රස වගේම ගුණ දෙන ඉන්දියාවේ ජනප්‍රිය පාන වර්ග 5ක්

ඔන්න අද අපි ඔයාලට ගෙනාවෙ අපේ අසල්වැසි රටේ එහෙම නැත්තන් ඉන්දියාවෙ උදවිය බොන්න පුරුදු වෙලා ඉන්න රසම රස පාන වර්ග ටිකක් ගැනයි. රස විතරක් නෙවෙයි මේ පානයන් වල සෑහෙන ගුණයනුත් තියෙනව. ඉතින් එහෙනම් බලමු අපි මේ රසවත් පාන වර්ග හදන හැටි. 

 

1. මෝරු පානය

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මුදවපු කිරි කෝප්ප 1
  2. කූල් වතුර කෝප්ප 1 1/2
  3. කොත්තමල්ලි කොළ ටිකක්
  4. ඉඟුරු කෑල්ලක්
  5. සූදුරු තේ හැඳි 1/2
  6. ලුණු
  7. කරපිංචා කොළ ටිකක්
  8. අමුමිරිස් කරල් 2

 

තෙම්පරාදුව සඳහා

 

  1. අබ තේ හැඳි 5
  2. තෙල් තේ හැඳි 1
  3. කරපිංචා කොළ 10 – 12ක් පමණ

 

  • මුදවපු කිරි ටික බෝල් එකකට දාලා අයිස් වතුර දාලා විනාඩි 5ක් හොඳට විස්ක් කරගන්න. මේ හැදෙන්නෙ බටර් මිල්ක් එකයි. 
  • ඉඟුරු හා අමුමිරිස් චොප්කරගෙන බටර් මිල්ක් එකට දාගන්න. කරපිංචා පොඩ්ඩක් ලියලා දාගන්න. සූදුරු ටික තලලා එකතු කරන්න. රස අනුව ලුණු දාලා කොත්තමල්ලි කොළ ටික දාගන්න. 
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරන කොට කරපිංචා දාලා ෆ්‍රයි කරගන්න. මේ තෙම්පරාදුව බටර් මිල්ක් එකට උඩින් දාලා බොන්න හරිම රසයි. 

 

2. මසාලා චායි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 1
  2. මිල්ක්මේඩ් තේ හැඳි 2
  3. වතුර කෝප්ප 1
  4. සීනි තේ හැඳි 4
  5. තේ කොළ තේ හැඳි 2
  6. තලාගත් ඉඟුරු කෑල්ලක්
  7. තලාගත් කරදමුංගු ඇට 2
  8. කුරුඳු පොතු කෑල්ලක්
  9. ගම්මිරිස් ඇට තුන හතරක්

 

  • සාස්පානකට වතුර ටික දාලා උණු කරන්න. ටිකකින් කිරි හා මිල්ක්මේඩ්  ටික දාගන්න. උතුරවගන්න එපා.  
  • රත්වේගෙන එනකොට කුරුඳු, කරදමුංගු, ඉඟුරු, ගම්මිරිස් සහ සීනි එකතු කරන්න. 
  • ගින්දර අඩු කරලා තේ කොළ ටික දාගන්න. ගින්දර හොඳටම අඩු කළාට කමක් නෑ. 
  • තේ කොළ තැම්බුනාම ආයෙ ගින්දර වැඩි කරන්න. උතුරගෙන එනකොට නැවත අඩු කරමින් තේ එක හොඳට උණුකරගන්න. දැන් මේ තේ එක පෙරලා කෝප්ප වලට දාගන්න. 

 

3. මසාලා කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 1 1/2
  2. මිල්ක්මේඩ් තේ හැඳි 2
  3. සීනි තේ හැඳි 4
  4. වතුර කෝප්ප 1/2
  5. නෙස්කැෆේ තේ හැඳි 1
  6. කරදමුංගු ඇට 4
  7. කරාබු නැටි 2
  8. කුරුඳු පොතු කෑල්ලක්

 

  • පෑන් එකකට වතුර දාලා රත්වෙනකොට කරදමුංගු, කරාබු නැටි හා කුරුඳු පොතු කෑල්ල දාගන්න. මද ගින්නෙ රත් කරගන්න. 
  • විනාඩි 3කින් විතර නෙස්කැෆේ ටික දාගන්න. හොඳට කලවම් කරලා විනාඩියකින් විතර ලිපෙන් බාගන්න. 
  • වෙනම පෑන් එකකට කිරි හා මිල්ක්මේඩ් දාලා රත්කරගන්න. මේක උතුරනකොට හදාගත්තු කෝපි මිශ්‍රණය දාගන්න. නටන්න දීලා, ලිපෙන් බාලා සීනි එකතු කරන්න. පෙරලා උණුවෙන්ම බොන්න. 

 

4. රූහ් අෆ්සා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රෝස් සිරප් මේස හැඳි 5
  2. අයිස් වතුර කෝප්ප 3
  3. කසකසා ඇට මේස හැඳි 3
  4. සීනි මේස හැඳි 2-3
  5. ලුණු රස අනුව
  6. අයිස් කැට

 

  • කසකසා ඇට වලට වතුර දාලා පැය 1/2ක් තියන්න. ජග් එකකට අයිස් වතුර ටික දාලා රෝස් සිරප් දාගන්න. සීනි රස අනුව දාගන්න. ලුණු එකතු කරන්න. 
  • ඒකට පෙරා ගත්ත කසකසා ඇට එකතු කරන්න. 
  • ෆ්‍රිජ් එකේ තියලා කූල් කරගත්තු ග්ලාස් වලට මේ ශර්බට් එක දාලා, අයිස්කැට දාලා බොන්න ගන්න. 

 

5. මැඩ්‍රාස් මසාලා ලැසී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. යෝගට් 2 හෝ මුදවපු කිරි
  2. අයිස්වතුර කෝප්ප 1/2
  3. අයිස්කැට කිහිපයක්
  4. ලුණු රස අනුව
  5. කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  6. කරදමුංගු කුඩු තේ හැඳි 1/2

 

තෙම්පරාදුව සඳහා

 

  1. එළවළු තෙල් මේස හැඳි 1
  2. කරපිංචා කොළ 15-20
  3. සූදුරු තේ හැඳි 1/2
  4. අබ ස්වල්පයක්

 

  • බ්ලෙන්ඩර් එකට යෝගට් දාලා අයිස් වතුර දාගන්න. මේකට කරදමුංගු කුඩු සහ ලුණු දාලා විනාඩි 2ක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 
  • මේක ෆ්‍රිජ් එකේ තියලා කූල් කරගත්තු ග්ලාස් දෙකකට දාගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට අබ ටික දාගන්න. ටිකකින් සූදුරු, කරපිංචා ටික දාලා ෆ්‍රයි කරගන්න. 
  • මේ තෙම්පරාදුවේ  තෙල් බේරලා අරන් ලැසී දාපු කෝප්ප වලට දාගන්න. උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාලා අයිස් කැට දාලා බොන්න ගන්න පුළුවන්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *