මීට මාස දෙකකට විතර කලින් අපි මේ මාතෘකාවෙන් ආටිකල් එකක් ලිව්වා. මේ ලිපියේ කරුණු සම්පූර්ණයෙන්ම වගේ උපුටා දක්වලා එක්තරා මහත්මයෙක් අගට විතරක් තවත් නළුවෙක්ගෙ නමක් එකතු කරලා සිනමාවේදීන් කියන සමූහයේ ලිපියක් පළ කරලා තිබ්බා. අගට අන්තර්ජාලයේ පළ වූ ලිපියක් ඇසුරෙනි කියලා දාලා තිබ්බේ Lifie කියන නම අමතක වුණ හින්දද මන්දා. එතුමා ඒ වගේම අපේ අඩවිය පළ කරන කලාව සම්බන්ධ බොහෝ ලිපි ඔය විදිහටම අන්තර්ජාලය ඇසුරිනි කියලා දාලා විවිධ සමූහවල පළ කරනවයි කියන එක අපි දන්නවා. අඩුමගානේ මෙහෙම ලිපි පළ කරන්න මහන්සි වෙන අපේ නම හරි කොතැනක හෝ සඳහන් කරනවා නම් අතිශයින්ම කෘතඥ වෙනවා. කොහොම වුණත් අපේ ලිපිය උපුටා පළ කිරීමෙන් අනතුරුව ඒ සමූහය තුළ පැවිදි චරිත රඟපෑ තවත් නළුවන් ගණනාවක් පිළිබඳව කතාබහක් ඇතිවුණා. අද අපේ ලිපිය සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ ඒ කතාබහින් මතු වෙච්ච නළුවන් පිළිබඳව. ඒ මහත්තයාට පුළුවන් නම් අදත් අපේ ලිපිය මේ විදිහටම උපුටලා පළ කරන්න. සමහරවිට අපිට මේ ආටිකල් සීරීස් එකේ තුන්වෙනි ආටිකල් එකත් ඒ සංවාදය ඇසුරෙන් ලියන්න පුළුවන්කම ලැබේවි.
හාමුදුරු චරිත හරහා අපිට සමීප වුණු ටෙලි සිනමා නළුවෝ – 1 කොටස කියවන්න
1. අතුල පතිරණ
2008 වසරේදී ස්වර්ණ පුස්තක සම්මානය දිනාගැනීමට සමත් වුණු සමරවීර විජයසිංහගේ ‘ස්වයංජාත’ නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු ස්වයංජාත ටෙලිනාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ලද්දේ අතුල පතිරණ විසින්. ඒ යක්කුටිගල හිමියන්ගේ චරිතයයි. මේ චරිතය නිරූපණය කිරීම නිසා අතුලට වසරේ හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් දිනා ගැනීමට අවස්ථාව ලැබුණා. නමුත් අතුල ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වඩා වඩාත් කැපී පෙනුණේ වේදිකාව තුළදී. මේ නිසාම ටෙලි නාට්‍ය බැලීමට ඇබ්බැහි වී සිටින ප්‍රේක්ෂකයන්ට අතුලගේ රඟපෑම් දැකීමට නොලැබීම එක්තරා විදිහක කණගාටුවට කාරණයක්.
2. කුමාර තිරිමාදුර
කුමාර තිරිමාදුර කියන්නේ වේදිකාවෙන් ලබපු පන්නරයත් එක්ක පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගත්ත කෙනෙක්. ඔහු අවස්ථා කිහිපයකදී පැවිදි චරිත රඟපාලා තියෙනවා. බොහෝවිට පෝදින ඒකාංගික ටෙලි නාට්‍ය හරහා උපශාන්ත පෙනුමක් තියෙන පැවිදි රූපයක් අපට මුණගැහෙනවා. නමුත් ‘වසුදා’ ටෙලි නාට්‍යය තුළ කුමාර තිරිමාදුර රඟපෑ පැවිදි චරිතය අතිශයින්ම ජනප්‍රිය වුණා කියලා අපි අර කලින් සඳහන් කරපු සංවාදයට දායක වුණ මහත්තයෙක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඇත් කඳ ලිහිණි ටෙලිනාට්‍යයේ කුමාර නිරූපණය කළ පැවිදි චරිතයත් අගය කිරීමට ලක්වෙලා තියෙනවා.
3. නන්ද වික්‍රමගේ
නන්ද වික්‍රමගේ ටෙලි සහ සිනමා නිර්මාණ ගණනාවකදී චීවරය දරමින් රඟපෑමේ නිරත වෙලා තියෙනවා. ඒ චරිත වැඩි වශයෙන් ලැබීම සඳහා ඔහුගේ තට්ට හිසත් එක හේතුවක් වන්නට පුළුවන්. ‘වන් ශොට් වන්’ චිත්‍රපටයේ ඔහු විසින් රඟපෑ චරිතයත් ඉහත කී සංවාදයේදී විශේෂ අගය කිරීමට ලක් වෙලා තියෙනවා.
4. මුදිත විජේසුන්දර
ඒ සංවාදය සඳහා සහභාගි වුණ සියල්ලන්ටම වගේ එක නමක් අමතක වෙලා තිබ්බා.ඒ තමයි ජැක්සන් ඇන්තනි විසින් නිර්මාණය කළ ‘දස්කොන්’ ටෙලි නාට්‍යයේ වැලිවිට සරණංකර හිමියන්ගේ චරිතය නිරූපණය කළ මුදිත විජේසුන්දරගේ නම. නිවේදකයෙක් විදිහට ලංකාවේ ජනප්‍රිය වුණු මුදිත, වැලිවිට හිමියන්ගේ සාමණේර කාලය සඳහා සාධාරණයක් ඉෂ්ට කළා කියලා කියන්න පුළුවන්.
5. සම්පත් තෙන්නකෝන්
‘සිරි පැරකුම්’ චිත්‍රපටියේ දඹදෙණි යුගය තුළ සංඝරාජ ධූරය දරු සංඝරක්ඛිත හිමියන්ගේ චරිතය සම්පත් තෙන්නකෝන් විසින් නිරූපණය කළා. ඊට අමතරව ‘දස්කොන්’ චිත්‍රපටියේ වැලිවිට සරණංකර හිමියන්ගේ ගුරුවරයා වූ සූරියගොඩ උන්නාන්සේගේ චරිතයත් සම්පත් තෙන්නකෝන් විසින් නිරූපණය කළා.
6. ගිරිරාජ් කෞෂල්‍ය
‘සිරි පැරකුම්’ චිත්‍රපටියේ සංඝරක්ඛිත හිමියන්ගේ ගෝලයෙකු ලෙස පැරකුම් රජු කුඩා කාලයේදී සිප්සතර හැදෑරීමට දායකවන ගුරු හාමුදුරුවන් විදිහට ගිරිරාජ් කෞෂල්‍ය පැවිදි චරිතයකින් අපිට මුණගැහුණා. සාමාන්‍යයෙන් නිතර නිතර හාස්‍යෝත්පාදක චරිත හරහා අපට මුණගැහෙන ගිරිරාජ්ගේ රංගන ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් විදිහට මේ රඟපෑම හඳුන්වන්න පුළුවන්.
7. රංජිත් පෙරේරා
අර අපි කලින් සදහන් කරපු සංවාදයට එකතුවුණු මහත්මයෙක් අදාළ ලිපියට රංජිත් පෙරේරාගේ නම එකතු නොවීම ගැන කණගාටුව පළ කරලා තිබ්බා. ඇත්ත වශයෙන්ම ඒක අපිට වුණු වැරැද්දක්. රංජිත් පෙරේරා කියන්නේ අපේ රටේ කලාතුරකින් බිහිවෙන විදිහේ කලාකාරයෙක්. අවාසනාවකට වගේ එතුමා ගැන මේ වෙද්දි වැඩිපුර කතාබහට ලක්වෙන්නේ නැහැ. ‘දඬුබස්නාමානය’ ඇතුළු නාට්‍ය ගණනාවක වගේම සිනමාවේ සහ වේදිකාවේ පැවිදි චරිත වගේම විවිධ චරිත වලින් අපිට එතුමාව මුණ ගැහුණා.
Leave a Reply