අද කතා කරන්නෙ කරාතේ කියන සටන් කලාව ගැන. අපි කලින් කතා කරපු සටන් කලාවන් අතරේ වගේම, ලෝකයේ දැනට පවතින සටන් කලාවන් අතරේ අතිශයම ජනප්‍රිය සටන් කලාවක් විදිහට මේ කරාතේ කලාව හඳුන්වන්න පුළුවන්. ලංකාවේ අපි අතර උනත් ඉතාම ජනප්‍රිය සටන් කලාවක් තමයි මේ කරාතේ සටන් කලාව. කරාතේ කියන්නෙ ජපානය ආශ්‍රිතව බිහිවුන සටන් කලාවක් උනත් අද වෙද්දි ලෝකෙ පුරාම එක හා සමානව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ අතිශය ජනප්‍රිය සටන් කලාව ගැන අපි වැඩිය අහලා නැති මේ විස්තරත් කියවල බලන්නකෝ.
1. කරාතේ
කරාතේ කියල කියන්නෙ ජපන් භාෂාවෙන් හැදුන නමක්. මේ නමේ තේරුම වෙන්නෙ “හිස් අතින්” කියන එකයි. ඒ කියන්නෙ මේ කරාතේ කියන නමේ අදහස හිස් අතින් කෙරෙන සටන් කියන එකයි. කරාතේ ක්‍රීඩාවේදී, එහෙමත් නැත්තම් කරාතේ සටන් වලදී ආයුධ කිසිවක් භාවිතා නොකර හිස් අතින් කෙරෙන සටනක් නිසා තමයි මේ නම මේ සටන් කලාවට යෙදිලා තියෙන්නෙ.
කරාතේ කියන්නෙ නමේ අර්ථය විදිහටම හිස් අතින් කෙරෙන, ඒ කියන්නෙ නිරායුධ සටනක්. අතින් පයින් පහර දීම සහ ආරක්ෂා වීම, අවහිර කිරීම වගේ විවිධ සටන් ක්‍රම මේ සටන් කලාවේදී ඉගැන්වෙනවා. මේ සටන් කලාවේ මූලිකම පරමාර්ථය වෙන්නෙ ශරීරයේ ශක්තිය හැකිතරම් දුරට භාවිතා කිරීම සහ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමයි. කරාතේ සටන් කලාව ප්‍රගුණ කරන කෙනෙක් හඳුන්වන්නේ කරාතේකා (Karateka) කියන නමින්.
2. ඉතිහාසය
මේ කරාතේ කියන සටන් කලාව ආරම්භ වෙන්නෙ ජපානයේ ඔකිනාව නුවර ර්යූක්යූ (Ryukyu) කියන රාජවංශ සමයේ. කරාතේ කියන්නෙ අපි කලින් කතාකළ සටන් කලාවන් තරම් දීර්ඝ ඉතිහාසයක් තියෙන සටන් කලාවක් නම් නෙමෙයි. 1920 වගේ කාලෙදි තමයි මේ සටන් කලාව ආරම්භ උනා කියල සැලකෙන්නෙ. මුල්ම කාලෙදි “Chinese Hand” කියන අදහස දෙන කන්ජි අකුරු වලින් ලියවුණු නමක් තමයි මේ සටන් කලාව හඳුන්වන්න යොදාගෙන තියෙන්නෙ. ඒත් 1935 දි තමයි මේ කරාතේ කියන නම මේ සටන් කලාව හඳුන්වන්න තෝරගෙන තියෙන්නෙ.
3. පුහුණුව
කරාතේ කියන සටන් ක්‍රමය ආත්මාරක්ෂක සටන් කලාවක් වගේම සටන් ක්‍රීඩාවක් විදිහටත් පුහුණු කරන්න පුළුවන්. මේ කොයි විදිහට පුහුණු කළත් මේ සටන් ශිල්ප ක්‍රමය ස්වයං සංවර්ධනය, උත්සාහය, නිර්භීතකම, නායකත්වය, ව්‍යායාම කියන හුඟක් පැති ගැන අවධානය යොමු කරන සටන් කලාවක්. මේ සටන් කලාව ප්‍රධානව කොටස් තුනක් යටතේ ඉගැන්වීම් කෙරෙනවා.
- Kihon – කරාතේ ක්‍රීඩාවේ මූලිකාංග ඉගැන්වීම කෙරෙන්නෙ මේ කොටසේදී. කරාතේ කලාවේ අනෙක් සියලුම සටන් ශිල්ප ක්‍රමයන්ට අඩිතාලම වැටෙන්නෙ මේ මූලික ඉගැන්වීම් වලින්. අත් පය වලින් පහරදීම් වගේ දේවල් ඉගැන්වීම කෙරෙන්නේ මේ කොටසේදී.
- Kata – මේ කොටසේදී කෙරෙන්නෙ පෙර සකස් කෙරුණු සටන් තත්ත්වයන් වලට අනුව, ඒ කියන්නෙ සටන් ආකෘතින්ට අනුව සටන් කරන්න ඉගැන්වීම.
- Kumite – කලින් ඉගෙනගත් සටන් සැබෑ ලෙස භාවිතා කරමින් සටන් කිරීම මේ කොටසේදී කෙරෙනවා.
4. ලෝක ව්‍යාප්තිය
කරාතේ කියන්නෙ ජපානය ආශ්‍රිතව ආරම්භ කෙරුණු සටන් ක්‍රමයක් උනත් ක්‍රමක්‍රමයෙන් මේ සටන් ශිල්පය ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ 1950 වගේ කාලේදි ජපානයෙන් කරාතේ ගුරුවරුන් පිටරටවලට ගිහින් මේ කලාව ඉගැන්වීමත් එක්ක කරාතේ ක්‍රීඩාව ලෝකය පුරාම ලොකු ප්‍රසිද්ධියක් ලබනවා.
1970 ඔක්තෝම්බර් 10 වෙනිදා කරාතේ උපත ලබපු ජපානයේ, ටෝකියෝ නගරයේදී ලෝක කරාතේ සංසදය පිහිටුවනවා.
5. කළා කෘති අතර ජනප්‍රියත්වය
කරාතේ කියන ක්‍රීඩාව ලෝකය පුරා ජනප්‍රිය වීමත් එක්ක හුඟක් කළා කෘතීන් අතරත් මේ ක්‍රීඩාව සම්බන්ධ කරගත් නිර්මාණ බිහිවෙනවා. The Karate Kid චිත්‍රපට මාලාව එහෙම බිහිවුන, කරාතේ කියන සටන් ශිල්ප ක්‍රමය ගැන සහ ඒ ශිල්ප ක්‍රමයේ විනයානුකුල සහ තාක්ෂණික පසුබිම ජනතාව අතරට ගෙනියන්න පුළුවන් වුණු හොඳ නිර්මාණයක්.
6. කරාතේ පටි
කරාතේ පටි කියල කියන්නේ මේ සටන් කලාව ප්‍රගුණ කරන කෙනෙක් ආරම්භයේ ඉඳලා දක්වන ප්‍රගුණතා මට්ටම් අනුව පිරිනැමෙන උසස්වීමක් කිව්වොත් හරි. එහෙමත් නැත්තම් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක්. ශිෂ්‍යයින් මේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්න දක්වන වෙහෙස හා ඔවුන්ගේ විනය මත එක එක මට්ටම් වලදී විවිධ පැහැයෙන් යුතු බඳ පටි ඔවුන්ට ලබාදෙනවා. අපි අහල තියෙනවනේ ඔය “කළු පටි කාරයෙක්” වගේ කතා. ඒ කළු පටිය තමයි කරාතේ ක්‍රීඩකයෙක් ලබන ඉහළම ශේණිගත කිරීම. මේ කළු පාට පටිය ඒ කියන්නේ කරාතේ කළු පටිය ලබාගන්න කලින් තව විවිධ පැහැ පටි ඔවුන්ට ලබාදීම සිදු කරනවා. එක එක කරාතේ පාසල් වල අනුගමනය කරන ක්‍රමයන්ගේ සුළු සුළු වෙනස්කම් තිබුනත් සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම මෙහෙමයි.
- White Belt
- Yellow Belt
- Orange Belt
- Green Belt
- Blue Belt
- Purple Belt
- Brown Belt
- Red Belt
- Black Belt
7. ඔලිම්පික් ක්‍රීඩා අතරට
මේ කරාතේ ක්‍රීඩාව යොවුන් ඔලිම්පික් තරඟ අතරට 2018 වසරේදී එකතුවෙන්න සමත් වෙනවා. ඒ වගේම 2020 වසරේ ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වෙන්න නියමිතව තිබුණ 2020 Summer Olympic ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා අතරට අලුතෙන් එකතුවෙන ක්‍රීඩා පහෙන් එකක් විදිහට මේ කරාතේ ක්‍රීඩාවත් නම් කරල තියෙනවා. කොහොම උනත් මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත කල්දැමුණු ඔලිම්පික් තරඟාවලිය 2021 ජූලි මාසයේ නැවත පවත්වන්න තීරණය කරල තියෙනවා. ඒ තරඟාවලියේ අගෝස්තු මාසේ 05 වෙනිදා ඉඳලා 07 වෙනිදා වෙනකන් මේ කරාතේ තරඟ පවත්වන්න සැලසුම් කරල තියෙනවා.
Leave a Reply