නිර්මාණ කරද්දි වර්ණ කියන සාධකය වැදගත්. අපිට වර්ණ හරහා ගොඩක් නිරූපණ කරන්න පුළුවන් බව ලෝ පතල චිත්‍ර ශිල්පීන් අපිට පෙන්නලා තියෙනවා. මේ සායම් වර්ග වලින් බහුලවම යොදාගන්නා සායම් වර්ග තියෙනවා. ඒවායෙන් ලංකාවේදී ද කලාකරුවන් සුන්දර නිර්මාණ චිත්‍ර විදිහට නිර්මාණය කරනවා. ඉතින් මේ ආකාරයෙන් වඩාත්ම පහසුවෙන් අපිට යොදාගන්න පුළුවන් සායම් වර්ග සහ වර්ණ මාධ්‍යයන් මොනවද කියලා අපි ටිකක් සොයා බලමු.
1. තෙල් සායම්
තෙල් සායම් කියන්නේ වර්ණ තදින් නිරූපණය කරන්න හොඳ මාධ්‍යයක්. තෙල් සායම් වලින් අඳින්න ලේසියි. ඒත් තෙල් සායම් දිය කරන්න නම් ටර්පන්ටයින් හෝ එවැනි මාධ්‍යයක් ඕනි වෙනවා. ඒ වගේම තෙල් සායම් වලින් වැඩ කරද්දි ඒ තද සැර ගඳ උහුලන් ඉන්නත් වෙනවා. තෙල් සායම් හොඳට එකිනෙක මිශ්‍ර වෙනවා. තෙල් සායම් වලින් වැඩ කළාට පස්සේ වේලෙන්න නම් කලක් යනවා. ඒක එක් අතකින් වාසියක් වගේම අනෙක් පැත්තෙන් අවාසියක්. හෙමෙන් හෙමෙන් චිත්‍ර අඳින කෙනෙක්ට ඒක වාසියක්. ඒත් චිත්‍ර ගොඩක් එකපාර අඳින කෙනෙක්ට නම් එකක් වේලගන්න සති කීපයක් යන එක වදයක්.
2. ඇක්‍රිලික් සායම්
ඇක්‍රිලික් තෙල් සායම් වලට වඩා ලාබයි. ඒ වගේම ඇක්‍රිලික් වලින් බුරුසුවකින් වගේම අවශ්‍ය නම් වෙනත් පිහි තල ආදියෙන්ද ඇඳීම කරන්න පුළුවන්. ටිකක් ඝනට සායම් තට්ටුවක් ඇතිකරගන්න ඇක්‍රිලික් වලින් පුළුවන්. ඇක්‍රිලික් හදලා තියෙන්නේ ප්ලාස්ටික් වර්ගයකින්. ඒත් තෙල් සායම් වගේ නෙමෙයි, ඇක්‍රිලික් වතුරේ දියවෙනවා. ඒ නිසා පාවිච්චි කරන්න පහසුයි. තෙල් සායම් වියලෙන්න ගොඩක් කල් ගියාට ඇක්‍රිලික් ඉක්මනින්ම වියලෙනවා. සිතුවම් වේගයෙන් නිම කරන්න පුළුවන් ඇක්‍රිලික් පාවිච්චි කරනවිට. ඒත් ඇක්‍රිලික් ඔයිල් පේන්ට් වගේ එකිනෙක ලේසියෙන් මිශ්‍ර වෙන්නේ නැහැ. වර්ණ සංයෝග කරන්න ඇක්‍රිලික් වලදි අමාරුයි.
3. දියසායම්
දියසායම් කියන්නේ ලේසියෙන් සොයාගන්න පුළුවන් මාධ්‍යයක්. දියසායම් ටියුබ් වශයෙන් වගේම පාට පෙට්ටි වශයෙනුත් ගන්න තියෙනවා. ජලයේ දිය කරන්න පුළුවන් දිය සායම් වලින් කලින් කිව්ව තෙල් සායම් සහ ඇක්‍රිලික් වලින් වගේ ස්ථාවර පාටක් එනවා අඩුයි. තද පාට වුනත් කොළයක කැන්වස් එකක දිය සායමින් ඇන්දාම ඒක ලා ගතියටයි පේන්නේ. ඒ නිසාම දිය සායම් වලදි පාවිච්චි වෙන ඇඳීමේ නීති රීති ඇක්‍රිලික් සහ තෙල් සායම් වලට වඩා වෙනස් වෙනවා.
4. පැස්ටල්
පැස්ටල්කියන්නේ 1600 ගණන් වල ඉඳලා ලෝකේ ජනප්‍රිය වෙලා තියෙන කෘත්‍රිම පාට වර්ගයක්. පැස්ටල්වලින් ඇන්දට පස්සේ ඉක්මනින්ම ඒ මතුපිට වේලෙනවා. පැස්ටල් අතුරින් මෘදු පැස්ටල් වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. ඔයිල් ගතිගුණ තියෙන පැස්ටල් වර්ගත් තියෙනවා. දියසායම් වලදි අපි ලබාගන්න පාටට වඩා ඇත්තටම සිතුවමේ ඇඳෙන පාට වෙනස් වෙනවා. ඒත් පැස්ටල් වලදි එහෙම නැහැ. පැස්ටල් වල තියෙන පාටම වෙනස් නොවී ආලේප කරන්නට පුළුවන්.
5. මුද්‍රිත සායම්
අද වනවිට පරිගණක වලින් චිත්‍ර ඇඳීම ජනප්‍රිය වෙලා තියෙනවා. එහිදී චිත්‍ර සහ කලා නිර්මාණ මුද්‍රණය කරන්නේ යාන්ත්‍රික ක්‍රමයට. ඇක්‍රිලික් වලදි වගේ තට්ටු ගණන් පාට නිර්මාණය කරන්න මේ පරිගණක මුද්‍රණ වලට බැහැ. පැතලි පසුබිමක තමයි මුද්‍රණය කරන්න වෙන්නේ. ප්‍රින්ටර ගත්තාම විවිධ ආකාරයේ ප්‍රින්ටර තියෙනවා. එයින් සාමාන්‍ය කාර්යාල භාවිතයට ගන්නා ඉන්ක් ජෙට් සහ ලේසර් ප්‍රින්ටර් තියෙනවා. එයින් පස්සේ විශාල පරිමාණයෙන් පොලිතීන් මත මුද්‍රණය කරන ස්ක්‍රීන් පේන්ටින් තියෙනවා. ඒ වගේම අද වනවිට මග් වල, ටී ෂර්ට් වල, ටයිල් වල පවා මුද්‍රණය කරන්න පුළුවන් දියුණු ප්‍රින්ටර තියෙනවා. වර්ණ ගැන්වීමේ කලාව අලුත් මානයකට රැගෙන යන මෙම යාන්ත්‍රික ප්‍රින්ටර අපි දකින බොහෝ විශාල කලා නිර්මාණ ප්‍රතිනිර්මාණය කරන්නත් යොදාගන්නවා.
6. පැන්සල් ආට්
මිනිරන් කූරක් ඇතුළත් ලී පැන්සල කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන උපකරණයක්. මේ පැන්සල හසුරුවා කරන කලා නිර්මාණත් ගොඩක් තියෙනවා. වර්තමානයේ නම් පාට පාට පැන්සල් ආශ්රයෙන් කරන පාට පැන්සල් චිත්‍රත් ජනප්‍රිය වෙලා තියෙනවා. පැන්සල සුදු පසුබිමික කළු පැහැති චිත්‍ර අපිට ලබා දෙනවා. චිත්‍ර ඇඳීමට යොදාගන්නා මේ පැන්සල් වර්ගත් විශාල පරාසයක් තියෙනවා. පැන්සල් වලින් කරන මුහුණු ඇඳීම ලංකාවෙත් යම්තාක් දුරකට ඇතැම් උත්සව අවස්ථාවන් වල පාවිච්චි වෙනවා.
7. නිදහස් වර්ණ
අපේ රටේ නුවර යුගයේ, ගම්පොළ යුගයේ වගේම අනුරාධපුර යුගයේ සීගිරි චිත්‍රත් අප ඉහත කී වර්ණ වලින් නිමවූ ඒවා නෙමෙයි. ස්වභාවිකව ගහ කොළ සහ මහපොළවේ ඛනිජ ද්‍රව්‍ය ආදියෙන් ලබාගත් මාධ්‍ය වලින් තමයි පුරාතනයේ ලංකාවේ චිත්‍ර ඇන්දේ. අදත් විවිධ ආකාරයේ මාධ්‍යයන් පාවිච්චි කරමින් සුන්දර චිත්‍ර කලා නිර්මාණ කරන කලාකරුවන් සිටිනවා. ලංකාවේ එතරම් ජනප්‍රිය නැතත් ස්ප්‍රේ පේන්ට් පාවිච්චි කරලා බස් රිය, දුම්රිය, සහ පැරණි ගොඩනැගිලි වල කරන සුවිශාල චිත්‍ර වෙන රටවල ජනප්‍රිය වෙලා තියෙනවා. අපිට ඒ චිත්‍ර ගැන එතරම් පැහැදීමක් නැතත් ඒවාත් අයිති වෙන්නේ එක්තරා කලා නිර්මාණ වර්ගයකට.
මීට අමතරව ගොචේ, පෝස්ටර් සායම්, රෙදි පින්තාරුවට ගන්නා තීන්ත, බතික් ආදි විවිධ කලාවන් ලංකාවේ නිර්මාණ වලට පාවිච්චි කරනවා. අපිට නිර්මාණයක් කරන්න වගේම නිර්මාණයක් කරවා ගැනීමේදිත් ඒ මාධ්‍යයන් ගැන සලකා බලන්නට මේ කලා මාධ්‍යයන් පිළිබඳ දැනුම වැදගත් වෙනවා. ඒ වගේම දරුවන්ට වර්ණ සහ චිත්‍ර කලාව හුරු කරවන්නත් මේ වර්ණ ගැන දැනුම වැදගත් වෙනවා.
Leave a Reply