කොල්ලෙක් වුණහම මූණ දෙන්න සිද්ධ වෙන අකරතැබ්බ මෙව්ව තමයි!

ඔය බණට එහෙම සමහර හාමුදුරු ගොල්ලො කියනවා පිරිමියෙක් වෙලා ඉපදෙන්නත් පිං කරලා තියෙන්න ඕන කියලා. හැබැයි ඉතින් හාමුදුරුවෝ බණට කියපු නිසා ඕකට සාදු සාදු කිව්වට අපි නං ඔය කතන්දරේට එකඟ වෙන්නෙ නෑ. හේතු දෙකක් නිසා. එකක් තමයි, පිරිමියෙක් වෙලා ඉපදෙන්න පිං කරලා තියෙන්න ඕන කිව්වහම, ඒක ගෑණුන්ව දෙකේ කොළේට දැමීමක් වෙන නිසා. අනික ෆෙමිනිස්ට් උන්දෑ කෙනෙක්ට එහෙම ඕක කිව්වනං මුකුණුවැන්න ලියනවා වගේ සිහින් කැබලි කරයි. අනික් කාරණේ ප්‍රයෝගිකයි. දැන් පිරිමියෙක් වීම නිසාම විඳින්න වෙන වද වේදනා කොයි තරං නං තියේද? කොල්ලෙක් වීම නිසාම සිද්ධ වෙන අකරතැබ්බ කොයි තරං නං තියේද? අන්න ඒ වගේ වෙලාවට කොහොමද මනුස්සයෝ පිරිමියෙක් වෙලා ඉපදෙන්න පිං කරලා තියෙන්න ඕන කියලා හිතන්නේ??

 

1. ඊයා වලත්තයා

බස් වල කෝච්චි වල යනකොට කාන්තා පාර්සවේට හිරිහැර කරන, ජැක් ගහන, එහෙන් මෙහෙන් අල්ලන ලොන්ත පිරිමි පරාණ ඉන්නවා. ඒක ඇත්ත. හැබැයි කොයි වෙලාවකවත් වාර්තා වෙලා තියෙනවද පිරිමියෙක්ට ටච් එක දාන්න ආපු ගෑණු ගැන? පිරිමින්ට හේත්තුව දාන්න එන ඇන්‍ටිලා ගැන? නෑනේ. 

දැන් කතන්දරේ මේකයි. අපි ඔය ලිංගික හිරිහැර වලට එකෙන්ම විරුද්ධයි. ඒත් දෙයියනේ බස් එකේ යනකොට බ්‍රේක් ගැහුවහම අපිත් වැටෙන්න යනවා. බස් එකේ සෙනඟ හිරවෙනකොට අපිත් තල්ලු වෙනවා. එහෙම නොවෙන්න මොකද අපි බස් එකේ මැද හිටෝලා තියෙන කණු කියල හිතුවද? අන්න එහෙම අකරතැබ්බෙකින් ඇඟේ වැදුණොත් “ඊයා වලත්තයා” කියලා කෑ ගහගන්න තියාගන්ඩ එපා නංකි. අනික, ඇඟේ ගෑවෙන්නෙ නැතුව වුනත් කෙල්ලෙක් කොල්ලෙක්ට බස් එකක බැන්නොත් “මොකද මිනිහො ඇඟේ ඇතිල්ලෙන්න එන්නෙ?” කියලා, ආයෙ බස් එකේ කවුරුවත් නඩු අහ අහා ඉන්නෙ නෑ, අරූට නෙලලා බස් එකෙන් එලියට දානවා මිසක්.

ඉතින් අපිනෙ දන්නෙ බස් එකක කෝච්චියක යනකොට ගෑණු පරාණෙක ඇඟේවත් නොගෑවෙන්න යන්න ට්‍රයි කරන එකේ දුක!

 

2. අනේ අරූ කුකුලා!

මෙන්න මේකත් කොල්ලන්ටම සිද්ධ වෙන අකරතැබ්බයක්. දැන් මේ ලෝකේ අනාදිමත් කාලෙක ඉඳලා තියෙන නොලියවුණු රීතියක් තමයි, සෑමවිටම කෙල්ලෙක් පස්සේ යා යුත්තේ කොල්ලෙක්ය කියන එක. ආයෙ කෙල්ලෝ කොල්ලෝ පස්සෙ එන්නෙම නෑ. දැන් කෙල්ලෙක්ව යාලු කරගන්න පස්සෙන් යන එකත් හා කියමුකෝ. හැබැයි වැඩේ නැගලා ගිහින් සෙට් වෙලා “මන මස්ත මගන්” වෙන්නේ, කෙල්ල කොල්ලට කැමති නං විතරයි. කෙල්ල කොල්ලට කැමති නැත්තං? 

“ඊයා අනේ අරූ කුකුලා වගේ මගෙ පස්සෙන් එනවා, හැටි විතරක් හැලි වඳුරෙක් වගේ. මුන් වගේ එවුන් නිසා තමයි කෙල්ලො අපිට ජීවත් වෙන එක එපා වෙන්නේ, බලන්න මෙයා”

ඔන්න ඔය ටික තමයි අහගන්න වෙන්නේ. ඇයි නංකි එහෙම? කැමති නැත්තං කැමති නෑ කියන්ඩ, එතකොට “නෙට්ෆ්ලික්ස් බලන ඔයාට බටපොළ ඇන්ටෙනාව කරකෝන මාව ගැලපෙන්නෙ නෑ තමයි” කියලා අපි වෙන අතක් බලාගන්නං. හැබැයි අපි ආනන්තරිය පාපකරුමයක් කරපු ගාණට යාලුවොත් එක්ක කිය කියා වැළලෙන්න ඕන නැහැනේ!

 

3. සැට් එක!

මේක පිරිමි ගෙවන සදා දුකක්. දැන් පිරිමින්ගේ සැට් එක තියෙනවනේ. ඒ කියන්නේ අර පරම්පරා සැට් එක. ආන්න ඒක මේන්ටේන් කරන එක පිරිමින්ට තියෙන වෙනමම ප්‍රස්නයක්. දැන් සිවිල් පිට හුළං වැදි වැදී ඉන්නකොට ඔන්න කූඹියෙක් කනවා. ඔය සැට් එක කූඹියෙක් කන එක මේ මිහිපිට ඕනම පිරිමියෙක් අත්විඳලා තියෙන දෙයක්. 

ඒ වගේම තමයි ජොකා දාලා පැය කීපයක් එක දිගට ඉන්නකොට තියෙන සනීපේ. ජොකා හිර නං සැට් එක රිදෙන්න පටන් ගන්නවා, එහෙක් මෙහෙක් වෙන්න පටන් ගන්නවා. දැන් මොකෝ පබ්ලික් එකේ ඉන්නකොට අත දාලා සැට් එක එලයින් කරගන්නද? ඉවසගෙන ඉඳිල්ලක් තමා තියෙන්නේ!

සැට් එකත් එක්ක තියෙන ලොකුම පාපේ වෙන්නේ වලියකට එහෙම යන එක. එහෙම ගිහින් සැට් එකටම පාරක් වද්දගන්න එක! අන්න එතකොට තමයි අර බණේ කියපු හාමුදුරුවන්ව මතක් වෙන්නේ!!

 

4. ටෙන්ට් එක!

මේකත් ටිකක් සැට් එකේ ප්‍රශ්නෙට ලඟ, ඊට වඩා කේස් වැටෙන්න පුළුවන් එකක්. දැන් පිරිමින්ගේ පරම්පරා සෙට් එකේ තියෙනවනේ කෙලින් කරන්න පුළුවන් ජැක් එකක්. දැන් සාමාන්‍ය ජැක් එකකයි, මේ ජැක් එකෙයි වෙනස මේකයි. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ජැක් එකක් අපි අවශ්‍ය වෙලාවට කරකෝලා කෙලින් කරගන්නවා, නැතිනම් උස්ස ගන්නවා. හැබැයි පිරිමි ගාව තියෙන ජැක් පොල්ල තනිකරම ඔටෝමේටඩ්. ආස හිතෙන දෙයක් දැක්ක ගමන්, ආස හිතෙන දෙයක් හිතුණු ගමන්, සීතලක් අල්ලපු ගමන්, සමහර විට චූ බරක් ආපු ගමන් ආයෙ සෙනිකව කෙලින් වෙනවා. ඔටෝමැටික් කියන්නෙ ඒකනේ!

හැබැයි ඉතින් සිවිල් පිට ගෙදර ආතල් එකේ ඉන්න වෙලාවක ඔහොම වෙන්ඩෝනෙ. ආයෙ සරමෙ ටෙන්ට් එකක් ගහගෙන එලියට බැහැලා ගෙදර උන්දැලට මූණ දෙන්නද? එතකොට ජොකා දාලා ඉන්න වෙලාවක ඔටෝ කෙලින් වුණහම ඊට හපන්. අර උඩ දෙවෙනියට කියපු ප්‍රශ්නේ තමයි වෙන්නේ!

 

5. රැවුල මේන්ටේන්!

මේකත් පිරිමින්ටම තියෙන ප්‍රශ්නයක්. දැන් පිරිමින්ගේ සාමාන්‍යයෙන් රැවුල වැවෙනවනේ. එතකොට සමහරු රැවුල වවනවා, සමහරු රැවුල කපනවා. හැබැයි රැවුල වවනවා කියලත් මට නෙවෙයි වගේ ඔහේ ඉන්න බෑ, රැවුල මේන්ටේන් කරන්න වෙනවා. එහෙම නැති වුණොත් ආයෙ පාරට බහින්න වෙන්නේ ආදිකල්පික මානවයෙක් වගේ. ඒ නැතත් ඊට පස්සේ කන්න බොන්න බෑ, රැවුල කෑම එකේ, කනකොට සමහර වෙලාවට රැවුලත් හැපෙනවා.

අනික දැන් ගෑණු ළමයි සමහර වෙලාවට කකුල් ෂේව් කලේ නැත්තං ජීන්ස් ඇඳලා හරි යනවා. දැන් පිරිමි අපි රැවුල කැපුවෙ නෑ කියලා වෙස්මූණක් දාගෙන යන්නද?

 

6. පර්ෆෝමන්ස්!

ඔය සෙක්ස් එහෙම කරලා තියෙන හාදයෝ අනිවා දන්නවා මේ ප්‍රශ්නේ ගැන. දැන් අපි මුලින්ම කෙල්ලෙක්ව ගමු. කෙල්ලෙක් සෙක්ස් කරන්න ගියාට පස්සේ, තනිකරම මළ මිනිය වගේ ඉන්නෙ නැතුව පොඩ්ඩක් හරි සහයෝගයක් දීලා හිටියොත්, කෙල්ල ගැන සෙක්ස් කරපු කොල්ලා මළාට නරකක් කියනවද? නෑනේ.

හැබැයි පුතෝ කොල්ලෙක් සෙක්ස් කරන්න යනවා කියන්නේ, ෆුල් ෆිට්නස් හදාගෙන, ටෙක්නික්ස් ගාණට ටියුන් කරගෙන ගිහිල්ලා, හෙනම පර්ෆෝමන්ස් එකක් පෙන්නලා එන්න වෙනවා කියන එක. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුණොත් ඉතින් පටි රෝල්. ඇයි පටි රෝල් වෙන්නේ? යකෝ ගෑණු ගිහිල්ලා යාලුවෝ එක්ක ඔව්වා කියනවා!!

 

7. ලේඩීස් ෆස්‍ට්!

මෙන්න මේකට නම් ඔය ගෑණු උදවිය එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මේක බොරු වෙන්නෙත් නෑ. දැන් ඔය ලේඩීස් ෆස්ට් කියලා කියමනක් තියෙනවනේ. ඒකේ වැරැද්දක් නෑ. පිරිමියෙක් ගෑණු කෙනෙක්ට දොරක් ඇරලා දෙන එක, වාඩිවෙන්න පුටුව ඇදලා දෙන එක වගේ දේවල් කරන එක අවුලක් නෑ. හැබැයි ඉතින් වැඩේ ඔතනින් නතර වෙන්නෙ නෑනේ. සමහර කපල් වල ඔය සීන් එක යනවා කොහේ හරි ගියොත් කොල්ලා තමයි බිල ගෙවන්න ඕන, බැන්දට පස්සේ කොල්ලා තමයි හම්බු කරන්න ඕන කියන එක දක්වාම. හැම කපල් එකකම මෙහෙමයි කියලා නෙවෙයි අපි කියන්නේ. දෙන්නා එක්ක සහයෝගෙන් ජීවිතේ දුක සැප ඔක්කොම හවුලේ අරගෙන යන කපල් ඕන තරම් ඉන්නවා. හැබැයි අර ලේඩීස් ෆස්ට් සීන් එක නිසා, පිරිමියා කොයි තරම් නැහිලා හරි ඌම තමයි දේවල් කරන්න ඕන කියන මානසිකත්වේ ඉන්න ලේඩීස්ලත් ඉන්නවා. ආන්න එහෙම ලේඩීස් කෙනෙක්ට අහුවුණොත් තමයි පුතේ උඹට පිරිමියෙක් වීම නිසාම මූණ දෙන්න වෙන නියම අකරතැබ්බේ ගැන තේරෙන්නේ!

 

දැන් මේවෑයින් කියන්නේ ගෑණු උදවියට ප්‍රශ්න නෑ කියලා නෙවෙයි. පිරිමින්ට වඩා ගෑණු උදවියට ප්‍රශ්න තියෙනවා කියලත් නෙවෙයි. ඇත්තටම උඩින් කියලා තියෙන්නේ නිකන් හිනාවෙන්න, ආතල් එකට කියපු කතා ටිකක්. හැබැයි එකක්: ප්‍රශ්න තියෙන්නේ ගැහැණු උදවියට විතරයි, පිරිමි කියන්නේ ආතල් ගන්න මේ ලෝකෙට ආපු සත්ව කොට්ඨාසයක් කියලා ගොඩක් වෙලාවට කියන ගෑණු උදවියට අපි කියන්නේ, පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න කියලා. පිරිමි කියන්නේ දේව මණ්ඩලේක සාමාජිකයෝ නෙවෙයි. උනුත් මනුස්සයෝ. ආන්න ඒ නිසා ඔය ෆෙමිනිස්ම් කියන එක හරියට තේරුං ගන්නෙ නැතුව වලිගෙන් අල්ලගෙන, පිරිමින්ට මොන ප්‍රස්නද, ගෑණු අපිටනේ ඉපදුණු දා ඉඳන් ඔක්කොම වද කරදර කියන ගෑණු පරාණ පොඩ්ඩක් ඇත්තටම ෆෙමිනිස්ම් ගැන ඉගෙන ගන්න එක හොඳයි.

 

ආං ඒක තමයි අපිට කියන්න ඕන වුනේ. උඩින් කියපුවා වගේම කොල්ලොන්ට මූණ දෙන්න වෙන තව අකරතැබ්බ තියෙනවා. පහළ වීඩියෝ එක බැලුවා නං කොල්ලෙක්ට මූණ දෙන්න වෙන තව අකරතැබ්බ ටිකකුත් බලාගත්තැහැකි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *