ඉන්දියන් රසට ඉස්සො හදන්න රෙසිපි 5ක්

ඉන්දියාවේ රසම රස රෙසිපි අතරේ අද අපි ගේන්න හිතුව ඉන්දියන් නියම කුළුබඩු මිශ්‍ර කරලා හදන ප්‍රෝන්ස් කරි ටිකක් හදන හැටි කියන්නයි. ඇත්තටම නියම රසය ගන්න ඉන්දියන් අය මේ කුළුබඩු පාවිච්චි කරන ආකාරය දැක්කම ගොඩක් ආස හිතෙනවා. ඒ වගේම කෘත්‍රිම රසකාරක පොඩ්ඩක්වත් පාවිච්චි  නොකර හදන මේ ඩිශ් ගැන අද අපි පොඩ්ඩක් බලමු. 

 

 

1. ප්‍රෝන්ස් මසාලා (Prawns Masala)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 500
  2. දෙහි බෑයක යුෂ
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. ලුණු ස්වල්පයක්
  5. තෙල් ස්වල්පයක්
  6. ලියාගත් ළූණු ගෙඩි 4
  7. කරපිංචා කොළ ස්වල්පයක්
  8. ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  9. චොප්කරගත් තක්කාලි ගෙඩි 4
  10. මිරිස්කුඩු තේ හැඳි 1
  11. සූදුරු කුඩු තේ හැඳි 1
  12. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  13. ගරම් මසාලා තේ හැඳි 1/2
  14. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

  • ඉස්සො ටික බෝල් එකකට දාලා දෙහි යුෂ දාගන්න. කහකුඩු ටික එකතු කරන්න. ලුණු දාලා කලවම් කරලා විනාඩි 15ක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා කරපිංචා හා ළූණු ටික එකතු කරන්න. විනාඩි 5ක් විතර ෆ්‍රයි කරලා ඉඟුරු සුදුළූණු පේස්ට්, රස අනුව ලුණු, චොප්කරගත් තක්කාලි ටික දාගන්න. කලවම් කරලා විනාඩි10ක් වහලා පිසගන්න. 
  • මේකට මිරිස්කුඩු, සූදුරු කුඩු හා කොත්තමල්ලි කුඩු ටික දාගන්න. දැන් මැරිනේට් කරපු ඉස්සො ටික දාලා කලවම් කරලා ගරම් මසාලා එකතු කරන්න. 
  • වතුර කෝප්ප 1/2ක් වගේ දාලා ඉස්සො ටික තැම්බෙනකල් වහලා පිසගන්න. 
  • විනාඩි 10කට විතර පස්සෙ අවශ්‍ය නම් රස බලල ලුණු එකතු කරලා, චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් ඉහලා ලිපෙන් බාගන්න. 

 

2. ප්‍රෝන්ස් චෙට්ටිනාඩ් (Prawn Chettinad)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

මසාලා පේස්ට් එකට

 

  1. කුරුඳු පොතු කෑල්ලක්
  2. කරදමුංගු ඇට 5
  3. ගම්මිරිස් ඇට 6-7
  4. ස්ටාර් අනීස් 2
  5. මහදුරු මේසහැඳි 1
  6. සූදුරු මේස හැඳි 1
  7. කරාබු නැටි 4
  8. කොත්තමල්ලි ඇට කෝප්ප 1/2
  9. කඩාගත් වියළි මිරිස් කරල් 2
  10. චොප්කරගත් ඉඟුරු කෑල්ලක්
  11. සුදුළූණු බික් 10-12
  12. තෙල් ස්වල්පයක්
  13. ලියාගත් ළූණු ගෙඩි 2
  14. ගාගත් පොල් කෝප්ප 1
  15. කරපිංචා කොළ කෝප්ප 1/2

 

කරියට

 

  1. සුද්ද කරගත් ඉස්සො ග්‍රෑම් 500
  2. චොප්කරගත් සුදුළූණු බික් 8-10
  3. ලියාගත් ළූණු ගෙඩි 2
  4. කරපිංචා 10-12
  5. තක්කාලි පියුරි කෝප්ප 1
  6. ලුණු
  7. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/4
  8. සියඹලා මේස හැඳි 1
  9. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  10. ගාගත් පොල් ස්වල්පයක්
  11. චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

  • මුලින්ම මසාලා පේස්ට් එක හදාගන්න පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට කුළුබඩු සියල්ලම හා ඉඟුරු සුදුළූණු දාලා බැදගන්න. 
  • වියළි මිරිස්, ලියාගත් ළූණු ටික එකතු කරන්න. පොල් සහ කරපිංචා කොළ ටික එකතු කරන් හොඳට කලවම් කරන්න. දැන් මේකට වතුර චුට්ටක් දාලා ග්‍රයින්ඩ් කරගන්න. 
  • කරිය හදාගන්න වෙනම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. ඊළඟට චොප්කරගත් සුදුළූණු, ළූණු ටික එකතු කරන්න. රන්වන්පාට වෙනකල් බැදෙන්න අරින්න. කරපිංචා ටිකත් දාල බැදුනම තක්කාලි පියුරි එක දාලා සාදාගත් චෙට්‍ටිනාඩ් මසාලා පේස්ට් එක එකතු කරන්න. 
  • ඊළඟට ඉස්සො ටික එකතු කරන්න. රස අනුව ලුණු දාලා ෆ්‍රෙශ් ක්‍රීම් ටික දාලා ඉස්සො තැම්බෙනකල් වහලා පිසගන්න. අවශ්‍ය නම් වතුර ටිකක් එකතු කරගන්න. 
  • ඉස්සො තැම්බුනාම සියඹලා ටික දාලා, ගම්මිරිස්කුඩු ඉහලා, උතුරනකොට ලිපෙන් බාගන්න. උඩින් ගාගත් පොල් හා චොප්කරගත් කොත්තමල්ලි කොළ ඉසගන්න. 

 

3. මැන්ගලෝර් ප්‍රෝන් කරි (Mangalore Prawn Curry)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 500
  2. ලුණු රස අනුව
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. සූදුරු තේ හැඳි 1
  5. කොත්තමල්ලි තේ හැඳි 2
  6. ගම්මිරිස් ඇට තේ හැඳි 1
  7. උළුහාල් තේ හැඳි 1
  8. වියළි මිරිස් කරල් 5-8
  9. සුදුළූණු බික් 5
  10. චොප්කරගත් ළූණු ගෙඩි 1
  11. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  12. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  13. සියඹලා යුෂ මේස හැඳි 1
  14. තෙල් ස්වල්පයක්
  15. අබ ස්වල්පයක්
  16. කපාගත් අමුමිරිස් කරල් 2
  17. කරපිංචා ස්වල්පයක්
  18. ලියාගත් රතුළූණු ගෙඩි 2
  19. පොල්කිරි කෝප්ප 2

 

  • ඉස්සො වලට ලුණු හා කහකුඩු අතගාලා පැය 1/2ක් මැරිනේට් කරගන්න. 
  • පෑන් එකකට සූදුරු හා කොත්තමල්ලි ඇට ටික දාගන්න. ඒකටම ගම්මිරිස්, උළුහාල් හා වියළි මිරිස් දාලා බැදගන්න. දැන් මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • මේක මසාලා එකට සුදුළූණු, ළූණු, ඉඟුරු, තක්කාලි හා සියඹලා යුෂ දාලා නැවත ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා අබ ටික දාගන්න. අබ පුපුරන කොට අමුමිරිස්, කරපිංචා, ළූණු දාලා තෙම්පරාදු කරගන්න. මේකට හදාගත්තු පේස්ට් එක දාගන්න. 
  • කලවම් කරලා වතුර කෝප්ප 1/2ක් දාලා පොල්කිරි ටික එකතු කරන්න. රස අනුව ලුණු දාලා විනාඩි 7ක් වගේ පිසගන්න.
  • කරිය හැදුනම මැරිනේට් කරගත් ඉස්සො ටික දාලා, අඩු ගින්දරේ වහලා, ඉස්සො තැම්බෙනකල් පිසගන්න. 

 

4. බටර් ගාලික් ප්‍රෝන්ස් (Butter Garlic Prawns) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තෙල් ස්වල්පයක්
  2. සුද්දකරගත් ඉස්සන් ග්‍රෑම් 500
  3. චොප්කරගත් සුදුළූණු බික් 5
  4. ලුණු
  5. චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
  6. බටර් මේස හැඳි 2
  7. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
  8. ලුණු හා ගම්මිරිස්කුඩු
  9. කෑලිමිරිස් තේ හැඳි 2
  10. කෝන්ෆ්ලා මේස හැඳි 1/2
  11. දෙහි බෑයක යුෂ

 

  • පෑන් එකට තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට ඉස්සො ටික දාලා බැදගන්න. 
  • ලුණු හා සුදුළූණු එකතු කරගන්න. ළූණු කොළ ටික එකතු කරන්න. බටර් ටික හා  චොප්කරගත් පාස්ලි ටික දාගන්න. වතුර කෝප්ප 1/4ක් වගේ දාලා ටිකක් වහලා පිසගන්න. 
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරලා කෑලිමිරිස් ටික දාගන්න. කෝන්ෆ්ලා ටික වතුර මේස හැඳි 2ක දියකරලා එකතු කරන්න. දෙහි යුෂ ටිකක් දාගන්න. ඉස්සො තැම්බෙනකල් පිසගෙන ලිපෙන් බාගන්න. 

 

5. ප්‍රෝන්ස් ගී රෝස්ට් (Prawns Ghee Roast)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සො ග්‍රෑම් 500
  2. කහකුඩු තේ හැඳි 1/4
  3. ලුණු
  4. වියළි මිරිස් කරල් 5
  5. සූදුරු තේ හැඳි 1
  6. කොත්තමල්ලි ඇට මේස හැඳි 1
  7. කරාබු නැටි 5-6
  8. ගම්මිරිස් ඇට මේස හැඳි 1
  9. සියඹලා මේස හැඳි 1
  10. සුදුළූණු බික් 6-7
  11. ගී ඔයිල් මේස හැඳි 3
  12. මුදවපු කිරි මේස හැඳි 2
  13. කුඩුකරගත් හකුරු මේස හැඳි 2
  14. කරපිංචා ස්වල්පයක්

 

  • ඉස්සන්ට ලුණු හා කහකුඩු අතගාලා පැය 1/2ක් තියන්න. ගී ටිකක් රත්වෙන්න තියල මැරිනේට් කරපු ඉස්සො ටික පෑන් ෆ්‍රයි කරගන්න. 
  • වෙනම පෑන් එකකට වියළි මිරිස් කරල් ටික දාලා කබලෙ බැදගන්න. ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම සූදුරු, ගම්මිරිස්, කොත්තමල්ලි හා කරාබු නැටි දාලා රෝස්ට් කරගන්න. මේ ටික එක්ක වියළි මිරිස් වතුර ටිකක් දාල බ්ලෙන්ඩ් කරගන්න. ඒකටම සියඹලා හා සුදුළූණු දාලා නැවත බ්ලෙන්ඩ් කරගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා ගී ඔයිල් ටික දාගන්න. ඒකට හදාගත්තු පේස්ට් එක දාලා විනාඩි 3ක් පිසගන්න. 
  • මේකට මුදවපු කිරි එකතු කරන්න. රස අනුව ලුණු දාලා, බැදගත් ඉස්සො ටික දාගන්න. 
  • දැන් මේකට කුඩුකරගත් හකුරු ටික දාලා, කරපිංචා කොළ දාලා කලවම් කරගන්න. ටිකකින් ලිපෙන් බාගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *