ප්‍රතිශක්තිය වැඩි කරන බීම වර්ග 7ක් ගැන දැනගමුද?

මේ කොරෝනා කාලේ අපේ ප්‍රතිශක්තිය නොවැටී තියාගන්න එක වගේම තවත් වැඩි කරගන්න එක කළ යුතුම දෙයක්. ඒ නිසා අපි හිතුවා ඔයාලට ප්‍රතිශක්තිය වැඩි කරන බීම වර්ග ටිකක් ගැන කියලා දෙන්න. අපේ ආරක්ෂාව ගැන අපි හිතන්න ඕන නිසා ඔෆිස් යන, ගෙදර ඉඳන් වැඩ කරන මේ කාටත් වැදගත්, ගොඩක් ගුණ මේ ඩ්‍රින්ක්ස් ටික ඔයාලත් හදලා බොන්න. 

 

 

1. Turmeric Ginger Tea

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෙති කපාගත් ඉඟුරු ස්වල්පයක්
  2. කුරුඳු පොතු ස්වල්පයක්
  3. කරාබු නැටි තේ හැඳි 1/2
  4. කරදමුංගු ඇට 5
  5. ගම්මිරිස් ඇට තේ හැඳි 1
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. කුඩුකරගත් හකුරු තේ හැඳි 1

 

  • වංගෙඩියකට කහකුඩු හා හකුරු හැර අනික් සියල්ලම දාලා හොඳට කොටාගන්න. 
  • පෑන් එකකට වතුර කෝප්ප 4ක් දාලා මේ මිශ්‍රණය දාලා ලිපේ තියන්න. කහකුඩු හා හකුරු ටික දාගන්න. හොඳට කලවම් කරලා උතුරුවාගන්න. පෙරලා බීමට ගන්න. 

 

 

2. Ginger Tulsi Tea

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරුඳු කොළ 2
  2. තුල්සි කොළ 2
  3. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 2
  4. කුරුඳු පොතු කෑල්ලක්
  5. කරදමුංගු ඇට 3
  6. ගම්මිරිස් තේ හැඳි 1
  7. කරාබුනැටි තේ හැඳි 1/2
  8. මී පැණි තේ හැඳි 1

 

  • පෑන් එකකට වතුර කෝප්ප  4ක් දාලා ලිපේ තියාගන්න. මී පැණි හැර අනිත් සේරම දාලා කලවම් කරලා විනාඩි 5ක් ​වගේ උතුරවගන්න. 
  • දැන් මේක පෙරලා ටිකක් නිවුනම මී පැණි හැන්දක් දාලා බීමට ගන්න. 

 

 

3. රසම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සූදුරු මේස හැඳි 1
  2. ගම්මිරිස් ඇට තේ හැඳි 1
  3. සුදුළූණු බික් 3
  4. කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  5. තෙල් ස්වල්පයක්
  6. අබ තේ හැඳි 1
  7. වියළි මිරිස් කරල් 2
  8. කරපිංචා ස්වල්පයක්
  9. කපාගත් තක්කාලි ගෙඩි 1
  10. කහකුඩු තේ හැඳි 1/4
  11. රස අනුව ලුණු
  12. අමුමිරිස් කරල් 1
  13. සියඹලා යුෂ කෝප්ප 1

 

 

  • සූදුරු, ගම්මිරිස් ඇට, සුදුළූණු හා කොත්තමල්ලි කොළ හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකකට අබ, කඩාගත් වියළි මිරිස් හා කරපිංචා ටික දාගෙන කබලෙ බැදගන්න. ඒකට ග්‍රයින්ඩ් කරගත්ත මසාලා පේස්ට් එක දාගන්න. 
  • හොඳ කලවම් කරලා කපාගත් තක්කාලි, කහකුඩු, ලුණු, අමුමිරිස් දාගන්න. හොඳට කලවම් කරලා සියඹලා යුෂ ටික දාගන්න. 
  • මේකට වතුර කෝප්ප 4ක් දාලා කලවම් කරලා විනාඩි 8ක් වහලා උතුරවාගන්න. උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න. ටිකකින් ලිප නිවාගන්න. 

 

 

4. මින්ට් ටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මිංචි කොළ ස්වල්පයක්
  2. කුරුඳු පොතු කෑල්ලක්
  3. කරාබු නැටි තේ හැඳි 1/2
  4. ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
  5. කරදමුංගු ඇට 4

 

 

  • වංගෙඩියට මිංචි කොළ, කුරුඳු පොතු, කරාබු නැටි, ගම්මිරිස් ඇට හා කරදමුංගු ටික දාලා හොඳට කොටාගන්න. 
  • පෑන් එකකට වතුර කෝප්ප 5ක් දාලා ලිපේ තියලා මේ මිශ්‍රණය දාලා හැඳිගාන්න. උතුරනකොට ලිපෙන් බාලා පෙරලා බීමට ගන්න. 

 

 

5. කැරට් හා ජින්ජර් සුප්

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් ස්වල්පයක්
  2. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 2
  3. ලියාගත් ළූණු ගෙඩි 2
  4. තරමක කෑලි කපාගත් කැරට් අල 2
  5. ලුණු

 

 

  • පෑන් එකකට බටර් ටිකක් දාලා ඉඟුරු ටික දාගන්න. හොඳට බැදෙන්න ඇරලා ළූණු ටික දාගන්න. කලවම් කරලා කැරට් ටික දාගන්න. හොඳට කලවම් කරල වතුර කෝප්ප 2ක් දාගන්න. රස අනුව ලුණු දාලා වහලා තැම්බෙන්න තියන්න. 
  • කැරට් ටික හොඳට තැම්බුනාම පෙරලා වතුර ටික වෙන් කරලා කෑලි ටික බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේ පියුරි එක පෑන් එකකට දාලා අර වෙන් කරපු වතුර ටිකත් දාගන්න. ටිකක් හිඳෙන්න තියලා උඩින් රස අනුව ලුණු හා  ගම්මිරිස්කුඩු ඉහලා බොන්න. 

* කැමතිනම් චොප්කරගත් මින්චි කොළ හා රෝස්ට් කරගත් වට්ටක්කා ඇ​ට ටිකක් උඩින් දාගන්න. 

 

6. ග්‍රීන් විටමින් ජූස්

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔරේන්ජ් ජූස් කෝප්ප 1 1/2
  2. නිවිති කොළ කෝප්ප 1
  3. කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/2
  4. කපාගත් කොළ ඇපල් ගෙඩි 1
  5. රස අනුව ලුණු

 

  • බ්ලෙන්ඩර් කප් එකට ඔරේන්ජ් ජූස් ටික දාලා නිවිති, පිපිඤ්ඤා හා ඇපල් දාලා බ්ලෙන්ඩ් කරගන්න. රස අනුව ලුණු දාගෙන කැමති නම් කූල් කරල බොන්න.

 

7. Turmeric Milk

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 2
  2. කහකුඩු තේ හැඳි 1/2
  3. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  4. පොඩි කුරුඳු කෑල්ලක්
  5. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  6. පොල්තෙල් තේ හැඳි 1 (අත්‍යාවශ්‍යම නැහැ)
  7. පැණි හෝ මේපල් සිරප් තේ හැඳි 1

 

  • පෑන් එකට කිරි ටික දාලා ලිපේ තියන්න. කහකුඩු, ගම්මිරිස්කුඩු, කුරුඳු පොතු, ඉඟුරු හා තෙල් ටික දාගන්න. ඔක්කොම හොඳට කලවම් කරගන්න. 
  • හොඳට උතුරනකම් හැඳි ගාගෙන උතුරන කොට ලිප ඕෆ් කරල පැණි ටික දියකරගන්න. පෙරලා බීමට ගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *