ටීවී කියන්නේ සාමාන්‍යයෙන් සෑහෙන තරමින් විකිණෙන මෝස්ට් වෝන්ටඩ් ඉලෙක්ට්‍රොනික උපාංගයක්නේ. ඒ නිසා තමයි අපිට ඔය කන්සියුමර් ප්‍රොඩක්ට්ස් විකුණන වෙබ්සයිට් වල එහෙම වුණත් මුලටම ටීවී දකින්න ලැබෙන්නේ. දැන් ඉස්සර කාලේ ටීවී එකක් ගන්න එක ඇත්තටම සල්ලි තියෙනවා නං සරල කාරණාවක්. මොකද බ්‍රෑන්ඩ්ස් ගොඩක් තිබ්බෙ නෑ, ඔප්ෂන්ස් ගොඩක් තිබ්බෙ නෑ. හැබැයි දැන් එහෙම බෑ. දැන් කාලේ ටීවී එකක් ගන්න කලින් හොඳ රිසර්ච් එකක් කරන්න වෙනවා, තමන්ගේ වුවමනාවේ සහ බජට් එකේ හැටියට ටීවී එකක් තෝරගන්න. ඉතින් අන්න ඒ රිසර්ච් එකේදී අවශ්‍ය වෙනවා යම් යම් තාක්ෂණික කරුණු කාරණා ගැන හිතලා බලන්න. ඒ යම් යම් තාක්ෂණික කරුණු කාරණා ගැන අදහසක් ලබාදෙන්න තමයි මේ උත්සාහය.
1. ලොකු සයිස් හොඳයිද?
මේක ඇත්තටම තමන් ටීවී එකෙන් ගන්න වැඩේ අනුව සහ ටීවී එක තියන අවකාශය, තමන් ටීවී එක බලන්න ඉන්න දුර වගේ දේවල් අනුව තීරණය වෙන දෙයක්. ඒ කියන්නේ, දැන් ගේම් ගහන්න වගේ දේකට අතිශයින්ම විශාල ටීවී ගත්තා කියලා වැඩක් නෑ. මොකද, වේගවත් ගේම් ප්ලේ එකක් තියෙන ගේම් එකක් විශේෂයෙන්ම ගත්තොත්, අතිවිශාල ටීවී එකක පෙන්නන තොරතුරු ඔක්කොම අපිට ඇහැට අහු කරගන්න බෑ.
හැබැයි ෆිල්ම් බලන්න වගේ දේකදී ඒ අවුල නෑ. හැබැයි ටීවී එකක සයිස් එක තමන් ඒ ටීවී එක තියන අවකාශය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ලංකාවේ සාමාන්‍ය ගෙදරක තියෙන සාමාන්‍ය සාලෙකට ගැලපෙන ස්ක්‍රීන් සයිස් එක වෙන්නේ අඟල් 55 ත් අඟල් 65 ත් අතර ස්ක්‍රීන් එකක්. ඊට වඩා වැඩි එකක් තේරුමක් නෑ.
ඒ ඇරෙන්න ඉතින් දැන් කාලේ ගොඩක් දෙනා යන ප්‍රශස්ත රූපවාහිනී තිර ප්‍රමාණය වෙන්නේ අඟල් 32. ලොකුත් නෑ පොඩිත් නෑ, ගාණ!
2. රිසොලුෂන්
සාමාන්‍යයෙන් ඉස්සර ටීවී ගන්නකොට නං ඔය රිසොලුෂන් අනං මනං අපිට අදාළම නැති වුණත්, දැන් කාලේ අපි ඔය රිසොලුෂන් ගැන හිතනවා. හරි, අපි ලේසි විදියට මේ රිසොලුෂන් කඩා ගමු. සාමාන්‍යයෙන් අපි ඉස්සර බලමු DVD කොලිටිය කියන්නේ 720×480 ප්‍රමාණය. නරකම නෑ. එතකොට දැන් ගොඩක් වෙලාවට ජනප්‍රිය HD (High Defiition) කියන්නේ HD-Ready 720p නම් 1280×720 සහ Full-HD1080p නම් 1920×1080 කියන රිසොලුෂන්. ඊට පස්සේ තියෙනවා Ultra HD හෙවත් 4K රිසොලුෂන් එක. ඒ කියන්නේ 3840×2160. ඇත්තටම වර්තමානය වෙනකොට සෑහෙන්න පොදුවේ දකින්න පුළුවන් ටීවී එකක් තමයි මේක. ඉතින් වඩාත් ලොකු ටීවී එකකට යනවා නම් Ultra HD වලට යන එක හොඳයි. එහෙම නැතිනම් අඩු තරමින් Full-HD ටීවී එකක් ගන්න එක තමයි හොඳ.
3. HDR ඕනෙද?
මේ HDR කියන එකත් සාමාන්‍යයෙන් ටීවී ටෝක්ස් වලදී අහන්න ලැබෙන දෙයක්. HIgh Dynamic Range කියලා තමයි කියන්නේ. එතකොට HDR වලින් කරන්නේ ඇත්තටම වඩාත් ඉහළ ඩයිනමික් රේන්ජ් එකක තියෙන වර්ණ, වඩාත් පුළුල් color gamut එකක් -ඒ කියන්නේ ටීවී එකට පෙන්නන්න පුළුවන් වර්ණ පරාසයක් සහ බොහෝ විට වඩාත් දීප්තිමත්, පැහැදිලි දර්ශන පෙන්නන එක. උදාහරණයක් විදියට කිවුවොත්, HDR තියෙන ෆිල්ම් එකක් HDR සපෝට් කරන ටීවී එකකින් බලන කොට කළු පාට එහෙම වඩාත් ගැඹුරු ගතියකින් පේනවා වගේම, අනික් වර්ණත් වඩාත් දීප්තියකින් පේනවා.
හැබැයි ඉතින් HDR ටීවී එකක් වැඩක් වෙන්නේ HDR අන්තර්ගතයන්ට විතරයි. ඉතින් අපිට HDR කොන්ටෙන්ට් බලන්න ලැබෙනවා කියලා දන්නවා නම්, HDR තියෙන ටීවී එකක් ගන්න එක හොඳයි.
4. රිෆ්‍රෙෂ් රේට්
මේක නම් සාමාන්‍යයෙන් ටීවී විකුණන කොට සඳහන් කරන්න තරම් වත් වෙළඳ නියෝජිතයෝ උත්සුක වෙන්නෙ නැති දෙයක්. හැබැයි අපි මොනිටර් එකක් එහෙම ගන්නකොට නම් අනිවා මේ ගැන සැලකිලිමත් වෙනවා. රිෆ්‍රෙෂ් රේට් එක මනින්නේ හර්ට්ස් (Hz) වලින්. ඒකෙන් කියන්නේ ස්ක්‍රීන් එකේ තියෙන පින්තූරයක් තත්පරයකට වාර කීයක් රිෆ්‍රෙෂ් වෙනවද කියන එක. සාමාන්‍යයෙන් සම්මත රිෆ්‍රෙෂ් රේට් එක වෙන්නේ 60Hz. දැන් මේ රිෆ්‍රෙෂ් රේට් එක වැඩි වෙනකොට පින්තූරත් වඩා සොලිඩ් විදියට දිස් වෙනවා. රිෆ්‍රෙෂ් රේඩ් එක වැඩි වෙනකොට අර කැඩි කැඩී යන ගතිය අඩුවෙලා, වීඩියෝ එකක ෆ්‍රේම්ස් මාරු වෙන සුමට භාවය වැඩි වෙනවා. අන්න ඒ නිසා ඉහළ රිෆ්‍රෙෂ් රේට් එකක් හොයන එක හොඳයි, විශේෂයෙන්ම ගේම් ගහන්න එහෙම ටීවී ගන්න යාළුවන්ට. ඒ ඇරෙන්න ඉතින් 60Hz රීෆ්‍රෙෂ් රේට් එකක් සාමාන්‍ය ටීවී එකකට ප්‍රමාණවත්.
5. කනෙක්ටර්ස්
ඔව්, කනෙක්ටර්ස් ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ටීවී එකක් ගන්නකොට. සාමාන්‍යයෙන් දැන් එන ඕනම ටීවී එකක HDMI සහ USB කනෙක්ටර්ස් තියෙනවනේ. හැබැයි HDMI සහ USB කනෙක්ටර්ස් වැඩි වෙන තරමට හොඳයි. එතකොට සවුන්ඩ් බාර් එකක්, ක්‍රෝම් කාස්ට් එකක්, ගේමින් කොන්සෝල් එකක් වගේ කීපයක් සම්බන්ධ කරන්න පුළුවන්. එක එක වෙලාවට අරක ගලවලා මේක ගහන්න, මේක ගලවලා අරක ගහන්න අවශ්‍ය නෑ. අනික, 4K ටීවී එකක් එහෙම ගන්නවා නම්, HDMI 2.0 වත් තියෙනවද කියලා බලන්න ඕන.
6. LCD, LED LCD, OLED
ටීවී එකක් ගන්න ගියහම මේ LCD, LED LCD, OLED කතන්දර ඇහෙනවනේ. අන්න ඒ නිසා, මේවලින් මොනවද කියන්නේ කියලා දැනගන්න එක වටිනවා. ඇත්තටම මේ කියන්නේ අපි ගන්න තිර පැනල් ගැන තමයි. ඒ කියන්නේ තිර පැනල තාක්ෂණයන් ගැන. සාමාන්‍යයෙන් ටීවී ගොඩක්ම එන්නේ LED LCDවිදියට. ගාණත් අඩුයි. එතකොට OLED, QLED ටීවී වල ගණන් වැඩියි. කොලිටියත් වැඩියි. හැබැයි ඔය OLED, QLED දෙකේ එකිනෙකට ආවේණික හොඳ නරක තියෙනවා. උදාහරණ විදියට ගත්තොත්, QLED වල බ්‍රයිට්නස් වැඩියි, කල්පැවැත්ම වැඩියි, ගාණ ටිකක් අනිකට වඩා අඩුයි. එතකොට OLED වල වීවින් ඈන්ගල් එක හොඳයි, වඩාත් ගැඹුරු කළු වර්ණයන්ගෙන් යුතුව, බලශක්ති ක්ෂමතාවය අඩුයි.
7. ස්මාට් ද ටීවී?
මේ දවස් වල ගොඩක් අය ස්මාට් ටීවී හොයනවා අපි දැකලා තියෙනවා. ඇත්තටම නිකම් ටීවී එකකයි, ස්මාට් ටීවී එකකයි තියෙන වෙනස මොකද්ද? වෙනස වෙන්නේ, ස්මාට් ටීවී එකකට අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් කාලේ නම් බොහෝ විට රැහැන් රහිත තාක්ෂණයෙන්. ඒ වගේම ස්මාට් ටීවී එකක මූලික මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. ඒ නිසා ඔය ඇප්ස් එහෙම ස්මාට් ටීවී එකක රන් කරන්න පුළුවන්. යූටියුබ්, නෙට්ෆ්ලික්ස් වගේ ඇප්ස් විතරක් නෙවෙයි, තව බොහෝමයක් මීඩියා ඇප්ස්.
හැබැයි, ඕන නම් සාමාන්‍ය විදියේ ටීවී එකක් අරගෙන, ඒකට ක්‍රෝම්කාස්ට් වගේ ටීවී බොක්ස් එකක් ගහලාත් ගෙදර ටීවී එක ස්මාට් ටීවී එකක් බවට පත් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා මෙතනදී තමන්ගේ චොයිස් එක මොකද්ද කියලා හිතලා බලන එක හොඳයි.
8. සවුන්ඩ් බාර් එකකුත්
මේක ඇත්තටම ටීවී එකට අදාළ තාක්ෂණික කාරණාවක් නෙවෙයි. දැන් සාමාන්‍ය මට්ටමේ ටීවී එකකින් එන සද්දේ කොහොමද? නිව්ස් බලන්න, කෝපි කඩේ බලන්න අවුලක් නෑ. ඒත් ඉතින් ෆිල්ම් එකක් එහෙම බලනකොට අර බුදු අම්මෝ ෆීල් එක නං එන්නෙ නෑ. සාමාන්‍ය ටීවී තියා, මිලෙන් අධික කොලිටි ඉතා වැඩි ටීවී වල වුනත් ඔය ටීවී ස්පීකර්ස් ප්‍රබල නැති අවුල තියෙනවා. ආන්න ඒ නිසා, ටීවී එකෙන් ෆිල්ම්ස් බලනවා වගේ දේවල් කරනවා නම්, හොඳ මට්ටමේ සවුන්ඩ් බාර් එකකට එහෙම ආයෝජනය කරන එක වටිනවා.
දැන් මේ කියපු දේවල් වලට අමතරව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන කාරණා දෙකකුත් තියෙනවා. එකක් තමයි ටීවී එක ගන්නේ කාගෙන්ද කියන එක. සාමාන්‍යයෙන් ටීවී එකක් ගන්නකොට ඒ බ්‍රෑන්ඩ් එකේ අලෙවි නියෝජිතයාගෙන්ම හරි, ඒ අලෙවි නියෝජිතයාගේ සෙලර් කෙනෙක්ගෙන් හරි ගන්න එක තමයි ඥාණවන්ත තීරණය වෙන්නේ. ඒ කියන්නේ, වොරන්ටි එක එන්න ඕන ඒජන්ට් වොරන්ටි එකක්. එහෙම නැතුව ෂොප් එකේ අයියගේ වොරන්ටිය වැඩක් නෑ ගොඩක් වෙලාවට. දෙවෙනි කාරණාව තමයි වොරන්ටිය. වොරන්ටි නැතුවත් ටීවී විකුණන්න තිබ්බට, අපි නං කියන්නේ අතිශයින්ම ෂුවර් කෙනෙක්ගෙන් ඇරෙන්න ඔය හරි හමං වොරන්ටියක් නැති ටීවී වගේ එව්වා නං ගන්න එපා කියලා තමයි!
Leave a Reply