම් යූටියුබ් එකේ තියෙනවා සරලව මසාජ් කරන හැටි උගන්වන වීඩියෝස් එහෙම. ඔන්න ඕවා බලලා හොඳ මසාජ් එකක් දෙන විදිය ඉගෙන ගමු. ඊට පස්සේ ඒකට ඕන ඔයිල් වර්ග අනං මනං ඔක්කොම ලෑස්ති කරගෙන, පාට්නර්ව ඇඳුම් ගලවලා සුවපහසු තැනක දිගා කරවලා මසාජ් එක දෙන්න පටන් ගමු. මේකෙදී ඉතින් නියම මසාජ් තෙරපිස්ට් කෙනෙක් වගේ ප්‍රොෆෙෂනල් වෙන්න ඕන නෑ. පොඩ්ඩක් සරාගී පැත්තටත් බර කරලා මසාජ් එක දුන්නට කමක් නෑ. එහෙම හොඳ මසාජ් එකක් දුන්නට පස්සේ පුළුවන් හැපි එන්ඩින් එකකුත් දෙන්න. ඕන නම් දෙන්නට එහෙම්මම සෙක්ස් කරන්නත් පුළුවන්!

මේක කරන්න පුළුවන් හොඳ සෙක්ස් ෆැන්ටසි එකක් වගේම, හිත ගත රිලැක්ස් කරවන එක්සයිස් එකකුත් වෙයි! 

එහෙමනම් මෙයින් එකක් නැතිනම් කීපයක් හරි කමක් නෑ, ට්‍රයි කරලා බලන්න තමයි තියෙන්නේ!