හොඳට වෙරි වෙලා ඉද්දි මේ දේවල් කළොත් පහුවදාට අනිවා පසුතැවෙන්න වෙයි

මේ ​ආටිකල් එක වැදගත් වෙන්නේ ඉතින් සතියකට වතාවක්වත් වදින්න ගහන මනුස්සයෙක්ට තමයි. මත්පැන් ටිකක් බොනවා කියන්නෙ කොහොමත් වෙනස් අත්දැකීමක්නෙ. අපේ මූඩ් එක, සිතුවිලි සහ සමහර චරිත ස්වභාවයන් පවා මත්වෙලා ඉද්දි වෙනස් වෙන්න පුළුවන්. හොඳ වගකිවයුතු බේබද්දෙක්නම් ​​ඒ ගැන හොඳ අවබෝධයකින් තමයි ඉන්නේ. හැබැයි සමහරුන් නම් තමන් බීල ෆන් එකේ ඉන්න වෙලාවට එන හැඟීම්, සිතුවිලිවලට යට වෙලා පහුවදාට පසුතැවෙන්න වෙන සමහර වැඩ කරන්න පෙළඹෙනවා. මේ කියන්න යන්නෙ ​​ඒ විදිහෙ වැඩ කීපයක් ගැනයි. 

 

1. වහප් පරයා කට! 

බොන මේසෙක ඉතින් ​​​ඇදිල එන්නැති මාතෘකාවක් තියේද? ක්‍රීඩාව, කලාව, ​ආගම, දේශපාලනය, මානව පරිණාමය ​​​ඇතුළු එක එක විදිහේ මාතෘකා බොන මේසවල කෙස් පැලෙන තර්ක විතර්ක මැදින් ගලාගෙන යනව. ​​ඒවා බොහොම සාමාන්‍යයි. හැබැයි සමහරුන්ට මේ බීමත නිසා ​​ඒ වගේ තර්ක විතර්ක, විවේචන දරාගන්න තියන හැකියාව අඩු වෙලා රතුකට්ට පනිනවා. අන්තිමේදි හොඳම යාළුවො එක්කත් වලි දාගෙන, ගුටිබැට හුවමාරු කරගෙනයි නතරවෙන්නෙ. 

 

2. කඳුළු අඩු නැතිව ගලනවා තවම

ප්‍රේමණීය සින්දුවක් එහෙම අහගෙන කියාගෙන ෂොට් දෙක තුන වැදීගෙන එද්දී අපේ අයියලට ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන දෙයක් තමයි පරණ ලවු මතක් වීම. සමහරු මේ වගේ මතක ​ආවම පරණ ලවු එකට, ​​ඒ කිවුවෙ එක්ස්ට ටෙක්ස්ට් යවන්න පෙළඹෙනව. තමන්ව බාල්දු වෙන විදිහේ දේවල් පවා යවලා, ​ආදරේ ඉල්ලල පිණ්සෙණ්ඩු වෙනවා. එහෙම නැත්තං තරහ අරගෙන පරණ ලවු එකට බැනලා මැසේජ්, කෝල් කරනවා.

 

 

3. බල්ලොත් නොකන ෂල්ලි

සමහරු සෙට් වෙන්න යන්නේ ධනපාල පුකට පයින් ගහලා වගේ හිඟන මෝඩ් එකෙන් නැති බැරිකම් කියලා. හැබැයි දෙක වැදීගෙන එද්දි මහා දානපති හැඟීම් එන්න ගන්නවා. හෙට දවසෙ රෝල ගෙනියන්න තියන සල්ලිත් බීමට වියදම් කරනවා. ​​ඒටීඑම් හින්දගන්නවා. අන්තිමට පහුවදා උදේට දුර දිග නොබලා කළ පවු මතක් වුණාම වකුගඩුවක් හරි විකුණන්න හිතෙනවා ලොස් එක කවර් කරගන්න. 

 

4. ඔබට දිවුරා කියන්නම්

අපි කාටත් ප්‍රශ්න තියනවා, උදවු අවශ්‍ය වෙලාවල් තියනවා. බොන මේස වලදිත් ඔය වගේ ප්‍රශ්න ​​​ඇදිල එනවා. උදවු වුණත් කරන්න පුළුවන් අවස්ථා සහ බැරි අවස්ථා තියනව වුණාට දෙක වැදිල ඉද්දි සමහරු සෙන්ටිමෙන්ටල් වෙලා හරි, එවෙලේ ගැම්මට හරි තව කෙනෙක්ට යමක් කරල දෙන්න පොරොන්දු දෙනවා. හුඟක් වෙලාවට ඉටු කරන්න හීනෙකින්වත් හිතල නැති පොරොන්දු තමයි දෙන්නේ. එහෙම කරන එක පොරොන්දුව ලබන පුද්ගලයා වගේම පොරොන්දු වෙන පුද්ගලයාවත් අමාරුවෙ වැටෙන්න හේතු වෙනවා. 

 

​​​5. ඇහෙනවනම් සිත හඬන තරම්

සමහරු බොන්න බොන්න ජොලිෆුල් ෆෙලෝස්ල වෙනව. ​​ඒකෙම අනිත් පැත්ත, ​​ඒ කිවුවෙ වැදීගෙන එද්දි දුක හාදු දෙන රැයේ තනුවම වාදනය කරවන උන්දැලාත් ඉන්නව. සමහරු හොටු පෙරාගෙන තමන්ගෙ කඳුළු කතාවේ නවතම පරිච්ඡේදය කියවන්න ගන්නවා. එවෙලෙට සෙන්ටිමෙන්ටල් වුණාට පහුවදාට ඉතිං ලැජ්ජාවෙ පණ යනව අඬපු හැටි මතක් වෙද්දි. 

 

6. අමතක කරලමු පැරණි කතා

දිරවන්නෙ නැති මිනිස්සුන්ව ඈත් කරන්න බැරිමනම් අතේ දුරින් හරි තියන් ​ආශ්‍රය කරන්නනෙ අපි උ‍ත්සාහ කරන්නෙ. නමුත් බිවුවට පස්සෙ සමහරුන්ට තමන්ගෙ හතුරන් ගැනත් සංවේදී අදහස් පහළවෙන්න ගන්නව. එහෙම වුණාම පරණ අවුල් ඔක්කොම අමතක කරල, මිතුරුකම් අලුත් කරගෙන, සහෝදරයො බවට පත්වෙන්න ගන්නව. පස්සෙ දවසෙ තමයි මතක් වෙන්නෙ වෙරි පිට කරගත්ත නස්පැත්‍තිය. 

 

7. සෝෂල් මීඩියා

බිවුවහම අපේ මතුවෙන අමුතුම ගති කීපයක් ගැන අපි උඩින් කිවුවනෙ. ​​ඒවා ​​​ඇතුළු තවත් ගති සමාජ මාධ්‍යවලට ගෙනියන එක ගැනයි මේ කියන්නෙ. පරණ ලවු එක ටැග් කරලා රචනා ලිවීම, තරහකාරයන්ට බැනල අසභ්‍ය පෝස්ට් දැමීම, දුක අකුරු කරලා වැළපීම, ගැහැණුන් අපහසුවට පත්වෙන විදිහට හැසිරීම වගේ දහසකුත් එකක් කාරණා සමාජ මාධ්‍යවල කරන්න පෙළඹීම බීපු වෙලාවට මිනිස්සු කරන තවත් ලොකු අවුල් වැඩ ටිකක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *