ලංකාව කියන්නෙත් දූපතක් නේ. ඒ නිසා ලංකාව වටෙත් ඉන්දියානු සාගරයේ තවත් දූපත් තියෙනවා. එයින් ලංකාවට අයිති, ලංකාව එක්ක පෙමින් බැඳුනා වගේ වෙලි වෙලී ඉන්න දූපත් තියෙනවා. ඒ වගේම ලංකාවට ඈතින් අපිට මැප් එකේ විතරක් පේන පිටරටට අයිති දූපත් තියෙනවා. අපි ඒවා කිහිපයක් ගැන සොයා බලමු.
1. අන්දමන් සහ නිකොබාර්
අන්දමන් සහ නිකොබාර් තියෙන්නේ අපේ නැගෙනහිර වෙරළේ ඉඳලා කිලෝමීටර 1250ක් විතර දුරින්. අන්දමන් සහ නිකොබාර් දූපත් අයිති වෙන්නේ ඉන්දියාවට. බෙංගාල බොක්කට යටින් එහා පැත්තෙන් ගත්තොත් තායි රටේ වෙරළට කිට්ටුවෙන් තමයි මේ දූපත් තියෙන්නේ. කාලයකදි අපේ රටේ ධීවරයින් මේ දූපත් දිහාවට ගිහින් එහේ ඉන්දියාවේ බලධාරීන්ට අහු වෙනවා. අන්දමන් දිවයින් වල මේ කලාපයේ සිටි පැරණිතම ස්වදේශිකයින් ඉස්සර හිටියා. ඒත් දැන් තත්ත්වය වෙනස් වෙලා. හැම එකටම හොට දාලා පුරුදු ඉන්දියානුවන් මේ ස්වදේශිකයින්ගේ ජීවිත වලටත් හොට දාන්න පටන් අරගෙන තියෙනවා.
2. සුමාත්‍රා
සුමාත්‍රා කියන්නේ ලෝකයේ විශාලත්වය අතින් 5 වෙනි තැන ඉන්න, වර්ග කිලෝමීටර 450,000ක් විතර විශාල දූපතක්. ලංකාව එක්ක ගත්තාම සුමාත්‍රා ලංකාව වගේ හත් ගුණයක් විශාලයි. ඒත් ඉන්නේ ලංකාවේ වගේ දෙගුණයක විතර ජනගහණයක් වෙන මිලියන 50ක ජනතාවක් පමණයි. 2004 වර්ෂයේ ලංකාවට කඩා වැදුණු සුනාමිය ආරම්භ වුනේ මේ සුමාත්‍රා දිවයින් වල ඉහළ කෙළවරේ බණ්ඩා අචේ වලින්. ලංකාවේ ඉඳන් කිලෝමීටර 1500ක දුරකින් තමයි සුමාත්‍රා දිවයින් තියෙන්නේ. ඒ නිසා මගී ගුවන් යානයක වේගය හෙවත් පැයට කිලෝමීටර 450ක වගේ වේගයෙන් ආපු සුනාමි රළ ලංකාවට එද්දි භූමිකම්පාව සුමාත්‍රාවේ වෙලා පැය තුනක් ගතවෙලා ඉවරයි.
3. මැඩගස්කර්
මැඩගස්කරය කියන්නේ අප්‍රිකාවට යාබදව ඉන්දියානු සාගරයේ තිබෙන මහ දිවයිනක්. මැඩගස්කර් දිවයිනේ ලංකාවේ ව්‍යාපාරිකයිනුත් කලක් තිස්සේ ගිහින් මැණික් ගැරීමේ කටයුතු වල නිරත වෙනවා. මේ මැඩගස්කර් කියන්නෙ ලොකු වුණාට තවමත් නොදියුණු දිවයිනක්. නොදියුණු ජනතාව ඉන්න ගම්බද පළාත්වලට තාම පාරක් තොටක්වත් හරියකට නැහැ. මීට සියවසකටත් එපිටදී චාල්ස් ඩාවින් මැඩගස්කරයට යාබද දිවයින් වල සිටි ගැලපගොස් ඉබ්බන් ගැන කරුණු සොයා බැලුවා. කුරුල්ලන් ගැන සොයා බැලුවා. ඒ තොරතුරු ඩාවින්ගේ පරිණාමවාදයට උපකාරී වුණා.
4. මාලදිවයින
මහාචාර්ය ජේ. බී. දිසානායක මහත්තයා කියන විදිහට මාලදිවයින මුස්ලිම් වරුන්ට නතු වෙන්න කලින් මාලදිවයිනේ තිබිලා තියෙන්න් ලංකාවේ මිනිස්සු කතා කරපු ඒ කාලේ සිංහල භාෂාව. ලංකාවට ආසන්න දූපත් සිය ගාණක් අයිති රටක් වෙන මාලදිවයින මේ වෙද්දි මූදට යට වෙනවා කියලා 1990 ගණන් වෙද්දි මත පළ කෙරුණා. ඒත් තාමත් මාලදිවයින එහෙමම තියෙනවා. මාලදිවයින වෙනම රටක් වුණත් තවමත් ව්‍යාපාරිකයින්, ධීවරයින් මාලදිවයිනට ගොස් එරට සමග එකතු වී කටයුතු කරනවා.
5. දියාගෝ ගාර්ෂියා
දියාගෝ ගාර්ෂියා කියන්නේ ලංකාවට බොහොම පහලින් තියෙන දූපතක්. මේ දූපත කලක් අයිති වුනේ බ්‍රිතාන්‍යයට. දැන් ඒ දූපත ඇමරිකානු යුධ කඳවුරක් විදිහට පාවිච්චි කරනවා. කලකට ඉහත මැලේසියාවේ එම් එච් 370 කියන මැලේසියානු ගුවන් යානාව මේ කඳවුර පැත්තට අවසානයට ගිය බවක් සඳහන් වුණා. දියාගෝ ගාර්ෂියා දිවයින ඇමරිකාව ඉන්දියානු සාගරයේ මර්මස්ථානයක් විදිහට පාවිච්චි කරනවා කියලා චෝදනා තියෙනවා. ඒ වගේම මේ කඳවුර නිසා දියාගෝ ගාර්ෂියා වල ජීවත්වෙන ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වෙනවා කියලත් චෝදනා එල්ල වෙනවා.
6. සීශෙල්ස්
සීශෙල්ස් දිවයින් පහුගිය කාලයේ ලංකාව සමග සම්බන්ධතා වැඩිදියුණු කරගත්තා. සීශෙල්ස් දිවයිනුත් බලන්න වටිනා ස්වාභාවික දූපත් පෙළක් තියෙන කුඩා රාජ්‍යයක්. සංචාරක කර්මාන්තය සීශෙල්ස් වල මූලික කර්මාන්තයක්. වාණිජමය ධීවර කර්මාන්තයත් සීශෙල්ස් වල ජනප්‍රියයි. ස්විස් රට ලෝකයේ අනෙක් අයගේ මුදල් ගබඩා කරන කළු සල්ලි ගබඩාවක් ලෙස හැඳින්වෙනවා. ඒ තත්ත්වය සීශෙල්ස් වලත් තියෙන බවක් තමයි කියවෙන්නේ.
7. කොකොස් අයිලන්ඩ්
මේ කොකොස් අයිලන්ඩ් අයිති ඕස්ට්‍රේලියාවට. මේ දූපත් කිහිපය පොඩි කොරල් දූපත්. මේ දූපත් කිමිදෙන අය අතර ජනප්‍රිය වෙලා තියෙනවා. සුමාත්‍රාව සහ මැඩගස්කරය හැරුණාම ලංකාව වටේ තියෙන බොහොමයක් දූපත් සාපේක්ෂව ලංකාවට වඩා බොහොම කුඩා ඒවා. කොකොස් දූපතෙත් ජනාවාස තියෙනවා. ඒ දිවයිනේ පොල් ගස් සහ කළපු පරිසරයකුත් තියෙනවා.
භූගෝල විද්‍යාත්මකව අපේ දිවයින වටේ තියෙන දිවයින් ගැන දැනගන්න එක අපි කාටත් හොඳයි. මොකද අපේ පිහිටීම ගැන හොඳ අදහසක් එතකොට අපිට එනවා. අපි සුමාත්‍රා ගැන වැඩිපුර දැනගෙන හිටියේ නැහැ. ඒත් 2004 භූමි කම්පාවෙන් පස්සේ බොහෝ අය සුමාත්‍රා ගැන හොයන්න පටන් ගත්තා. ඉතින් ලංකාවේ වටේ තියෙන දූපත් ගැන හොඳ අදහසක් ඔයාලට මේ හරහා එන්නට ඇති. මේ දූපත් තියෙන තැන් ගැන ගූග්ල් මැප් එකෙන් බලාගන්න පුළුවන් නම් ඒකත් ඔයාලට තවත් වැදගත් වේවි.
Leave a Reply