කිරියි පැණියි වගේ ගැළපෙනවා වගේ පෙනුනත් සමහර සම්බන්ධතා එහෙම පෙනෙන්නේ පිටතින් විතරයි. කාලයත් එක්ක ඒ සම්බන්ධතාවලට ඇද පළුදු, වෙනස්කම් ගලපගන්න බැරුව ඒවා නැවතිලා යනවා. ඉතින් අද අපේ ලිපියෙන් අපි කියන්නේ සාර්ථක හොලිවුඩ් තරු යුවළ අතර සිද්ධ වුණු අසාර්ථක විවාහ කීපයක් ගැනයි.
1. ඕර්ලැන්ඩෝ බ්ලූම් සහ මිරැන්ඩා කෙර්
මිරැන්ඩා ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් කිව්වොත් හරි. ඕර්ලැන්ඩෝත් ‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආදරය දිනූ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. 2005 වසරේදී ඔහු හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වුණු ක්‍රිස්ටන් ඩන්ස්ට් සමඟ පැවත් වූ සම්බන්ධය එරට ජනප්‍රිය ගොසිප් මාධ්‍යවල කසුකුසු මවන්නට සමත් වුණා. පසුව ඕර්ලැන්ඩෝ බ්ලූම්, මිරැන්ඩා සමඟ විවාහ වුනත් අවසානයේ ඔවුන් දෙදෙනාට විරසක වෙන්න සිදුවුණා. දැන් ඔහු දක්ෂ ගායිකාවක් වන කැටී පෙරී සමඟ විවාහ ගිවිසගෙන ඉන්නවා. මිරැන්ඩාත් ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වුණු එවන් ස්පීගල් සමග 2017 වසරේදී විවාහ වෙනවා.
2. ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ්
ජොනී ඩෙප් ගැන නොදන්න කෙනෙක් නැති තරම් කිව්වොත් අපි හරි. ‘චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි’, ‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ වගේ චිත්‍රපටවලින් මුළු ලෝකයක් වසඟ කරගත්තත් ඔහුගේ විවාහයන් දෙකම අසාර්ථක ඒවා වුණා. 1982 අවුරුද්දේ ඔහු වේශ නිරූපණ ශිල්පිණියක් වුණ ලොරී ඈන් සමඟ විවාහ වෙනවා. ඒ විවාහය වසර කීපයකට පසු බිඳ වැටෙනවා. ඊට පස්සේ ඔහු ජනප්‍රිය නිළි විනෝනා රයිඩර් සමඟ විවාහ ගිවිස ගත්තත්, පසුව එයත් වෙන්වීමකින් කෙළවර වුණා. ඉන් පසුව ඔහු විවාහ වෙනවා ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වන ඇම්බර් හර්ඩ් සමඟ. ඒ 2015 අවුරුද්දේ. මේ විවාහයත් ඉවරවෙන්නේ දික්කසාදයකින්. ඒත් එක්කම ඇම්බර් හර්ඩ් ජොනී ඩෙප්ට ගෘහස්ථ හිංසනය සම්බන්ධ චෝදනාවනුත් ඉදිරිපත් කරනු ලැබුවා. මේ චෝදනාවන් සම්බන්ධව දිගහැරුණු නඩු විභාගයන් සහ සිදුවීම් දාමයන් අදටත් උණුසුම් පුවත් මවන්න සමත් වී තිබෙනවා.
3. ගිලියන් ඇන්ඩර්සන් සහ ජුලියන් ඔසාන්
ලංකාවේ අය නම් ගොඩාක්ම ගිලියන්ව දන්නේ එක්ස් ෆයිල්ස් (X- Files) එකේ ස්කලී කියලා. ලෝකයේ වගේම අපේ රටෙත් අතිශය ජනප්‍රිය වුණා ඒ චරිතය. ලංකාවේ තිබුණු ඇයට අයත් නිවසක් සම්බන්ධව ඇතිවුණු ගැටළුකාරී තත්ත්වයක් නිසාත් මීට වසර කීපයකට පෙර ඇය ගොඩක් අපහසුතා වලට මුහුණ දුන්නා. ගිලියන්, කැනඩා ජාතික කලා අධ්‍යක්ෂකවරයෙක් වූ ක්ලයිඩ් ක්ලොට්ස් සමඟ මුලින්ම යුග දිවියට එලඹුණත් වසර තුනකින් පසු ඒ විවාහය බිඳ වැටෙනවා. ඇයට ඒ විවාහයෙන් එක් දුවෙක් ඉන්නවා. පසුව ඇය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වන ජුලියන් ඔසාන් සමඟ කෙටි කලකට සීමා වූ විවාහයක් ගතකරනවා. එයත් වසර තුනකින් බිඳ වැටෙනවා. පසුව ව්‍යාපාරිකයෙක් වන මාක් ග්‍රිෆිත්ස් සමඟ ඇය සම්බන්ධතාවයක් අරඹනවා. ඉන් ඇයට පුතුන් දෙදෙනෙක් ලැබෙනවා. නමුත් මේ සබඳතාවයත් මේ වන විට බිඳ වැටී අවසන්.
4. මැඩෝනා සහ ෂෝන් පෙන්
ජනප්‍රිය පොප් ගායිකා මැඩෝනාව නොදන්න කෙනෙක් හොයාගන්න නම් ගොඩක් අමාරුයි. 80 දශකයේ පොප් රැජින හැටියට වැජඹුණු ඇයගේ ඒ ජනප්‍රියත්වය අදටත් එහෙම්මමයි. ඇය මීට දශක කීපයකට පෙර ගැයූ ඒ ගීත අදටත් ජනප්‍රියයි. ඇය හොලිවුඩ් නළු ෂෝන් පෙන් සමඟ 1985 වසරේදී විවාහ වෙන්නේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටිද්දීමයි. බොහොම ආදරණීය යුවළක් හැටියට පසු වුණත් විවාහ ජීවිතය ගත කරද්දී ඔවුන් දෙදෙනා අතර නොගැලපීම්, සැක සංකාවන් ඇති වීම නිසා ඒ සබඳතාවය ඉක්මනින්ම දුෂ්කර ස්වභාවයකට පත් වෙන්න පටන් ගෙන තිබුණා. ඒ හැල හැප්පීම් කෙළවර වූණේ 1989 මැඩෝනා සහ ෂෝන් පෙන් දික්කසාද වීමෙන්. ඉන් පසුව බ්‍රිතාන්‍ය සිනමා අධ්‍යක්ෂකවරයෙක් වූ ගයි රිචී සමග මැඩෝනා 2000 වසරේදී විවාහ වුවත් ඒ විවාහයත් 2008 වසරේදී දික්කසාදයකින් කෙළවර වෙනවා. ෂෝන් පෙනුත් මැඩෝනා සමග විවාහයෙන් පසු යළිත් දෙවරක්ම විවාපත් වෙනවා.
5. ටොම් කෲස් සහ නිකොල් කිඩ්මන්
මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටි සීරීස් එක බලපු කෙනෙක්ටනම් ටොම් කෘස් කියන්නේ අමතක වෙන නමක් නම් නෙමෙයි. ඔහු අතිශය ජනප්‍රිය හොලිවුඩ් තරුවක්. ටොම් කෘස්ගේ පළමු විවාහය සිදු වෙන්නේ ඇමරිකානු නිළියක් වන මිමී රොජර්ස් සමගයි. 1987 සිදුවන ඒ විවාහය 1990 දී බිඳ වැටෙනවා. ඉන්පසුව ඔහුට ජනප්‍රිය නිළි නිකොල් කිඩ්මන්ව හමුවනවා. ‘ඩේස් ඔෆ් තන්ඩර්’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී තමයි ඔවුන් දෙදෙනාගේ සමීප වීම සිද්ධ වෙන්නේ. 1990 දී ඔවුන් විවාහ දිවියට ඇතුළත් වුණා. පසුව ඔවුන් ඉසබෙල් සහ කොනර් නමින් දරුවන් දෙදෙනෙක්වද දරුකමට හදාගනු ලබනවා. ඒත් කවුරුත් නොහිතූ විදියට ඔවුන් 2001 අවුරුද්දේදී වෙන් වෙනවා. දෙදෙනා අතර අදහස් නොගැලපීම නිසා වෙන්වුණ බවක් තමයි ඔවුන් පසු කලෙක මාධ්‍යයට ප්‍රකාශ කළේ. කොහොම නමුත් නිකොල් සමඟ විවාහයෙන් පසුව ටොම් කෘස් තවත් තරුණ නිළියක් වුණු කැතී හෝම්ස් සමඟ විවාහ වුණා. නමුත් ඒ විවාහයත් කෙළවර වුණේ දික්කසාදයකින්.
6. ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට්
හොලිවුඩයේ සරාගී සලකුණක් තමයි ඇන්ජලීනා ජොලී. බ්‍රැඩ් පිට් කියන්නෙත් කඩවසම් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. බ්‍රැඩ් පිට් මුලින්ම විවාහ වෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනියක් වුණු ජෙනිෆර් ඇනිස්ටන් සමගයි. නමුත් 2005 වසරේදී ඒ විවාහය දික්කසාදයකින් කෙළවර වෙනවා. ඊට හේතු වෙන්නේ බ්‍රැඩ් පිට් ඇන්ජලීනා ජොලී සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම කියලත් සමහර ප්‍රවෘත්ති පළවුණා. කොහොම නමුත් 2014 බ්‍රැඩ් පිට් ඇන්ජලිනා සමඟ විවාහ වනවා. බ්‍රැන්ජලීනා, මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් වැනි නම් වලින් ඔවුන්ගේ රසිකයින් ඔවුන්ව හඳුන්වන්න පවා පටන් ගෙන තිබුණා. කාලයක් බොහොම ආදරණීයව ගලා ගිය බ්‍රැඩ් පිට්- ඇන්ජලීනා පෙම් කතාවට 2019 වසරේදී කණ කොකා හඬනවා. තමන්ගේ රසිකයින්ව කම්පනයට පත් කරමින් ඒ වසරෙදී ඔවුන් දෙදෙනා දික්කසාද වෙනවා.
7. බෙන් ඇෆ්ලෙක් සහ ජෙනිෆර් ගාර්නර්
මීට දශක දෙකකට විතර ඉහතදී බෙන් ඇෆ්ලෙක් සහ ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපෙස් අතර පැවති ආදර සම්බන්ධය ලෝක මාධ්‍ය වලට උණුසුම් සහ රසවත් පුවත් මවන්නක් වුණා. 2002 දී ආදරයෙන් බැඳෙන මේ යුවළ විවාහ ගිවිසගෙන තමන්ගේ විවාහයටත් දින නියම කරගන්නවා. නමුත් ලෝ පුරා රසිකයින් පුදුමයට පත් කරමින් 2004 වසරේදී විවාහ උත්සවය පෙනි පෙනී ඔවුන් දෙදෙනා තමන්ගේ සම්බන්ධතාවය නවත්වා දමනවා. ඉන් පස්සේ 2004 වසරේදී බෙන් ඇෆ්ලෙක් තවත් ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වන ජෙනිෆර් ගාර්නර් සමග හාද වනවා. 2005 දී ඔවුන් විවාපත් වෙනවා. ඔවුන්ගේ කැදැල්ලට දරුවන් තිදෙනෙකුත් එකතු වෙනවා. නමුත් අවාසනාවට ඒ විවාහය 2018 වසරේදී නිමා වනවා. බෙන් ඇෆ්ලෙක්ගේ මත්පැන් ඇබ්බැහිය මේ විවාහය බිඳ වැටීමට ප්‍රමුඛ හේතුවක් වුණු බවටයි එරට ගොසිප් මාධ්‍ය නම් වාර්තා කර තිබුණේ.
ශශින් ප්‍රබෝද්
Leave a Reply