සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට, ශරීරයේ විෂහරණයට ඩීටොක්ස් (Detox) බීම වර්ග 7ක්

ලෙඩ නැතුව ඉන්න ආස නැත්තෙ කවුද? මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ඩීටොක්ස් පාන විවිධ රස වලින් අපි ගෙනාවා. ඇත්තටම වතුර වෙනුවට බොන්න පුරුදු උනානම් අපි එදිනෙදා කන බොන දේවල් වල තියෙන විෂ ශරීරයෙන් ඉවත් කරගන්න මේ පාන වර්ග උදව් වෙනවා. එහෙනම් මේ රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න. 

 

1. ලෙමන් සහ ඉඟුරු (Lemon ginger detox drink)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් ඉඟුරු තේ හැඳි 2
  2. උණුවතුර කෝප්ප 2
  3. දෙහි බෑයක්
  4. අයිස් කැට ස්වල්පයක්
  5. ලෙමන් පෙති 4-5

 

  • ඉඟුරු ටික උණුවතුරට දාලා කලවම් කරගන්න. මේකට දෙහි යුෂ ටික දාගන්න. නිවෙන්න තියන්න. 
  • දැන් ග්ලාස් එකකට අයිස්කැට 4-5ක් දාලා ලෙමන් පෙති ටික දාගන්න. ඊළඟට සාදාගත් ජින්ජර් ඩ්‍රින්ක් එක දාලා කලවම් කරගන්න. 

 

2. ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar Detox drink)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වතුර කෝප්ප 1
  2. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1/2
  3. ලෙමන් මේස හැඳි 1 /2
  4. මී පැණි මේස හැඳි 1 /2
  5. කුරුඳු කුඩු තේ හැඳි1

 

  • වතුර කෝප්පයකට ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන්, මී පැණි හා කුරුඳු කුඩු දමා හැන්දෙන් හොඳට කලවම් කරගන්න.  විනාඩි 30ක් තියලා පානය කරන්න. 

 

3. කහ ඩීටොක්ස් පානය (Turmeric Detox drink)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බෙහෙත් නෙල්ලි ගෙඩි 4-5
  2. අමුකහ කෑලි 2
  3. ලුණු ස්වල්පයක්

 

  • ඇට අයින් කරලා නෙල්ලි ටික චොප් කරගන්න. කහ ටිකත් චොප්කරගන්න. දැන් මේ දෙකම වතුර කෝප්ප 1ක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. 
  • මේකෙ යුෂ ටික පෙරලා වෙනම අරන් ඉතිරි පල්ප් එක තව වතුර කෝප්ප 1/2ක් එක්ක නැවත බ්ලෙන්ඩ් කරගන්න. මේකත් පෙරලා යුෂ එකට එකතු කරලා රස අනුව ලුණු දාලා පානය කරන්න. 

 

4. ග්‍රීන් ඩිටොක්ස් (Green Detox drink)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නිවිති කොළ  40g
  2. උළුහාල් කොළ 25g
  3. වතුර 250g
  4. රටඉඳි 1
  5. ඇපල් 1
  6. ඉඟුරු
  7. මිදි කෝප්ප 1 /4

 

  • නිවිති හා උළුහාල් කොළ හොඳට සෝදා චොප් කරගන්න. ඊටපස්සෙ වෙන භාජනයක් අරගෙන වතුර දාලා නිවිති හා උළුහාල් කොළ අඩු ගින්දරේ විනාඩි 2-3 ත් අතර කාලයක් තම්බගන්න.  
  • ඊටපස්සෙ ඇපල්, මිදි, ඉඟුරු, රටඉඳි, වතුර හා හීට් කර ගත් නිවිති හා උළුහාල් කොළ එක් කර බ්ලෙන්ඩ් කරගන්න. 

 

5. ඇපල් කුරුඳු ඩීටොක්ස් (Apple Cinnamon Detox drink)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඇපල් ගෙඩි 3
  2. කුරුඳු පොතු කබැල්ලක්
  3. වතුර කෝප්පයක්

 

  • ඇපල් ගෙඩි අරන් පොඩි කෑලි වලට කපාගෙන වීදුරුවකට දාගන්න. එයටම කුරුඳු පොතු කෑල්ලක් දාන්න. 
  • ඒකට වතුර දාගන්න. මද වේලාවකට පසුව පානය කරන්න. 

 

6. ස්ට්‍රෝබෙරි ඩීටොක්ස් (Strawberry Detox drink)

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ස්ට්‍රෝබෙරි
  2. වතුර 
  • ස්ට්‍රෝබෙරි ගෙඩි අරන් පොඩි කෑලි වලට කපාගෙන එය භාජනයකට එක් කරන්න. එයට වතුර දාන්න. දැන් එය පැය කිහිපයක් තියලා හොඳින් කලවම් කරගෙන පානය කරන්න. 

 

7. පිපිඤ්ඤා ඩීටොක්ස් (Cucumber Detox drink)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ගර්කින් ගෙඩි 1
  2. චොප්කරගත් කොත්තමල්ලි කොළ මිටක්
  3. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  4. වතුර කෝප්ප 1

 

  • මේ සියල්ලම හොඳට බ්ලෙන්ඩ් කරලා දෙහි ටිකක් දාලා පානය කරන්න. උදෑසනට නම් නියම නැවුම් පානයක්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *