සපත්තු දෙකක් හරි සෙරෙප්පු දෙකක් හරි ගන්න ඕනැද? මේ තැන් වලින් එකකට ගිහිල්ලා බලමුද?

සාමාන්‍යයෙන් සපත්තු සෙරෙප්පු ගන්න තැනක් හොයාගන්නවා කියන එක ලෝකෙ පෙරළන්න තරමට අමාරු කාරණයක් නම් නෙවෙයි. මොකද, ඕනම ටවුමක, ඕනම කඩමණ්ඩියක සපත්තු සෙරෙප්පු විකුණන පුංචි කඩයක් හරි අනිවාර්යයෙන්ම තියෙනවා. සාමාන්‍යයෙන් ටවුමක නං සපත්තු සෙරෙප්පු කඩ පහක් යහක්, හතක් අටක් එක පේළියට තියෙනවා දකින්න පුළුවන්. හරි, අපි මේ කතා කරන්න යන්නේ එහෙම සපත්තු කඩ ගැන නෙවෙයි. ටිකක් ලොකු ලෙවල් එකෙන් යන, සාමාන්‍ය සපත්තු කඩේක ගන්න නැති සපත්තු සෙරෙප්පු එහෙම මිලදී ගන්න පුළුවන් ජොයින්ට්ස් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔන්ලයින් තැන් කීපෙකුත් මේ ලිස්ට් එකේ තියෙනවා. කියවලා බලන්න මේ තැන් වලින් එකක් හරියයිද කියලා.

 

1. Saffans

නුගේගොඩ තියෙන සෆාන්ස් එක හොඳ සපත්තු කුට්ටමක් ගන්න තියෙන තැනක් තමයි. පිරිමි උදවියට සපත්තු ගන්න ඕන නම් එහෙමයි. ගැහැණු උදවියට සපත්තු ගන්න ඕන නම් එතනම එහාපැත්තේ තියෙනවා සෆාන්ස් ලේඩීස් බ්‍රාන්ච් එක. විශේෂයෙන්ම ඔය හොඳ බූට්ස් දෙකක් එහෙම අඩු ගාණට ගන්න ඕන නම් සෆාන්ස් එකට යන්න පුළුවන්. ඒ වගේම, සෆාන්ස් එකේ සපත්තු සෙරෙප්පු කොලිටියෙන් අනූනයි කියලා ගත්තු ඈයෝ කියනවා. විශේෂයෙන්ම ඔය මනාලියකගේ ඇඳුමට හරියන සෙරෙප්පු, ඒ කිව්වේ බ්‍රයිඩල් ෂූස් එහෙමත් සෆාන්ස් එකෙන් ගන්න පුළුවන්.

 

2. Glow Shoes

Glow Shoes කියන්නේ රාජගිරියේ තියෙන කස්ටම් ෂූ මේකර් ස්පොට් එකක්. විශේෂයෙන්ම කාන්තාවන් පළඳින සෙරෙප්පු වලට තමයි මේ අයගේ විශේෂීකරණය තියෙන්නේ. හිතන්න, ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එයාගේ කකුලට හරියටම හරියන සෙරෙප්පු ජෝඩුවක් ලස්සනට ඩිසයින් කරගන්න ඕන වුණා කියලා. ආන්න එතකොට කතා කරන්න ඕන මේ අයට තමයි. ඕන නම් ඒ සෙරෙප්පු ජෝඩුවේ එයාගෙ නම හෝ වෙන මොකක් හරි වැකියක් හෝ කොටන්නත් පුළුවන්. විශේෂයෙන්ම කාන්තා පාවහන් කළාට, මේ අයට කියලා පිරිමි අය පළඳින සපත්තු එහෙමත් ඕඩර් කරගන්න පුළුවන්. සපත්තු එක්කම බෙල්ට්, ෂේඩ්ස් වගේ දේවල් ගිෆ්ට් බොක්ස් එකක් එහෙමත් සෙට් කරගන්න පුළුවන් ඕන නම්.

 

3. Genelle Shoes & Bags

සම්පූර්ණ වශයෙන්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වෙන Genelle Shoes & Bags කියන්නෙත් කාන්තාවන්ට විශේෂ වුණු, ඉහළ කොලිටියේ, ලක්ෂරි ලෙවල් එකේ ෂූස් තියෙන තැනක්. මේ අයගේ ෆ්ලැග්ෂිප් ස්ටෝර් එක තියෙන්නේ කොළඹ 5, ඉසිපතන මාවතේ. ඒ ඇරෙන්න වන් ගෝල්ෆේස් එකේ ලෙවල් 2 එකේ අවුට්ලට් එකකුත් තියෙනවා. එහෙම නැතිනම් කෙලින්ම ඩිලිවර් කරගන්නත් පුළුවන්. ඒක කරන විදියත් සරලයි. Genelle Shoes & Bags ෆේස්බුක් පේජ් එකේ තියෙන ෂොප් එකට ගියා, තමන්ට ඕන ඩිසයින් එක තෝරගත්තා. ඒ ඩිසයින් නම්බර් එක, තමන්ගේ විස්තර Genelle පේජ් එකට මෙසේජ් එකක් විදියට යැව්වා. සල්ලි ගෙව්වා. එතකොට ගෙදරටම බඩු එනවා. ඇත්තටම මේ සන්නාමය යටතේ එන ෂූස් හිතන තරම් ලොකු ගාණක් වෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕන.

 

4. Helanka Shoes

මහරගම හෙලංකා කියන්නේ ඕනම විදියක සපත්තු හෝ සෙරෙප්පු කුට්ටමක් තෝරගන්න නම් යන්න ඕන නියමම තැනක්. කාන්තා, පිරිමි වගේම කුඩා ළමයින්ටත් තෝරගන්න ඩිසයින් විශාල ප්‍රමාණයක සපත්තු සෙරෙප්පු මෙතන තියෙනවා. එතකොට මිල ගණන් එහෙමත් විවිධයි. උදාහරණයක් විදියට ගත්තොත්, ඔෆිස් දාන්න පුළුවන් ජෙන්ට්ස් සපත්තු වගේම වෙඩින් එකකට වගේ විශේෂ අවස්ථාවකට දාන්න පුළුවන් ජෙන්ට්ස් සපත්තු හෙලංකා එකේ රුපියල් 6000+ ගණන් වල ඉඳලා රුපියල් 1650+ දක්වා වගේ තියෙනවා. එතකොට කාන්තා පාවහන් ගත්තත් රුපියල් 650 ක වගේ අඩු ගාණක ඉඳලා ඉහළට තියෙනවා. මේ අයගේ පාවහන් වල කොලිටියත් බොහොම ඉහළයි කියලා ගොඩක් දෙනෙක් කියනවා.

 

5. Di Shoes

Di ෂූස් කියන්නේ 1939 ඉඳලා පැවතගෙන එන ව්‍යාපාරයක් කිවුවොත් විශ්වාස කරනවද? ඉතින් ඇයි ඔය හිස්ට්‍රිය අපට වැදගත් වෙන්නේ? සරලයි. ඒ වගේ අතීතයක් එක්ක නොකඩවා පැවතගෙන තියෙන පාවහන් නිපදවන සන්නාමයක් කියන්නේ, කොලිටිය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම Di පාවහන් වල කොලිටිය ඉහළ වුනාට, තාම බොහොම දරන්න පුළුවන් මිල මට්ටමක් පවත්වගෙන යනවා කියන එකත් කියන්න ඕන. Di කට්ටියගේ ෂෝරූම්ස් තියෙනවා බම්බලපිටියේ, කිරුලපන ලිබර්ටි ප්ලාසා, කොළඹ කොටුවේ, බත්තරමුල්ලේ, කටුබැද්දේ, බැලුම්මහර වගේ නගර ගණනාවක. විශාල ඩිසයින් ප්‍රමාණයක් නැති වුණත්, අන්කොමන් ඩිසයින්ස් එක්ක හොඳ කලෙක්ෂන් එකක් Di ෂෝරූම් වල දැකගන්න පුළුවන්.

 

6. Bettans

සාමාන්‍යයෙන් ඔෆිස් යන්න සපත්තු දෙකක්, වැඩට යන්න සපත්තු දෙකක් එහෙම හොයන කෙනෙක් දන්නවා Bettans සන්නාමයේ තියෙන වටිනාකම. මේ අය කියන්නේ දකුණු ආසියාවේ අංක එකේ ලෙදර් සපත්තු නම් Bettans කියලා තමයි. ඇත්තටම ඒක වැරදි නැහැයි කියලා හිතෙන්නේ, Bettans සපත්තු වල කල්පැවැත්මත් එක්ක බලනකොට. විශේෂයෙන්ම ගත්තු අලුත ඒ තරම් කකුලට සුවපහසු ගතියක් නැති වුණත්, සෑහෙන්න කාලයක් පට්ට ගහන්න පුළුවන් වගේම මිල අතින් ගත්තත් ලොකු වියදමක් යන්නෙ නෑ Bettans සපත්තු වලට.  කොහොමත් Bettans සපත්තු වල තියෙනවා හරිම ක්ලැසික් ගතියකුත්. ඒ නිසා වෙනස් විදියේ, ප්‍රීමියම් ලුක් එකක් තියෙන සපත්තු ගන්න කැමති කෙනෙක්ට යන්න පුළුවන් ලේක් හවුස් එක ඉස්සරහා තියෙන Bettans ප්‍රධාන ෂෝරූම් එකට නැතිනම් ගාල්ලේ හරි නුවර හරි තියෙන Bettans ෂෝරූම් වලටත්. ඒ නැතත් ඕනම සපත්තු කඩේක Bettans තියෙනවා.

 

 

7. DSI footcandy

මේ ලංකාවේ සපත්තු සෙරෙප්පු දාන මනුස්සයෙක් නං, DSI බ්‍රෑන්ඩ් එක නොදැන ඉන්න විදියක් නැහැනේ. ඇත්තටම ගමක් ගමක්, නගරයක් නගරයක් පාසා තියෙන ගොඩක් ෂූ ෂොප් වල ගහලා තියෙන්නෙත් DSI නම තමයි. හැබැයි අපි මේ කියන්න යන්නේ DSI footcandy කියන නමෙන් හැඳින්වෙන DSI ඔන්ලයින් ස්ටෝර් එක ගැන. වැඩේ සරලයි. යන්න වෙබ් සයිට් එකට, තෝරගන්න තමන්ට ඕන මොන ෂූස්ද කියලා. මුලින්ම කියන්න ඕන මේ DSI footcandy එකේ සෑහෙන්න ලොකු ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් Men කැටගරි එක යටතේ Industrial, Shoes, Casual, Formal, Sports, Sandals, Flip Flops, Slippers වගේ සබ්කැටගරි ගණනාවක් තියෙනවා. ඒ වගේම වෙබ් සයිට් එකේ තමන්ට අවශ්‍ය මිල ගණන් වලින් පාවහන් ෆිල්ටර් කරගන්නත් පුළුවන්. රුපියල් 20,000 දක්වා ඕනම මිල ප්‍රමාණයක් වෙනකල් තෝරගන්න පාවහන් තියෙනවා. ඊට පස්සේ බ්‍රෑන්ඩ්ස් යටතේත්, සයිස් යටතේත් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් වෙන ඕනම ෂොපින් සයිට් එකක විදියට තමයි වැඩ කෙරෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *