පිහිටා තිබෙන රටට නොව වෙනත් රටකට අයිති ප්‍රදේශ ලෝකේ තිබෙන බව දන්නවද?

ඔබ අහල තියෙනවද වෙනත් රටක් තුළ පවතින තවත් රටක කොටසක් ගැන. අහල නැත්නම් මේ ලිපිය තුළින් අපි කියන්න යන්නේ ඒ වගේ කොටස් ගැන. එහෙමනම් වැඩි විස්තර අටුවාටීකා ටිප්පනි නැතුව අපි ඒ වගේ ස්ථාන කීපයක් ගැන දැනගමු.

 

1. නක්චිවාන් ප්‍රදේශය (Nakhchivan)

ආර්මේනියාවට සහ තුර්කියට මැදිවෙලා තියෙන නක්චිවාන් ප්‍රදේශය අසෙයිර්බයිජාන් සමූහාණ්ඩුවේ කොටසක්. එවකට කලාපයේ බලවත් රටවල් වී තිබූ ඉරානය, සෝවියට් රුසියාව සහ ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය අතර හුවමාරු වූ මෙම ප්‍රදේශයේ වැසියන් සංස්කෘතිකව සහ සමාජයීය වශයෙන් අසෙයිර්බයිජානයට වැඩි නැඹුරුවක් දක්වනු ලැබුවා. කොටින්ම කියනවා නම්  සෝවියට් රජය විසින් අසෙයිර්බයිජානය තුළ 1990 වසරේ දී නිදහස් අරගලය දැඩි ලෙස මර්දනය කළ අවස්ථාවේදී තම භූමියේ වාසිය ලබා ගනිමින් නක්චිවාන් ප්‍රදේශය සෝවියට් රුසියාවේ තම ප්‍රදේශය නිදහස් බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මේ නිසාම අසෙයිර්බයිජාන් සමූහාණ්ඩුව විසින් මෙම ප්‍රදේශයට විශේෂ බලතල ලබා දී තිබෙනවා.

 

2. බාර්ලේ හේර්ටොග් (Baarle – Hertog)

නෙදර්ලන්තය තුළ පිහිටා ඇති මෙම බෙල්ජියානු පාලන ඒකක බෙල්ජියානු ඇන්ට්වර්ප් ප්‍රාන්තයට අයත් වනවා. නමුත් නෙදර්ලන්ත රාජ්‍යයට සාපේක්ෂව ගත් කල මෙම ප්‍රදේශය නෙදර්ලන්තයේ  උතුරු බාබන්ට් ප්‍රදේශයට අයත් ලෙස සැලකෙනවා. මධ්‍යතන යුගයේ පටන් ඇතිකර ගන්නා ලද විවිධ ගිවිසුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම සුවිශේෂී තත්ත්වය ඇතිව ඇති අතර එම ප්‍රදේශවල ඇතැම් නිවාසවල කොටස් පවා රටවල් දෙක අතර බෙදී යනවා. උදාහරණයක් විදිහට කොරෝනා වසංගත සමයේදී බෙල්ජියානු වැසියන්ට තමන්ගේ නිවසට මීටර් කීපයක් එපිටින් විවෘතව තැබෙන නෙදර්ලන්ත ජාතිකයෙකු විසින් පවත්වාගෙන යන සුරා හලකින් බීර මිලදී ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් වනවා.

 

3. ලීවියා (Llivia)

ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ඇතිකරගත් පිරනීස් ගිවිසුම ප්‍රකාරව ප්‍රංශයට ආසන්නව තිබූ ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයක ගම් සියල්ල ප්‍රංශ රජයට පවරා දීමට ඔවුන් කටයුතු කළා. නමුත් මේ ගම් මැද්දේ ස්ථාපිතව තිබූ ලල්වියා නගරයක් බැවින් මෙම ගිවිසුමට අනුව එහි පාලන බලය ස්පාඤ්ඤය වෙතම හිමි වුණා. මෙම තත්ත්වය නිසාම ස්පාඤ්ඤ සිවිල් යුද සමයේ දී පරාජයට පත් ස්පාඤ්ඤ රජයට ලල්වියාහි රැකවරණය ලබාදීමට යම් උත්සාහයක් ප්‍රංශ රජය විසින් ගෙන තිබුණත් පසුව එම වැඩපිළිවෙළ අත්හැර දමා තිබෙනවා.

 

4. කැම්පොන් ඩි ඉටාලියා (Campione D’Italia)

ඓතිහාසික වාර්තා වලට අනුව මෙම ප්‍රදේශයේ අයිතිය මුල් කාලයේදී දේවස්ථානයකට හිමිව තිබූ බව සඳහන් වන අතර පසුව එවකට වැඩ සිටි පාප් වහන්සේ විසින් ස්විස්ටර්ලන්ත ජාතික බිෂොප්වරයෙකු හට එහි පාලන බලය ලබාදී තිබෙනවා. නමුත් ස්විස්ටර්ලන්තය නිදහස රටක් ලෙස එක්සත් වත්දී මෙම ප්‍රදේශයේ ජනතාව ස්විට්සර්ලන්තයට එක් වීමෙන් වැළකී ලොම්බාඩී ප්‍රදේශයේ කොටසක් ලෙස පැවතීමට සිය ඡන්දය භාවිතා කොට තිබෙනවා. නමුත් එම එක්වීම සිදු වුණේ නෑ. ඉතාලිය එක්සත් වීමෙන් පසුව එහි කොටසක් බවට පත්වූ මෙම ප්‍රදේශය දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමරිකා එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවා විසින් ද භාවිතා කරනු ලැබුවා.

 

5. බිසින්ගන් අම් හොක්රයින් (Bisingen am Hochrhein)

මුල් කාලයේ දී ඔස්ට්‍රියාවේ පාලනය යටතේ පැවැති මෙම ප්‍රදේශයේ අයිතිය පිළිබඳව ස්විස්ටර්ලන්තය සමඟ ගැටුමක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස එය පසුව ජර්මානු රාජ්‍යයක් වන වර්ටෙම්බර්ග්  ප්‍රදේශයේ කොටසක් බවට පත් වුණා. පළමු ලෝක යුද්ධය අවසානයේ දී ජනමත විචාරණයක් පැවැති අතර එහිදී  එම ප්‍රදේශයේ වාසය කර ජනතාවගේ බහුතර කැමැත්ත වූයේ ස්විස්ටර්ලන්තයේ කොටසක් බවට පත් වීමයි. නමුත් ස්විස්ටර්ලන්තයට ඒ සඳහා විශේෂ අවශ්‍යතාවක් නොතිබුණු නිසා තවදුරටත් එය ජර්මනියේ කොටසක් බවට පත් වුණා.

 

6. ලිකෝමා සහ චිසුමුලු දූපත් (Likoma , Chizumulu)

 

නැගෙනහිර අප්‍රිකාවේ පිහිටා ඇති මලාවි විලෙහි අයිතිය මොසැම්බික්, ටැන්සානියා සහ මලාවි යන රටවල් අතර බෙදී පවතිනවා. කෙසේ නමුත් මෙම රටවල් එකිනෙකා අතර තමන්ගේ සීමාව කුමක්ද යන්න පිළිබඳව මතභේද තවමත් විසඳී නැහැ. එම විලෙහි මොසැම්බික් රටට අයත් ජල තලය තුළ පවතින ලිකෝමා සහ චිසුමුලු යන දූපත් දෙකේ අයිතිය පවතින්නේ මලාවියටයි. මෙම දූපත්වල බ්‍රිතාන්‍ය ජාතික මිෂනාරීන් සේවා කටයුතු පවත්වාගෙන යෑම නිසා එවකට පෘතුගාලය යටතේ පවතින මොසැම්බික් රටට නොව මෙහි අයිතිය ඇත්තේ මලාවියට යන මතයට සුජාතභාවයක් ලැබී තිබුණා.

 

7. එක්සත් අරාබි එමීර් රාජ්‍යය 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිතියම්  ඔබ නිරීක්ෂණය කළොත් එමීර් රාජ්‍යයේ කොටස් හතරක් පවතින්නේ තවත් රාජ්‍යයක් තුළ බව ඔබට පැහැදිලිව පෙනේවි. එම එමීර් රාජ්‍ය 4 වන්නේ ඩුබායි, අජ්මාන්, රස් අල් කයිමා සහ සාජායි. අතීතයේ පටන් එම රටවල පැවති ගෝත්‍රික ප්‍රතිවිරෝධතා මෙම වෙනස්කම් වලට හේතු බවට පත්වෙලා තියෙනවා.

 

අපි හිතනවා මේ ආටිකල් එක හරහා ඔබට මෙතෙක් ඒ තරම් කියවන්න නොලැබුණු මාතෘකාවක් පිළිබඳව තොරතුරු ගෙන එන්න අපි සමත් වුණා කියලා. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *