ධාන්‍ය වර්ග කියන්නෙ ලොකු පොඩි කවුරු උනත් ඒ තරම්ම ආසාවෙන් කන දෙයක් නෙමෙයිනේ. හැබැයි මේවා ආස හිතෙන විදියට හැදුවොත් කන එක නවත්තන්න බැරිවෙයි. අද අපි ගෙනාවෙ කඩල එක එක රසින් හදාගන්න හැටි. උදේ කෑමට, පොඩි අයට මේ කොයි කාටත් වැදගත් වන මේ රෙසිපි ටික අනිවාර්‍යෙන්ම කියවන්න.
1. කඩල සුප් / chickpeas soup
අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල ග්‍රෑම් 200
- කැරට් අලයක්
- අල ගෙඩියක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- මුලින්ම රැයක් පෙඟෙන්නට දැමූ කඩල වතුර දමා තැම්බෙන්න තියන්න. සුද්ද කර ගත් අල ගෙඩිය හා කැරට් අලයත් තම්බගන්න.
- ඉන්පසු තැම්බුණු කඩල ටික ගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. තම්බාගත් අල හා කැරට් කෑලි හිටින සේ බ්ලෙන්ඩ් කර ගන්න.
- කඩල සහ බ්ලෙන්ඩ් කරගත් අල, කැරට් එකට කලවම් කරගෙන ලුණු හා ගම්මිරිස් එකතු කර රස බලන්න. උකු වැඩි නම් තව උණුවතුර එක්කරන්න.
2. කඩල ළූණු කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- රවුමට කපාගත් ළූණු ගෙඩි 2
- කපාගත් තක්කාලි ගෙඩි 1
- කහකුඩු තේ හැඳි 1/2
- තුනපහකුඩු තේ හැඳි 1/2
- කපාගත් අමුමිරිස් කරල් 2
- මිටිකිරි කෝප්ප 1
- ලුණු ස්වල්පයක්
- දෙහි බෑයක යුෂ
- තෙල් ස්වල්පයක්
- භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අමුමිරිස්, තක්කාලි දාලා තෙම්පරාදු කරගන්න. කහකුඩු හා තුනපහකුඩු එකතු කරන්න. ටිකකින් කඩල ටික දාලා කලවම් කරලා මිටිකිරි ටික දාලා හැඳිගාන්න.
- රස අනුව ලුණු දාලා කිරි උතුරනකොට දෙහි යුෂ ටිකක් දාලා කපාගත් ළූණු එකතු කරන්න. ටිකකින් ලිප ඕෆ් කරගන්න.
3. ක්‍රීම් කඩල
අවශ්‍ය ද්‍රව්‍ය 
- තම්බාගත් කඩල කෝප්ප 1
- කිරි කෝප්ප 1
- බටර් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තම්බාගත් කඩල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරලා මේක භාජනයකට දාලා ලිපේ තියන්න.
- බටර් හා කිරි ටිකත් දාලා හොඳට හැඳිගාන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා උකු වෙනකල් ලිපේ තියලා හැඳිගාන්න. පොඩි බබාලට නියම උදේ ආහාරයක් මේක
4. කඩල සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා බැදගත් කඩල කෝප්ප 1
- කපාගත් ළූණු ගෙඩි 1
- කපාගත් තක්කාලි ගෙඩි 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- දෙහි යුෂ ස්වල්පයක්
- මුලින්ම කපාගත් ළූණු, තක්කාලි, කොත්තමල්ලි කලවම් කරගන්න. මේකට කඩල ටිකත් දාගන්න. ඊළඟට ලුණු, ගම්මිරිස්කුඩු හා දෙහි යුෂ දාලා අනාගන්න.
5. කඩල රෙඩ් කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- තලාගත් ඉඟුරු, සුදුළූණු මේස හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- තක්කාලි සෝස්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ස්වල්පයක්
- භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු හා ළූණු ටික දාගන්න. ටිකකින් මිරිස්කුඩු එකතු කරන්න. දැන් මේකට තම්බාගත් කඩල ටික දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ලිපෙන් අයින් කරන්න කලින් තක්කාලි සෝස් මේස හැඳි 2ක් විතර දාලා කලවම් කරගන්න.
6. කඩල වයිට් කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- තම්බාගත් අල ගෙඩි 1
- ලියාගත් ළූණු ගෙඩි 1
- පාන්පිටි තේ හැඳි 1
- බටර් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- කිරි කෝප්ප 1
- අල ගෙඩිය පොඩි කෑලි වලට කපාගන්න. භාජනයක් ලිපේ තියලා බටර් ටික දාගන්න. රත්වෙනකොට ළූණුයි අලයි දාලා කලවම් කරලා පාන්පිටි ටික දාගන්න. හොඳට කලවම් කරන ගමන් කිරි ටික ටික එකතු කරන්න.
- තම්බාගත් කඩල ටික දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කිරි ටික නටවා ලිපෙන් බාගන්න.
7. ටෙම්පර්ඩ් චික්පීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- ඔලිව්තෙල් මේස හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 2
- තුනපහකුඩු තේ හැඳි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ගාලික් සෝස්
- පෑන් එකට කඩල ටික දාලා ඔලිව්තෙල් උඩින් ඉසගන්න. ඊළඟට මිරිස්කුඩු, තුනපහ කුඩු දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
- ඒ මේ අත කලවම් කරමින් මද ගින්නේ විනාඩි 5ක් වගේ ෆ්‍රයි කරගන්න. ලිපෙන් ඉවත් කරගෙන ගාලික් සෝස් කලවම් කරගන්න.
Leave a Reply