සාමාන්‍යයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල ඉන්න අයට ගෙදරටම කෑම එකක් ඕඩර් කරගන්නවා කියන එක ගේමක්ම නෑ. මොකද එක්කෝ ඌබර් ඊට්ස් තියෙනවා, නැතිනම් පික්මී ෆුඩ් තියෙනවා. ඒ ඇරෙන්න ඔය පීසා හට්, ඩොමිනෝස් අනං මනං එහෙමත් දෙයියනේ කියලා තියෙනවා. දැන් කොළඹ කිව්වට ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළේ වුනත් දැන් දැන් ඔය හැම එකක්ම ක්‍රියාත්මකයි. උදාහරණයක් විදියට ගත්තොත්, කිරිබත්ගොඩ, කඩවත, වත්තල වගේ පැති වලට වුණත් ඌබර්ඊට්ස් සහ පික්මී ෆුඩ්ස් තියෙනවා. එතකොට තව උදාහරණයක් ගත්තොත් යක්කල පීසා හට් එකේ ඉඳලා කිලෝමීටර් කීපයක් දුරට පීසා එකක් ඩිලිවර් කරගන්න පුළුවන්. ඒත් මේ සේවාවන් ගම්පහ දිස්ත්‍රික්කයේ හැම තැනටම ලබාගන්නත් බෑ. සමහරුන්ට කිරි අපිට කැකිරි කිව්ව වගේ, මේ එකක්වත් නැති ගම්පහ දිස්ත්‍රික්කයේ නගරත් තියෙනවා. උදාහරණයක් කිවුවොත්, යක්කල පීසා හට් එකේ පීසා ඩිලිවර් කරන උපරිම දුර තිහාරියට එනකල් විතරයි. එතනින් එහාට නගර වලට නෑ. එතනින් එහාට නගර වලට ඌබර් ඊට්ස් අනං මනං ඇත්තෙත් නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඉතින් තත්ත්වේ ඒක නිසා අපි හිතුවා, ඔය උඩින් කියපු පහසුකම් නැති, ඒත් ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළේ තියෙන නගර වලට කෑම බීම ඩිලිවර් කරන, සාධාරණ සහ බය නැතුව තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් කීපයක් ගැන කියන්න.
1. ELEEATS
වොලීනා කේටර්ස් කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඕනම කෙනෙක් දන්නවා කියලා කියන්න පුළුවන් තරමට ප්‍රසිද්ධ කේටරින් සර්විස් එකක්. විශේෂයෙන්ම මේ අයගේ කෑම වල රස නිසාම තමයි ප්‍රසිද්ධිය වැඩි. ඉතින් වොලීනා එකේම රෙස්ටුරන්ට් එක තමයි ELEEATS කියන්නේ. මේ අය කළගෙඩිහේනේ ඉඳලා අවට තියෙන නගර වලට ඩිලිවරි සේවාව ලබාදෙනවා. මේ අය ගාව තියෙන ආහාර පාන ගැන කිවුවොත්, සෙට් මෙනු, රයිස් ඇන්ඩ් කරි, සුප් වර්ග, ෆ්‍රයිඩ් රයිස් වර්ග, බිරියානි හෝ නාසි ගුරාන් වගේ ස්පෙෂල් රයිස් වර්ග වල ඉඳලා, කොත්තු, ස්පැගෙටි, පාස්තා හරහා බාබක්‍යු ග්‍රිල් අයිටම්ස්, බයිට්ස් වර්ග දක්වා බොහොම ඉහළ පරාසයක කෑම බීම වර්ග තියෙනවා. ඒ වගේම පාටියකට එහෙම සවාන් වලින් කෑම ගන්නත් පුළුවන්. රස නම් ඉතින් සුපිරි තමයි.
දුරකථන අංක: 076 720 9999
2. ආරච්චි’s
සාමාන්‍යයෙන් නම අහපු ගමන් හිතෙන්නේ ගමේ කෑම ජාති තියෙන ජොයින්ට් එකක් කියලනේ. හැබැයි ඇත්තටම මේ ආරච්චි’s කියන්නේ ඊට එහා ගියපු පොඩි ෆියුෂන් ලෙවල් එකකින් තියෙන හෝම් රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම නිට්ටඹුව අවට තියෙන සුපර්ම ෆුඩ් ඩිලිවරි සේවාවක්. අපි විශේෂයෙන්ම ආරච්චි’s එකට කැමති වුණේ මේ කට්ටියගේ රෝස් පාන් ඩීල් එකට. නියම දර පෝරණු බේකරියෙන් ඉස්සර කාපු රෝස් පාන්ම තමයි. බරට, සොෆ්ට් එකට තියෙන විශාල තැටි පාන් ගෙඩි දෙකක්. ඒකත් එක්ක තෙම්පරාදුවට උයපු පරිප්පුවක්. ඒකටම කෙහෙල් කොළේක ඔතපු, නියමෙට පොල් දාලා හදපු පොල් සම්බෝලයක්. ඊට පස්සේ හොඳ සැරට ගන්න පුළුවන් චිකන් කරියක්. එහෙම නැතිනම් හින්දලා හදපු දිව පිනා යන පෝක් කරියක්. විශ්වාස කරන්න, මේ ඔක්කොටම රුපියල් 700. ඒ කෑම එක හාතර දෙනෙක්ට ප්‍රමාණවත්!
මේ ඇරෙන්න මේ අය ගාව ෆ්‍රයිඩ් රයිස් වර්ග කීපයක්, යෙලෝ රයිස්, බිරියානි, ස්පැගටි, චීස් කොත්තු වගේ අයිටම්ස් එහෙමත් තියෙනවා. පොඩි පොඩි බයිට්ස් වර්ගත් ගන්න පුළුවන්. නිට්ටඹුව අවට මේ කට්ටිය ඩිලිවරි කරනවා.
දුරකථන අංක: 071 233 1752
3. Maximize fried chicken
ලඟ පාත KFC එකකුත් නැත්තං, KFC ක්‍රමේට චිකන් කෑල්ලක් එක්ක බර්ගර් එකක්, සබ් එකක්, නැතිනම් බිරියානි එකක් හරි කන්නත් ආසාවක් තියේ නං, ආන්න ඒකට හොඳම තැන තමයි කළගෙඩිහේනේ බෝගමුවේ තියෙන Maximize fried chicken එක. මෙතන ඔය KFC එකේ තියෙන චිකන් හදන ක්‍රමේට හදපු චිකන් පීසස්, හොට් වින්ග්ස්, චිකන් ෆිලේ, චිකන් ලොලිපොප්, චිකන් පොප්කෝර්න් අනං මනං හැම දෙයක්ම තියෙනවා. චිකන් බාස්කට් එකක් එහෙමත් ගන්න පුළුවන්. ඒ ඇරෙන්න විවිධ සබ්මැරීන් වර්ග, රැප් වර්ග, බර්ගර් වර්ග වගේම ෆ්‍රයිඩ් රයිස් හා බිරියානි වර්ගත් මෙතනින් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෂොප් එක තියෙන තැන ඉඳලා කිලෝමීටර් දහයක් දොළහක් දුරට ඩිලිවර් කරන සේවාවත් තියෙනවා.
දුරකථන අංක: 071 379 2825
4. The Brother’s Kitchen
නියම ඉතාලියානු ක්‍රීමි චිකන් පාස්තා එකක්, එහෙම නැතිනම් නියම ඉතාලි ක්‍රමේට හදපු පීසා එකක් එහෙම කන්න කැමතිද? පීසා හට් එකකුත් ලඟ පාත නැතිනම්, ඉන්නේ නිට්ටඹුව නගරය අවට නම්, The Brother’s Kitchen ඔබ වෙනුවෙන්මයි. මේ අය ඩිලිවරි සර්විස් එකක් කරන්නේ. මේ ඇරෙන්න Brother’s Kitchen කට්ටිය ස්පයිසි චිකන් සබ්මෙරීන්, බර්ගර්, පාස්තා, ෆ්‍රයිඩ් රයිස් වර්ග, කොත්තු වර්ග වගේ විවිධ ෆියුෂන් කෑම සහ ෆාස්ට් ෆුඩ් අයිටම්ස් කරනවා. පීසා ගත්තොත්, අඟල් 12 සහ අඟල් 9 ප්‍රමාණයේ පීසා විවිධ වර්ග කීපයක්ම මේ අය කරනවා. උදාහරණයක් විදියට හවායියන් පීසා, පීසා මාගරීතා, බ්‍රෝ ස්පෙෂල් පීසා සහ තවත් ඒවා.. මේ අය පටන් ගත්තු අලුත. කෑමත් ඉතාම හොඳයි. තව ටික දවසක් බලලා ෂුවර් කරගන්නත් පුළුවන් වෙයි.
දුරකථන අංක: 070 148 1993
5. Food Republic
ගම්පහ අවට කට්ටිය ෆුඩ් රිපබ්ලික් ගැන නොදැන ඉන්න විදියක් නෑ. විශේෂයෙන්ම මේ අයගේ කෑම වර්ග මෙනු එකේ සෑහෙන අයිටම්ස් ප්‍රමාණයක් තියෙන නිසා, සෑහෙන කාලයක් වෙනස් වෙනස් කෑම වර්ග මේ අයගෙන්ම විතරක් ඩිලිවර් කරගෙන ට්‍රයි කරලා බලන්නත් පුළුවන්. උදාහරණයක් විදියට කිවුවොත්, මේ අයගේ කොත්තු මෙනු එකේ පියෝ වෙජි, එග්, චිකන්, පෝක්, බීෆ්, සීෆුඩ්, මික්ස් විදියට ගිහිල්ලා කොත්තු වර්ගම තියෙනවා 11 ක්. එතකොට ෆ්‍රයිඩ් රයිස් වර්ග ගත්තොත් ඒත් දොළහක් විතර තියෙනවා. රයිස් ඇන්ඩ් කරි වුණත් මේ අයගෙන් ගෙන්න ගන්න පුළුවන්. ෆුඩ් රිපබ්ලික් රයිස් ඇන්ඩ් කරි වලත් හොඳ විවිධත්වයක් තියෙනවා. උදාහරණයක් විදියට මේක ලියන දවසේ තිබුණේ කරවිල මාලුව, වට්ටක්කා කරි, තෙල් දාපු පරිප්පු, කොළ මැල්ලුම්, චිකන් ස්ටූ/පෝක් කරි කියන ටික තමයි.
දුරකථන අංක: 070 242 4406
6. Thanuja’s
ෆ්‍රයිඩ් රයිස්, බිරියානි වගේ දේවල් හැම තැනින්ම ගන්න තියෙනවනේ. හැබැයි ආටිෆිෂල් ෆ්ලේවර්ස් නැතුව පොල් කොළ බාස්කට් එකක ඔතලා උයපු කිඩූ රයිස් එකක් එහෙම ගන්න තියෙන තැන් අඩුයි. තනූජා’ස් කියන්නේ එහෙම කිඩූ රයිස් ඕඩර් කරලා ගන්න පුළුවන් හෝම් කිචන් එකක්. මේ කිඩූ රයිස් එකට ඇතුළත් වෙනවා සේවරි ගී රයිස්, වම්බටු මෝජු, මාළූ කට්ලට්, මින්චි සම්බෝල, චිකන් හෝ ඉස්සෝ කරියක්, තෙල් දාපු අල, පරිප්පු කරියක් සහ තම්බලා ෆ්‍රයි කරපු බිත්තර. සාමාන්‍යයෙන් හතර දෙනෙක්ට කන්න පුළුවන් පැක් එකක ඉඳලා උඩට තමයි තියෙන්නේ.
දුරකථන අංක: 077 900 1040
7. ටේස්ට්මාක්
කටානේ මිරිස්වත්තේ විවෘත කරලා තියෙන ටේස්ට්මාක් එක ඇත්තටම ගොඩක් ලොකු, ප්‍රසිද්ධ ෆුඩ් ඩිලිවරි එකක් නෙවෙයි. හැබැයි මේ අය කෑම ගෙදරට ඩිලිවර් කරන සුරක්ෂිත, සෞඛ්‍යසම්පන්න භාවය ගැන නම් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. කෑමත් හොඳයි. ෆ්රයිඩ්රයිස් වර්ග, කොත්තු වර්ග, චීස් කොත්තු වර්ග, නූඩ්ල්ස් වර්ග, බයිට් වර්ග, සොසේජස් ඩෙවල්, බීම වර්ග තමයි දැනට මේ අය ඩිලිවර් කරනවා කියලා කියන්නේ. ඒ ඇරෙන්න ඔය දානමය පිංකම්, කිරි අම්මා දාන වගේ ඒවලට කේටරින් ගෙදරටම සැපයීමත් කරනවා කියලා මේ අයගේ පේජ් එකේ තියෙනවා. කටාන, මිරිස්වත්ත, දාගොන්න, අලුතෙපොල, මිනුවන්ගොඩ, දිවුලපිටිය, කටුනායක කියන ප්‍රදේශ වලට කෑම ඩිලිවර් කරන මේ අය, ඒකට අමතර ගාස්තුවක් ගන්නෙත් නෑලු.
දුරකථන අංක: 071 101 7268
ගම්පහ දිස්ත්‍රික්කයේ වුනත් අපි මේ ලිස්ට් එකට මීගමුව එහෙම අරගෙන නෑ. ඒ පැත්ත ගැන වෙනම කතා කරන්න ඕන නිසා!
Leave a Reply