වීරයන් ලෙස සලකන සමූල ඝාතකයෝ

වීරයෙක් විදිහට ගෞරවයට ලක් වෙන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ කළු පැත්තක් පවතිනවා යැයි කියන එක රහසක් නෙමෙයි. ඒ වගේ දේවල් ගැන වැඩිය අවධානය යොමු කරන්න අවශ්‍ය නොවෙන්නේ වීරයෝ වුණාට ඒ අයත් සාමාන්‍ය මනුෂ්‍යයෝ නිසා. හැබැයි සමහර අවස්ථාවල විවිධ දේශපාලන හේතු නිසා අපි මිනිස්සු ලක්ෂ ගණනින් සමූල ඝාතනය කරන්න නායකත්වය දුන්න පුද්ගලයන්ව වීරයෝ විදිහට සලකන අවස්ථා තියනවා. අපි අද කතා කරන්න යන්නේ වීරයෝ ලෙස නොසැලකිය යුතු වීරයන්  කීපදෙනෙක් ගැන.

 

1. ක්‍රිස්ටෝපර් කොලොම්බස්

පරම්පරා ගණනක් තිස්සේ ඇමරිකා මහද්වීපය හොයාගත්තෙ කවුද කියලා ඇහුවොත් එහෙම උත්තරේ විදිහට හම්බ වෙන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස්. ඇත්තම කතාව කොලොම්බස් ඇමෙරිකා මහද්වීපය හොයා ගත්තේ නැහැ. ඔහු තමයි පළවෙනි වතාවට බටහිර ආක්‍රමණිකයන්ට ඇමෙරිකා මහද්වීපය විවෘත කරලා දුන්නේ. එහි ප්‍රතිඵලයක් විදිහට සියවස් ගණනාවක් පැරණි  මායා, ඇසටෙක්, ඉන්කා ශිෂ්ටාචාර සම්පූර්ණයෙන්ම පොළවෙන් අතුගෑවිලා ගියා. ස්වදේශික මිනිස්සු ලක්ෂ ගණනක් මිය ගියා. අදටත්  ඇමරිකානු මහද්වීපයේ මුල්පදිංචිකරුවන්ට හරිහැටි තම අයිතිවාසිකම් ලැබිලා නෑ.

 

2. දෙවැනි ලියෝපෝල්ඩ් රජු 

කොංගෝවේ පාලකයා බවට පත්වූ බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු ඒ අප්‍රිකානු රට පාලනය කරේ කළේ තමන්ගේ වතු යායක් පාලනය කරනවා වගේ. රටේ සමස්ත සම්පත් සූරා කෑමට කටයුතු කළ ඔහු කිසිදු වැටුපක් නොදෙමින් එරට ස්වදේශික ජනතාව වහල් සේවයේ යෙදවීමට කටයුතු කළා. ඇතැම් අවස්ථාවල පැවරූ වගකීම ඉෂ්ට නොකළ ස්වදේශික වැසියන්ගේ අත්පා පවා කපා දැමීමට තරම් ඔහුගේ පාලනය වියරු එකක් වුණා.

 

3. වින්ස්ටන් චර්චිල් 

නාසිවාදයේ කුරිරු හස්තයෙන් ලෝකය මුදවා ගැනීමට මුල් වූ නායකයෙක් විදිහට අද පවා ගෞරව ලබන වින්ස්ටන් චර්චිල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාහරයෙක්. යුරෝපයේ ජනතාව ආරක්ෂා කරගන්න ඉන්දියාවේ මිලියන ගණනක් ජනතාවගේ කුසගිනි නිවීමට තිබූ ආහාර තොග ඔහු විසින් යුරෝපය වෙත ගෙන ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර බෙංගාලයේ ලක්ෂ ගණනක් ජනතාව මිය ගියා. මීට පෙර අත් අපි මේ කාලකන්නි මනුස්සයා ගැන සම්පූර්ණ සටහනක් තියල තියනවා. එය පහත ලින්ක් එක ක්ලික් කර කියවන්න.

වින්ස්ටන් චර්චිල් කරපු අහස පොළොව නුහුලන අපරාධ

4. මාඕ සේතුං 

නව චීන ජනරජයේ නිර්මාතෘවරයා විදිහට අමරණීය චරිතයක් බවට පත් වුණු වුණු මාඕසේතුං සාර්ථක පාලකයෙක් වුණාට යහපත් පාලකයෙක් විදිහට සලකන්න බැහැ. ඔහුගේ පාලන තන්ත්‍රය තුළ දී චීන වැසියන් ලක්ෂ ගණනක් මිය ගියා. එසේම ඔහුගේ දර්ශනය අනුව ඇති කරනු ලැබූ සාමූහික ගොවිපොළවල්වල පැවතියේ අති මර්දනකාරී ස්වභාවයක්. 

 

5. ජෝසෆ් ස්ටාලින් 

වී. අයි ලෙනින්ගෙන් පසුව සෝවියට් රුසියාවේ පාලන බලය හිමිකර හිමි කරගත් ස්ටාලින් වසර කීපයක් ඇතුළත පසුගාමී සෝවියට් දේශය ලෝක බලවතකුගේ තත්ත්වයට ඔසවා තැබීමට සමත් වුණා. නමුත් ඒ සඳහා සෝවියට් රුසියාවේ විවිධ ජනවර්ග වල ජනතාවට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා. මේ නිසාම බටහිර මාධ්‍ය වල දී ඔහු මිනීමරුවෙකු ලෙස හැඳින්වුණත්, අද පවා ස්ටාලින් යනු වීරයෙකු ලෙස සලකන පිරිසක් සෑම රටකම සිටිනවා. ඔවුන් දැන දැනම ස්ටාලින්ගේ මේ කුරිරුකම් අමතක කරනු ලබනවා.

 

6. බැරක් ඔබාමා

මේ නම ඇහුවම සමහර විට ඔබ පුදුමයට පත් වෙන්නත් ඇති. පසුගියදා පැවති ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයත් එක්ක බැරක් ඔබාමාගේ සුහදශීලීත්වය ගැන බටහිර මාධ්‍ය වල ඇති තරම් කතා වෙනවා. ඒත් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මේ පුද්ගලයා විසින් ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනඑන බව කියමින්  සිදුකරනු ලැබූ විනාශය පිළිබඳව කිසිදු මාධ්‍යයක් නිසි පරිදි කතාකරන්නේ නැහැ. ගඩාෆීගේ ආඥාදායක පාලන තන්ත්‍රය යටතේ සංවර්ධනය වෙමින් පැවති ලිබියාව අද වෙනකොට සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් බවට පත්වෙලා තියෙනවා.

 

7. ජෝර්ජ් ඩබ්. බුෂ්

ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන්න ජෝර්ජ් ඩබ්. බුෂ්‍ට සාධාරණ හේතුවක් තිබ්බා. අල්කයිඩා සංවිධානය විසින් ලෝක වෙළඳපළ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයට පලිගැනීමක් විදිහට එම සංවිධානය ක්‍රියාත්මක වූ ඇෆ්ගනිස්ථානය ඔහු විසින් ආක්‍රමණය කරනු ලැබුවා. නමුත් ඉන් වසර කීපයකට පස්සේ න්‍යෂ්ටික ආයුධ ඇති බව කියමින් ඔහුගේ නියෝග යටතේ ඇමෙරිකානු හමුදා ඉරාකය බලා ගියා. අද වෙනකොට ඉරාකයත් ගැටුම් බහුල තැනක්.

 

මේ ආටිකල් එක ගැන ඇතැම් විට වෙනස් අදහස් ඔබට ඇති. ඒ ගැන ඔබේ අදහස් පළ කරන ගමන් සංවාදයක් සඳහා කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *