ඔය ප්‍රොෆෙෂනල් කෙනෙක් කියන එක එක්කෝ සරලවම කියන්න පුළුවන් රස්සාවක් කරන මනුස්සයෙක් කියලා. ඔව්, වචන තේරුම ගත්තොත් ඒක එහෙම තමයි. හැබැයි සාමාන්‍යයෙන් අපි ප්‍රොෆෙෂනල් කෙනෙක් කියන්නේ නිකම්ම රස්සාවක් කරන කෙනෙක්ටම නෙවෙයි. ඊට වඩා තමන් කරන රැකියාවේ හෝ ක්ෂේත්රයේ යම් කිසි ප්රවීණත්වයක් ලඟා කරගෙන තියෙන, එහෙම නැතිනම් තමන් කරන රැකියාව හෝ ක්ෂේත්රය සඳහා සුදුසුකම් ලබලා ඉන්න නැතිනම් කොලිෆයි වෙලා ඉන්න එක්කෙනෙක්ට තමයි අපි මේ ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා කියන්නේ.
දැන් මෙතන අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ ඔය කාර්යාල රැකියාවන් වල නිරත වෙලා ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා. කාර්යාල රැකියාව කියන එක දැන් වෙනකොට හෝම් ඔෆිස් වෙන්නත් පුළුවන්. ඔය මොකක් වුනත්, හොඳින් තමන්ගේ රැකියාවක් කරන කෙනෙක්ට වැදගත් වෙන දේවල් තියෙනවා. යම් යම් මෙවලම් තියෙනවා. දැන් වෙනකොට අපි අන්තර්ජාලය රැකියාව සඳහා සෑහෙන්න උපයෝගී කරගන්න නිසා, අන්තර්ජාලයේ තියෙන මෙවලම්, නැතිනම් වෙබ් ටූල්ස් එහෙමත් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට සෑහෙන්න වටිනවා. ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ වගේ වෙබ් ටූල්ස් කීපයක් ගැන.
1. Bonsai
අපි දන්නේ පැළ බොන්සායි කරන කලාවනේ සාමාන්‍යයෙන් බොන්සායි කිව්වහම. හැබැයි මේ බොන්සායි කියන්නේ ෆ්රීලාන්සර්ස්ලට වුනත්, ස්ටාර්ට්-අප් එකක් විදියට පටන් ගන්න ව්‍යාපාරයකට වුනත්, ස්ථාවර වෙලා තියෙන බිස්නස් එකකට වුනත් හොඳින්ම ගැලපෙන වෙබ් සේවාවක්. මොකද්ද මේකෙන් කරන්නේ? මේකෙන් ලබාදෙනවා බිස්නස් ප්‍රොපෝසල්ස්, කොන්ට්රැක්ට්ස්, ඉන්වොයිස්, ක්ලයන්ට්, ෆෝම්ස් වල ඉඳලා, Customer relationship management, Time Tracking, Task Tracking, Forms, Accounting, Tax වගේ බිස්නස් එකකට අදාළ ක්ෂේත්‍ර ගණනාවක් කළමනාකරණය කරගන්න අවශ්‍ය ඩිජිටල් මෙවලම් සහ සහාය. මේක සල්ලි දීලා හැම පහසුකමක්ම එක්ක ගන්නත් පුළුවන්, නොමිලේ පටන් ගන්නත් පුළුවන්. කොටින්ම බිස්නස් එකක බැක්-ඔෆිස් එකක් සම්පූර්ණයෙන්ම Bonsai හරහා පවත්වා ගන්න පුළුවන් කියලා තමයි එයාලා කියන්නේ.
2. Mobirise
සාමාන්‍යයෙන් ඔය කෝඩින් දන්න, වෙබ් ඩිසයිනින්ග් ඉගෙන ගත්තු හාදයෙක්ට වෙබ් අඩවියක් හදනවා කියන එක ඊසි වැඩක් නොවුණත්, මිෂන් ඉම්පොසිබල් නෙවෙයි. හැබැයි ඉතින් වෙබ් ඩිසයිනින් ගැන මළපොතේ අකුරක් නොදන්න කෙනෙක්ට නං ඕක ග්‍රීක බාසාව වගේ තමයි. හැබැයි අපි කියමු හදිසියකට අපිට වෙබ් සයිට් එකක් හදාගන්න සිද්ධ වෙනවා කියලා. ඒක ඔය ෆුල් කස්ටමයිස් කරපු නැති, තියෙන ටෙම්ප්ලේට් වලින් එකක් තෝරලා හදාගන්න එකක් වුනත් අවුලක් නෑ කියලා. ආන්න එතකොට ඒ වැඩේ ගොඩදාගන්න පුළුවන් ටූල් එකක් තමයි Mobirise කියන්නේ. ඇත්තටම මේක වෙබ් ටූල් එකක් නෙවෙයි. ඩවුන්ලෝඩ් කරලා දාගන්න ඕන සොෆ්ට්වෙයාර් එකක්. ඒ වගේම මේක සෑහෙන්න දුරට ෆ්‍රී කියලා තමයි කියන්නෙත්. එතකොට මේකෙන් වෙබ් අඩවියක් හදන්න වෙබ් ඩිසයිනින් ගැන කලින් ඉගෙන ගෙන තියෙන්න ඕනැත් නෑ.
3. MailMunch
මොකද්ද ඇත්තටම ලෑන්ඩින් පේජ් (Landing page) එකක් කියන්නේ? අපිට කියන්න පුළුවන් ලෑන්ඩින් පේජ් එකක් කියන්නේ, සාමාන්‍යයෙන් ඔය සර්ච් එන්ජින් එකක එන රිසල්ට් එකක් ක්ලික් කළහම, නැත්තං ඇඩ්වර්ටීස්මන්ට් ඊමේල් එකක තියෙන ලින්ක් එකක් ක්ලික් කළහම, නැතිනම් වෙනත් ඒ වගේ ඔන්ලයින් ඇඩ් එකක හරි මාකටින් කැම්පේන් එකක හරි තියෙන ලින්ක් එකක් ක්ලික් කළහම කෙලින්ම අපිව යැවෙන පේජ් එකට. ආන්න ඒ ලැන්ඩින් පේජ් එක බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් ප්‍රබල ටූල් එකක් තමයි MailMunch කියන්නේ. විශේෂයෙන්ම වෙබ් ඩිසයිනින් ගැන එහෙම කිසිම දැනුමක් නැතත්, මේකේ තියෙනෙ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් පහසුකම පාවිච්චි කරලා ලේසියෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන් වීමත් විශේෂයක්. ඕන නම් මේකේ තියෙන ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම කරලා, තමන්ට ඕන ඩොමේන් එකකට කනෙක්ට් කරගන්නත් පුළුවන්. මාකටින් කැම්පේන් වලට එහෙම මේක කියාපු ටූල් එක.
4. Rank Math SEO
මේ ඩිජිටල් මාකටින් යුගයේ ඉන්න, ඩිජිටල් අවකාශය තමන්ගේ වෘත්තියට සෑහෙන්න වැදගත් වෙන කෙනෙක් නම්, SEO නැතිනම් සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් ගැන නොදැන ඉන්න විදියක් නෑ. සරලවම කියනවා නම් මොකක් හරි වෙබ් පේජ් එකකට හරි සයිට් එකකට හරි සර්ච් එන්ජින් වලින් එන ට්‍රැෆික් එකේ කොලිටිය සහ ප්‍රමාණය වැඩි කිරීම කරන ක්‍රියාවලියට. අන්න ඒ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් බොහොම ඉෆෙක්ටිව් වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් තමයි මේ Rank Math SEO කියන්නේ. විශේෂයෙන්ම මේක මුලින්ම සැකසුම් කර ගැනීමේ ඉඳලා වැඩේ කරගෙන යෑම දක්වා හැමදේම ඉතාමත් පහසුයි. සෑහෙන්න දේවල් ස්වයංක්‍රීයයි. මේකට අපේ වෙබ් සයිට් එක SEO හිතකාමී කරනවාට අමතරව තව සෑහෙන්න දේවල් කරන්න පුළුවන්. ඒ කරන වැඩ වලින් පොඩිම දේකට උදාහරණයක් දුන්නොත්, වැඩ කරන්නෙ නැති ලින්ක්ස් හොයලා රිප්ලේස් කරන්න එහෙමත් මේකෙන් ලොකු උදවුවක් ලැබෙනවා.
5. 8b.com
මොහොතකින් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අපිට අවශ්‍යතාවයන් ඇති වෙන්නේ නැද්ද? උදාහරණයක් විදියට අපි හිතමු, අපිට ඔන්න ප්‍රොෆෙෂනල් ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ ඉවෙන්ට් එක වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න වුවමනා වෙනවා. මේ වෙබ් සයිට් එක ඉක්මන් වැඩකට හැදුවට, කොලිටිය හොඳ වීමත්, මොබයිල් උපාංග වලටත් ගැලපෙන එකක් වීමත් අත්‍යාවශ්‍යයි. ආන්න එතකොට ඒකට හරියන සේවාවක් තමයි 8b.com එකෙන් ලබාදෙන්නේ. මේකේ ඒ තරම් ටෙම්ප්ලේට්ස් එහෙම නෑ. 250 ක් වගේ තමයි තියෙන්නේ. ඒත් මේකෙන් නොමිලේ ඩොමේන් එකක් ලබාදෙනවා වගේම, අතිශයින්ම සරල ක්‍රියාවලියක් හරහා, කොලිටි පෙනුමක් සහ ක්රියාකාරීත්වයක් තියෙන වෙබ් අඩවියක් ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මේකටත් වෙබ් අඩවි නිර්මාණය ගැන විශේෂ දැනුමක් අවශ්‍යම නෑ.
6. stepFORM
සාමාන්‍යයෙන් අපිට වෘත්තීය කටයුතු වලදී ඔය ෆෝම් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා, සමීක්ෂණ කටයුතු වලට, ප්‍රශ්නාවලි නිර්මාණයට එහෙම. අන්න ඒක කරන්න පුළුවන් ඩිජිටල් ටූල්ස් හොයාගන්න තියෙනවා. ඒවලින් එකක් තමයි stepFORM කියන්නේ.හැබැයි මේකේ නිර්මාපකයෝ කියන විදියට stepFORM වෙබ් අඩවිය හරහා අපිට ඕනම අවශ්‍යතාවයකට ඕන කරන සමීක්ෂණ ප්‍රශ්නාවලී බොහොම ලෙහෙසියෙන්, අඩු කාලයකින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ හැකියාවන් තියෙනවා SEO පරාමිතීන් වර්ධනය කරගන්න සහ ඒ ඔස්සේ සර්ච් එන්ජින් වල රෑන්ක් එක ඉහළ දමාගන්න පවා. ඊට අමතරව තමන්ගේ මොකක් හරි භාණ්ඩ හෝ සේවා ලබාදෙන බිස්නස් එකක කස්ටමර්ස්ලට දේවල් ඕඩර් කරන්න ඔප්ෂන්ස් තෝරගන්න පේජ් එකක් හදන්න පවා මේ stepFORM එකේ සේවය අනර්ඝයි.
7. LogoAI
සාමාන්‍යයෙන් ඔය කම්පැණි එකකට හරි වෙනත් සේවාවකට හරි ලෝගෝ එකක් ඩිසයින් කරන එක සෑහෙන්න කාලයක් යන, මුදල් වියදම් කරන්න ඕන වැඩක්. මොකද, මොකක් හරි බිස්නස් එකක ලෝගෝ එක කියන්නේ සන්නාමයටත් සංකේතාත්මකව ඉතාම වැදගත් දෙයක්. හැබැයි ඉතින් අපිට ඔය වෘත්තිය කටයුතු වලදී හදිසියේ මොකක් හරි දේකට ලෝගෝ එකක් හදාගන්න අවශ්‍යතා එහෙමත් මතුවෙනවා. ආන්න ඒ වගේ දේකදී විනාඩි කීපයක් ඇතුළත ලෝගෝ එකක් හදාගන්න ගැලපෙනම වෙබ් ටූල් එකක් තමයි LogoAI කියන්නේ. බිස්නස් එකේ නමයි, ඒකට ගැලපෙන ස්ලෝගන් එකකුයි දීලා, මේකේ තියෙන දාස් ගණන් ලෝගෝ ඩිසයින් එහෙට මෙහෙට කරලා තමන්ට ගැලපෙනම ලෝගෝ එකක් හදාගන්න එක සිම්පල්.
8. InvoiceBerry
මේක නම් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ෆ්රීලාන්සර්ස්ලට තමයි. සාමාන්‍යයෙන් ෆ්‍රී ලාන්සර් කෙනෙක්ට තමන් ඉෂ්ට කරන හැම වැඩකටම මුදල් ලබාගන්න නම් ඉන්වොයිස් යවන්න වෙනවා තමන්ගේ ක්ලයන්ට්ස්ලට. ඉතින් ක්ලයන්ට්ස්ලා ගණනාවක් එක්ක ප්‍රොජෙක්ට්ස් ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වෙන ෆ්‍රී ලාන්සර් කෙනෙක්ට මේ ඉන්වොයිස් යවන වැඩේ මොන වගේ හිසරදයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න ඒකට තමයි InvoiceBerry වැදගත් වෙන්නේ. මේකෙන් පුළුවන් කොටේෂන් යවන්න, ඉන්වොයිස් යවන්න වගේම ආදායම් වියදම් වාර්තා තියාගන්න වගේ වැඩ සෑහෙන්න ප්‍රමාණයක්. හැබැයි සම්පූර්ණයෙන්ම තමන්ගේ ඉන්වොයිස් සහ ආදායම් කළමනාකරණය මේකට බාර නොදී, අවශ්‍ය දේ පමණක් කරගන්නත් පුළුවන්.
Leave a Reply