කෑම හදන්න ගන්න එළවළු ගොඩක පොතු අපි අයින් කරනවනේ. ඒත් මේ අපි විසිකරන ගොඩක් එළවළු පොතු වල ගුණය සහ රස දන්නව නම් එහෙම විසි කරන්නෙ නෑ. අද අපි කියලා දෙන්නෙ එළවළු වර්ග කිහිපයක පොතු වලින් හදන්න පුළුවන් ව්‍යාංජන හා බීම ගැනයි. මේක බැලුවට පස්සෙ නම් ඔයා කවදාවත් මේ පොතු අහක දාන එකක් නෑ.
1. දෙල් පොතු මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝදා සිහින්ව ලියාගත් දෙල් පොතු කෝප්ප 1
- සෝදාගත් කූනිස්සො ග්‍රෑම් 100
- කපාගත් ළූණු ගෙඩි 1
- කරපිංචා ස්වල්පයක්
- ගාගත් පොල් කෝප්ප 1
- චොප්කරගත් සුදුළූණු බික් 5
- අමුමිරිස් කරල් 2
- අබ ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කහකුඩු තේ හැඳි 1/4
- තෙල් ස්වල්පයක්
- භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා කූණිස්සො බැදගන්න. මේකටම කරපිංචා හා ළූණු දාගන්න. ටිකකින් දෙල් පොතු ටික දාලා කලවම් කරගන්න. රස අනුව ලුණු එකතු කරන්න.
- පොල් වලට සුදුළූණු, අබ, කහ, අමුමිරිස්, ගම්මිරිස්කුඩු හා ලුණු දාලා අඹරගන්න.
- දෙල් පොතු හොඳට තැම්බිලා නම් මේ පොල් මැල්ලුම දාලා කලවම් කරලා පොල් ටික මැලවෙනකම් පිසගන්න.
2. අළු කෙසෙල් පොතු බැදුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් අළුකෙසෙල් පොතු කෝප්ප 1
- කපාගත් ළූණු ගෙඩි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- රම්පේ හා කරපිංචා
- මිරිස්කුඩු තේ හැඳි 2
- කෑලිමිරිස් තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි ¼
- කරදමුංගු ඇට 2
- කරාබු නැටි 2
- අළුකෙසෙල් පොතු හොඳට සෝදලා හීනියට ලියාගන්න. දැන් මේ පොතු වලට කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු අතගාලා පැයක් තියන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කරදමුංගු, කරාබු නැටි දාල ටිකකින් ළූණු, රම්පේ හා කරපිංචා ටික දාගන්න. සීසන් කරගත් අළුකෙසෙල් පොතු ටිකත් එකතු කරන්න. මිරිස්කුඩු දාලා රස අනුව ලුණු එකතු කරන්න. කෑලිමිරිස් ටික දාගන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
3. වැටකොළු පොතු මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- ලපටි වැටකොළු පොතු
- රම්පේ හා කරපිංචා
- කහකුඩු තේ හැඳි 1/4
- ගාගත් පොල් කෝප්ප 1
- කපාගත් රතුළූණු ගෙඩි 3
- අබ ස්වල්පයක්
- අමුමිරිස් කරල් 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් සුදුළූණු ටිකක්
- තෙල් ස්වල්පයක්
- මුලින්ම පොතු ටික සෝදලා පොඩියට කපාගෙන පොඩ්ඩක් ස්ටීම් කරගන්න.
- පොල් වලට කරපිංචා, සුදුළූණු, අමුමිරිස්, ලුණු, ගම්මිරිස්කුඩු හා කහකුඩු දාලා අඹරගන්න. මේකට වැටකොළු පොතු ටිකත් දාලා අඹරගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. මේකට කපාගත් ළූණු හා රම්පේ ටික දාලා පොල් හා වැටකොළු මිශ්‍ර මැල්ලුම දාලා මලවගන්න.
4. ලබු පොතු තෙලට
අවශ්‍ය ද්‍රව්‍ය
- ලබු පොතු කෝප්ප 1
- පිරිසිදු කරගත් හාල්මැස්සන් ග්‍රෑම් 50
- කපාගත් ළූණු ගෙඩි 1
- කපාගත් සුදුළූණු බික් 4
- කෑලිමිරිස් තේ හැඳි 1
- ලුණු
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- කරපිංචා ස්වල්පයක්
- තෙල්
- දෙහි යුෂ ටිකක්
- ලබු පොතු වලට මිරිස්කුඩු, කහකුඩු හා ලුණු එකතු කරලා කලවම් කරලා පැත්තකින් තියන්න.
- තෙල් ටිකක් රත්වෙන්න තියලා හාල්මැස්සන් හොඳට බැදගන්න.
- වෙනම පෑන් එකකට ලබු පොතු ටික දාලා වතුර කෝප්ප කාලක් වගේ දාලා ලිප ඔන් කරන්න. ඒකට කෑලි මිරිස්, කරපිංචා, ළූණු හා සුදුළූණු එකතු කරන්න.
- හොඳට තැම්බිලා වතුර ගතිය හිඳුනම බැදගත් හාල්මැස්සන් දාලා අවශ්‍ය නම් තව ලුණු එකතු කරගන්න. ලිපෙන් බාල දෙහි යුෂ එකතු කරගන්න.
5. ඇඹරැල්ලා පොතු බීම
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇඹරැල්ලා පොතු කෝප්ප 1
- වතුර කෝප්ප 1
- සීනි මේස හැඳි 3
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ඇඹරැල්ලා පොතු හොඳට හෝදලා වතුර, සීනි හා ලුණු එක්ක බ්ලෙන්ඩ් කරගන්න.
- මේක පෙරලා ෆ්‍රිජ් එකේ දාලා කූල් වෙන්න තියන්න. පිළිගන්වන්න කලින් උඩින් ගම්මිරිස්කුඩු ටිකක් ඉහගන්න.
Leave a Reply