සෙට් වෙනකොට බයිට් එකට හදාගන්න පුළුවන් චිකන් රෙසිපි සෙට් එකක්

ලොකු ලොකු පාටි මේ කාලෙ දාන්න බෑනෙ. හැබැයි ඉතින් පවුලෙ ටික දෙනා පොඩි පොඩි සෙට්වීම් දාගන්න මේ කාලේ සෙට් වෙන්න කියාපු චිකන් බයිට් ටිකක් අරගෙනයි අද ආවේ. කොල්ලොන්ට උනත් ගෙදර ගෑණු පාර්ශවේ ගෑස් බලන්නෙ නැතුව තනියම හදන්නත් බැරි නෑ. සුපිරිම රසක් තියන මේ ඩිශ් නම් ඔයාලා අනිවා හදනවමයි. 

 

1. ෆ්‍රයිඩ් චිකන් හොට් බටර් ස්ටයිල්

අවශ්‍ය ද්‍රව්‍ය  

 

චිකන් එකට

 

  1. කටු නැති කොටු කපාගත් චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500
  2. ලුණු තේ හැඳි 1/2
  3. කෝන්ෆ්ලා මේස හැඳි 3

 

ෆ්‍රයි එකට

 

  1. තලාගත් සුදුළූණු බික් 5
  2. රවුම් කපාගත් බී ළූණු ගෙඩි 2
  3. ළූණු කොළ ටිකක්
  4. කෑලි මිරිස් තේ හැඳි 1
  5. ලුණු හා ගම්මිරිස්කුඩු
  6. සීනි තේ හැඳි 1/4
  7. සෝයා සෝස් තේ හැඳි 1 ½
  8. තල තෙල් තේ හැඳි 1/4
  9. බටර් මේස හැන්දක්

 

  • චිකන් වලට ලුණු අතගාලා ඒකටම කෝන්ෆ්ලා ටිකත් එකතු කරන් කළවම් කරගන්න. හොඳින්‍ රත් වෙච්ච ගැඹුරු තෙලේ චිකන් ටික රන්වන් පාට වෙනකම් බැදගන්න.
  • පෑන් එකට බටර් ටිකක් දාලා සුදුළූණු දාලා ෆ්‍රයි කරන්න. ටිකකින් කපාගත් ළූණු එකතු කරන්න. ඒකට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීනි එක්ක කෑලිමිරිස් ටිකත් දාගන්න. 
  • කළවම් කරන ගමන් සෝයාසෝස් එකතු කරන්න. අන්තිමට තල තෙල් දාලා  බැදගත් චිකන් ටික එකතු කරලා, හොඳට කළවම් කරගෙන, ළූණු කොළ දාලා ලිපෙන් බාගන්න. 

 

2. කොච්චි චිකන් බයිට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු රහිත චිකන් ග්‍රෑම් 500
  2. කොච්චි කරල් 10-12
  3. සුදුළූණු ලොකු බික් 3-4
  4. සෝයා සෝස් තේ හැන්දක්
  5. චිලි සෝස් මේස හැන්දක්
  6. දෙහි යුෂ ස්වල්පයක්
  7. ලුණු ස්වල්පයක්
  8. තල තෙල් තේ හැඳි 1/4
  9. එළවළු තෙල් තේ හැඳි 1

 

  • චිකන් ටික තීරු කපලා ලුණු හා දෙහි ටිකක් අතගාල ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 
  • කොච්චි වලට සුදුළූණු දාල හොඳට වංගෙඩියෙ කොටාගන්න. 
  • එළවළු තෙල් එක්ක තල තෙල් රත්වෙන්න තියල ඒකට තලාගත්ත කොච්චි, සුදුළූණු ටික දාගන්න. 
  • ඒක යන්තමට බැදෙන්න ඇරල ඒකට උඩින් සෝයාසෝස්, චිලි සෝස් දාල කළවම් කරලා ඒ එක්කම බැදගත් චිකන් ටික දාල හොඳට කළවම් කරගෙන ලිප නිවන්න. අන්තිමට තව දෙහි යුෂ ටිකක් උඩින් ඉහගන්න. 

 

3. හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු නැති චිකන් ග්‍රෑම් 500
  2. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  3. චොප්කරගත් සුදුළූණු බික් 8-10
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. සෝයාසෝස් තේ හැඳි 2
  7. ගම්මිරිස්කුඩු තේ හැඳි 2
  8. විනාකිරි තේ හැඳි 2
  9. දෙහි ගෙඩියක යුෂ
  10. සීනි තේ හැඳි 1
  11. ලුණු
  12. අඹරාගත් කරපිංචා ස්වල්පයක්
  13. ග්‍රීන් චිලී සෝස් තේ හැඳි 1
  14. කෝන්ෆ්ලා තේ හැඳි 2
  15. බැදීමට තෙල්

 

  • චිකන් වලට ලුණු, දෙහි යුෂ, මිරිස්කුඩු, කහකුඩු, ගම්මිරිස්කුඩු හා සෝයාසෝස් දාලා කළවම් කරන්න. මේකට චොප්කරගත් ඉඟුරු, සුදුළූණු, කරපිංචා, ග්‍රීන් චීලී සෝස් එක්ක සීනි දාලා පැයක් මැරිනේට් කරගන්න. 
  • ඊළඟට මේ චිකන් ටික කෝන්ෆ්ලා වල දවටලා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න. 

 

4. චිකන් ස්ට්‍රයිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත් කර දිග අතට කපාගත් චිකන් කෑලි 15ක් පමණ
  2. දෙහි බෑයක යුෂ
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. චොප්කරගත් සුදුළූණු බික් 4

 

කෝට් කිරීමට

 

  1. පාන්පිටි කෝප්ප 1/2
  2. බිත්තර 1
  3. බිස්කට් කුඩු කෝප්ප 1
  4. බැදීමට තෙල්

 

  • චිකන් වලට ලුණු, ගම්මිරිස්කුඩු, සුදුළූණු සහ දෙහි දාලා කළවම් කරලා ෆ්‍රිජ් එකේ පැය 8ක් මැරිනේට් කරගන්න. 
  • බිත්තරය විස්ක් කරගන්න. මැරිනේට් කරගත්ත චිකන් ටික පිටි වල තවරලා, බිත්තර සාරු වල දවටලා, බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
  • ගාල්ක් මයෝ, චිලි සෝස් මික්ස් එකක් එක්ක පිළිගන්වන්න. 

 

5. චිකන් ලිවර් පෙපර් ෆ්‍රයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පීකුදු ග්‍රෑම් 500
  2. ලොකුවට ලියාගත් ළූණු ගෙඩි 2
  3. කපාගත් සුදුළූණු බික් 6
  4. මිරිස්කුඩු තේ හැඳි 2
  5. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  6. කපාගත් අමුමිරිස් කරල් 4
  7. රම්පේ කෑලි 2
  8. කරපිංචා ස්වල්පයක්
  9. චිකන් ස්ටොක් කෝප්ප 1/2
  10. කපාගත් තක්කාලි ගෙඩි 1
  11. තෙල් ස්වල්පයක්
  12. ලුණු

 

  • පීකුදු ටික ලුණු, ගම්මිරිස්කුඩු හා මිරිස්කුඩු දාලා පැයක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට රම්පේ හා කරපිංචා එකතු කරන්න. ටිකකින් ලිවර් ටික දාලා අවශ්‍ය තරම් ලුණු දාගන්න. චිකන් ස්ටොක් එකත් එකතු කරන්න. 
  • මේකට ළූණු හා සුදුළූණු දාගන්න. ටිකකින් කපාගත් තක්කාලි, අමුමිරිස්, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු එකතු කරන්න.
  • කළවම් කරලා තෙත ගතිය හිඳෙනකල් ලිපේ තියලා දෙහි යුෂ ටික දාලා ලිපෙන් බාගන්න. 

 

6. ෆ්‍රයිඩ් චිකන් ඩ්‍රම්ස්ටික්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චිකන් ඩ්‍රම්ස්ටික් 7-8
  2. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 2
  6. සෝයාසෝස් තේ හැඳි 1
  7. ලුණු
  8. පාන්පිටි මේස හැඳි 2
  9. බිස්කට් කුඩු මේස හැඳි 4
  10. බැදීමට තෙල්

 

  • බෝල් එකකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා සෝයාසෝස්, කහකුඩු, ගම්මිරිස්කුඩු, ලුණු  හා මිරිස්කුඩු දාල කළවම් කරන්න.   
  • චිකන් ඩ්‍රම්ස්ටික් වලට පිහියෙන් කැපුම් පාරවල් ටිකක් දාගන්න. දැන් චිකන් ටික සාදාගත් පේස්ට් එකේ දාලා හොඳට කළවම් කරන් පැය දෙක තුනක් මැරිනේට් කරගන්න. 
  • පාන්පිටි හා බිස්කට් කුඩු කළවම් කරගන්න. දැන් මැරිනේට් කරපු චිකන් ටික බිස්කට් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

7. චිකන් සතේ (Chicken Sate`) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු රහිත චිකන් දිග අතට කපාගෙන තීරු 15ක් විතර
  2. සේර කෑලි 3ක්
  3. සුදුළූණු බික් 4 ක්
  4. ඉඟුරු කැබැල්ලක්
  5. කහකුඩු තේ හැඳි 2 ක්
  6. රතුසීනි මේස හැඳි 2 ක්
  7. ලුණු තේ හැඳි 1 /2
  8. එළවළු තෙල් මේස හැඳි 2 ක්
  9. දෙහි යුෂ

 

පීනට් සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. සේර කෑලි 2ක්
  2. ඉඟුරු
  3. සූදුරු කුඩු තේ හැඳි 1 /2
  4. මිරිස්කුඩු තේ හැඳි 2
  5. එළවළු තෙල් මේස හැඳි 2 ක්
  6. කබලේ බැද අඹරාගත් රටකජු කෝප්ප 1
  7. වතුර කෝප්ප 1 /2
  8. සියඹලා පේස්ට් මේස හැඳි 4ක්
  9. රතුසීනි මේස හැඳි 4ක්
  10. සෝයාසෝස් තේ හැඳි 2 ක්

 

  • සේර, සුදුළූණු, ඉඟුරු පොඩියට කපලා කහකුඩු, රතුසීනි, ලුණු, එළවළු තෙල්
  • දෙහි යුෂ දාලා ග්‍රයින්ඩ් කරගන්න. 
  • චිකන් සමග මේ පේස්ට් එක මිශ්‍ර කර පැය 3ක් සීසන් වෙන්න තියාගන්න. 
  • පීනට් සෝස් එක හදාගන්න ඉඟුරු, සුදුළූණු, සේර, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, මිරිස්කුඩු දාලා පේස්ට් එකක් හැදෙනකන් බ්ලෙන්ඩ් කරන්න.  
  • දැන් තාච්චියක් ලිපේ තියලා ඒකට එළවළු තෙල් දාලා පේස්ට් එක මද ගින්නේ විනාඩි 6ක් තෙම්පරාදු කරගන්න. 
  • දැන් ඒකට රටකජු, වතුර, සියඹලා පේස්ට්, සීනි, සෝයාසෝස් දාලා විනාඩි 6ක් මද ගින්දරේ පිසගන්න. මේක වෙනම බෝල් එකකට දාගන්න. 
  • සීසන් කරගත් චිකන් කෙබාබ් ස්ටික්ස් වල ගහන්න. නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා ඒකට එළවළු තෙල් දාලා කෙබාබ් ස්ටික් වල ගහපු චිකන් සතේ පෑන් එකට දාල තබා හොඳට බඳින්න.  
  • රන්වන් පාට වෙනකල් බැදගන්න. පීනට් සෝස් එකත් එක්ක පිළිගන්වන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *