වොන්ටොන් කන්න ආස අයට ගෙදරම හදාගන්න රසම රස වොන්ටොන් රෙසිපි 7ක්

වොන්ටොන් කියන්නෙ ටිබෙටයේ, කොරියාවේ, පිලිපීන් වගේ රටවල ජනප්‍රිය ආහාරයක්. අද අපි කියලා දෙන්නෙ රසම රස වොන්ටොන් හරියටම හදාගන්න හැටි. වෙනස් රස කිහිපයකින් මේ රසවත් වොන්ටොන් හදන හැටි දැන් අපි බලමු. 

 

මුලින්ම වොන්ටොන් ශීට්ස් හදමු. කැමති නම් රැප් ශීට්ස් සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගන්නත් පුළුවන්.

 

රැප් ශීට් එක සෑදීම

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන්පිටි කෝප්ප 1
  2. රස අනුව ලුණු
  3. බිත්තර 1

 

  • මේ ඔක්කොම කළවම් කරලා වතුර ටික ටික දමමින් සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. දැන් මේක සමාන කොටස් 4කට කඩලා පොඩි බෝල 4ක් හදාගන්න. දැන් මේක හොඳට තුනී කරලා පිටි ඉහගෙන සමචතුරස්‍ර හැඩයට කපලා වොන්ටොන් රැප්ස් හදාගන්න. 

 

1. චිකන් වොන්ටොන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වොන්ටොන් රැප්ශීට්ස් 
  2. කටු ඉවත්කර කෑලි කපාගත් චිකන් ග්‍රෑම් 200
  3. චොප්කරගත් ළූණු කොළ කෝප්ප 1
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  6. සෝයාසෝස් මේස හැඳි 1
  7. ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  8. චිකන් කියුබ් 1/2
  9. තෙල් ​මේස හැඳි 1
  10. ලුණු රස අනුව

 

  • වොන්ටොන් රැප් ශීට්ස් හැර ඉතිරි සියල්ලම කළවම් කරලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • වොන්ටොන් රැප් ශීට්ස් අරගෙන මිශ්‍රණය මැද්දෙන් තියලා වටේට බිත්තර සාරු ටිකක් ගාගන්න. ෆිලින්ග් එක ශීට් එක මැදට හිටින්න පොට්ටනිය වගේ හදල, හීනියට දිග අතට කපාගත්ත ළූණු කොළේකින් මේක ගැට ගහල, ගැඹුරු තෙලේ බැදගන්න. 

 

2. වොන්ටොන් මොසරැල්ලා ස්ටික්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වොන්ටොන් රැප්ස්
  2. ස්ටික්ස් විදියට කපාගත්ත මොසරැල්ලා චීස්

 

  • වොන්ටොන් රැප් එකක් අරගෙන එහි කොණකින් මොසරැල්ලා ස්ටික් එකක් තියලා ඔතාගන්න. දෙපැත්තෙන්  නවලා පෑන්කේක් වගේ ඔතාගන්න. ඊළඟට මේක ඩීප්ෆ්‍රයි කරගන්න. 

 

3. වොන්ටොන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සාදාගත් චිකන් වොන්ටොන් වොන්ටොන් 8ක්
  2. බිත්තර 2
  3. සෝයාසෝස් මේස හැඳි 2
  4. ගාලික් පව්ඩර් ස්වල්පයක්
  5. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
  6. දියකරගත් කෝන්ෆ්ලා මේස හැඳි 2
  7. චොප් කරගත් පාස්ලි ටිකක්

 

  • චිකන් වොන්ටොන් වලට වතුර කෝප්ප 2ක් දාලා හොඳට තම්බගන්න. දැන් මේ ටික අයින් කරලා ඒකටම ගාලික් පව්ඩර්, ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • බිත්තර ටික විස්ක් කරලා සුප් එකට දාල හොඳට විස්ක් කරගන්න කැටි ගැහෙන්න නොදී. ඊළඟට සෝයාසෝස් ටික දාගන්න. දැන් ෆ්‍රෙශ් මිල්ක් ටික දාලා දියකරගත් කෝන්ෆ්ලා ටික දාලා හැඳිගාන්න. හැඳිගාලා තික් වේගෙන එනකොට වොන්ටොන් ටික දාලා කළවම් කරන්න. උඩින් චොප්කරගත් පාස්ලි ටිකක් දාගන්න. 

 

4. Baked Crab Rangoons

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වොන්ටොන් රැප්ස්
  2. චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. ක්‍රීම්චීස් කෝප්ප 1/2
  5. මයෝ​නේස් කෝප්ප 1/2
  6. සෝයාසෝස් මේස හැඳි 1
  7. අඹරාගත් කකුළු මස් ග්‍රෑම් 200

 

  • බෝල් එකකට ළූණු කොළ, ක්‍රීම්චීස්, සුදුළූණු දාලා කළවම් කරගන්න. මේකට මයෝ​නේස්, සෝයාසෝස් හා ක්‍රැබ් මීට් දාලා කළවම් කරගන්න. 
  • මෆින් ට්‍රේ එකකට  ඔයිල් බ්‍රශ් කරලා වොන්ටොන් ශීට්ස් දාලා ඊට උඩින් ෆිලින් එක දාලා 180°ට විනාඩි 20ක් බේක් කරගන්න. 

 

5. සොසේජ් වොන්ටොන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වොන්ටොන් රැප් ශීට්ස්
  2. සොසේජස් 8-10
  3. කපාගත් බෙල්පෙපර් ගෙඩි 2 (පාට දෙකෙන්)
  4. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
  5. තවුසන්ඩ් අයිලන්ඩ් කෝප්ප 1

 

  • මෆින් ට්‍රේ එකකට ඔයිල් බ්‍රශ් කරලා වොන්ටොන් ශීට් එක ගාණෙ දාගන්න. දැන් මේක 180°ට විනාඩි 7ක් බේක් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා කපාගත් සොසේජස් ටික දාලා ෆ්‍රයි කරගන්න. ඊළඟට මේකට කපාගත් බෙල්පෙපර් ටික දාගන්න. දැන් මේකට තවුසන්ඩ් අයිලන්ඩ් ටික දාලා මොසරැල්ලා ටිකත් එකතු කරලා කළවම් කරලා ලිපෙන් බාගන්න. 
  • බේක් කරගත් ශිට්ස් වලට හැන්දකින් ෆිලින් එක දාගෙන කෑමට ගන්න. 

 

6. ක්‍රිස්පි බේක්ඩ් වොන්ටොන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වොන්ටොන් රැප් ශීට්ස්
  2. අඹරාගත් පෝක් ග්‍රෑම් 200
  3. අඹරාගත් කුකුල්මස් ග්‍රෑම් 200
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. ලුණු හා ගම්මිරිස්කුඩු
  6. සෝයාසෝස් මේස හැඳි 1
  7. විස්ක් කරගත් බිත්තර 1
  8. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා පෝක් ටික දාල භාගෙට බැදෙන කොට චිකන් ටිකත් දාලා හොඳට බැදගන්න. 
  • මේකට ළූණු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විනාඩි10ක් වහලා පිසගන්න. 
  • ලිපෙන් බාලා සෝයාසෝස් එකතු කරගන්න. 
  • ඊළඟට බිත්තරය දාලා කළවම් කරගන්න දාගන්න. චොප්කරගත් ඉඟුරු ටික එකතු කරන්න. 
  • වොන්ටොන් රැප් එකක් අරගෙන ෆිලින්  එක තියලා ලියුම් කවරයක් හදන ආකාරයට නවාගන්න. ඔයිල් බ්‍රශ් කරපු ට්‍රේ එකක දාලා 180° විනාඩි 20-30ක් බේක් කරගන්න. 

 

7. චිකන් චිලී වොන්ටොන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ෆිලින්ග් එකට

 

  1. අඹරාගත් චිකන් ග්‍රෑම් 200
  2. චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  5. සෝයාසෝස් මේස හැඳි 1
  6. චිකන් ස්ටොක් මේස හැඳි 2
  7. විස්ක් කරගත් බිත්තර 1
  8. කෝන්ෆ්ලා මේස හැඳි 1

 

චිලී ග්‍රේවි එකට

 

  1. චොප්කරගත් ළූණු ගෙඩි 1
  2. චොප්කරගත් ඉඟුරු ස්වල්පයක්
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. උණුවතුර කෝප්ප 1 1/2
  6. විනාකිරි මේස හැඳි 1
  7. ලයිට් සෝයාසෝස් මේස හැඳි 1
  8. ඩාක් සෝයාසෝස් මේස හැඳි 1
  9. ලුණු හා ගම්මිරිස්කුඩු
  10. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  11. සීනි මේසහැඳි 1
  12. ලොකුවට කපාගත් ළූණු ගෙඩි 1
  13. කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
  14. කපාගත් අසමෝදගම් කො​ළ ස්වල්පයක්
  15. චොප්කරගත් ළූණු කොළ ස්වල්පයක්
  16. කෝන්ෆ්ලා මේස හැඳි 2

 

  • ෆිලින්ග් එකට අවශ්‍ය සේරම එකට මිශ්‍ර කරගෙන වොන්ටොන් රැප්ස් වල ඔතාගෙන හොඳින් ස්ටීම් කරගන්න.
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික දාගන්න. ඊලඟට සුදුළූණු හා ඉඟුරු ටික දාලා අමුමිරිස් ටික දාගන්න. උණුවතුර ටික දාලා උතුරනකොට විනාකිරි, සෝයාසෝස්, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එක්ක අමුමිරිස් හා සීනි ටික දාගන්න. 
  • මේක හොඳට කළවම් කරලා ලොකුවට කපාගත් ළූණු ටික එකතු කරන්න. ඊළඟට බෙල්පෙපර් ටික දාගන්න. අසමෝදගම් කොළ හා ළූණු කොළ ටික දාගන්න. අන්තිමට දියකරගත් කෝන්ෆ්ලා ටික දාගන්න. ටිකකින් සෝස් එක තික් වෙයි. මේකට ස්ටීම් කරගත්ත වොන්ටොන් දාල කළවම් කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *