ලෝක වාර්තා ගැන අපිට නිතරම අහන්න ලැබෙනවනෙ. හොඳ නරක හැමදේම කරලා ගිනස් පොතට යන්න උත්සාහ කරන පිරිස ඕනතරම්. ගිනස් වාර්තාවකට හිමිකම් කියන්න ඕනකමටම හිතාගන්න බැරි අවදානම් ජීවිතේට අරගෙන එක එක ක්‍රියාවන් කරන අය අපි නිතර දකිනවා. හැබැයි මේ කියන්න යන්නෙ වාර්තා බලාගෙනම නොවුණත් එයාලා කරපු වැඩවල ගුණාත්මකභාවය නිසාම ගිනස් පොතට ගියපු, ඒ කියන්නෙ ලෝක වාර්තාවන්ට හිමිකම් කියන්න වාසනාව ලබපු ගායක ගායිකාවන් පිරිසක් ගැනයි. ප්‍රමාණයෙන් ගත්තොත් නම් මේ අය ගොඩක් ඉන්නවා. ඒත් අපි වැඩිපුරම දන්න, අපි නිතර අහන සිංදුවල අයිතිකාරයොන්ගේ ගිනස් වාර්තා ගැන ටිකක් හොයල බලමුකෝ. හැබැයි මේ හැමෝම විදේශීය රටවල ගායක ගායිකාවන්. අපේ ලංකාවේ කිසිම ගායකයෙක් හෝ ගායිකාවක් මේ ලෝක වාර්තා ලිස්ට් එකට දැනටනම් ඇතුළත් වෙලා නැහැ. ඒත් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම මේ පුංචි ලංකාවෙනුත් ලෝක වාර්තා තියන්න පුළුවන් විශිෂ්ඨ ගායක ගායිකාවන් බිහිවේවා කියල. එතකන් මේ කට්ටිය ගැන කියවල ඉමුකො.
1. එමිනෙම් (Eminem)
Eminem කියන්නෙ අපිට හොඳ හුරුපුරුදු නමක්නෙ. ඔන්න අහල නැති අයට දැනගන්න, එමිනම් කියන්නෙ ලෝක ප්‍රසිද්ධ රැප් ගායකයෙක්. දශක ගාණක ඔහුගේ සංගීත ඉතිහාසයේ ඔහු ලෝක වාර්තා 11කට හිමිකම් කියනව. ඔහුගේ අන්තිම ගිනස් වාර්තාව වෙන්නෙ “Godzilla” කියන ගීතයට 2020 මුල ලැබුණ ගිනස් වාර්තාව. ඒ දැනට ඉතිහාසයේ තියෙන වේගවත්ම රැප් ගායනය විදිහට. ඒ වචන 224ක් තප්පර 31ක් ඇතුළත රැප් එකක් විදිහට ගායනා කරලා. මීට අමතරව ඔහුගේ පෙර වාර්තා අතරට වැඩිම වචන ගාණක රැප් ගායනය වගේම අලෙවි වාර්තා සහ එක එක chart show වල වාර්තාත් ඇතුළත්.
2. ශකීරා (Shakira)
ශකීරා කියන්නෙ කොලොම්බියානු ගායිකාවක්. ඇයත් මේ ගායන ක්ෂේත්රයේ ලෝක වාර්තා රැසකට උරුමකම් කියන ගායිකාවක්. ඇගේ පළමු ගිනස් වාර්තාව තමයි ෆේස්බුක් වෙබ් අඩවියේ මිලියන 100ක likes ගත්ත ප්‍රථම පුද්ගලයා කියන වාර්තාව. ඒ වාර්තාවත් එක්කම 2014 FIFA පාපන්දු ලෝක කුසලානයේ එකදිගට 3 වරක් ගායනා ඉදිරිපත් කිරීම කියන වාර්තාවත් එක්ක ඒ එකම සතිය ඇතුළත ලෝක වාර්තා දෙකකට හිමිකම් කියන්න ඇය සමත් වෙනවා. ඒ වගේම 2015 වසරේ ෆේස්බුක් අඩවියේම වැඩිම ලයික්ස් තියෙන ගායිකාවත් මේ ශකීරාම තමයි.
3. බියොන්සේ (Beyonce)
බියෝන්සේ කියන්නෙත් අපි නිතර අහන දකින ගායිකාවක්. හැබැයි ගායනයට එහා ගිහින් ඇය ලෝක වාර්තා ලබන්නේ ඇයට නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න බවත්, නිවුන් දරුවන්ගේ උපත ගැනත් සඳහන් කරපු පුවත් වලට ලැබුණ ප්‍රතිචාරත් එක්ක. ඒ වගේම ඇය සහ ඇගේ සැමියා Jay-Z දෙන්නා ගායන ක්ෂේත්රයේ වැඩිම ආදායම් ලබන යුවළ විදිහටත් ලෝක වාර්තාවකට හිමිකම් කියනවා.
4. එල්විස් (Elvis Presley)
එල්විස් ප්‍රෙස්ලි කියන්නෙ අපි හැමෝම දන්න, අපි හැමෝම ආස, එදාමෙදාතුර නොවෙනස්ව ප්‍රසිද්ධ ගායකයෙක්. එල්විස් කියන්නෙ ඇමරිකානු ගායකයෙක්. ඔහුගේ හරිම විශේෂිත හඬ නිසාම ඔහුට ආස කරන පිරිස ඕනතරම්. 1977 වසරේදී මියගියත් මේ එල්විස් ප්‍රෙස්ලි තවමත් අලුත් අලුත් ලෝක වාර්තා වලට හිමිකම් කියනව. ඔහු මේ ඉතාම මෑතක, ඒ කියන්නෙ 2016 දී එක්සත් රාජධානියේ තනි පුද්ගලයෙකු විසින් පටිගත කරන ලද වැඩිම අංක එකේ ඇල්බමයන්ට අදාළ මැඩෝනාගේ ලෝක වාර්තාව බිඳ හෙලනවා. ගිනස් පොතට අනුව සංගීත ඉතිහාසයේ වැඩිම අලෙවියක් තියෙන ගායකයින් අතරේ තාමත් මුල්තැන දරන්නේ එල්විස් ප්‍රෙස්ලි.
5. ටේලර් ස්විෆ්ට් (Taylor Swift)
ටේලර් ස්විෆ්ට් කියන්නෙත් අපිට හරි හුරුපුරුදු ගායිකාවක්. ඇයත් ගිනස් වාර්තා විශාල සංඛ්‍යාවකට හිමිකම් කියනව. ඒ අතරින් ඇමරිකාවේ වේගයෙන්ම අලෙවි වුණ ගායිකාවක් විසින් කරපු ඩිජිටල් ඇල්බමය සහ වාර්ෂිකව වැඩිම ආදායමක් උපයන ගායිකාව වගේ වාර්තා ඇතුළත් වෙනවා. ටේලර් ස්විෆ්ට් ගේ ‘ME’ කියන ගීතය දවස් 7ක් ඇතුළත ලෝක වාර්තා 7ක් බිඳහෙලන්න සමත් වෙනවා.
6. මැඩෝනා (Madonna)
මැඩෝනා කියන්නෙ ඇමරිකානු ගායිකාවක්, ගීත රචිකාවක් වගේම නිලියක්. ඇය මේ හැම ක්ෂේත්රයකින්ම වගේ ලෝක වාර්තා වලට හිමිකම් කියනවා. ඇය වැඩිම අලෙවි වාර්තා වලට හිමිකම් කියන ගායිකාව විදිහට සැලකෙනවා. ඒ වගේම වැඩිම අංක එකේ music video වලට හිමිකම් කියන ගිනස් වාර්තාවත් මේ මැඩෝනාගේ වාර්තාවක්. ඒ වගේම වැඩිම සාර්ථකත්වක් දරන තනි ගායිකාව, වැඩිම අලෙවි වාර්තා, මිල වැඩිම music video එක වගේ වාර්තා විශාල සංඛ්‍යාවකට ඇය හිමිකම් කියනවා.
7. ජස්ටින් බීබර් (Justin Bieber)
ජස්ටින් බීබර් කිව්වම ලංකාවේ අහල නැති කෙනෙක් නැති තරම්. මේ ජස්ටින් බීබර් කියන්නෙ අවුරුදු 13 වගේ ඉතාම ලාබාල වයසකදී තමන්ගේ සංගීත ජීවිතේ ආරම්භ කරපු ගායකයෙක්. සමහර දෙනෙක් කැමති නැති උනාට මේ ගායකයාට කැමති පිරිස ඕනතරම්. 2017 අවුරුද්ද වෙනකොට මේ ඉතාම ලාබාල ගායකයා ගිනස් වාර්තා 8කට හිමිකම් කියන්න වාසනාව ලබලා තියෙනවා. ඔහුගේ මුල්ම ගිනස් වාර්තාව තමයි youtube වෙබ් අඩවියේ වැඩිම subscribers ලා පිරිසක් ඉන්න ගායකයා කියන ගිනස් වාර්තාව. අවසාන වාර්තාව 2017 ඔහුගේ “What do you mean?” කියන ගීතය Spotify වෙබ් අඩවියේ වැඩිපුරම වාදනය වුණ ගීතය විදිහට ලැබුණ වාර්තාව. ඒ අතරට Youtube අඩවියේ වැඩිපුරම නරඹපු නාලිකාව, වැඩිම twitter followers ලා ඉන්න ගායකයා වගේ විවිධ වාර්තා 6ක් තියෙනවා.
Leave a Reply