පිරිමින්ට කවදත් ගැලපෙන කොණ්ඩ විලාසිතා 7ක්

අපි කලින් සතියක කතා කළා ගැහැණු අයට ගැලපෙන අලුත්ම haircuts ගැන. මේ කතා කරන්න යන්නෙ පිරිමි අයට ගැලපෙන haircuts ගැන. හැබැයි මේවා අලුත් haircuts කියලම කියන්න බැහැ. කාලෙන් කාලෙට එන, අලුත් වෙමින්, පරණ වෙමින් කරලියේ රැඳී ඉන්න haircuts තමා මේවගෙන් හුඟක්ම haircuts. 

පිරිමි අයගේ haircuts කියන්නෙ ඉතින් කොණ්​ඩේ කොටට කපන එකනෙ කොයි කොයි විදිහට ක​ළත්. ඒ නිසා බැලු බැල්මට මේ හුඟක් ඒවගේ එක එක සමානකම් තියෙන්න පුළුවන්. බැලු බැල්මට ඔක්කොම එකයිදෝ කියල හිතෙන්නත් පුළුවන්. හැබැයි හොඳින් හොයල බැලුවම එහෙම නැහැ. ඒ නිසාමයි අපි මේ ගැන විස්තරයක් ලියන්නම ඕන කියල හිතුවෙත්. හැබැයි පුතෝ ඔය කෝකටත් තෛලේ වගේ ඉන්න හන්දියේ බාබර් සැලුන් එකේ අයියට කියලනම් මේ විවිධාකාර නම් තියෙන cuts කරගන්න බැහැ. ඒකට සුදුසුකම් තියෙන හොඳ  වෘත්තී​යමය කේශලාවන්‍ය ශිල්පියෙක් ලඟට හෝ ඊට අදාළ saloon එකකට යන්න ඕන.  

 

1. Textured Crop

මේක කපන්න වගේම නඩත්තු කරන්නත් බොහොම ලේසි සරල විලාසිතාවක්. කොණ්​ඩේ උඩ හරියෙන් හුඟක්ම කොට වෙන්න කපල දෙපැත්තෙන් fade එහෙම නැත්තම් අපි හොඳට දන්න විදිහට කිව්වොත් නෝට් එකට ගාලා කරන විලාසිතාවක් මේක. ලස්සන ගැන ගත්තොත් ගොඩක් ලොකු stylish ගතියක් නැති උනත් එක එක මුහුණු වල හැඩ අනුව සමහරුන්ට හොඳටම ගැලපෙන විලාසිතාවක් තමයි මේ textured crop කියන haircut එක. අර අපි කලින් කියපු හුඟක් බාබර් සැලුන් වලින්නම් කොයි කෙනාට උනත්, කොයි කට් එක ඉල්ලුවත් මේන්න මේ textured crop cut එක කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ කිව්වේ මේ cut එකේ ගැටළුවක් ගැනනම් නෙමෙයි. හුඟක් අය දන්නා, ප්‍රසිද්ධ cut එකක් කියන එක. ලස්සන වගේම ඊටත් වඩා පහසුව ගැන හිතන අයට හොඳම විලාසිතාවක් මේක.

 

2. Quiff Haircut 

මේකත් ටිකක් වැඩිපුර දකින්න තියෙන විලාසිතාවක්. කලින් කිව්ව textured crop ක්‍රමයට වඩා උඩ කොටසේ කොණ්ඩය වැඩිපුර හිටින්න ක්‍රම ක්‍රමයෙන් පහලට එන විදිහට දෙපැත්තේ කොටස් fade කරල කරන cut එකක්. පෙනුමෙන් ලස්සනයි වගේම පහසුවට කැමති අයටත් කරගන්න පුළුවන්. වෙලාව තියෙනවානම් ලස්සනට hair gel හෝ wax පාවිච්චි කරලා සකස් කරගන්න වගේම හදිසි වෙලාවකට පොඩි messy look එන විදිහට ඉක්මනින්ම හදාගෙන යන්නත් පුළුවන් කොයිකටත් ගැලපෙන haircut එකක්. 

 

3. Pompadour Hairstyle

මේ Pompadour කියන විලසිතාවත් කලින් කිව්ව quaff haircut එකටම ටිකක් සමාන හැබැයි ඊට වඩා ටිකක් ඉදිරියට ගියපු haircut එකක්. අපි කලිනුත් කිව්වනෙ මේ හැම විලාසිතාවකට සමාන ලක්ෂණ ටික ටික තියෙනවා කියල. කොහොමහරි මේ Pompadour කියන style එකේදී වෙන්නෙ කලින් වගේම උඩ කොටසේ කොණ්​ඩේ ටිකක් වැඩිපුර ඉතුරු කරලා දෙපැත්තෙන් ටික ටික වැඩිවෙන fade එකක් තියන එක. හැබැයි ලොකුම වෙනස තමයි මේ haircut එකේදී undercut ඒ කියන්නෙ කොණ්​ඩේ යටම කොටස සම්පුර්ණයෙන්ම අඩු කරලා වෙනස් පෙනුමක් ගන්න එක. මේ විලාසිතාවනම් ටිකක් පරිස්සමට හදාගෙන යන්න ඕන එකක්. වෙලාව අරගෙන hair gel හෝ wax භාවිතා කරලා පිටිපස්සට පීරලා සකස් කරගන්න ඕන.

 

4. Mohawk and Faux Hawk Styles

මේකත් හරිම stylish වගේම හුඟක් අයට ගැලපෙන විලාසිතාවක්. මොකද මේ ස්ටයිල් එකේම විවි​ධ අනු විලාසිතා කිහිපයක්ම තියෙනවා. කොණ්​ඩේ දිග සහ දෙපැත්තේ fade එක වෙනස් කරමින් කැමති විදිහට කරගන්න පුළුවන්. කොහොමහරි මේ මූලික විලාසිතාව උඩ කොටසේ කොණ්​ඩේ වැඩියෙන් ඉතුරු වෙන්නත්, දෙපැත්තෙන් fade වෙන්නත් කරන විලාසිතාවක්. උඩ ඉතුරු වෙන කොණ්​ඩේ දිග කැමැත්ත අනුව වෙනස් වෙනවා කියල අපි කලිනුත් කිව්වනෙ. හැබැයි මොන දිගට කැපුවත් ඒකත් ඉස්සරහින් ටිකක් වැඩිපුර දිගට කපලා ඉදිරියට, උඩ අතට සකස් කරන විලාසිතාවක් තමයි මේක. ඒ කාලෙ ප්‍රසිද්ධ Punk rock සංගීත කණ්ඩායම් වල කොණ්​ඩ විලාසිතාව මතක් කරන, සිංහල අපේ හැටියට කිව්වොත් පොඩි කොට්ටෝරු look එකක් තියෙන විලාසිතාවක්.

 

5. Comb Over Hairstyle  

ගැහැණු අයගේ comb over style එක වගේම තමයි මේකත්. වචනයේ තේරුම හැටියටම මේ comb over කියන්නෙ උඩට පිරන්න පුළුවන් කොණ්​ඩ විලාසිතාවක්. අනික් ක්‍රම වගේම උඩින් වැඩිපුර තියෙන කොණ්​ඩේ උඩු අතට පීරන මේ විලාසිතාව තරුණ වගේම මැදි වයසේ කෙනෙකුට උනත් හොඳටම ගැලපෙන විලාසිතාවක්. ඒ වගේම නඩත්තු කරන්නත් හරිම පහසුයි. විශේෂයෙන් හැඩ කරන්න කාලය මිඩංගු කරන්න ඕන නැහැ. තියෙන විදිහටම gel හෝ wax පාවිච්චි කරලා පීරගෙන යන්න පුළුවන්.

 

6. Taper Haircut

කලින් කියපු ඔක්කොටම වඩා ටිකක් වෙනස් ස්ටයිල් එකක් මේක. කලින් කියපු විලාසිතා ඔක්කොගෙම සමාන ලක්ෂණ තිබුණට මේකනම් සම්පූර්ණයෙන්ම වෙනස්. උඩ කොටසේ වැඩිපුර තියෙන කොණ්​ඩේ දෙපැත්තට එද්දී fade වෙන ක්‍රමය වෙනුවට මෙතැනදී වෙන්නෙ දෙපැත්තේ කොණ්​ඩෙත් ටිකක් ඉතුරු වෙන්න කපන එක. ඒ කිව්වේ නෝට් එකට එන්නම ට්‍රිමර් එකකින් කපනවා වෙනුවට පහලට එද්දී අඩුවෙන විදිහට කතුරෙන්ම කපන ක්‍රමයක්. 

 

7. Crew Cut

මේකත් ටිකක් ප්‍රසිද්ධ විලාසිතාවක්. Forces cut කියල හුඟක් පරණ සැලුන් වල කපන්නේත් මේ කට් එක තමයි. කොණ්​ඩේ උඩ කොටස කොටට කපල ඉස්සරහට පීරන්න ඉතුරු කරල දෙපැත්තෙන් fade වෙන්න කපන එක තමයි මේ විලාසිතාවේ විදිහ. හැම මුහුණකටම ගැලපෙන්නෙ නැති උනත් උඩින් ඉතුරු කරන කොණ්​ඩේ දිග කොට වෙනස් කරලා මුහුණට ගැලපෙන්න සකස් කරගන්න පුළුවන්, නඩත්තුව හරිම පහසු විලාසිතාවක් මේ. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *